යෙදුමෙන් කියවන්න

1. ආසිවිසොපමසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. ආසිවිසොපමසුත‍්තවණ‍්ණනා

1. ආසිවිසොපම සූත්‍ර වර්ණනාව

ආසීවිසවග‍්ගස‍්ස පඨමෙ භික‍්ඛූ ආමන‍්තෙසීති එකචාරිකද‍්විචාරිකතිචාරිකචතුචාරිකපඤ‍්චචාරිකෙ සභාගවුත‍්තිනො කාරකෙ යුත‍්තපයුත‍්තෙ සබ‍්බෙපි දුක‍්ඛලක‍්ඛණකම‍්මට‍්ඨානිකෙ පරිවාරෙත්‍වා නිසින‍්නෙ යොගාවචරෙ භික‍්ඛූ ආමන‍්තෙසි. ඉදඤ‍්හි සුත‍්තං පුග‍්ගලජ‍්ඣාසයෙන වුත‍්තං. පුග‍්ගලෙසුපි විපඤ‍්චිතඤ‍්ඤූනං දිසාවාසිකානං දුක‍්ඛලක‍්ඛණකම‍්මට‍්ඨානිකානං උපට‍්ඨානවෙලාය ආගන‍්ත්‍වා සත්‍ථාරං පරිවාරෙත්‍වා නිසින‍්නානං වසෙන වුත‍්තං. එවං සන‍්තෙපි උග‍්ඝටිතඤ‍්ඤූආදීනං චතුන‍්නම‍්පි පුග‍්ගලානං පච‍්චයභූතමෙවෙතං. උග‍්ඝටිතඤ‍්ඤූ පුග‍්ගලො හි ඉමස‍්ස සුත‍්තස‍්ස මාතිකානික‍්ඛෙපෙනෙව අරහත‍්තං පාපුණිස‍්සති, විපඤ‍්චිතඤ‍්ඤූ මාතිකාය විත්‍ථාරභාජනෙන, නෙය්‍යපුග‍්ගලො ඉමමෙව සුත‍්තං සජ‍්ඣායන‍්තො පරිපුච‍්ඡන‍්තො යොනිසො මනසිකරොන‍්තො කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තො භජන‍්තො පයිරුපාසන‍්තො අරහත‍්තං පාපුණිස‍්සති. පදපරමස‍්සෙතං සුත‍්තං අනාගතෙ වාසනා භවිස‍්සතීති එවං සබ‍්බෙසම‍්පි උපකාරභාවං ඤත්‍වා භගවා සිනෙරුං උක‍්ඛිපන‍්තො විය ආකාසං විත්‍ථාරෙන‍්තො විය චක‍්කවාළපබ‍්බතං කම‍්පෙන‍්තො විය ච මහන‍්තෙන උස‍්සාහෙන සෙය්‍යථාපි, භික‍්ඛවෙති ඉමං ආසීවිසොපමසුත‍්තං ආරභි.

ආසී විස වර්ගයේ පළමු වැන්නෙහි භික්‍ඛු ආමන්තෙසී = තනිව හැසිරෙන්නා වූ ද, තිදෙනා බැගින් හැසිරෙන්නා වූ ද, සිවු දෙනා බැගින් හැසිරෙන්නාවූ ද පස් දෙනා බැගින් හැසිරෙන්නාවූ ද අන් අය සමග එකට ගැළපෙන පැවතුම් ඇති. (භාවනාවෙහි) ක්‍රියාකාරීව වෙසෙන. (අන් අය විසින් උපදෙස් දීම් වශයෙන්) යොදවන ලද්දාවූ. දුඃඛ ලක්ෂණාදියෙන් යුත් සියළුම කර්මස්ථාන ලාභීන් පිරිවරා ගෙන හුන්, භාවනානුයෝගී භික්ෂූන් හට ආමන්ත්‍රණය කළේය. මේ සූත්‍රය වනාහී පුද්ගල අදහස් වශයෙන් කියන ලදී. පුද්ගලයන් අතරෙහි ද විස්තර වශයෙන් කියූ කල්හි අවබෝධ කර ගත හැක්කාවූ, ප්‍රදේශ වාසීවූ, දුඃඛ ලක්ෂණාදී කර්මස්ථාන ධාරී, උපස්ථාන වේලාවේහි පැමිණ ශාස්තෲන් වහන්සේ පිරිවරා හුන් පිරිසට කියන ලදී. එසේ වුවද උග්ඝටිතඤ්ඤ (හෙවත් කරුණු වහා අවබෝධ කරගත හැකි පුද්ගල කොටස) ආදී සිවු වැදෑරුම් පුද්ගලයන් හට ද මෙය යෝග්‍ය වන්නේමය. උග්ඝටිතඤ්ඤ පුද්ගලයා වනාහී මේ සූත්‍රයේ මාතෘකාව දැන ගැනීමෙන්ම අර්හත් භාවයට පැමිණෙන්නේ ය. විපචිතඤ්ඤු පුද්ගලයා මාතෘකාව විස්තරයට භාජන කිරීමෙන් ද, නෙය්‍ය (හෙවත් ඤෙය්‍ය) පුද්ගලයා මේ සූත්‍රය සජ්ඣායනා කරමින්, විමසමින් නුවණින් මෙනෙහි කරමින් කළ්‍යාණ මිත්‍රයන් සේවනය කිරීමෙන්, භජනය කිරීමෙන් හා ඇසුරු කිරීමෙන් ද අර්හත්භාවයට පැමිණෙන්නෝ ය. පද පරම (හෙවත් වචන කියවීම මිස අර්ථාවබෝධයක් නැති) පුද්ගලයාට මේ සූත්‍රය අනාගතයෙහි පුරුද්දක් පිණිස වන්නේ ය. මෙසේ සියල්ලන් හට ම උපකාරී වන බව දැන භාග්‍යවතුන් වහන්සේ මහමෙර ඔසවා පෙන්වන්නාක් මෙන් ද, අහස විස්තර කොට දක්වන්නාක් මෙන් ද. සක්වල පව්ව කම්පා කරවන්නාක් මෙන් ද මහත් උත්සාහයෙන් “සෙය්‍යථාපි භික්‍ඛවෙ” යනුවෙන් මෙම ආසී විසෝපම සූත්‍රය ආරම්භ කළ සේක.

තත්‍ථ චත‍්තාරො ආසීවිසාති කට‍්ඨමුඛො, පූතිමුඛො, අග‍්ගිමුඛො, සත්‍ථමුඛොති ඉමෙ චත‍්තාරො. තෙසු කට‍්ඨමුඛෙන දට‍්ඨස‍්ස සකලසරීරං සුක‍්ඛකට‍්ඨං විය ථද‍්ධං හොති, සන්‍ධිපබ‍්බෙසු අධිමත‍්තං අයසූලසමප‍්පිතං විය තිට‍්ඨති. පූතිමුඛෙන දට‍්ඨස‍්ස පක‍්කපූතිපනසං විය විපුබ‍්බකභාවං ආපජ‍්ජිත්‍වා පග‍්ඝරති, චඞ‍්ගවාරෙ පක‍්ඛිත‍්තඋදකං විය හොති. අග‍්ගිමුඛෙන දට‍්ඨස‍්ස සකලසරීරං ඣායිත්‍වා භස‍්මමුට‍්ඨි විය ථුසමුට‍්ඨි විය ච විප‍්පකිරීයති. සත‍්තමුඛෙන දට‍්ඨස‍්ස සකලසරීරං භිජ‍්ජති, අසනිපාතට‍්ඨානං විය මහානිඛාදනෙන ඛතසන්‍ධිමුඛං විය ච හොති. එවං විසවසෙන විභත‍්තා චත‍්තාරො ආසීවිසා.

එහි චත්තාරො ආසී විසා යනු කට්ඨ මුඛ. පුතිමුඛ. අග්ගිමුඛ. සත්‍ථමුඛ නම් සර්පයා විසින් දෂ්ට කරන ලද්දහුගේ සකල ශරීරයම වියලි දණ්ඩක් මෙන් තද වෙයි. නැමෙන සන්‍ධි ස්ථානවල දැඩි සේ යකඩ උලකින් අනිනු ලබන්නාක් මෙන් වෙයි. පූතිමුඛ සර්පයා විසින් දෂ්ට කරන ලද්දහු ගේ සිරුර ඉදී කුණු වු කොස් ගෙඩියක් මෙන් ඕජස් සහිත බවට පැමිණ වැගිරෙයි. කිරිගොටුවෙහි දැමූ ජලය මෙන් වෙයි. අග්ගිමුඛ නම් සර්පයා විසින් දෂ්ට කරන ලද්දහුගේ සකල ශරීරය ම දැවී ගොස් අලු මිටක් මෙන් ද, දහයියා මිටක් මෙන් ද විසිරී යයි. “සත්‍ථමුඛ” නම් සර්පයා විසින් දෂ්ට කරන ලද්දහුගේ සකල ශරීරයම සිදුරුවෙයි. හෙනයක් වැඳුණ තැනක් මෙන් ද, ගෙයකට සොරෙන් ඇතුල් වීමට මහ නියනකින් සාදන ලද විවරයක් මෙන් ද වෙයි. මෙසේ විෂ වශයෙන් වෙනස්ව බෙදුනාවූ සර්පයෝ සතර වර්ගයක් වෙති.

විසවෙගවිකාරෙන පනෙතෙ සොළස හොන‍්ති. කට‍්ඨමුඛො හි දට‍්ඨවිසො, දිට‍්ඨවිසො, ඵුට‍්ඨවිසො, වාතවිසොති චතුබ‍්බිධො හොති. තෙන හි දට‍්ඨම‍්පි දිට‍්ඨම‍්පි ඵුට‍්ඨම‍්පි තස‍්ස වාතෙන පහටම‍්පි සරීරං වුත‍්තප‍්පකාරෙන ථද‍්ධං හොති. සෙසෙසුපි එසෙව නයොති. එවං විසවෙගවිකාරවසෙන සොළස හොන‍්ති.

ඔව්හු විෂ වේග වෙනසින් සොළසක් වෙති. කට්ඨමුඛ සර්පයා වනාහී දට්ඨ විස, දිට්ඨවිස, ඵුට්ඨවිස, වාතවිස වශයෙන් සිවු වැදෑරුම් වේ. ඒ සර්පයා විසින් දෂ්ට කරන ලද්දාවූ ද, දක්නා ලද්දාවූ ද ස්පර්ශ කරන ලද්දාවූ ද, උගේ වාතයෙන් පහර වදිනු ලැබුවා වූ ද ශරීරය (පෙර) කී අයුරින් තද වෙයි. සෙසු තන්හිදී ද මේ පිළිවෙළම වෙයි. මෙසේ විසවේග වෙනසින් වනාහී සොළසක් වෙති.

