යෙදුමෙන් කියවන්න

2. රථූපමසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

2. රථූපමසුත‍්තවණ‍්ණනා

2. රථූපම සූත්‍ර වර්ණනාව

දුතියෙ සුඛසොමනස‍්සබහුලොති කායිකසුඛඤ‍්චෙව චෙතසිකසොමනස‍්සඤ‍්ච බහුලං අස‍්සාති සුඛසොමනස‍්සබහුලො. යොනි චස‍්ස ආරද‍්ධා හොතීති කාරණඤ‍්චස‍්ස පරිපුණ‍්ණං හොති. ආසවානං ඛයායාති ඉධ ආසවක‍්ඛයොති අරහත‍්තමග‍්ගො අධිප‍්පෙතො, තදත්‍ථායාති අත්‍ථො. ඔධස‍්තපතොදොති රථමජ‍්ඣෙ තිරියං ඨපිතපතොදො. යෙනිච‍්ඡකන‍්ති යෙන දිසාභාගෙන ඉච‍්ඡති. යදිච‍්ඡකන‍්ති යං යං ගමනං ඉච‍්ඡති. සාරෙය්‍යාති පෙසෙය්‍ය. පච‍්චාසාරෙය්‍යාති පටිවිනිවත‍්තෙය්‍ය. ආරක‍්ඛායාති රක‍්ඛණත්‍ථාය. සංයමායාති වෙගනිග‍්ගහණත්‍ථාය. දමායාති නිබ‍්බිසෙවනත්‍ථාය. උපසමායාති කිලෙසූපසමත්‍ථාය.

දෙවැන්නෙහි - සුඛ සෝමනස්ස බහුලො - “මේ තැනැත්තාට කයෙහි සුවය ද, සිතුවිලිවල සොම්නස් බව ද බහුලව පවතී” යන අදහසින් “සුඛ සොමනස්ස බහුලො” යි යෙදිණ. යොනිචස්ස ආරද්ධා හොති - මොහුට (අදාල) කරුණු ද සම්පූර්ණ වූයේ වෙයි. ආසවානං ඛයාය = මෙහිදී ආසවක්‍ඛය (හෙවත් කෙලෙස් ක්ෂය කිරීම) යනුවෙන් අර්හත් මාර්ගය අදහස් කරන ලදී. ඒ සඳහා (හෙවත් අර්ථ මාර්ගය සඳහා) යන අරුත වේ. ඔධස්තපතොදො රථය මැද සරසට තබන ලද කෙවිට. යොනිච්ඡකං = යම් දිසාවකින් කැමති වේද. යදීච්ඡකං = යම් බඳු වු ගමනක් කැමති වේද, සාරෙය්‍ය = යවන්නේය. පච්චාසාරෙය්‍ය = ආපසු හැරෙන්නේය. ආරක්‍ඛාය = රැකවරණය පිණිස සඤ්ඤමාය = වේගවත් බව අඩු කිරීම සඳහා දමාය තමාගේ සතුට සඳහා ක්‍රියා කිරීම යටපත් කරනු පිණිස (හෙවත් දමනය පිණිස) උපසමාය = කෙලෙස් සන්සිඳවීම පිණිස

එවමෙව ඛොති එත්‍ථ යථා අකුසලස‍්ස සාරථිනො අදන‍්තෙ සින්‍ධවෙ යොජෙත්‍වා විසමමග‍්ගෙන රථං පෙසෙන‍්තස‍්ස චක‍්කානිපි භිජ‍්ජන‍්ති, අක‍්ඛොපි සින්‍ධවානඤ‍්ච ඛුරා, අත‍්තනාපි අනයබ්‍යසනං පාපුණාති, න ච ඉච‍්ඡිතිච‍්ඡිතෙන ගමනෙන සාරෙතුං සක‍්කොති ; එවං ඡසු ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරො භික‍්ඛු න ඉච‍්ඡිතිච‍්ඡිතං සමණරතිං අනුභවිතුං සක‍්කොති. යථා පන ඡෙකො සාරථි දන‍්තෙ සින්‍ධවෙ යොජෙත්‍වා, සමෙ භූමිභාගෙ රථං ඔතාරෙත්‍වා රස‍්මියො ගහෙත්‍වා, සින්‍ධවානං ඛුරෙසු සතිං ඨපෙත්‍වා, පතොදං ආදාය නිබ‍්බිසෙවනෙ කත්‍වා, පෙසෙන‍්තො ඉච‍්ඡිතිච‍්ඡිතෙන ගමනෙන සාරෙති. එවමෙව ඡසු ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො භික‍්ඛු ඉමස‍්මිං සාසනෙ ඉච‍්ඡිතිච‍්ඡිතං සමණරතිං අනුභොති, සචෙ අනිච‍්චානුපස‍්සනාභිමුඛං ඤාණං පෙසෙතුකාමො හොති, තදභිමුඛං ඤාණං ගච‍්ඡති. දුක‍්ඛානුපස‍්සනාදීසුපි එසෙව නයො.

එවමෙව ඛො = යම් සේ අදාන්ත වූ (හෙවත් පුහුණු නො කරන ලද) අසුන් යොදා තැනිතලා නොවන මාර්ගයෙක්හි රථය රැගෙන යන්නා වූ අදක්ෂ රියැදුරුගේ රථචක්‍ර හෝ බිඳෙයි. චක්‍ර සම්බන්ධක නාරචය (හෙවත් ඇක්සලය) හෝ බිඳෙයි, අසුන්ගේ කුර හෝ බිඳෙයි, තමා හෝ විපතට පැමිණෙයි, රිසි රිසි සේ ගමන හැසිරවීමට නොහැකි වෙයි. මෙසේ ඉඳුරන් සයෙහි නොවැසූ දොරටු ඇති (හෙවත් ඉඳුරන් දමනය නොකළ) භික්ෂුවට රිසි රිසි සේ ශ්‍රමණ භාවයෙහි ඇලී සිටීමට, (ශ්‍රමණ සුවය) විඳ ගැනීමට නො හැකි වෙයි. යම් සේ වනාහී දක්ෂ වූ රියැදුරු දමනය වු අසුන් යොදා සම බිමෙකට රිය පමුණුවා නාස් ලණුව අල්වා ගෙන, අනුන්ගේ කුර පිළිබඳව සිහිය තබාගෙන, කෙවිට රැගෙන දමනය වූ අසුන් මෙහෙයවන්නේ රිසි රිසි සේ ගමනෙහි යෙදෙයි ද, මෙසේ ම ඉඳුරන් සයෙහි වැසූ දොරටු ඇති (හෙවත් ඉඳුරන් දමනය කළ) භික්ෂුව මේ සස්නෙහි රිසි රිසි සේ ශ්‍රමණ භාවයෙහි ඇලී එහි සුවය විඳියි. ඉදින් අනිත්‍යය නුවණින් විමසා බැලීමට නුවණ මෙහෙයවනු කැමැත්තේ වෙයි නම් නුවණ ඒ සඳහා යොමු වෙයි. “දුක්‍ඛය” නුවණින් විමසා බැලීම ආදියෙහිදී ද මෙසේම වේ.

