යෙදුමෙන් කියවන්න

3. කුම‍්මොපමසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

3. කුම‍්මොපමසුත‍්තවණ‍්ණනා

3. කුම්මොපම සූත්‍ර වර්ණනාව

තතියෙ කුම‍්මොති අට‍්ඨිකුම‍්මො. කච‍්ඡපොති තස‍්සෙව වෙවචනං. අනුනදීතීරෙති නදියා අනුතීරෙ. ගොචරපසුතොති “සචෙ කිඤ‍්චි ඵලාඵලං ලභිස‍්සාමි, ඛාදිස‍්සාමී”ති ගොචරත්‍ථාය පසුතො උස‍්සුක‍්කො තන‍්නිබන්‍ධො. සමොදහිත්‍වාති සමුග‍්ගෙ විය පක‍්ඛිපිත්‍වා. සඞ‍්කසායතීති අච‍්ඡති. සමොදහන‍්ති සමොදහන‍්තො ඨපෙන‍්තො. ඉදං වුත‍්තං හොති – යථා කුම‍්මො අඞ‍්ගානි සකෙ කපාලෙ සමොදහන‍්තො සිඞ‍්ගාලස‍්ස ඔතාරං න දෙති, න ච නං සිඞ‍්ගාලො පසහති, එවං භික‍්ඛු අත‍්තනො මනොවිතක‍්කෙ සකෙ ආරම‍්මණකපාලෙ සමොදහන‍්තො කිලෙසමාරස‍්ස ඔතාරං න දෙති, න ච නං මාරො පසහති.

තුන් වැන්නෙහි - කුම්මො = (ඝන) ඇටයකින් යුත් ඉදිබුවා. කිච්ඡපො = “කුම්මො” යන්නටම පර්යාය වචනයකි. අනුනදීතීරෙ = ගඟට යාබදවූම ඉවුරෙහි ගොචර පසුතො = ඉදින් යම් කිසි කුදු මහත් ගෙඩිවර්ග ලබන්නෙම් නම් (ඒවා) කන්නෙමියි අහර පිණිස යෙදුණේ, උත්සාහී වූයේ ඒ සඳහා යොමුවූයේ. සමොදහිත්‍වා = කරඬුවෙක්හි මෙන් ඇතුල්කොට සඞ්කලායති = අඳුන් (මෙන්) තවරයි. සමොදහං = හකුළුවා ගනියි, තැන්පත් කර ගනියි. මෙය (මෙසේ ද) කියන ලද්දේ වෙයි. - යම්සේ ඉදිබුවා අවයවයන් තම කටුව තුළ ඇතුල් කර තබා ගන්නේ සිවඟට (තමා) මැඩ පැවැත්වීමට (අවසරයක්) නො දෙයි ද, සිවලාට ද ඉදිබුවා මැඩ පැවැත්වීමට නො හැකි වෙයි ද එසේම භික්ෂු තෙමේ තමාගේ මනො විචක්ක (හෙවත් සිතුවිලි) සිය අරමුණු නමැති කටුව තුළ ඇතුල් කර තබා ගන්නේ කෙලෙස් මරුට ඇතුල් වීමට (ඉඩක්) නොදෙයි. මාරයාට ද ඒ භික්ෂුව මැඩ පැවැත්වීමට නො හැකි වෙයි.

අනිස‍්සිතොති තණ‍්හාදිට‍්ඨිනිස‍්සයෙහි අනිස‍්සිතො. අඤ‍්ඤමහෙඨයානොති අඤ‍්ඤං කඤ‍්චි පුග‍්ගලං අවිහෙඨෙන‍්තො. පරිනිබ‍්බුතොති කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බුතො. නූපවදෙය්‍ය කඤ‍්චීති අඤ‍්ඤං කඤ‍්චි පුග‍්ගලං සීලවිපත‍්තියා වා ආචාරවිපත‍්තියා වා අත‍්තානං උක‍්කංසෙතුකාමතාය වා පරං වම‍්භෙතුකාමතාය වා න උපවදෙය්‍ය, අඤ‍්ඤදත්‍ථු පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං උපට‍්ඨපෙත්‍වා, “කාලෙන වක‍්ඛාමි, නො අකාලෙන, භූතෙන වක‍්ඛාමි, නො අභූතෙන, සණ‍්හෙන වක‍්ඛාමි, නො ඵරුසෙන, අත්‍ථසංහිතෙන වක‍්ඛාමි, නො අනත්‍ථසංහිතෙන, මෙත‍්තචිත‍්තො වක‍්ඛාමි, නො දොසන‍්තරො”ති එවං උල‍්ලුම‍්පනසභාවසණ‍්ඨිතෙනෙව චිත‍්තෙන විහරති.

අනිස්සිතො = තෘෂ්ණා දෘෂ්ටි යන ආශ්‍රවයන්ගෙන් වෙන්වූයේ අඤ්ඤමහෙඨයානො = අන් කිසි පුද්ගලයකුට හිංසා නො කරන්නේ. පරිනිබ්බුතො = ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවියේ නඋපවදෙය්‍යකඤ්චි = අන්‍ය වූ කිසියම් පුද්ගලයකු (ඔහුගේ) සීලයට විපතක් කරගත් විට හෝ (මනා) ආචාර ධර්මයන් හට විපතක් කරගත් විට හෝ (එසේ නැත හොත්) තමා උසස් කොට දක්වනු කැමැත්තෙන් හෝ අන් අය අනුන් පහත් කොට දක්වනු කැමැත්තෙන් හෝ (ඒ පුද්ගලයාට) දොස් නො කියන්නේ ය. අන් අයුරකින් (මෙසේ) ද කිව හැක. (ශ්‍රද්ධා, ශීල, ශෘත, ත්‍යාග, ප්‍රඥා යන) පස් වැදෑරුම් ධර්මයන් (තමාගේ) සිතෙහි පිහිටුවා (අදාල පුද්ගලයාගේ දෝෂය පිළිබඳව ඔහුට) “සුදුසු කල්හි කියමි, නුසුදුසු කල්හි නො කියමි, සිදුවූ දෙය ම කියමි. නො සිදුවූ දෙයක් නො කියමි, සන්සුන් ලෙස කියමි. පරුස ලෙස නො කියමි, ප්‍රයෝජන වන පිණිස කියමී, දෝෂාරෝපණය පිණිස නො කියමි” ය යනුවෙන් මෙසේ උසස් අරමුණින් යුතුව කථා කිරීමේ ස්වභාවය සහිත සිතින් යුතුව ම වාසය කරයි.