පුන පුග‍්ගලපණ‍්ණත‍්තිවසෙන චතුසට‍්ඨි හොන‍්ති. කථං? කට‍්ඨමුඛෙසු තාව දට‍්ඨවිසො ච ආගතවිසො නො ඝොරවිසො, ඝොරවිසො නො ආගතවිසො, ආගතවිසො චෙව ඝොරවිසො ච, නෙවාගතවිසො න ඝොරවිසොති චතුබ‍්බිධො හොති. තත්‍ථ යස‍්ස විසං සම‍්පජ‍්ජලිතතිණුක‍්කාය අග‍්ගි විය සීඝං අභිරුහිත්‍වා අක‍්ඛීනි ගහෙත්‍වා ඛන්‍ධං ගහෙත්‍වා සීසං ගහෙත්‍වා ඨිතන‍්ති වත‍්තබ‍්බතං ආපජ‍්ජති මණිසප‍්පාදීනං විසං විය, මන‍්තං පන පරිවත‍්තෙත්‍වා කණ‍්ණවාතං දත්‍වා දණ‍්ඩකෙන පහටමත‍්තෙ ඔතරිත්‍වා දට‍්ඨට‍්ඨානෙයෙව තිට‍්ඨති, අයං ආගතවිසො නො ඝොරවිසො නාම.

නැවත පෞද්ගලික වෙනස්කම් වශයෙන් සූ සැටක් වෙති. ඒ කෙසේද යත් :- කට්ඨමුඛ නම් සර්ප වර්ගයා තුළ “දට්ඨ විස” නම් කොටස සාමාන්‍ය විෂ ඇති, එහෙත් ඝෝර විෂ නැති කාණ්ඩය, සෝර විෂ ඇති, සාමාන්‍ය විෂ නැති කාණ්ඩය, සාමාන්‍ය විසද නැති කාණ්ඩය වශයෙන් කාණ්ඩ සතරකි. එහි දී යම් සර්පයකුගේ විසින් මණී සර්ප ආදීන්ගේ විස මෙන් දැල්වුණ තණ සුලක ගින්න සේ ගීඝ්‍රයෙන් නැගී ඇස්වලට ඇතුල් වී, කඳට ඇතුල් වී, හිසට ද ඇතුල් වී පවතී යයි කිවයුතු බවට පැමිණේ ද එවිට මන්ත්‍ර පිරිවහා කණට පිඹ කෝටුවකින් පහරක් ගැසූ පමණින් විස බැස දෂ්ට කළ තැනම නවතී නම් මෙය සාමාන්‍ය විෂ ඇති, ඝෝර විස නැති කාණ්ඩය නම් වේ.

යස‍්ස පන විසං සණිකං අභිරුහති, ආරුළ‍්හාරුළ‍්හට‍්ඨානෙ පන අයං සීතඋදකං විය හොති උදකසප‍්පාදීනං විසං විය, ද‍්වාදසවස‍්සච‍්චයෙනාපි කණ‍්ණපිට‍්ඨිඛන්‍ධපිට‍්ඨිකාදීසු ගණ‍්ඩපිළකාදිවසෙන පඤ‍්ඤායති, මන‍්තපරිවත‍්තනාදීසු ච කයිරමානාසු සීඝං න ඔතරති, අයං ඝොරවිසො නො ආගතවිසො නාම.

යමකුගේ වනාහි විස ඉක්මනින් නගී ද, නැගුන ස්ථානයෙහි මෙය බොන ලද දියත්තක්සේ පවතී ද, ජල සර්ප ආදීන්ගේ විසමෙන් දොළොස් වසරක ඇවෑමෙන් පවා කණෙහි බාහිර ස්ථානවල සහ කඳෙහි බාහිර ස්ථානවල පෙනෙන්නට තිබේද, මන්ත්‍ර කියවීම් ආදිය කෙරෙන කල්හිද ශීඝ්‍රයෙන් බැස නොයයි ද මෙය ඝෝර විෂ නම් වේ. සාමාන්‍ය විෂ නොවේ.

යස‍්ස පන විසං සීඝං අභිරුහති, න සීඝං ඔතරති අනෙළකසප‍්පාදීනං විසං විය, අයං ආගතවිසො චෙව ඝොරවිසො ච. යස‍්ස පන විසං මන්‍දං හොති, ඔතාරියමානම‍්පි සුඛෙනෙව ඔතරති නීලසප‍්පධම‍්මනිසප‍්පාදීනං විසං විය, අයං නෙවාගතවිසො න ඝොරවිසො නාම.

යමකුගේ විස ශීඝ්‍රයෙන් නගී ද. අධි විෂ සර්ප ආදීන්ගේ විසමෙන් ශීඝ්‍රයෙන් බැස නොයයි ද මෙය සාමාන්‍ය විස ද ඝෝර විෂ ද වෙයි. යමකුගේ විස අල්ප වේද, බැසයන විට ද පහසුවෙන් බැස යයි ද, සර්පයකු නොවන එහෙත් සර්පයකු වැනි පලා පණුවා ආදීන්ගේ විස වැනි මෙය සාමාන්‍ය විෂ ද ඝෝර විෂ ද නොවේ.

ඉමිනා උපායෙන කට‍්ඨමුඛෙ දට‍්ඨවිසාදයො පූතිමුඛාදීසු ච දට‍්ඨවිසාදයො වෙදිතබ‍්බාති. එවං පුග‍්ගලපණ‍්ණත‍්තිවසෙන චතුසට‍්ඨි.

මේ අයුරින් ම කට්ඨමුඛ නම් සර්ප වර්ගය තුළ දට්ඨවිස ආදී සර්ප කොටස් ද, පූතිමුඛ ආදී වර්ගයන් තුළ දට්ඨ විස ආදී කොටස් ද වෙතැයි දත යුතුය. මෙසේ පෞද්ගලික වෙනස්කම් වශයෙන් සූසැටකි.

තෙසු “අණ‍්ඩජා නාගා”තිආදිනා (සං· නි· 3.342-344) යොනිවසෙන එකෙකං චතුධා විභජිත්‍වා ඡපණ‍්ණාසාධිකානි ද‍්වෙ සතානි හොන‍්ති. තෙ ජලජාථලජාති ද‍්විගුණිතා ද‍්වාදසාධිකානි පඤ‍්චසතානි හොන‍්ති, තෙ කාමරූපඅකාමරූපානං වසෙන ද‍්විගුණිතා චතුවීසාධිකසහස‍්සසඞ‍්ඛා හොන‍්ති. පුන ගතමග‍්ගස‍්ස පටිලොමතො සංඛිප‍්පමානා කට‍්ඨමුඛාදිවසෙන චත‍්තාරොව හොන‍්තීති. තෙ සන්‍ධාය භගවා “සෙය්‍යථාපි, භික‍්ඛවෙ, චත‍්තාරො ආසීවිසා”ති ආහ. කුලවසෙන හි එතෙ ගහිතා.

ඔවුන් අතුරෙහි බිජුවටින් උපන් නාග ආදීහු යෝනි (හෙවත් වර්ග) වශයෙන් එක් එක් වර්ගය සතරට බෙදී දෙසිය සපණසක් වෙති. ඔව්හු ජලයෙහි උපන්නෝය ගොඩබිමෙහි උපන්නෝය යනුවෙන් දෙගුණ වී පන්සිය දොළසක් වෙති. ඔව්හු කාම රූප අකාම රූප වශයෙන් දෙගුණ වී එක් දහස් විසි හතරක සංඛ්‍යාවක් වෙති. නැවත (ඉදිරියට ගණනය කරමින්) ගිය මගෙහි ආපස්සට සංක්‍ෂේප කරමින් ඒ සර්පයන් කට්ඨ මුඛ ආදී වශයෙන් (වර්ග සතරක්ම වෙතියි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ සෙය්‍යථාපි භික්‍ඛවෙ චත්තාරො ආසී විසා (මහණෙනි යම් සේ සර්පයෝ වර්ග සතරක් වෙත් ද) යී වදාළ සේක. මේ සර්පයෝ කුල වශයෙන් ගනු ලැබූහ.

තත්‍ථ ආසීවිසාති ආසිත‍්තවිසාතිපි ආසීවිසා, අසිතවිසාතිපි ආසීවිසා, අසිසදිසවිසාතිපි ආසීවිසා. ආසිත‍්තවිසාති සකලකායෙ ආසිඤ‍්චිත්‍වා විය ඨපිතවිසා, පරස‍්ස ච අත‍්තනො සරීරෙ ච ආසිඤ‍්චනවිසාති අත්‍ථො. අසිතවිසාති යං යං එතෙහි අසිතං හොති පරිභුත‍්තං, තං තං විසමෙව සම‍්පජ‍්ජති, තස‍්මා අසිතං විසං හොති එතෙසන‍්ති ආසීවිසා. අසිසදිසවිසාති අසිවිය තිඛිණං පරමම‍්මච‍්ඡෙදනසමත්‍ථං විසං එතෙසන‍්ති ආසීවිසාති එවමෙත්‍ථ වචනත්‍ථො වෙදිතබ‍්බො. උග‍්ගතෙජාති උග‍්ගතතෙජා බලවතෙජා. ඝොරවිසාති දුන‍්නිම‍්මද‍්දනවිසා.