භොජනෙ මත‍්තඤ‍්ඤූති භොජනම‍්හි පමාණඤ‍්ඤූ. තත්‍ථ ද‍්වෙ පමාණානි – පටිග‍්ගහණපමාණඤ‍්ච පරිභොගපමාණඤ‍්ච. තත්‍ථ පටිග‍්ගහණපමාණෙ දායකස‍්ස වසො වෙදිතබ‍්බො, දෙය්‍යධම‍්මස‍්ස වසො වෙදිතබ‍්බො, අත‍්තනො ථාමො ජානිතබ‍්බො. එවරූපො හි භික‍්ඛු සචෙ දෙය්‍යධම‍්මො බහුකො හොති, දායකො අප‍්පං දාතුකාමො, දායකස‍්ස වසෙන අප‍්පං ගණ‍්හාති. දෙය්‍යධම‍්මො අප‍්පො, දායකො බහුං දාතුකාමො, දෙය්‍යධම‍්මස‍්ස වසෙන අප‍්පං ගණ‍්හාති. දෙය්‍යධම‍්මොපි බහු, දායකොපි බහුං දාතුකාමො, අත‍්තනො ථාමං ඤත්‍වා පමාණෙන ගණ‍්හාති. සො තාය පටිග‍්ගහණෙ මත‍්තඤ‍්ඤුතාය අනුප‍්පන‍්නඤ‍්ච ලාභං උප‍්පාදෙති, උප‍්පන‍්නඤ‍්ච ථාවරං කරොති ධම‍්මිකතිස‍්සමහාරාජකාලෙ සත‍්තවස‍්සිකො සාමණෙරො විය.

භොජනෙ මත්තඤ්ඤු = ගතයුතු භෝජනයෙහි ප්‍රමාණය දන්නාවූ, එහිදී පිළිගන්නා ප්‍රමාණය ද, පරිභෝග කරන ප්‍රමාණය ද යනුවෙන් ප්‍රමාණයන් දෙකක් වේ. එහි පිළිගන්නාවූ ප්‍රමාණය යන්නෙහිදී දායකයාගේ කැමැත්ත දත යුතුය. දියයුතුදෙය පිළිබඳව (දායකයාගේ) කැමැත්ත දත යුතුය. (පරිභෝග කළහැකි ප්‍රමාණය පිළිබඳව) තමා වෙත ඇති අවශ්‍යතාවය (භික්ෂුව විසින්) දත යුතුය. මෙබඳුවූ භික්ෂුව වනාහී ඉදින් දිය යුතු දෙය අධික වේ නම් ද, දායකයා ස්වල්පයක් දෙනු කැමැත්තේ නම් ද දායකයාගේ කැමැත්ත අනුව ස්වල්පයක්ම භාර ගනියි. දියයුතු දෙය අල්ප වේ නම් ද දායකයා අධික ප්‍රමාණයක් දෙනු කැමැත්තේ නම් ද දෙනු ලබන්නාවූ දේ වශයෙන් ස්වල්පයක්ම භාර ගනියි. දිය යුතු දෙය අධික වේ නම් ද, දායකයාත් බොහෝ වූ කොටසක් දෙනු කැමැත්තේ නම් ද තමාගේ අවශ්‍යතාවය දැනගෙන ගත යුතු ප්‍රමාණයම (පමණක්) ගනියි. ඒ (භික්ෂු) තෙමේ පිළිගැනීමේ ප්‍රමාණය පිළිබඳ එම දැනුමෙන් නූපන් (හෙවත් ලැබී නොතිබුණු) ලාභය උපදවයි. (හෙවත් ලබාගනියි) උපන්නාවූ (හෙවත් ලැබුණා වූ) ලාභය ස්ථාවර කර ගනියි.

රඤ‍්ඤො කිර පඤ‍්චහි සකටසතෙහි ගුළං ආහරිංසු. රාජා “මනාපො පණ‍්ණාකාරො, අය්‍යෙහි විනා න ඛාදිස‍්සාමා”ති අඩ‍්ඪතෙය්‍යානි සකටසතානි මහාවිහාරං පෙසෙත්‍වා සයම‍්පි භුත‍්තපාතරාසො අගමාසි. භෙරියා පහටාය ද‍්වාදස භික‍්ඛුසහස‍්සානි සන‍්නිපතිංසු. රාජා එකමන‍්තෙ ඨිතො ආරාමිකං පක‍්කොසාපෙත්‍වා ආහ – “රඤ‍්ඤො නාම දානෙ පත‍්තපූරොව පමාණං, ගහිතභාජනං පූරෙත්‍වාව දෙහි, සචෙ කොචි මත‍්තපටිග‍්ගහණෙ ඨිතො න ගණ‍්හාති, මය‍්හං ආරොචෙය්‍යාසී”ති.

ධාර්මික වු තිස්ස නම් මහරජුගේ කාලයෙහි (විසූ) සත් හවුරුදු වියැති සාමණේරයන්ගේ සිද්ධිය මෙනි. (එනම්) රජතුමාට වනාහී ගැල් පන්සියයකින් උක්සකුරු ගෙන ආහ. සතුටට පත් වු රජතුමා (තමාට ලැබුණ) පඬුර (වන උක් සකුරු) ආර්යයන් වහන්සේ සමග මිස නොබුදින්නෙමි යි (කියා) ගැල් දෙසිය පනසක් මහා විහාරයට යවා තෙමේ ද උදෑසන අහර ගෙන (එහි) ගියේය. බෙර වාදනයෙන් දොළොස් දහසක් භික්ෂූහු රැස්වූහ. රජතුමා එකත් පස්ව සිටියේ අරමෙහි (කාර්යයෙහි) නියුතු අයකු කැඳවා “රජුගේ දානයෙහිදී නම් පාත්‍රය පිරෙන පමණටම ගනු ලබන භාජනයක් පුරවාම දිය යුතුය. ඉදින් යම් කිසි (භික්ෂූන් වහන්සේ) නමක් සීමිත ප්‍රමාණයක් පිළිගැනීමෙහි (අදහසින්) සිටින්නේ (පිරුණු බඳුන) පිළි නොගන්නේ නම් මට දක්වනු” යයි කීවේය.

අථෙකො මහාථෙරො “මහාබොධිමහාචෙතියානි වන්‍දිස‍්සාමී”ති චෙතියපබ‍්බතා ආගන‍්ත්‍වා, විහාරං පවිසන‍්තො මහාමණ‍්ඩපට‍්ඨානෙ භික‍්ඛූ ගුළං ගණ‍්හන‍්තෙ දිස‍්වා පච‍්ඡතො ආගච‍්ඡන‍්තං සාමණෙරං ආහ, “නත්‍ථි තෙ ගුළෙන අත්‍ථො”ති. “ආම, භන‍්තෙ, නත්‍ථී”ති. සාමණෙර මයං මග‍්ගකිලන‍්තා, එකෙන කපිට‍්ඨඵලමත‍්තෙන පිණ‍්ඩකෙන අම‍්හාකං අත්‍ථොති. සාමණෙරො ථාලකං නීහරිත්‍වා ථෙරස‍්ස වස‍්සග‍්ගපටිපාටියං අට‍්ඨාසි. ආරාමිකො ගහණමානං පූරෙත්‍වා උක‍්ඛිපි, සාමණෙරො අඞ‍්ගුලිං චාලෙසි. තාත සාමණෙර, රාජකුලානං දානෙ භාජනපූරමෙව පමාණං, ථාලකපූරං ගණ‍්හාහීති. ආම, උපාසක, රාජානො නාම මහජ‍්ඣාසයා හොන‍්ති, අම‍්හාකං පන උපජ‍්ඣායස‍්ස එත‍්තකෙනෙව අත්‍ථොති.