එහි ආසී විසා ආසිත්ත කරන ලද (හෙවත් ඉසින ලද) විස ඇත්තෝ ආසීවිසයෝය. (හෙවත් සර්පයෝය) අසිත වර්ණ (හෙවත් කළු පාට) විස ඇත්තෝ යයි ද ආසී විස නම් වෙති. “ආසිත්ත විස” යනු මුළු සිරුරෙහිම වත්කොට මෙන් තබන ලද විසයි. අනුන්ගේ සිරුරෙහිද ඉසින ලද විසය යන අරුත ද වේ. “ආසිත විස” යනු - යම් යම් දේවල් මේ (විස) නිසා අසිත හට (හෙවත් කළු පාට) වේද, පරිභෝග කරනු ලැබූ එය විෂයක් ම ඇති කරන්නේ ද, ඒ නිසා ඔවුන් හට අසිත පාට විසක් ඇති වන්නේයයි “අසිත විසා” නම් වෙති. “අසි සදිස විසා” යනු කඩුවක මෙන් තියුණු වූ, අනුන්ගේ මර්මස්ථාන සිඳීමෙහි සමත් වු විසක්. අසි (හෙවත් කඩු) සමාන විසක් මොවුනට ඇතැයි යන අදහසයි. මෙහි වචනාර්ථ මෙසේ දත යුත්තේය. උග්ගතෙජො = උග්‍රවූ තේජස් ඇත්තෝ, බලවත් තේජස් ඇත්තෝ ඝොර විසා - (සිරුර) තදින් මැඩ ගෙන සිටින විස ඇත්තෝ

එවං වදෙය්‍යුන‍්ති පටිජග‍්ගාපනත්‍ථං එවං වදෙය්‍යුං. රාජානො හි ආසීවිසෙ ගාහාපෙත්‍වා – “තථාරූපෙ චොරෙ වා එතෙහි ඩංසාපෙත්‍වා මාරෙස‍්සාම, නගරූපරොධකාලෙ පරසෙනාය වා තං ඛිපිස‍්සාම, පරබලං නිම‍්මද‍්දෙතුං අසක‍්කොන‍්තා සුභොජනං භුඤ‍්ජිත්‍වා වරසයනං ආරුය‍්හ එතෙහි අත‍්තානං ඩංසාපෙත්‍වා සත‍්තූනං වසං අනාගච‍්ඡන‍්තා අත‍්තනො රුචියා මරිස‍්සාමා”ති ආසීවිසෙ ජග‍්ගාපෙන‍්ති. තෙ යං චොරං සහසාව මාරෙතුං න ඉච‍්ඡන‍්ති, “එවමෙතෙ දීඝරත‍්තං දුක‍්ඛප‍්පත‍්තො හුත්‍වා මරිස‍්සන‍්තී”ති ඉච‍්ඡන‍්තා තං පුරිසං එවං වදන‍්ති ඉමෙ තෙ අම‍්භො පුරිස චත‍්තාරො ආසීවිසාති.

එවං වදෙය්‍යුං = පෝෂණය කරවීම සඳහා මෙසේ කියන්නා හ. රජවරු වනාහී සර්පයන් “ගෙන්වා ගෙන “එවැනි සොරුන් මුන් ලවා දෂ්ට කරවා මරවන්නෙමි. නගරයට පහර දෙන කාලයකදී සතුරු සෙනඟ වෙත ඌ විසි කරන්නෙමි. සතුරු බල මැඩිය නොහෙන්නේ නම් මනා වූ අහරක් වළඳා සුව පහසු සයනයකට නැඟී මුන් ලවා තමා දෂ්ට කරවා සතුරු වසඟයට නො පැමිණ තමා රිසි සේ මැරෙන්නෙමි යයි සර්පයන් පෝෂණය කරවත්. ඔව්හු සොරුන් ඉක්මනින් මරවන්නට නො කැමැති වෙති. මෙසේ මොව්හු දිගු කලක් දුක් විඳ මැරෙන්නෝ යයි කැමති වන්නාහු ඒ පුරුෂයාට ඉමෙ තෙ අම්හො පුරිස චත්තාරො ආසී විසා (එම්බා පුරුෂය, සර්පයෝ මෙසේ සතර වර්ගයක් වෙති) යි කියත්.

තත්‍ථ කාලෙන කාලන‍්ති කාලෙ කාලෙ. සංවෙසෙතබ‍්බාති නිපජ‍්ජාපෙතබ‍්බා. අඤ‍්ඤතරො වා අඤ‍්ඤතරො වාති කට‍්ඨමුඛාදීසු යො කොචි. යං තෙ අම‍්භො පුරිස කරණීයං, තං කරොහීති ඉදං අත්‍ථචරකස‍්ස වචනං වෙදිතබ‍්බං. තස‍්ස කිර පුරිසස‍්ස එවං ආසීවිසෙ පටිපාදෙත්‍වා ‘අයං වො උපට‍්ඨාකො’ති චතූසු පෙළාසු ඨපිතානං ආසීවිසානං ආරොචෙන‍්ති. අථෙකො නික‍්ඛමිත්‍වා ආගම‍්ම තස‍්ස පුරිසස‍්ස දක‍්ඛිණපාදානුසාරෙන අභිරුහිත්‍වා දක‍්ඛිණහත්‍ථං මණිබන්‍ධතො පට‍්ඨාය වෙඨෙත්‍වා දක‍්ඛිණකණ‍්ණසොතමූලෙ ඵණං කත්‍වා සුසූති කරොන‍්තො නිපජ‍්ජි. අපරො වාමපාදානුසාරෙන අභිරුහිත්‍වා තථෙව වාමහත්‍ථං වෙඨෙත්‍වා වාමකණ‍්ණසොතමූලෙ ඵණං කත්‍වා සුසූති කරොන‍්තො නිපජ‍්ජි, තතියො නික‍්ඛමිත්‍වා අභිමුඛං අභිරුහිත්‍වා කුච‍්ඡිං වෙඨෙත්‍වා ගලවාටකමූලෙ ඵණං කත්‍වා සුසූති කරොන‍්තො නිපජ‍්ජි, චතුත්‍ථො පිට‍්ඨිභාගෙන අභිරුහිත්‍වා ගීවං වෙඨෙත්‍වා උපරිමුද‍්ධනි ඵණං ඨපෙත්‍වා සුසූති කරොන‍්තො නිපජ‍්ජි.

එහි - කාලෙන කාලං - ඒ ඒ කාලයෙහි. සංවෙසෙ තබ්බා - නිදි කරවිය යුතු අඤ්ඤතරොවා අඤ්ඤතරොවා = කට්ඨමුඛ ආදීන් අතරෙහි යම් කිසි (සර්ප) කොටසක් යංතෙ අම්හො පුරිස කරණීයං තං කරොහි = මෙය යහපත කරන්නකුගේ වචන යයි දත යුතුය. ඒ පුරුෂයාට වනාහී මෙසේ සර්පයන් සපයා දී “මේ ඔබගේ උපස්ථායකයා ය”යි පෙට්ටි සතරෙහි තබන ලද සර්පයන් හට දැනුම් දෙති. ඉක්බිති එක් සර්පයෙක් නික්ම පැමිණ ඒ පුරුෂයාගේ දකුණු පාදය මගින් නැඟ දකුණතෙහි මැණික් කටු සන්ධියෙහි පවන් වෙළමින් කන් සිදුර මුල පෙණය කොට සූ සූ (යි හඬ පිට) කරමින් හොත්තේය. තවත් සර්පයෙක් වම් පාදය මගින් නැග එසේම වමත වෙළා වම් කන් සිදුර මුල පෙණය කොට සූ සූ (යි හඬ පිට) කරමින් හොත්තේය. තුන් වැනි (සර්ප) යන නික්ම ඉදිරි පසින් නැගී කුස වෙළා වළ වැනි තැනෙහි මුල පෙණය කොට සූසූ (යි හඬ පිට) කරමින් හොත්තේය සිවුවැන්නා පිටු පසින් නැඟ ගෙල වෙළා (හිස) මුදුන මතුයෙහි පෙණය තබා සූ සූ (යයි හඬ පිට) කරමින් හොත්තේය.

එවං චතූසු ආසීවිසෙසු සරීරට‍්ඨකෙසුයෙව ජාතෙසු එකො තස‍්ස පුරිසස‍්ස අත්‍ථචරකපුරිසො තං දිස‍්වා “කිං තෙ, භො පුරිස, ලද‍්ධ”න‍්ති, පුච‍්ඡි. තතො තෙන “ඉමෙ මෙ, භො, හත්‍ථෙසු හත්‍ථකටකං විය බාහාසු කෙයූරං විය කුච‍්ඡිම‍්හි කුච‍්ඡිවෙඨනසාටකො විය කණ‍්ණෙසු කණ‍්ණචූළිකා විය ගලෙ මුත‍්තාවලියො විය සීසෙ සීසපසාධනං විය කෙචි අලඞ‍්කාරවිසෙසා රඤ‍්ඤා දින‍්නා”ති වුත‍්තෙ සො ආහ – “භො අන්‍ධබාල, මා එවං මඤ‍්ඤිත්‍ථ ‘රඤ‍්ඤා මෙ තුට‍්ඨෙනෙතං පසාධනං දින‍්න’න‍්ති. ත්‍වං රඤ‍්ඤො ආගුචාරී චොරො, ඉමෙ ච චත‍්තාරො ආසීවිසා දුරුපට‍්ඨාහා දුප‍්පටිජග‍්ගියා, එකස‍්මිං උට‍්ඨාතුකාමෙ එකො න‍්හායිතුකාමො හොති, එකස‍්මිං න‍්හායිතුකාමෙ එකො භුඤ‍්ජිතුකාමො, එකස‍්මිං භුඤ‍්ජිතුකාමෙ එකො නිපජ‍්ජිතුකාමො. තෙසු යස‍්සෙව ඉච‍්ඡා න පූරති, සො තත්‍ථෙව ඩංසිත්‍වා මාරෙතී”ති. අත්‍ථි පන, භො, එවං සන‍්තෙ කොචි සොත්‍ථිමග‍්ගොති? ආම, රාජපුරිසානං වික‍්ඛිත‍්තභාවං ඤත්‍වා පලායනං සොත්‍ථිභාවොති වත්‍වා “යං තෙ කරණීයං, තං කරොහී”ති වදෙය්‍ය.