ඉක්බිති එක් මහ තෙර නමක් “මහා බෝධිය ද, මහා චෛත්‍යයන් ද වන්දනා කරන්නෙමි”යි චේතිය පබ්බතයෙන් පැමිණ විහාරයට පිවිසෙනුයේ මහාමණ්ඩප ස්ථානයෙහි උක්සකුරු පිළිගන්නාවූ භික්ෂූන් දැක, පසුව පැමිණෙන්නා වූ එක් සාමණේර නමක් අමතා “ඔබට උක් සකුරෙන් ප්‍රයෝජනයක් නැත්තේ දැ”යි ඇසීය. “එසේය, ස්වාමීනි, (මට ප්‍රයෝජන) නැත”යි (සාමණේර නම පිළිතුරු දුන්නේය) “සාමණේරයෙනි, අපි අතර මඟ වෙහෙසුනෙමු. එක් දිවුල් ගෙඩියක පමණ වු (උක් සකුරු) පිඩෙකින් අපට ප්‍රයෝජන ඇත”යි (තෙරණුවෝ කීහ. සාමණේර තෙමේ තලියක් ගෙන තෙරුන් වහන්සේලාගේ වස් පිළිවෙළ අනුව සිට ගත්තේය. ආරාමයේ කාර්යයෙහි නියුතු තැනැත්තා තලියට දැරිය හැකි පමණට පුරවා එසවීය. සාමණේර තෙමේ ඇඟිල්ල සෙලවීය. (හෙවත් ප්‍රමාණය සෑහේයයි ඇඟවීය) “දරුව සාමණේරයන් වහන්ස. රජවරුන්ගේ දානයෙහිදී ප්‍රමාණය වන්නේ බඳුන පිරවීමමය. ඒ නිසා තලිය පුරවා ගනු මැනව”යි (ආරාමික නියුක්තයා කීය) “උපාසකය. එසේය. රජවරු වනාහී මහත් වූ අදහස් ඇත්තාහුය. අපගේ උපාධ්‍යායයන් වහන්සේට වූ කලී මෙපමණම සෑහේ” යයි සාමණේර තෙමේ කීය.

රාජා තස‍්ස කථං සුත්‍වා, “කිං භො සාමණෙරො භණතී”ති? තස‍්ස සන‍්තිකං ගතො. ආරාමිකො ආහ – “සාමි, සාමණෙරස‍්ස භාජනං ඛුද‍්දකං, බහුං න ගණ‍්හාතී”ති. රාජා ආහ, “ආනීතභාජනං පූරෙත්‍වා ගණ‍්හථ, භන‍්තෙ”ති. මහාරාජ, රාජානො නාම මහජ‍්ඣාසයා හොන‍්ති, උක‍්ඛිත‍්තභාජනං පූරෙත්‍වාව දාතුකාමා, අම‍්හාකං පන උපජ‍්ඣායස‍්ස එත‍්තකෙනෙව අත්‍ථොති. රාජා චින‍්තෙසි – “අයං සත‍්තවස‍්සිකදාරකො, අජ‍්ජාපිස‍්ස මුඛතො ඛීරගන්‍ධො න මුච‍්චති, ගහෙත්‍වා කුටෙ වා කුටුම‍්බෙ වා පූරෙත්‍වා ස‍්වෙපි පුනදිවසෙපි ඛාදිස‍්සාමාති න වදති, සක‍්කා බුද‍්ධසාසනං පරිග‍්ගහෙතු”න‍්ති පුරිසෙ ආණාපෙසි, “භො, පසන‍්නොම‍්හි සාමණෙරස‍්ස, ඉතරානිපි අඩ‍්ඪතෙය්‍යානි සකටසතානි ආනෙත්‍වා සඝංස‍්ස දෙථා”ති.

රජ තෙමේ (ආරාම නියුක්තික) ඔහුගේ කථාව අසා “පින්වත, සාමණේර තෙමේ කුමක් කියන්නේදැයි (අසමින්) ඔහු වෙතට පැමිණියේය. ආරාමිකයා “සාමණේරයන්ගේ බඳුන කුඩාය, වැඩියෙන් නොගනී” යයි කීය. “ස්වාමීනි, ගෙනෙන ලද බඳුන පුරවා (උක් සකුරු) ගනු මැනව”යි රජතුමා කීය. “මහරජ, රජවරු වනාහී මහත් වූ (උතුම් වූ) අදහස් ඇත්තෝ වෙති, එසවූ බඳුන පුරවා ම දෙනු කැමැත්තෝය, (එහෙත්) අපගේ උපාධ්‍යායයන් වහන්සේට මේ ප්‍රමාණය ම සෑහේ” යයි සාමණේර තෙමේ කීය. රජ තෙමේ “මේ හෙරණ සත්වස් වියැති දරුවෙකි, අදද මොහුගේ මුවින් කිරි සුවඳ පහව ගොස් නැත. (උක්සකුරු) ගෙන කළයෙක හෝ සැළියෙක පුරවා (තබාගෙන) හෙට ද ඉන්පසු දිනයෙහි ද කන්නෙමි යයි නොකියයි. බුදුසස්නෙහි අඩු ලුහුඬු තැන් සෙවිය නො හැක්කේය”යි සිතා “පින්වත්නි, හෙරණුන් කෙරෙහි පැහැදුණෙමි, ඉතිරි ගැල් දෙසිය පනස ද ගෙනවුත් සංඝයාට පූජා කරව”යි මිනිසුන්හට අණ කෙළේය.

සොයෙව පන රාජා එකදිවසං තිත‍්තිරමංසං ඛාදිතුකාමො චින‍්තෙසි – “සචෙ අහං අඞ‍්ගාරපක‍්කං තිත‍්තිරමංසං ඛාදිතුකාමොස‍්මීති අඤ‍්ඤස‍්ස කථෙස‍්සාමි, සමන‍්තා යොජනට‍්ඨානෙ තිත‍්තිරසමුග‍්ඝාතං කරිස‍්සන‍්තී”ති උප‍්පන‍්නං පිපාසං අධිවාසෙන‍්තො තීණි සංවච‍්ඡරානි වීතිනාමෙසි. අථස‍්ස කණ‍්ණෙසු පුබ‍්බො සණ‍්ඨාසි, සො අධිවාසෙතුං අසක‍්කොන‍්තො “අත්‍ථි නු ඛො, භො, අම‍්හාකං කොචි උපට‍්ඨාකුපාසකො සීලරක‍්ඛකො”ති පුච‍්ඡි. ආම, දෙව, අත්‍ථි, තිස‍්සො නාම සො අඛණ‍්ඩසීලං රක‍්ඛතීති. අථ නං වීමංසිතුකාමො පක‍්කොසාපෙසි. සො ආගන‍්ත්‍වා රාජානං වන්‍දිත්‍වා අට‍්ඨාසි. තතො නං ආහ – “ත්‍වං, තාත, තිස‍්සො නාමා”ති? “ආම දෙවා”ති. තෙන හි ගච‍්ඡාති. තස‍්මිං ගතෙ එකං කුක‍්කුටං ආහරාපෙත්‍වා එකං පුරිසං ආණාපෙසි, “ගච‍්ඡ තිස‍්සං වදාහි, ඉමං තීහි පාකෙහි පචිත්‍වා අම‍්හාකං උපට‍්ඨාපෙහී”ති. සො ගන‍්ත්‍වා තථා අවොච. සො ආහ – “සචෙ, භො, අයං මතකො අස‍්ස, යථා ජානාමි, තථා පචිත්‍වා උපට‍්ඨහෙය්‍යං. පාණාතිපාතං පනාහං න කරොමී”ති. සො ආගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසි.

ඒ රජ තෙමේ ම එක් දවසක් වටුමසක් බුදිනු රිසි වූයේ “ඉදින් මම අඟුරෙහි පලහා ගත් වටුමසක් බුදිනු රිසියෙමි යි අන්හට කියන්නෙම් නම් යොදුනක් පමණ තන්හි සියලු වටුවන් මුලුමනින්ම වනසා දැමීම කරත්යයි සිතා (තමා තුළ) උපන් ආසාව ඉවසමින් තුන් වසරක් ගත කළේය. ඉන් පසු ඔහුගේ කන්හි සැරව හට ගත්තේය. ඒ (රජ) තෙමේ ඉවසිය නොහැකිවූයේ “අපට උපස්ථාන කරන සිල් රක්නා කිසියම් උවසුවෙක් සිටී දෝහෝයි විචාළේය. “එසේය, දේවයන් වහන්ස, තිස්ස නමැත්තෙක් සිටී, හේ කඩ නො කොට සිල් රකී” (යයි පිළිතුරු ලැබිණ) ඉක්බිති විමසනු කැමැත්තේ ඔහු කැඳවීය. හේ තෙමේ පැමිණ රජු නැමද සිටියේය. ඉක්බිති, “දරුව, තොප තිස්ස නමැත්තෙහි දැ” යි ඔහුගෙන් ඇසීය. “එසේය, දේවයනි,”(ය හේ කීය.) “එසේ නම් යව” (යි කියන) ඔහු ගිය කල්හි කුකුළකු ගෙන්වා එක්තරා පුරුෂයකුට (දී) “යව මේ (කුකුළා) තුන් වැදෑරුම් පිසීමෙන් පිස අපට ඉන් උවටැන් කරන ලෙස තිස්සට කියව”යි අණ කළේය. ඒ (පුරුෂ) තෙමේ ගොස් එසේ කීය. “පින්වත, ඉදින් මේ (කුකුළා) මළ එකකු යයි දන්නෙම් නම් ඒ අයුරින් පිස උවටැන් කරන්නෙමි, ප්‍රාණඝාතය නම් මම නො කරමි” යි ඒ (සිල්වත්) පුරුෂයා කීය.

රාජා පුන “එකවාරං ගච‍්ඡා”ති පෙසෙසි. සො ගන‍්ත්‍වා, “භො, රාජුපට‍්ඨානං නාම භාරියං, මා එවං කරි, පුනපි සීලං සක‍්කා සමාදාතුං, පචෙත”න‍්ති ආහ. අථ නං තිස‍්සො අවොච, “භො, එකස‍්මිං නාම අත‍්තභාවෙ ධුවං එකං මරණං, නාහං පාණාතිපාතං කරිස‍්සාමී”ති. සො පුනපි රඤ‍්ඤො ආරොචෙසි. රාජා තතියම‍්පි පෙසෙත්‍වා අසම‍්පටිච‍්ඡන‍්තං පක‍්කොසාපෙත්‍වා අත‍්තනා පුච‍්ඡි. රඤ‍්ඤොපි තථෙව පටිවචනං අදාසි.

හේ තෙමේ ගොස් (ඒ පුවත) රජුට දැන්වීය. රජ තෙමේ “නැවත එක්වරක් යව”යි (ඔහු) යැවීය. හෙතෙම ගොස් “රාජ සේවය නම් බැරෑරුම් ය, මෙසේ නො කරන්න, සිල් සමාදන් වීම නැවත ද කළ හැක්කකි. මෙය පිසින්න” යයි කීය. එවිට ඔහුට තිස්ස තෙමේ “පින්වත. එක් ආත්ම භාවයක් තුළදී ස්ථිරවම සිදුවන එකම දෙය නම් මරණයයි, මම ප්‍රාණඝාතය නොකරමි” යයි කීය. ඒ (පුරුෂයා) නැවත ද රජුට (ඒ බැව්) සැල කළේය. රජ තෙමේ තෙවන වර ද (දූතයා) යවා (තම අණ) නො පිළිගත් ඔහු ගෙන්වා තමාම ප්‍රශ්න කෙළේය. (හේ) රජුට පෙරසේම පිළිතුරු දුන්නේය.

අථ රාජා පුරිසෙ ආණාපෙසි, “අයං රඤ‍්ඤො ආණං කොපෙති, ගච‍්ඡථෙතස‍්ස ආඝාතනභණ‍්ඩිකායං ඨපෙත්‍වා, සීසං ඡින්‍දථා”ති. රහො ච පන නෙසං සඤ‍්ඤමදාසි – “ඉමං සන‍්තජ‍්ජයමානා නෙත්‍වා සීසමස‍්ස ආඝාතනභණ‍්ඩිකායං ඨපෙත්‍වා ආගන‍්ත්‍වා මය‍්හං ආරොචෙථා”ති. තෙ තං ආඝාතනභණ‍්ඩිකායං නිපජ‍්ජාපෙත්‍වා තමස‍්ස කුක‍්කුටං හත්‍ථෙසු ඨපයිංසු.

ඉක්බිති රජ තෙමේ “මොහු රජ අණ කඩකරයි, යළි හිස්සිඳින කඳ මත තබා මොහුගේ හිස සිඳිවු” යයි (රාජ) පුරුෂයන් හට අණ කළේය. “තර්ජනය කරමින් මොහු ගෙන ගොස් මොහුගේ හිස දඬු කඳ මත තබා (මෙහි) පැමිණ ඒ බව මට සැල කරවු” යයි ඔවූන් හට රහසින් ඇඟවීමක් ද දුන්නේය. ඔව්හු එම පුරුෂයා දඬු කඳ මත හොවා කුකුළා ඔහුගේ අතෙහි තැබූහ.

සො තං හදයෙ ඨපෙත්‍වා “අහං, තාත, මම ජීවිතං තුය‍්හං දෙමි, තව ජීවිතං අහං ගණ‍්හාමි, ත්‍වං නිබ‍්භයො ගච‍්ඡා”ති විස‍්සජ‍්ජෙසි. කුක‍්කුටො පක‍්ඛෙ පප‍්ඵොටෙත්‍වා ආකාසෙන ගන‍්ත්‍වා වටරුක‍්ඛෙ නිලීයි. තස‍්ස කුක‍්කුටස‍්ස අභයදින‍්නට‍්ඨානං කුක‍්කුටගිරි නාම ජාතං.

ඔහු ඒ කුකුළා (තම) හදවත මත තබාගෙන “දරුව, මම තොපට මගේ ජීවිතය දෙමි. මගේ ජීවිතය මම ගනිමි, ඔබ නිර්භයව යව” යි (කියා) කුකුළා අත්හළේය. කුකුළා ද පියාපත් විදහා අහසින් ගොස් නුග රුකෙක්හි සැඟවුණේය. ඒ කුකුළාට අභය දානය කළ තැන කුක්කුට ගිරි නම් වූයේය.