මෙසේ සර්පයන් සිවු දෙනා ශරීරයේ ස්ථානයන්හිම හුන් කල්හි ඒ තැනැත්තාගේ එක් හිතකාමී පුරුෂයෙක් ඒ දැක “එම්බා පුරුෂය, ඔබ විසින් කුමක් ලබන ලද්දේද”යි විචාළේය. ඉක්බිති ඔහු විසින් “පින්වත අත්වල අත් වළලු වැනි. බාහු වල බාහු වළලු වැනි, කුසෙහි කුස වෙළන සළුවක් වැනි, කන්වල කර්ණ කුඩුම්බි (නම් ආභරණ) වැනි, ගෙලෙහි මුතු වැල් වැනි, හිසෙහි ශීර්ෂාභරණ වැනි යම් ආභරණ විශේෂයෙන් රජතුමා විසින් දෙන ලද්දාහ” යි කී කල්හි (හිතකාමී පුරුෂයා මෙසේ) කීය. “එම්බා අනුවණ තැනැත්ත, රජු විසින් ඔබ කෙරෙහි සතුටින් මේ ආභරණ දෙන ලදැයි යනුවෙන් මෙසේ නොසිතව, ඔබ රජුට අපරාධකාරී සොරෙකි, මේ සර්පයෝ සිවු දෙනා උවටැන් කරනු ලැබීමෙහි අපහසු වූවෝ ය. පෝෂණය කරනු ලැබීමෙහි අපහසු වූවෝය, එකකු නැගිටිනු රිසි වන කල්හි තවෙකෙක් ස්නානයෙහි රිසි වෙයි. එකකු නෑමෙහි රිසි වන විට වෙනෙකෙක් අහර ගැනීමෙහි රිසි වෙයි. එකකු වැද හොවිනු රිසි වන කල්හි තවෙකෙක් අහර ගැනීමෙහි රිසි වෙයි. ඔවුන් අතුරෙහි යම් එකකුගේ කැමැත්ත නො පුරයි ද ඌ ඒ තැන්හිම දෂ්ට කර මරා දමයි. “පින්වත, එසේ නම් නිදහස් විය හැකි කිසියම් මඟක් තිබේදැ? ය. (හෙතෙම ඇසීය.) එසේය, රාජ පුරුෂයන්ගේ කලබලයට පත්වූ ස්වභාවයක් (වෙතොත් එය) දැන ගෙන පලායාම යහපත පිණිස වේ යයි කියන ඔබ විසින් යමක් කළයුතු නම් එය කරන්න යයිද කියන්නේ ය.

තං සුත්‍වා ඉතරො චතුන‍්නං ආසීවිසානං පමාදක‍්ඛණං රාජපුරිසෙහි ච පවිවිත‍්තං දිස‍්වා, වාමහත්‍ථෙන දක‍්ඛිණහත්‍ථං වෙඨෙත්‍වා, දක‍්ඛිණකණ‍්ණචූළිකාය ඵණං ඨපෙත්‍වා, සයිතාසීවිසස‍්ස සරීරං පරිමජ‍්ජන‍්තො විය සණිකං තං අපනෙත්‍වා, එතෙනෙව උපායෙන සෙසෙපි අපනෙත්‍වා තෙසං භීතො පලායෙය්‍ය. අථ නං තෙ ආසීවිසා “අයං අම‍්හාකං රඤ‍්ඤා උපට‍්ඨාකො දින‍්නො”ති අනුබන්‍ධමානා ආගච‍්ඡෙය්‍යුං. ඉදං සන්‍ධාය අථ ඛො සො, භික‍්ඛවෙ, පුරිසො භීතො චතුන‍්නං ආසීවිසානං…පෙ… පලායෙථාති වුත‍්තං.

ඒ අසා අනිකා සර්පයන් සිවු දෙනාගේ ප්‍රමාදී අවස්ථාවක් ද රාජ පුරුෂයන්ගේ විවේකයක් ද දැක, දකුණත වෙළා ගෙන දකුණු කන් සිදුරෙහි පෙණය තබා නිදා ගෙන සිටි සර්පයාගේ සිරුර වමතින් පිරිමදින්නාක් මෙන් සැණෙකින් ඌ ඉවත් කොට, ඒ උපායෙන් ම සෙසු සර්පයන් ද ඉවත් කොට උන්ගෙන් බිය වී පලා යන්නේ ය. ඉක්බිති ඒ සර්පයෝ මේ උපස්ථායකයා රජු විසින් අපට දෙන ලද්දේයයි (කියන ඔහු) ලුහු බඳිමින් යන්නෝ ය. මේ සඳහා අථ ඛො භික්‍ඛවෙ පුරිසෙන භීතො චතුන්නං ආසි විසානං පලායෙථ = (හෙවත් මහණෙනි, ඉක්බිති සර්පයන් සිවුදෙනාගෙන් බියටපත් පුරුෂයා පලා ගියේය) යි කියන ලදී.

තස‍්මිං පන පුරිසෙ එවං ආගතමග‍්ගං ඔලොකෙත්‍වා ඔලොකෙත්‍වා පලායන‍්තෙ රාජා “පලාතො සො පුරිසො”ති සුත්‍වා “කො නු ඛො තං අනුබන්‍ධිත්‍වා ඝාතෙතුං සක‍්ඛිස‍්සතී”ති විචිනන‍්තො තස‍්සෙව පච‍්චත්‍ථිකෙ පඤ‍්ච ජනෙ ලභිත්‍වා “ගච‍්ඡථ නං අනුබන්‍ධිත්‍වා ඝාතෙථා”ති පෙසෙය්‍ය. අථස‍්ස අත්‍ථචරා පුරිසා තං පවත‍්තිං ඤත්‍වා ආරොචෙය්‍යුං. සො භිය්‍යොසොමත‍්තාය භීතො පලායෙථ. ඉමමත්‍ථං සන්‍ධාය තමෙනං එවං වදෙය්‍යුන‍්තිආදි වුත‍්තං.

එම පුරුෂයා මෙසේ පැමිණි මඟ බල බලා පලා යන කල්හි රජ තෙමේ ඒ පුරුෂයා පලා ගියේයයි අසා කවරෙක් නම් ඔහු ලුහුබැඳ ගොස් නසා දැමීමට හැකි වන්නේ දැයි සොයන්නේ ඔහුගේම සතුරන් වු පස් දෙනකුන් ලැබ” යවු ඔහු ලුහු බැඳ ගොස් මරා දමවු යැ”යි කියා යවන්නේ ය. ඉක්බිති ඔහුගේ යහපත පිණිස ක්‍රියා කරන පුද්ගලයෝ ඒ පුවත දැන “වැඩි බියකින් යුතුව පලා යනු” යයි (ඔහුට) දැක්වූහ. මෙම කරුණ සඳහා තමෙනං එවං වදෙය්‍යුං (හෙවත් ඔහුට මෙසේ කියන්නාහුය) යන ආදිය කියන ලදී.

ඡට‍්ඨො අන‍්තරචරො වධකොති “පඨමං ආසීවිසෙහි අනුබද‍්ධො ඉතො චිතො ච තෙ වඤ‍්චෙන‍්තො පලායි, ඉදානි පඤ‍්චහි පච‍්චත්‍ථිකෙහි අනුබද‍්ධො සුට‍්ඨුතරං පලායති, න සක‍්කා සො එවං ගහෙතුං, උපලාළනාය පන සක‍්කා, තස‍්මා දහරකාලතො පට‍්ඨාය එකතො ඛාදිත්‍වා ච පිවිත්‍වා ච සන්‍ථවං අන‍්තරචරං වධකමස‍්ස පෙසෙථා”ති අමච‍්චෙහි වුත‍්තෙන රඤ‍්ඤා පරියෙසිත්‍වා පෙසිතො අන‍්තරචරො වධකො.

ඡට්ඨො අන්තර චරො වධකො = පළමුව සර්පයන් විසින් ලුහුබඳින ලද හෙතෙම සර්පයන් එහි මෙහි රවටවමින් පලා ගියේය. දැන් සතුරන් පස් දෙනකු විසින් ලුහුබඳිනු ලබනුයේ වඩා හොඳින් පලා යයි. “මෙසේ නම් අල්වා ගැනීමට නොහැක්කේය. නැළවීමකට නම් හැකිවන්නේය, එබැවින් කුඩා කල පටන් එකට කා බී සබඳකම් ඇති (සොරුට) විශ්වාසවත් වධකයකු ඔහු සඳහා යවන්න” යයි ඇමතිවරුන් විසින් කියන ලදින් රජු විසින් පරීක්ෂා කොට සොරාට විශ්වාසවන්ත වධකයෙක් යවන ලදී.

සො පස‍්සෙය්‍ය සුඤ‍්ඤං ගාමන‍්ති නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො පදං ඝායිත්‍වා ඝායිත්‍වා වෙගෙනාගච‍්ඡන‍්තෙ චත‍්තාරො ආසීවිසෙ පඤ‍්ච වධකෙ පච‍්චත්‍ථිකෙ ඡට‍්ඨඤ‍්ච අන‍්තරචරං වධකං “නිවත‍්ත භො, මා පලායි, පුත‍්තදාරෙන සද‍්ධිං කාමෙ පරිභුඤ‍්ජන‍්තො සුඛං වසිස‍්සසී”ති වත්‍වා ආගච‍්ඡන‍්තං දිස‍්වා, භිය්‍යොසොමත‍්තාය යෙන වා තෙන වා පලායන‍්තො පච‍්චන‍්තරට‍්ඨෙ අභිමුඛගතං එකං ඡකුටිකං සුඤ‍්ඤං ගාමං පස‍්සෙය්‍ය. රිත‍්තකඤ‍්ඤෙව පවිසෙය්‍යාති ධනධඤ‍්ඤමඤ‍්චපීඨාදීහි විරහිතත‍්තා රිත‍්තකඤ‍්ඤෙව පවිසෙය්‍ය. තුච‍්ඡකං සුඤ‍්ඤකන‍්ති එතස‍්සෙව වෙවචනං. පරිමසෙය්‍යාති “සචෙ පානීයං භවිස‍්සති, පිවිස‍්සාමි, සචෙ භත‍්තං භවිස‍්සති, භුඤ‍්ජිස‍්සාමී”ති භාජනං විවරිත්‍වා හත්‍ථං අන‍්තො පවෙසෙත්‍වා පරිමසෙය්‍ය.

සො පස්සෙය්‍ය සුඤ්ඤං ගාමං = නැවතී බලන්නේ පියවර ඉව කරමින් වේගයෙන් එන සර්පයන් සිවුදෙනා ද, සතුරු වධකයන් පස් දෙනා ද, එම්බා (පුරුෂය) නවතින්න, පලා නොයන්න, අඹු දරුවන් සමග කම්සුව විඳිමින් සුවසේ වසන්නැයි කියමින් එන සවන වධකයා වන විශ්වාසවන්තයා ද දැක යම් යම් ස්ථාන වෙත වැඩි වේගයෙන් පලායන්නේය. (ඒ අතර) පිටිසරකදී හමු වූ එක් (කුටියක් සහිත (ජන) ශූන්‍ය වු ගමක් දකින්නේය) ඡ කුටිකං සුඤ්ඤං ගාමං පස්සෙය්‍ය රිත්නකං යෙව පවිසෙය්‍ය - ධන ධාන්‍ය ඇඳ පුටු ආදියෙන් විරහිතවු බැවින් හිස්වූම තැනකට පිවිසෙන්නේය. තුච්ඡකං සුඤ්ඤං යනු මෙයටම වෙනත් වචනයකි. පරිමසෙය්‍ය = ඉදින් පැන් ඇත්තේ නම් බොන්නෙමි, බත් ඇත්තේ නම් බුදින්නෙමි යි ආසාවෙන් ඇවිද අත ඇතුළට යවා අත ගා බලන්නෝය.