රාජා තං පවත‍්තිං සුත්‍වා අමච‍්චපුත‍්තං පක‍්කොසාපෙත්‍වා සබ‍්බාභරණෙහි අලඞ‍්කරිත්‍වා ආහ – “තාත, මයා ත්‍වං එතදත්‍ථමෙව වීමංසිතො, මය‍්හං තිත‍්තිරමංසං ඛාදිතුකාමස‍්ස තීණි සංවච‍්ඡරානි අතික‍්කන‍්තානි, සක‍්ඛිස‍්සසි මෙ තිකොටිපරිසුද‍්ධං කත්‍වා උපට‍්ඨාපෙතු”න‍්ති. “එතං නාම, දෙව, මය‍්හං කම‍්ම”න‍්ති නික‍්ඛමිත්‍වා ද‍්වාරන‍්තරෙ ඨිතො එකං පුරිසං පාතොව තයො තිත‍්තිරෙ ගහෙත්‍වා පවිසන‍්තං දිස‍්වා, ද‍්වෙ කහාපණෙ දත්‍වා තිත‍්තිරෙ ආදාය පරිසොධෙත්‍වා, ජීරකාදීහි වාසෙත්‍වා, අඞ‍්ගාරෙසු සුපක‍්කෙ පචිත්‍වා රඤ‍්ඤො උපට‍්ඨාපෙසි.

රජ තෙමේ ඒ පුවත අසා රාජ සේවකයකු වූ ඔහු කැඳවා සර්වාභරණයෙන් අලංකාර කොට “දරුව. මා විසින් මේ කරුණ පිණිසම ඔබ විමසීමට ලක් කරන ලද්දෙහිය, වටු මස් කෑමට තිබූ මගේ ආශාවට වසර තුනක් ඉක්ම ගියේය. ත්‍රිකෝටි පාරිශුද්ධ වූ වටු මසක් මට ලබා දිය හැක්කෙහි දැ”(යි විමසීය) “දේවයන් වහන්ස. එය මා සතු කාර්යයක් වන්නේය” යි කියා නික්ම දොරටුව අතරෙහි සිටියේ උදෑසණම වටුවන් තිදෙනකු රැගෙන එන්නාවූ එක් පුරුෂයකු දැක කහවණු දෙකක් දී වටුවන් ලබා ගෙන පිරිසිදු කොට දුරු ආදිය යෙදීමෙන් සුවඳ කවා මනාව ගිනියම් වූ (ගිනි) අඟුරු මත තබා පිස රජුට පැවරුවේය.

රාජා මහාතලෙ සිරීපල‍්ලඞ‍්කෙ නිසින‍්නොව එකං ගහෙත්‍වා ථොකං ඡින්‍දිත්‍වා මුඛෙ පක‍්ඛිපි, තාවදෙවස‍්ස සත‍්තරසහරණීසහස‍්සානි ඵරිත්‍වා අට‍්ඨාසි.

උඩු මහලෙහි හිඳින පලඟෙහි හුන් රජ තෙමේ එකක් ගෙන මඳක් කඩා මුවෙහි තබා ගත්තේය. එකෙණෙහිම ඔහුගේ සත් දහසක් වූ රසාවහ නාලිකා රසයෙන් පිරී සිටියේය.

තස‍්මිං සමයෙ භික‍්ඛුසඞ‍්ඝං සරිත්‍වා, “මාදිසො නාම පථවිස‍්සරො රාජා තිත‍්තිරමංසං ඛාදිතුකාමො තීණි සංවච‍්ඡරානි න ලභි, අපච‍්චමානො භික‍්ඛුසඞ‍්ඝො කුතො ලභිස‍්සතී”ති? මුඛෙ පක‍්ඛිත‍්තක‍්ඛණ‍්ඩං භූමියං ඡඩ‍්ඩෙසි. අමච‍්චපුත‍්තො ජණ‍්ණුකෙහි පතිත්‍වා මුඛෙන ගණ‍්හි. රාජා “අපෙහි, තාත, ජානාමහං තව නිද‍්දොසභාවං, ඉමිනා නාම කාරණෙන මයා එතං ඡඩ‍්ඩිත”න‍්ති කථෙත්‍වා, “සෙසකං තථෙව සඞ‍්ගොපෙත්‍වා ඨපෙහී”ති ආහ.

එකල්හි භික්ෂු සංඝයා සිහි කොට පෘථුවීශ්වර වූ මා වැනි රජ කෙනෙක් ද වටුමස් කනු රිසිවූයේ තෙවසරක්ම එය නො ලැබ සිටියේය. අහර නො පිසන්නාවූ භික්ෂු සංඝයා (එය) කො තැනින් ලබත් දැයි (සිතා) මුවෙහි තැබු (මස්) කැබැල්ල බිමට දැමීය. රාජ සේක (උපාසක) තෙමේ දනින් වැටී (එය) මුවෙන් ගත්තේය. රජ තෙමේ “දරුව, ඉවත් වනු. ඔබේ නිදොස් බව මම දනිමි. මෙනම් කරුණින් මා විසින් මෙය ඉවත දමන ලදැ”යි කියා “සෙස්ස එසේම ආරක්ෂා කොට තබව”යි කීය.

පුනදිවසෙ රාජකුලූපකො ථෙරො පිණ‍්ඩාය පාවිසි. අමච‍්චපුත‍්තො තං දිස‍්වා පත‍්තං ගහෙත්‍වා රාජගෙහං පවෙසෙසි. අඤ‍්ඤතරො වුඩ‍්ඪපබ‍්බජිතොපි ථෙරස‍්ස පච‍්ඡාසමණො විය හුත්‍වා අනුබන්‍ධන‍්තො පාවිසි. ථෙරො “රඤ‍්ඤා පක‍්කොසාපිතභික‍්ඛු භවිස‍්සතී”ති පමජ‍්ජි. අමච‍්චපුත‍්තොපි “ථෙරස‍්ස උපට‍්ඨාකො භවිස‍්සතී”ති පමාදං ආපජ‍්ජි. තෙසං නිසීදාපෙත්‍වා යාගුං අදංසු. යාගුයා පීතාය රාජා තිත‍්තිරෙ උපනෙසි. ථෙරො එකං ගණ‍්හි, ඉතරොපි එකං ගණ‍්හි. රාජා “අනුභාගො අත්‍ථි, අනාපුච‍්ඡිත්‍වා ඛාදිතුං න යුත‍්ත”න‍්ති මහාථෙරං ආපුච‍්ඡි. ථෙරො හත්‍ථං පිදහි, මහල‍්ලකත්‍ථෙරො සම‍්පටිච‍්ඡි. රාජා අනත‍්තමනො හුත්‍වා කතභත‍්තකිච‍්චං ථෙරං පත‍්තං ආදාය අනුගච‍්ඡන‍්තො ආහ – “භන‍්තෙ, කුලගෙහං ආගච‍්ඡන‍්තෙහි උග‍්ගහිතවත‍්තං භික‍්ඛුං ගහෙත්‍වා ආගන‍්තුං වට‍්ටතී”ති. ථෙරො තස‍්මිං ඛණෙ අඤ‍්ඤාසි “න එස රඤ‍්ඤා පක‍්කොසාපිතො”ති.

පසු දිනයේ රජුගේ කුලුපඟවූ තෙරණුවෝ පිඬු පිණිස පිවිසියහ. රාජසේවක තෙමේ උන්වහන්සේ දැක පාත්‍රය ගෙන රජ ගෙදරට පිවිස වීය. මහළු වී පැවිදි වූ එක්තරා භික්ෂුවක් ද තෙරුන් වහන්සේගේ උපස්ථායක ශ්‍රමණ කෙනෙකු මෙන් වී පසු පසින් පැමිණියේය. තෙරුන් වහන්සේ (ඒ අනුගාමිකයා) රජු විසින් කැඳවන ලද භික්ෂුවක වෙතියි සිතා ප්‍රමාද විය. (හෙවත් රැවටුණේය. රාජ සේවක තෙමේ ද (ඔහු) තෙරණුවන්ගේ උපස්ථායකයා වන්නේයයි සිතා ප්‍රමාද විය. (හෙවත් රැවටුණේය) ඔවුන් වඩා හිඳුවා කැඳ පිළිගැන්වූහ. කැඳ බිවු ඒ භික්ෂූන්හට රජතෙමේ වටුවන් (ගේ මස්) පිළිගැන්වීය. තෙරණුවෝද එක (කැබැල්ල) ක් ගන්න. අන් තැනැත්තේ ද එක (කැබැල්ල) ක් ගත්තේය. රජ තෙමේ “අනු කොටසක් ඇත, (එහෙත්) නො විචාරා බුදින්නට යුතු නැතැ”යි (සිතා) මහ තෙරුන් විමසීය. තෙරණුවෝ අතින් (පාත්‍රය) වැසූහ, හෙවත් ප්‍රතික්ෂේප කළහ. මහළු ස්ථවිර තෙමේ (දෙවන කොටසක් ද) පිළිගත්තේය. රජ තෙමේ අසතුටට පත්වී, කරන ලද බත්කිස ඇති තෙරුන් අනුව (පාත්‍රය රැගෙන) යමින් “ස්වාමීනි, කුල ගෙයකට පැමිණෙන භික්ෂූන් විසින් උගත් වත් ඇති භික්ෂූන් රැගෙන පැමිණීම සුදුසු වන්නේය”යි කීය. තෙරුන් වහන්සේ ඒ කෙණෙහි “මේ තෙමේ රජු විසින් කැඳවන ලද්දෙක් නොවේයයි දැන ගත්හ.

පුනදිවසෙ උපට‍්ඨාකසාමණෙරං ගහෙත්‍වා පාවිසි. රාජා තදාපි යාගුයා පීතාය තිත‍්තිරෙ උපනාමෙසි. ථෙරො එකං අග‍්ගහෙසි, සාමණෙරො අඞ‍්ගුලිං චාලෙත්‍වා මජ‍්ඣෙ ඡින්‍දාපෙත්‍වා එකකොට‍්ඨාසමෙව අග‍්ගහෙසි. රාජා තං කොට‍්ඨාසං මහාථෙරස‍්ස උපනාමෙසි. මහාථෙරො හත්‍ථං පිදහි, සාමණෙරොපි පිදහි.

පසු දිනයෙහි උපස්ථායක සාමණේර කෙනෙකු රැගෙන පැමිණියහ. රජ තෙමේ එදින ද කැඳබිවූ ඒ භික්ෂූන් හට වටුවන් (ගේ මස්) පිළිගැන්වීය. තෙරණුවෝ එක (කැබැල්ල) ක් ගත්හ. සාමණේර තෙමේ ඇඟිල්ල සොලවා (සංඥා කොට) මැදින් සිඳුවා එක කොටසක් පමණක්ම ගත්තේය. රජ තෙමේ (ඉතිරි වූ) ඒ කොටස මහ තෙරුන්හට පිළිගැන්වීය. මහතෙරණුවෝ අතින් (පාත්‍රය) වැසුහ. සාමණේර තෙමේද (අතින් පාත්‍රය) වැසීය.

රාජා අවිදූරෙ නිසීදිත්‍වා ඛණ‍්ඩාඛණ‍්ඩං ඡින්‍දිත්‍වා ඛාදන‍්තො “උග‍්ගහිතවත‍්තෙ නිස‍්සාය දියඩ‍්ඪතිත‍්තිරෙ ඛාදිතුං ලභිම‍්හා”ති ආහ. තස‍්ස මංසෙ ඛාදිතමත‍්තෙව කණ‍්ණෙහි පුබ‍්බො නික‍්ඛමි. තතො මුඛං වික‍්ඛාලෙත්‍වා සාමණෙරං උපසඞ‍්කමිත්‍වා, “පසන‍්නොස‍්මි, තාත, අට‍්ඨ තෙ ධුවභත‍්තානි දෙමී”ති ආහ. අහං, මහාරාජ, උපජ‍්ඣායස‍්ස දම‍්මීති. අපරානි අට‍්ඨ දෙමීති. තානි අම‍්හාකං ආචරියස‍්ස දම‍්මීති. අපරානිපි අට‍්ඨ දෙමීති. තානි සමානුපජ‍්ඣායානං දම‍්මීති. අපරානිපි අට‍්ඨ දෙමීති. තානි භික‍්ඛුසඞ‍්ඝස‍්ස දම‍්මීති. අපරානිපි අට‍්ඨ දෙමීති. සාමණෙරො අධිවාසෙසි. එවං පටිග‍්ගහණමත‍්තං ජානන‍්තො අනුප‍්පන‍්නඤ‍්චෙව ලාභං උප‍්පාදෙති, උප‍්පන‍්නඤ‍්ච ථාවරං කරොති. ඉදං පටිග‍්ගහණපමාණං නාම. තත්‍ථ පරිභොගපමාණං පච‍්චවෙක‍්ඛණපයොජනං, “ඉදමත්‍ථියං භොජනං භුඤ‍්ජාමී”ති පන පච‍්චවෙක‍්ඛිතපරිභොගස‍්සෙව පයොජනත‍්තා පරිභොගපමාණංයෙව නාම, තං ඉධ අධිප‍්පෙතං. තෙනෙව පටිසඞ‍්ඛා යොනිසොතිආදිමාහ, ඉතරම‍්පි පන වට‍්ටතියෙව.

රජ තෙමේ නුදුරෙහි හිඳ කැබැල්ලෙන් කැබැල්ල කඩමින් බුදින්නේ “භික්ෂූන් උගත් වත් නිසා වටුවන් එකහමාරක මස් බුදිනට තමාට ලැබුණේ යයි” කීය. මස් කන ලද පමණින්ම ඔහුගේ කන්වලින් සැරව පිට විය. ඉක්බිති මුහුණ පිරිසිදු කර (= සැරව ඉවත් කර) හෙරණ වෙත එළඹ “දරුව, (ඔබ කෙරෙහි) පැහැදුනෙමි, ඔබට සැම දා සලාක බත් අටක් දෙමි”යි කීය. “මහරජ මම එය උපාධ්‍යායයන් වහන්සේට දෙමි” යි (හෙරණ තෙමේ) කීය. “තවත් අටක් දෙමි” යි (රජතුමා) කීය “මහරජ, ඒවා ආචාර්යයන් වහන්සේට දෙමි” යි කීය. “තවත් අටක් දෙමි” යි (රජතුමා කීය) “ඒවා මම උපාධ්‍යායයන් වහන්සේලාට දෙමි”යි කීය. “තවත් අටක් දෙමි” (ය රජතුමා කීය) “ඒවා භික්ෂු සංඝයාට දෙමි යි කීය. “තවත් (සලාකබත්) අටක් දෙමි”යි (රජතුමා කීය) සාමණේර තෙමේ එය ඉවසුයේ ය. (හෙවත් පිළිගත්තේය) මෙසේ පිළිගත යුතු එම ප්‍රමාණය දන්නා තැනැත්තේ නූපන් ලාභය උපදවා ගනියි. උපන් ලාභයද ස්ථාවර කර ගනියි. මෙය පිළිගැනීමේ ප්‍රමාණය නම් වේ. මෙ පමණ වූ භෝජන ප්‍රමාණයක් අනුභව කරන්නෙමි යි ප්‍රත්‍යවේක්ෂා කොට පරිභෝග කිරීම ම “පරිභෝගප්පමාණ “(හෙවත් පරිභෝග කළ යුතු ප්‍රමාණය) නම් වේ. මෙහිදී අදහස් කරන ලද්දේ එයයි. එහෙයින්ම පටිසඞ්ඛායොනිසො යන ආදිය කීය. ඉතිරි කොටසද (මෙසේ අවබෝධ කර ගැනීම) සුදුසු වේ.