තමෙනං එවං වදෙය්‍යුන‍්ති ඡන‍්නං ඝරානං එකඝරෙපි කිඤ‍්චි අලභිත්‍වා ගාමමජ‍්ඣෙ එකො සන්‍දච‍්ඡායො රුක‍්ඛො අත්‍ථි, තත්‍ථ වඞ‍්කඵලකං අත්‍ථතං දිස‍්වා, “ඉධ තාව නිසීදිස‍්සාමී”ති ගන‍්ත්‍වා, තත්‍ථ නිසින‍්නං මන්‍දමන්‍දෙන වාතෙන බීජියමානං තත‍්තකමත‍්තම‍්පි සුඛං සන‍්තතො අස‍්සාදයමානං, තමෙනං පුරිසං කෙචිදෙව අත්‍ථචරකා බහි පවත‍්තිං ඤත්‍වා ආගතා එවං වදෙය්‍යුං. ඉදානි අම‍්භො පුරිසාති අම‍්භො, පුරිස, ඉදානි. චොරා ගාමඝාතකාති “යදෙවෙත්‍ථ ලභිස‍්සාම, තං ගණ‍්හිස‍්සාම වා ඝාතෙස‍්සාම වා”ති ආගතා ඡ ගාමඝාතකචොරා.

තමෙනං එවං වදෙය්‍යුං = නිවෙස් සයෙන් එක් නිවෙසකින් හෝ කිසිවක් නො ලද්දේය. ගම මැද මනා සෙවණැති එක් රුකෙක් ඇත. එහි රවුම් කළ පුවරුවක් ද ඇත. එය දැක එහි හිඳගන්නෙමියි සිතා ගොස් හිඳගත්හ. හැමූ මන්ද මාරුතයෙන් සුවදායී සන්සුන් බවකින් යුතුව පවන් සලනු ලැබූ ඒ මේ පුරුෂයාට හිතකාමී වු යමෙක් බැහැර පෙදෙස්හි පැවති පුවත් දැනගෙන අවුත් මෙසේ කියන්නාහ. ඉදානිම්හො පුරිස = එම්බා පුරුෂය දැන් වනාහී. චොරා ගාමඝාතකා මෙහිදී යමක් ලැබිය හැකි නම් එය ගන්නෙමු. නැතහොත් වනසා හෝ දමන්නෙමු යයි පැමිණි ගමනසන සොරු සය දෙනා

උදකණ‍්ණවන‍්ති ගම‍්භීරං පුථුලං උදකං. ගම‍්භීරම‍්පි හි අපුථුලං, පුථුලං වා අගම‍්භීරං, න අණ‍්ණවොති වුච‍්චති, යම‍්පන ගම‍්භීරඤ‍්ච පුථුලඤ‍්ච, තස‍්සෙවෙතං නාමං. සාසඞ‍්කං සප‍්පටිභයන‍්ති චතුන‍්නං ආසීවිසානං පඤ‍්චන‍්නං වධකානං ඡට‍්ඨස‍්ස අන‍්තරචරස‍්ස ඡන‍්නඤ‍්ච ගාමඝාතකචොරානං වසෙන සාසඞ‍්කං සප‍්පටිභයං. ඛෙමං අප‍්පටිභයන‍්ති තෙසංයෙව ආසීවිසාදීනං අභාවෙන ඛෙමඤ‍්ච නිබ‍්භයඤ‍්ච විචිත්‍රඋය්‍යානවරං බහ‍්වන‍්නපානං දෙවනගරසදිසං. න චස‍්ස නාවා සන‍්තාරණීති “ඉමාය නාවාය ඔරිමතීරතො පරතීරං ගමිස‍්සන‍්තී”ති එවං ඨපිතා ච සන‍්තාරණී නාවා න භවෙය්‍ය. උත‍්තරසෙතු වාති රුක‍්ඛසෙතු-ජඞ‍්ඝසෙතු-සකටසෙතූනං අඤ‍්ඤතරො උත‍්තරසෙතු වා න භවෙය්‍ය. තිට‍්ඨති බ්‍රාහ‍්මණොති න ඛො එස බ්‍රාහ‍්මණො. කස‍්මා නං බ්‍රාහ‍්මණොති ආහ? එත‍්තකානං පච‍්චත්‍ථිකානං බාහිතත‍්තා, දෙසනං වා විනිවත‍්තෙන‍්තො එකං ඛීණාසවබ්‍රාහ‍්මණං දස‍්සෙතුම‍්පි එවමාහ.

උදකණ්ණවං = ගැඹුරු දිය (ඇත), පුළුල් දිය (ඇත), ගැඹුරු වුව ද පුළුල් නොවන (දිය ඇත), පුළුල් වුව ද ගැඹුරු නොවන (දිය ඇත) යන ආදී මේවාට “අණ්ණව” (හෙවත් සයුර) යයි නො කියනු ලැබේ. යම් ජලයක් වනාහී ගැඹුරු ද, පුළුල් ද වේ නම් එයටම මේ (අණ්ණව යන) නම යෙදේ. සාසඞ්කං සප්පටි භයං = සතර වර්ගයේ සර්පයන්ගේද. වධකයන් පස්දෙනාගේ ද, සයවන අන්තරචරයා (හිතවත් පුද්ගලයාගේද, ගම නසන සොරුන් සය දෙනාගේ ද වශයෙන් සැක සහිත වු. බිය සහිත වු ඛෙමං අප්පටිභයං = එනම් සර්ප ආදීන්ගේම අභාවය නිසා ආරක්ෂාව ද, බිය රහිත බවද, විසිතුරු උසස් උයන් ද බොහෝ ආහාර පාන ද සහිත දේව නගරයක් වැනි. තත්‍ථස්ස නාවා සන්තාරණී = මේ නැවෙන් මෙතෙර සිට එතෙරට යත හැකැයි යනුවෙන් මේ නැව එතෙරට යාමට නියමිත ව වක් ම නො වන්නේය. උත්තර සෙතූ වා = රුක්‍ඛ සෙතු (හෙවත් එතෙර යාමට ගසක් යොදා තැනූ ඒ දණ්ඩ) ඡඝ සෙතු (හෙවත් පයින් යා හැකි සේ තැනූ පටු පාලම) සකට සෙතු (හෙවත් කරත්තයක් යා හැකි පහලම) යන මේවායින් එකක් හෝ “උත්තරසෙතු” නම් නො වන්නේ ය. තිට්ඨති බ්‍රාහ්මණො = මේ තෙමේ බමුණෙක් නො වේ. කුමක් නිසා ඔහුට බ්‍රාහ්මණයෙකැයි කීවේද? මෙපමණ වු (කෙළෙස්) සතුරන් බැහැර කළ බැවිනැයි කීය. දේසනාව නවත්වමින් එක් ක්ලේශ රහිත බ්‍රාහ්මණයකු හෝ දැක්වීමට මෙසේ කීය.

තස‍්මිං පන එවං උත‍්තිණ‍්ණෙ චත‍්තාරො ආසීවිසා “න ලද‍්ධො වතාසි අම‍්හෙහි, අජ‍්ජ තෙ මුරුමුරාය ජීවිතං ඛාදිත්‍වා ඡඩ‍්ඩෙය්‍යාම”. පඤ‍්ච පච‍්චත්‍ථිකා “න ලද‍්ධො වතාසි අම‍්හෙහි, අජ‍්ජ තෙ පරිවාරෙත්‍වා අඞ‍්ගමඞ‍්ගානි ඡින්‍දිත්‍වා රඤ‍්ඤො සන‍්තිකං ගතා සතං වා සහස‍්සං වා ලභෙය්‍යාම”. ඡට‍්ඨො අන‍්තරචරො “න ලද‍්ධො වතාසි මයා, අජ‍්ජ තෙ ඵලිකවණ‍්ණෙන අසිනා සීසං ඡින්‍දිත්‍වා, සෙනාපතිට‍්ඨානං ලභිත්‍වා සම‍්පත‍්තිං අනුභවෙය්‍යං”. ඡ චොරා “න ලද‍්ධො වතාසි අම‍්හෙහි, අජ‍්ජ තෙ විවිධානි කම‍්මකාරණානි කාරෙත්‍වා බහුධනං ආහරාපෙස‍්සාමා”ති චින‍්තෙත්‍වා, උදකණ‍්ණවං ඔතරිතුං අසක‍්කොන‍්තා රඤ‍්ඤො ආණාය කොපිතත‍්තා පරතො ගන‍්තුම‍්පි අවිසහන‍්තා තත්‍ථෙව සුස‍්සිත්‍වා මරෙය්‍යුං.

ඔහු මෙසේ එතෙර වූ කල්හි සර්පයෝ සිවු දෙනා “අපට අද ඔබගේ සිරුර මුරුමුරු හඬින් කා දමා ඉවත දැමීමට ලැබුණෝ නැතැයි” කීහ. සතුරෝ පස් දෙනා” අපට අද ඔබ වට කරගෙන අඟපසඟ සිඳ රජුගේ සමීපයට ගොස් සියයක් හෝ දහසක් ලබා ගැනීමට නො ලැබුණේ යයි කීහ. සය වැන්නා වන විශ්වාසවන්තයා” මා හට අද පලිඟු පැහැතී අසි පතින් ඔබේ හිස සිඳ සෙන්පත් පදවි ලැබ සම්පත් ලබා ඒවා විඳ ගැනීමට නොලැබුණෝ”යයි කීය. සොරු සය දෙනා” අප අද විවිධ වු කටයුතු කරවා බොහෝ ධනය ගෙන්වා ගන්නෙමුයයි සිතා එය කළ නොහැකි වූවෝ වෙමු” යයි සිතා සයුරු දියට බැස ගැනීමට නොහැකිව, රජ අණින් සීමා ඉක්මවා යාමට ද නො හැක්කාහු, එහිම පීඩාවට පත් වී සිට මිය ගියහ.

උපමා ඛො ම්‍යායන‍්ති එත්‍ථ එවං ආදිතො පට‍්ඨාය ඔපම‍්මසංසන්‍දනං වෙදිතබ‍්බං – රාජා විය හි කම‍්මං දට‍්ඨබ‍්බං, රාජාපරාධිකපුරිසො විය වට‍්ටනිස‍්සිතො පුථුජ‍්ජනො. චත‍්තාරො ආසීවිසා විය චත‍්තාරි මහාභූතානි, රඤ‍්ඤො තස‍්ස චත‍්තාරො ආසීවිසෙ පටිච‍්ඡාපිතකාලො විය කම‍්මුනා පුථුජ‍්ජනස‍්ස පටිසන්‍ධික‍්ඛණෙයෙව චතුන‍්නං මහාභූතානං දින‍්නකාලො. “ඉමෙසං ආසීවිසානං පමාදක‍්ඛණෙ රාජපුරිසානඤ‍්ච විවිත‍්තක‍්ඛණෙ නික‍්ඛමිත්‍වා යං තෙ අම‍්භො, පුරිස, කරණීයං, තං කරොහී”ති වචනෙන “පලායස‍්සූ”ති වුත‍්තකාලො විය සත්‍ථාරා ඉමස‍්ස භික‍්ඛුනො මහාභූතකම‍්මට‍්ඨානං කථෙත්‍වා “ඉමෙසු චතූසු මහාභූතෙසු නිබ‍්බින්‍ද විරජ‍්ජ, එවං වට‍්ටතො පරිමුච‍්චිස‍්සසී”ති කථිතකාලො, තස‍්ස පුරිසස‍්ස අත්‍ථචරකවචනං සුත්‍වා චතුන‍්නං ආසීවිසානං පමාදක‍්ඛණෙ රාජපුරිසානඤ‍්ච විවිත‍්තක‍්ඛණෙ නික‍්ඛමිත්‍වා යෙන වා තෙන වා පලායනං විය ඉමස‍්ස භික‍්ඛුනො සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ලභිත්‍වා මහාභූතාසීවිසෙහි පරිමුච‍්චනත්‍ථාය ඤාණපලායනෙන පලායනං.

උපමාඛොම්‍යායං = මෙහි මෙසේ මුල පටන් උපමා සැසඳීම දත යුත්තේය. රජුමෙන් කර්මය දැක්විය යුතුය. රාජාපරාධකාරී පුරුෂයා මෙන් සංසාරචාරී පුහුදුන් තැනැත්තා දැක්විය යුතුය. සර්පයන් සතර දෙනා මෙන් සතර මහා භූතයන් දැක්විය යුතුය. රජුගේ සර්පයන් සිවු දෙනා ඒ තැනැත්තාට භාරදුන් කාලය සේ පුහුදුන් තැනැත්තා පිළිසිඳි කෙණෙහිම කර්මය විසින් සතර මහා භූතයන් හට දෙන ලද කාලය දැක්විය යුතුය. මේ සර්පයන්ගේ පමාවක් වූ ද. රාජපුරුෂයන්ගේ අවධානය චංචලවූ ද මොහොතක නික්ම “එම්බා පුරුෂය, ඔබ විසින් යමක් කළ යුතුව තිබේ නම් එය කරව”යි යන වචනයෙන් පලා යවයි කියූ කාලය මෙන් ශාස්තෲන් වහන්සේ විසින් මේ භික්ෂුවට මහා භූත කර්මස්ථානය කියවා මේ සතර මහා භූතයන්හි කල කිරීම, නො ඇලීම නිසා මෙසේ සසරින් නිදහස් වන්නේ යයි කියන ලද කාලය දැක්විය යුතුය. ඒ පුරුෂයාගේ හිතකාමී වචන අසා සර්පයන් සිවු දෙනාගේ පමාවක් වූ ද, රාජ පුරුෂයන්ගේ අවධානය චංචල වූ ද මොහොතක නික්ම යම් කිසි තැනකට පලායාම මෙන් මේ භික්ෂුව ශාස්තෲන් වහන්සේ සමීපයෙහි කමටහන් ලැබ මහාභූත නමැති සර්පයන්ගෙන් මිදීම පිණිස ඥානාන්විතව පලායාම දැක්විය යුතුය.

ඉදානි චතුන‍්නෙතං මහාභූතානං අධිවචනං පථවීධාතුයා ආපොධාතුයාතිආදීසු චතුමහාභූතකථා ච පඤ‍්චුපාදානක‍්ඛන්‍ධකථා ච ආයතනකථා ච විසුද‍්ධිමග‍්ගෙ විත්‍ථාරිතනයෙනෙව වෙදිතබ‍්බා. එත්‍ථ ච කට‍්ඨමුඛආසීවිසො විය පථවීධාතු දට‍්ඨබ‍්බා, පූතිමුඛඅග‍්ගිමුඛසත්‍ථමුඛා විය සෙසධාතුයො. යථෙව හි කට‍්ඨමුඛෙන දට‍්ඨස‍්ස සකලකායො ථද‍්ධො හොති, එවං පථවීධාතුපකොපෙනාපි. යථා ච පූතිමුඛාදීහි දට‍්ඨස‍්ස පග‍්ඝරති චෙව ඣායති ච ඡිජ‍්ජති ච, එවං ආපොධාතුතෙජොධාතුවායොධාතුපකොපෙනාපීති. තෙනාහු අට‍්ඨකථාචරියා –

දැන් සතර මහා භූතයන් හට තවත් වචන වූ පඨවි ධාතු ආපො ධාතු යන ආදියෙහි සතර මහා භූත කථා ද, උපාදාන ස්කන්ධ පස පිළිබඳ කථා ද (චක්ඛු, සෝත ආදී) ආයතන පිළිබඳ කථා ද විසුද්ධි මග්ගයෙහි විස්තර කරන ලද පිළිවෙළින් ම දත යුතුය. මෙහි දී කට්ඨමුඛ නම් සර්පයා මෙන් පෘථිවි ධාතුව දැක්විය යුතුය පුති මුඛ. අග්ගි මුඛ, සත්‍ථමුඛ යන සර්පයන් මෙන් සෙසු ධාතු දැක්විය යුතුය. යම් සේ වනාහී කට්ඨමුඛ නම් සර්පයා විසින් දෂ්ට කරනු ලැබුවහුගේ සකල ශරීරයම තද වන්නේ ද, එසේම පඨවි ධාතුවේ ප්‍රකෝප වීමෙන් ද (සිරුර තද) වේ. යම් සේ පුතිමුක ආදී සර්පයන් විසින් දෂ්ට කරන ලද්දවුන්ගේ ඕජස්වැගිරීම, පිළිස්සීම් ගතිය, සිරුර බිඳී යන ගතිය ආදිය සිදු වේද එසේම ආපෝ, තේජෝ, වායෝ යන ධාතු ප්‍රකෝප වීමෙන් ද (ඕජස් වැගිරීම, පිළිස්සීම් ගතිය, සිරුර බිඳී යන ගතිය ආදිය) සිදු වේ. එහෙයින් අර්ථ කථාචාර්යවරු මෙසේ කීවාහුය.

1. පත්‍ථද්ධො භවතී කායො දට්ඨො කට්ඨ මුඛෙන වා, පඨවිධාතුප්ප කොපෙන හොති කට්ඨමුඛෙව සො

2. පූතිකො භවතී කායො දට්ඨො පුති මුඛෙන වා. ආපොධාතුප්පකොපෙන හොති පුතිමුඛෙව සො

3. සන්තත්තො භවතී කායො දට්ඨො අග්ගිමුඛෙනවා, තෙජො ධාතප්ප කොපෙන හොති අග්ගිමුඛෙව සො

4. සඤ්ඡින්නො භවතී කායො දට්ඨො සත්‍ථ මුඛෙනවා, වායො ධාතුප්පකොපෙන හොති සත්‍ථ මුඛෙව සො

(එම ගාථා සතර මෙසේ ගීයට නැගිය හැක)

“පත්‍ථද‍්ධො භවතී කායො, දට‍්ඨො කට‍්ඨමුඛෙන වා; පථවීධාතුපකොපෙන, හොති කට‍්ඨමුඛෙව සො.

1. දැඩිව තදවේ කය - “කට්ඨ මුඛ” සප් සැපීමෙන්. “පඨවි” දා කිපීමෙන් - ඵසප් විස සේ කයද තද වේ.

“පූතිකො භවතී කායො, දට‍්ඨො පූතිමුඛෙන වා; ආපොධාතුපකොපෙන, හොති පූතිමුඛෙව සො.

2. සැරවෙන් පිරේ කය - “පුති මුඛ” සප් සැපීමෙන්, “ආපෝ” දා කිපෙත් - ඵසප් විස සේ සැරව වැගිරේ

“සන‍්තත‍්තො භවතී කායො, දට‍්ඨො අග‍්ගිමුඛෙන වා; තෙජොධාතුපකොපෙන, හොති අග‍්ගිමුඛෙව සො.

3. දාහ ගති උපදී - “අග්ගිමුඛ” සප් සැපීමෙන්, “තේජෝ” දා කිපෙත - එසප් විස සේ දාහ උපදී.

“සඤ‍්ඡින‍්නො භවතී කායො, දට‍්ඨො සත්‍ථමුඛෙන වා; වායොධාතුපකොපෙන, හොති සත්‍ථමුඛෙව සො”ති. –

4. කය බිඳෙන ගති වේ - “සත්‍ථ මුඛ සප් සැපීමෙන්, “වායෝ” දා කිපෙත - සිරුර බිඳෙනා ලෙසත් හැඟවේ.

එවං තාවෙත්‍ථ විසෙසතො සදිසභාවො වෙදිතබ‍්බො.

මේ අයුරින්ම මෙහිදී විශේෂ වශයෙන් ශරීර උත්පත්තිය දත යුතුය.

අවිසෙසතො පන ආසයතො විසවෙගවිකාරතො අනත්‍ථග‍්ගහණතො දුරුපට‍්ඨානතො දුරාසදතො අකතඤ‍්ඤුතතො අවිසෙසකාරිතො අනන‍්තදොසූපද‍්දවතොති ඉමෙහි කාරණෙහි එතෙසං ආසීවිසසදිසතා වෙදිතබ‍්බා.