සීහසෙය්‍යන‍්ති එත්‍ථ කාමභොගිසෙය්‍යා, පෙතසෙය්‍යා, සීහසෙය්‍යා, තථාගතසෙය්‍යාති චතස‍්සො සෙය්‍යා. තත්‍ථ “යෙභුය්‍යෙන, භික‍්ඛවෙ, කාමභොගී වාමෙන පස‍්සෙන සෙන‍්තී”ති (අ· නි· 4.246) අයං කාමභොගිසෙය්‍යා. තෙසඤ‍්හි යෙභුය්‍යෙන දක‍්ඛිණපස‍්සෙන සයානො නාම නත්‍ථි.

සීහ සෙය්‍යාං = මෙහි කාමභෝගී සෙය්‍යාව, ප්‍රේත සෙය්‍යාව, සිංහ සෙය්‍යාව, තථාගත සෙය්‍යාව යනුවෙන් සෙය්‍යාවන් (හෙවත් සයනය කිරීමේ ආකාරයන්) සතරක් වේ. එහිදී “මහණෙනි, කාමභෝගී සත්ත්වයෝ බෙහෙවින්ම වම් පසට හැරී නිදත්” යන මෙය කාමභෝගී සෙය්‍යාවයි. ඔවුන් අතරෙහි දකුණු පසට හැරී නිදන්නෝ බොහෝ සේ නොවෙති.

“යෙභුය්‍යෙන, භික‍්ඛවෙ, පෙතා උත‍්තානා සෙන‍්තී”ති (අ· නි· 4.246) අයං පෙතසෙය්‍යා. පෙතා හි අප‍්පමංසලොහිතත‍්තා අට‍්ඨිසඞ‍්ඝාටජටිතා එකෙන පස‍්සෙන සයිතුං න සක‍්කොන‍්ති, උත‍්තානාව සයන‍්ති.

“මහණෙනි, ප්‍රේතයෝ බෙහෙවින්ම උඩුකුරුව නිදත්” යන මෙය ප්‍රේත සෙය්‍යාවයි. ප්‍රේතයෝ වනාහී මස් ලේ අල්ප බැවින් ඇට සැකිල්ල අවුල් බැවින් එක් පසකට හැරී නිදීමට නො හැකි වෙත්, උඩුකුරුව ම නිඳත්,

“යෙභුය්‍යෙන, භික‍්ඛවෙ, සීහො මිගරාජා නඞ‍්ගුට‍්ඨං අන‍්තරසත්‍ථිම‍්හි අනුපක‍්ඛිපිත්‍වා දක‍්ඛිණෙන පස‍්සෙන සයතී”ති අයං සීහසෙය්‍යා. තෙජුස‍්සදත‍්තා හි සීහො මිගරාජා ද‍්වෙ පුරිමපාදෙ එකස‍්මිං, පච‍්ඡිමපාදෙ එකස‍්මිං ඨානෙ ඨපෙත්‍වා නඞ‍්ගුට‍්ඨං අන‍්තරසත්‍ථිම‍්හි පක‍්ඛිපිත්‍වා පුරිමපාදපච‍්ඡිමපාදනඞ‍්ගුට‍්ඨානං ඨිතොකාසං සල‍්ලක‍්ඛෙත්‍වා ද‍්වින‍්නං පුරිමපාදානං මත්‍ථකෙ සීසං ඨපෙත්‍වා සයති, දිවසම‍්පි සයිත්‍වා පබුජ‍්ඣමානො න උත්‍රසන‍්තො පබුජ‍්ඣති, සීසං පන උක‍්ඛිපිත්‍වා පුරිමපාදාදීනං ඨිතොකාසං සල‍්ලක‍්ඛෙති. සචෙ කිඤ‍්චි ඨානං විජහිත්‍වා ඨිතං හොති, “නයිදං තුය‍්හං ජාතියා සූරභාවස‍්ස ච අනුරූප”න‍්ති අනත‍්තමනො හුත්‍වා තත්‍ථෙව සයති, න ගොචරාය පක‍්කමති. අවිජහිත්‍වා ඨිතෙ පන “තුය‍්හං ජාතියා ච සූරභාවස‍්ස ච අනුරූපමිද”න‍්ති හට‍්ඨතුට‍්ඨො උට‍්ඨාය සීහවිජම‍්භිතං විජම‍්භිත්‍වා කෙසරභාරං විධුනිත්‍වා තික‍්ඛත‍්තුං සීහනාදං නදිත්‍වා ගොචරාය පක‍්කමති.

“මහණෙනි, සිවුපාවන්ගේ රජ වූ සිංහයා බොහෝ සෙයින් නඟුට දෙකලවා අතරෙහි බහා දකුණු පසට හැරි නිදයි, යන මෙය සිංහ සෙය්‍යාවයි. සිවු පාවනට රජවූ සිංහයා තේජසින් වැඩි බැවින් ඉදිරි දෙපා එක් තැනෙකද, පසු පාදයන් ඒ තැනෙක ද තබා, නගුට දෙකලවා අතරෙහි බහා පෙර පා, පසු පා හා නඟුට පිහිටි තැන් සිහියට ගෙන, ඉදිරි දෙපා මත හිස තබා නිදයි. දවසක් හෝ සයනය කොට පිබිදෙන්නේ බියකට පත් නො වී පිබිදෙයි. හිස ඔසවා පෙර පා ආදිය පිහිටි තැන් සලකා බලයි. ඉදින් යම් කිසි තැනක් වෙනස් වී පිහිටියේ නම් “මෙය ඔබගේ ජාතියට ද, ශුර භාවයට ද නොගැළපෙන්නේය”යි අසතුටට පත් වී නැවත එසේම නිදයි. ගොදුරු පිණිස නොයයි. වෙනස් නොවී පිහිටීයේ නම් “ඔබගේ ජාතියට ද. ශූර භාවයටද මෙය ගැළපෙන්නේයයි තුටු පහටු වූයේ නැගිට සිංහ විඡෘම්භනය (සිරුර කිලිපොලා හැරීම) කොට, කෙසුරු සලා, තෙවරක් සිංහ නාද පවත්වා ගොදුරු පිණිස ඇවිදියි.

චතුත්‍ථජ‍්ඣානසෙය්‍යා පන තථාගතසෙය්‍යාති වුච‍්චති. තාසු ඉධ සීහසෙය්‍යා ආගතා. අයඤ‍්හි තෙජුස‍්සදඉරියාපථත‍්තා උත‍්තමසෙය්‍යා නාම.

චතුර්ථ ධ්‍යාන සෙය්‍යාව වනාහී තථාගත සෙය්‍යාව යයි කියනු ලැබේ. එහි මෙම සිංහ සෙය්‍යාව පවතී. මේ (සිංහ සෙය්‍යාව) වනාහී තේජසින් උසස් ඉරියවුවක් බැවින් උත්තම සෙය්‍යා (හෙවත් උතුම් සයනය) නම් වේ.