අවිශේෂයෙන් වනාහී වාසස්ථාන වශයෙන්. විෂවේග වෙනස්කම් වශයෙන්, අනර්ථයන් ග්‍රහණය කිරිම් වශයෙන්, උවටැන් කිරීමේ අපහසුතාවය වශයෙන්, ආසන්න වීමට අපහසු වීම් වශයෙන්, අකෘතඥයන් වීම් වශයෙන්, පුද්ගල විශේෂත්වයන් නොතකන්නවුන් වශයෙන්, අප්‍රමාණවූ දෝෂෝපදාවයන් ඇති කරන්නවුන් වශයෙන් යන මේ කරුණුවලින් මේ සර්පයන් සමග මෙම මහා භූතයන්ගේ සර්ප සමානත්වය දත යුතුය.

තත්‍ථ ආසයතොති ආසීවිසානඤ‍්හි වම‍්මිකො ආසයො, තත්‍ථෙව තෙ වසන‍්ති. මහාභූතානම‍්පි කායවම‍්මිකො ආසයො. ආසීවිසානඤ‍්ච රුක‍්ඛසුසිරතිණපණ‍්ණගහනසඞ‍්කාරට‍්ඨානානිපි ආසයො. එතෙසුපි හි තෙ වසන‍්ති. මහාභූතානම‍්පි කායසුසිරං කායගහනං කායසඞ‍්කාරට‍්ඨානං ආසයොති. එවං තාව ආසයතො සදිසතා වෙදිතබ‍්බා.

එහි ආසයතො යනු සර්පයන්ගේ වසන තැනවු තුඹසයි උහු එහි වසත්. මහා භූතයනට ද වසන තැනක් ඇත. කය නම් තුඹස (ඒ) වාසස්ථානයයි. සර්පයනට ද ගස් බිල. තණ පතින් සෙවුණ තැන්, කුණු දමන තැන් ආදිය වාසස්ථාන වේ. උහු මේ තැන්හි වෙසෙති. මහා භූතයනට ද කය නමැති ගුහාව. කය නමැති ග්‍රහණ ස්ථානය, කය නමැති කුණුවල වාසස්ථානය වේ. මෙසේ වාසස්ථාන වශයෙන් වන සමානත්වය දත යුතුය.

විසවෙගවිකාරතොති ආසීවිසා හි කුලවසෙන කට‍්ඨමුඛාදිභෙදතො චත‍්තාරො. තත්‍ථ එකෙකො විසවිකාරතො විභජ‍්ජමානො දට‍්ඨවිසාදිවසෙන චතුබ‍්බිධො හොති. මහාභූතානිපි පච‍්චත‍්තලක‍්ඛණවසෙන පථවීආදිභෙදතො චත‍්තාරි. එත්‍ථ එකෙකං කම‍්මසමුට‍්ඨානාදිවසෙන චතුබ‍්බිධං හොති. එවං විසවෙගවිකාරතො සදිසතා වෙදිතබ‍්බා.

විස වෙශ විකාරතො = සර්පයෝ වනාහී කුල වශයෙන් “කට්ඨ මුඛ” ආදී වෙනස්කම්වලින් සතර වර්ගයක් වෙති. එහි එක් එක් වර්ගය විෂ විවිධත්වයෙන් බෙදනු ලබන්නෝ දෂ්ට කිරීමේ දී ඇතුළු වන විෂ (හෙවත් දට්ඨ විස) ආදී වශයෙන් සිවු වැදෑරූම් වෙති. මහාභූතයෝ ද තම තමාට අයත් ලක්ෂණ වශයෙන් “පඨවී” ආදී භේදයෙන් සිවු වැදෑරුම් වෙති. මෙහි එක් එක් වර්ගය කම්ම සමුට්ඨාන (හෙවත් කර්මයන්හට ගැනීම) ආදී වශයෙන් සිවු වැදෑරුම් වෙති. මෙසේ විෂවේග විවිධත්වයෙන් වන සමානතාවය දත යුතුය.

අනත්‍ථග‍්ගහණතොති ආසීවිසෙ ගණ‍්හන‍්තා පඤ‍්ච අනත්‍ථෙ ගණ‍්හන‍්ති – දුග‍්ගන්‍ධං ගණ‍්හන‍්ති, අසුචිං ගණ‍්හන‍්ති, බ්‍යාධිං ගණ‍්හන‍්ති, විසං ගණ‍්හන‍්ති, මරණං ගණ‍්හන‍්ති. මහාභූතානිපි ගණ‍්හන‍්තා පඤ‍්ච අනත්‍ථෙ ගණ‍්හන‍්ති – දුග‍්ගන්‍ධං ගණ‍්හන‍්ති, අසුචිං ගණ‍්හන‍්ති, බ්‍යාධිං ගණ‍්හන‍්ති, ජරං ගණ‍්හන‍්ති, මරණං ගණ‍්හන‍්ති. තෙනාහු පොරාණා –

අනත්‍ථ ගහණ තො = සර්පයකු ගන්නාහු අනර්ථයන් පහක් ගනිති. දුගඳ ගණිති. අසුචි ගණිති. රෝග ගණිති. විස ගණිති. මරණය ගණිති. මහා භූතයන් ගන්නෝ ද අනර්ථයන් පහක් ගණිති. දුගඳ ගණිති. අසුචි ගණිති. රෝග ගණිති. දිරාපත් වීම ගණිති. මරණය ගනිති. එහෙයින් පැරැන්නෝ මෙසේ කීහ.

1. යෙ කෙචි සප්පං ගණ්හන්ති - මීළහ ලිත්තං මහා විසං. පඤ්ච ගණ්හන්තනත්‍ථානි - ලොකෙ සප්පා භිනන්‍දිනො

2. දුග්ගන්‍ධං අසුචිං ව්‍යාධිං - විසං මරණ පඤ්චමං, අනත්‍ථා හොන්ති පඤ්චෙෙත - මීළ්හ ලිතෙන භුජඞ්ගමෙ

3. එම මෙවං අකුසලා - අන්‍ධ බාලා පුථුජ්ජනා. පඤ්ච ගණ්හන්තනත්‍ථානි - භවෙ ජාතාභිනන්‍දිනො

4. දුග්ගන්‍ධං අසුචිං ව්‍යාධිං - ජරං මරණ පඤ්චමං. අනත්‍ථා හොන්ති පඤ්චෙතෙ - මීළ්හ ලිත්තෙ භවන්ත රෙ.

ගාථා සතරෙහි අර්ථ :

“යෙකෙචි සප‍්පං ගණ‍්හන‍්ති, මීළ‍්හලිත‍්තං මහාවිසං; පඤ‍්ච ගණ‍්හන‍්තුනත්‍ථානි, ලොකෙ සප‍්පාභිනන්‍දිනො.

1. අපිරිසිදු පහසැති - සපුන් ඇසුරෙන් තුටුවන යමකු උන් ගතහොත් - වැළඳ ගන්නෝ පසනතුරු රුදු

“දුග‍්ගන්‍ධං අසුචිං බ්‍යාධිං, විසං මරණපඤ‍්චමං; අනත්‍ථා හොන‍්ති පඤ‍්චෙතෙ, මීළ‍්හලිත‍්තෙ භුජඞ‍්ගමෙ.

2. දුගඳ ද අසුචිය ද - රෝදුක විසය මරණය. යන මේ පසනතුර - අපිරිසිදු සප් වෙතෙහි වේමය

“එවමෙවං අකුසලා, අන්‍ධබාලපුථුජ‍්ජනා; පඤ‍්ච ගණ‍්හන‍්තුනත්‍ථානි, භවෙ ජාතාභිනන්‍දිනො.

3. මෙසේ අකුසල් පිරි - අඳ දද පුහුදුනෝ ලොව, බවය වෙත ඇල්මෙන් - වැළඳ ගන්නෝ පසන තුරු රුදු

“දුග‍්ගන්‍ධං අසුචිං බ්‍යාධිං, ජරං මරණපඤ‍්චමං; අනත්‍ථා හොන‍්ති පඤ‍්චෙතෙ, මීළ‍්හලිත‍්තෙව පන‍්නගෙ”ති. –

4. දුගඳ ද අසුචිය ද - රෝ දුක ජරා මරණය, යන මේ පසනතුර - අපිරිසිදු බව තුරෙහි වේමය.

එවං අනත්‍ථග‍්ගහණතො සදිසතා වෙදිතබ‍්බා.

අනර්ථ ග්‍රහණයෙන් වන්නේ මේ යයි දත යුතුය.

දුරුපට‍්ඨානතොති තෙ ආසීවිසා දුරුපට‍්ඨානා, එකස‍්මිං උට‍්ඨාතුකාමෙ එකො න‍්හායිතුකාමො හොති, තස‍්මිං න‍්හායිතුකාමෙ අපරො භුඤ‍්ජිතුකාමො, තස‍්මිං භුඤ‍්ජිතුකාමෙ අඤ‍්ඤො නිපජ‍්ජිතුකාමො හොති. තෙසු යස‍්ස යස‍්සෙව අජ‍්ඣාසයො න පූරති, සො තත්‍ථෙව ඩංසිත්‍වා මාරෙති. ඉමෙහි පන ආසීවිසෙහි භූතානෙව දුරුපට‍්ඨානතරානි. පථවීධාතුයා හි භෙසජ‍්ජෙ කයිරමානෙ ආපොධාතු කුප‍්පති, තස‍්සෙව භෙසජ‍්ජං කරොන‍්තස‍්ස තෙජොධාතූති එවං එකිස‍්සා භෙසජ‍්ජෙ කයිරමානෙ අපරා කුප‍්පන‍්තීති. එවං දුරුපට‍්ඨානතො සදිසතා වෙදිතබ‍්බා.

දුරුපට්ඨානතො = ඒ සර්පයෝ උවටැන් කරනු ලැබීමෙහි අපහසුකම් ඇත්තෝය. එකකු නැගිටිනු රිසිවන කල්හි තවෙකෙක් ස්නානයෙහි රිසි වෙයි. ඌ නෑමෙහි රිසිවන කල්හි තවෙකෙක් අහර ගැනීමෙහි රිසිවෙයි. ඌ අහර ගනු රිසිවන කල්හි අනෙකෙක් වැදහොවිනු රිසි වෙයි. ඔවුන් අතුරෙහි යම් යම් අයගේ කැමැත්ත නො සපුරයි ද ඌ එතැන්හිම දෂ්ට කර මරා දමයි. මේ සර්පයන් හටත් වඩා (පංචමහා) භූතයෝම උවටැන් කරනු ලැබීමෙහි අපහසු වන්නෝය. පඨවිධාතුවට පිළියම් කරන කල්හි ආපෝ ධාතුව කිපෙයි. එයට පිළියම් ලබන්න හුගේ තේජෝ ධාතුව කිපෙයි. මෙසේ එකකට පිළියම් කරන විට වෙනෙකක් කිපෙයි. මෙසේ උවටැන් කිරීමේ අපහසුතාවයෙන් වන සමානත්වය දත යුතුය.