පාදෙ පාදන‍්ති දක‍්ඛිණපාදෙ වාමපාදං. අච‍්චාධායාති අතිආධාය, ඊසකං අතික‍්කම‍්ම ඨපෙත්‍වා. ගොප‍්ඵකෙන හි ගොප‍්ඵකෙ, ජාණුනා වා ජාණුම‍්හි සඞ‍්ඝට‍්ටියමානෙ අභිණ‍්හං වෙදනා උප‍්පජ‍්ජති, චිත‍්තං එකග‍්ගං න හොති, සෙය්‍යා අඵාසුකා හොති. යථා පන න සඞ‍්ඝංට‍්ටෙති, එවං අතික‍්කම‍්ම ඨපිතෙ වෙදනා නුප‍්පජ‍්ජති, චිත‍්තං එකග‍්ගං හොති, සෙය්‍යා ඵාසුකා හොති. තස‍්මා එවං සෙය්‍යං කප‍්පෙති.

පාදෙ පාදං = දකුණු පාදය (මතුයෙ) හි වම් පාදය, අච්චාධාය = මඳක් ඉක්මවා තබා ගොස් ඇටය ද, දණ හිසෙකින් අනික් දණ හිස ද ගැටෙනු ලබන කල්හි දැඩි වේදනා උපදියි, සිත එකඟ නො වෙයි. සයනය අපහසු වෙයි. යම් සේ ඒවා (එකිනෙක) නොගැටේ ද, එසේ ඉක්මවා තබනු ලබන කල්හි වේදනා නො උපදියි, සිත එකඟ වෙයි, සයනය පහසු වෙයි. ඒ නිසා මෙසේ සයනය කරයි.

සතො සම‍්පජානොති සතියා චෙව සම‍්පජඤ‍්ඤෙන ච සමන‍්නාගතො. කථං නිද‍්දායන‍්තො සතො සම‍්පජානො හොතීති? සතිසම‍්පජඤ‍්ඤස‍්ස අප‍්පහානෙන. අයඤ‍්හි දිවසඤ‍්චෙව සකලයාමඤ‍්ච ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙත්‍වා පඨමයාමාවසානෙ චඞ‍්කමා ඔරුය‍්හ පාදෙ ධොවන‍්තොපි මූලකම‍්මට‍්ඨානං අවිජහන‍්තොව ධොවති, තං අවිජහන‍්තොව ද‍්වාරං විවරති, මඤ‍්චෙ නිසීදති, අවිජහන‍්තොව නිද‍්දං ඔක‍්කමති. පබුජ‍්ඣන‍්තො පන මූලකම‍්මට‍්ඨානං ගහෙත්‍වාව පබුජ‍්ඣති. එවං නිද‍්දං ඔක‍්කමන‍්තොපි සතො සම‍්පජානො හොති. එවං පන ඤාණධාතුකන‍්ති න රොචයිංසු.

සතො සම්පජානො = කුමන අයුරකින් නිදන තැනැත්තෙක් සිහිය ඇත්තේ. දැනුම ඇත්තේ වේද? සිහි නුවණ රැක ගැනීමෙනි. මේ තෙමේ වනාහී දිවා කාලයෙහි ද, මුලුයාමයෙහිම ද ආවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කොට මුල් යාමය අවසන සක්මනින් බැස පා සෝදන්නේද මුල් කමටහන ඉවත් නොකරම සෝදයි. එය ඉවත් නොකරම දොර විවෘත කරයි, යහනෙහි ද හිඳගනියි. (එය) ඉවත් නොකරම නින්දට පිවිසෙයි. පිබිදෙන්නේ ද කමටහන (සිතින්) රැගෙනම පිබිදෙයි. මෙසේ නින්දට පිවිසෙන්නේ ද සිහිය ඇත්තේ සහ දැනුම ඇත්තේ වෙයි. මේ වනාහි ඥාන ස්වභාවය ඇති කරුණකැයි රුචි නොකළහ

වුත‍්තනයෙන පනෙස චිත‍්තං පරිසොධෙත්‍වා පඨමයාමාවසානෙ “උපාදින‍්නකං සරීරං නිද‍්දාය සමස‍්සාසෙස‍්සාමී”ති චඞ‍්කමා ඔරුය‍්හ මූලකම‍්මට‍්ඨානං අවිජහන‍්තොව පාදෙ ධොවති, ද‍්වාරං විවරති, මඤ‍්චෙ පන නිසීදිත්‍වා මූලකම‍්මට‍්ඨානං පහාය, “ඛන්‍ධාව ඛන්‍ධෙසු, ධාතුයොව ධාතූසු පටිහඤ‍්ඤන‍්තී”ති සෙනාසනං පච‍්චවෙක‍්ඛන‍්තො කමෙන නිද‍්දං ඔක‍්කමති, පබුජ‍්ඣන‍්තො පන මූලකම‍්මට‍්ඨානං ගහෙත්‍වාව පබුජ‍්ඣති. එවං නිද‍්දං ඔක‍්කමන‍්තොපි සතො සම‍්පජානො නාම හොතීති වෙදිතබ‍්බො.

කියන ලද පිළිවෙළින්ම මේ තෙමේ සිත පිරිසිදු කොට පෙර යම අවසනෙහි “දරා ගෙන සිටි සිරුර නින්දෙන් අස්වසන්නෙමි” යි සක්මනින් බැස මුල් කමටහන ඉවත් නොකරම පා සෝදයි, දොර විවෘත කරයි. යහනෙහි ද හිඳ මුල් කමටහන බැහැර නො කර ස්කන්ධයන් ස්කන්ධයන්හි ද, ධාතූන් ධාතූන්හි ද ස්පර්ශ වෙත් යයි සෙනසුන ප්‍රත්‍යවේක්ෂා කරන්නේ කෙමෙන් නින්දට පිවිසෙන්නේය. පිබිදෙන්නේ වුව ද මුල් කමටහන (සිතෙහි දරා) ගෙන ම පිබිදෙයි. මෙසේ නින්දට පිවිසෙන්නේ ද සිහිය ඇත්තේ සහ දැනුම ඇත්තේ නම් වන්නේ යයි දත යුත්තේය.

ඉති ඉමස‍්මිං සුත‍්තෙ තිවඞ‍්ගිකා පුබ‍්බභාගවිපස‍්සනාව කථිතා. එත‍්තකෙනෙව පන වොසානං අනාපජ‍්ජිත්‍වා තානෙව ඉන්‍ද්‍රියබලබොජ‍්ඣඞ‍්ගානි සමොධානෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා භික‍්ඛු අරහත‍්තං පාපුණාතීති. එවං යාව අරහත‍්තා දෙසනා කථෙතබ‍්බා.

මේ සූත්‍ර ධර්මයෙහි අංග තුනකින් යුත් පූර්වභාග විදර්ශනාව ද කියන ලදී. මෙපමණකින් ම වනාහී අවසනට නො පැමිණ එම ඉන්‍ද්‍රිය ශක්තීන් හා බෝධ්‍යාංගයන් ගළපා විදසුන් වඩා භික්ෂු තෙමේ අර්හත් භාවයට පැමිණෙන්නේය. මෙසේ රහත්බව දක්වා දේසනාව කළ යුත්තේය.