දුරාසදතොති දුරාසදා හි ආසීවිසා, ගෙහස‍්ස පුරිමභාගෙ ආසීවිසං දිස‍්වා පච‍්ඡිමභාගෙන පලායන‍්ති, පච‍්ඡිමභාගෙ දිස‍්වා පුරිමභාගෙන, ගෙහමජ‍්ඣෙ දිස‍්වා ගබ‍්භං පවිසන‍්ති, ගබ‍්භෙ දිස‍්වා මඤ‍්චපීඨං අභිරුහන‍්ති. මහාභූතානි තතොපි දුරාසදතරානි. තථාරූපෙන හි කුට‍්ඨරොගෙන ඵුට‍්ඨස‍්ස කණ‍්ණනාසාදීනි ඡින්‍දිත්‍වා පතන‍්ති, සරීරං සම‍්ඵුටති නීලමක‍්ඛිකා පරිවාරෙන‍්ති, සරීරගන්‍ධො දූරතොව උබ‍්බාහති. තං පුරිසං අක‍්කොසමානම‍්පි පරිදෙවමානම‍්පි නෙව රොසවසෙන, න කාරුඤ‍්ඤෙන, උපසඞ‍්කමිතුං සක‍්කොන‍්ති, නාසිකං පිදහිත්‍වා ඛෙළං පාතෙන‍්තා දූරතොව නං විවජ‍්ජෙන‍්ති. එවං අඤ‍්ඤෙසම‍්පි භගන්‍දරකුච‍්ඡිරොගවාතරොගාදීනං බීභච‍්ඡජෙගුච‍්ඡභාවකරානඤ‍්ච රොගානං වසෙන අයමෙවත්‍ථො විභාවෙතබ‍්බොති. එවං දුරාසදතො සදිසතා වෙදිතබ‍්බා.

දුරා සදතො = සර්පයන් ළඟට පැමිණීම නො ඉවසිය හැක්කේමය. නිවසේ ඉදිරිපස සර්පයකු දැක පසුපසින් පලා යති. පසු පසෙහි දැක ඉදිරිපසින් පලායති. නිවෙස මැද සර්පයකු දැක කමරයකට යති. කාමරයෙහි දැක ඇඳමතට නඟිති. පංචමහා භූතයන් හට ළං වීම එයටත් වඩා අපහසු වේ. යම්බඳු කුෂ්ට රෝගයක් වැළඳුණ අයගේ කන් නාස් ආදිය සිදී වැටේ ද, රෝගය සිරුර පුරා පැතිරේද, නිලමැස්සෝ සිරුර පිරිවරා ගනිත්ද, ශරීර ගන්ධය පැමිණෙන්නන් දුරදීම පලවා හරීද, බැණවදින්නාවූ ද, (නොහොත්) විලාප නඟන්නාවූ ද එම පුරුෂයා කරා කෝපයෙන් හෝ කරුණාවෙන් ළං වීමට නො හැකිවේ. නාසය වසා, කෙළ ගසා දුරදීම ඔහු වර්ජනය කරත්. මෙසේ භගන්දර උදර රෝග ආදී වශයෙන් අන්රෝග පිළිබඳව ද කිව යුතු වේ. මෙසේ ළගට පැමිණීමට නො හැකිවීමේ සමානත්වය දත යුත්තේය.

අකතඤ‍්ඤුතතොති ආසීවිසා හි අකතඤ‍්ඤුනො හොන‍්ති, න‍්හාපියමානාපි භොජියමානාපි ගන්‍ධමාලාදීහි පූජියමානාපි පෙළායං පක‍්ඛිපිත්‍වා පරිහරියමානාපි ඔතාරමෙව ගවෙසන‍්ති. යත්‍ථ ඔතාරං ලභන‍්ති, තත්‍ථෙව නං ඩංසිත්‍වා මාරෙන‍්ති. ආසීවිසෙහිපි මහාභූතානෙව අකතඤ‍්ඤුතරානි. එතෙසඤ‍්හි කතං නාම නත්‍ථි, සීතෙන වා උණ‍්හෙන වා නිම‍්මලෙන ජලෙන න‍්හාපියමානානිපි ගන්‍ධමාලාදීහි සක‍්කරියමානානිපි මුදුවත්‍ථමුදුසයනමුදුයානාදීහි පරිහරියමානානිපි, වරභොජනං භොජියමානානිපි, වරපානං පායාපියමානානිපි ඔතාරමෙව ගවෙසන‍්ති. යත්‍ථ ඔතාරං ලභන‍්ති, තත්‍ථෙව කුප‍්පිත්‍වා අනයබ්‍යසනං පාපෙන‍්තීති. එවං අකතඤ‍්ඤුතතො සදිසතා වෙදිතබ‍්බා.

අකතඤ්ඤු තතො = සර්පයෝ වනාහි අකෘතඥයෝ වෙත්. නහවන්නවුන්ද. කවන්නවුන්ද, ගඳමල් ආදියෙන් පුදන්නවුන්ද. පෙට්ටියක බහා පරිහරණය කරන්න වුන්ද (යන මේ අය පිළිබඳව) දොසක්ම සොයති. යම් තැනෙකදී දොසක් දකිත් ද (නො හොත් ලබා ගනිත්ද) එහිදීම දෂ්ට කර ඔහු මරා දමත්. සර්පයන් හට ද වඩා මහා භූතයෝම අකෘතඥ වෙත්. මොවුන් හට කරන ලද දේ පිළිබඳ (හැඟීමක්) නම් නැත්තේය. සිසිල්වූ හෝ උණුසුම් වූ හෝ පිරිසිඳු ජලයෙන් නහවනු ලබන්නෝ නමුදු, මෘදු වස්ත්‍ර, මෘදු යහන්, මෘදු ආසන ආදියෙන් සංග්‍රහ කරනු ලබන්නෝ නමුදු, උතුම් ආහාර වළඳවනු ලබන්නා වූ නමුදු, උතුම් පාන වර්ග පොවනු ලබන්නාහු නමුදු, (මහාභූතයෝ) දෝෂයක් ම සොයති. දෝෂයක් හමු වූ තන්හිදී කෝපයට පත් වේ. විපත් පමුණුවන්නෝමය. මෙසේ අකෘතඥ භාවයෙන් වන සමානත්වය දත යුත්තේය.

අවිසෙසකාරිතොති ආසීවිසා හි “අයං ඛත‍්තියො වා බ්‍රාහ‍්මණො වා වෙස‍්සො වා සුද‍්දො වා ගහට‍්ඨො වා පබ‍්බජිතො වා”ති විසෙසං න කරොන‍්ති, සම‍්පත‍්තසම‍්පත‍්තමෙව ඩංසිත්‍වා මාරෙන‍්ති. මහාභූතානිපි “අයං ඛත‍්තියො වා බ්‍රාහ‍්මණො වා වෙස‍්සො වා සුද‍්දො වා ගහට‍්ඨො වා පබ‍්බජිතො වා දෙවො වා මනුස‍්සො වා මාරො වා බ්‍රහ‍්මා වා නිග‍්ගුණො වා සගුණො වා”ති විසෙසං න කරොන‍්ති. යදි හි නෙසං “අයං ගුණවා”ති ලජ‍්ජා උප‍්පජ‍්ජෙය්‍ය, සදෙවකෙ ලොකෙ අග‍්ගපුග‍්ගලෙ තථාගතෙ ලජ‍්ජං උප‍්පාදෙය්‍යුං. අථාපි නෙසං “අයං මහාපඤ‍්ඤො අයං මහිද‍්ධිකො අයං ධුතවාදො”තිආදිනා නයෙන ලජ‍්ජා උප‍්පජ‍්ජෙය්‍ය, ධම‍්මසෙනාපතිසාරිපුත‍්තත්‍ථෙරාදීසු ලජ‍්ජං උප‍්පාදෙය්‍යුං. අථාපි නෙසං “අයං නිග‍්ගුණො දාරුණො ථද‍්ධො”ති භයං උප‍්පජ‍්ජෙය්‍ය, සදෙවකෙ ලොකෙ නිග‍්ගුණථද‍්ධදාරුණානං අග‍්ගස‍්ස දෙවදත‍්තස‍්ස ඡන‍්නං වා සත්‍ථාරානං භායෙය්‍යුං, න ච ලජ‍්ජන‍්ති න ච භායන‍්ති, කුප‍්පිත්‍වා යංකිඤ‍්චි අනයබ්‍යසනං ආපාදෙන‍්තියෙව. එවං අවිසෙසකාරිතො සදිසතා වෙදිතබ‍්බා.

අවිසෙස කාරිතො = සර්පයෝ වනාහි මේ තෙමේ ක්ෂත්‍රියයෙක්ය. බ්‍රාහ්මණයෙක්ය, වෛශ්‍යයෙක්ය. ශුද්‍රයෙක්ය. ගිහියෙක්ය. නැතහොත් පැවිද්දෙක්ය යන ආදී වශයෙන් විශේෂයක් නොකරත් හමු වූ හමු වූ අය දෂ්ට කර මරා දමත්. (පංච) මහා භූතයෝ ද මේ තෙමේ ක්ෂත්‍රියයෙක්ය. බ්‍රාහ්මණයෙක්ය. වෛශ්‍යයෙක්ය, ශුද්‍රයෙක්ය. ගිහියෙක්ය. පැවිද්දෙක්ය, දෙවියෙක්ය. මනුෂ්‍යයෙක්ය, මාරයෙක්ය, බ්‍රහ්මයෙක්ය. ගණ නැත්තෙක්ය. නැතහොත් ගුණවතෙක්ය යන ආදි වශයෙන් විශේෂයක් නො කරත්. යම් හෙයකින් වනාහී ඔවුන්හට මොහු ගුණවතෙකැයි (යමකු කෙරෙන්) ලජ්ජා උපදින්නේ නම් දෙවියන් සහිත ලෝකයෙහි උතුම්ම පුද්ගලයා වූ තථාගතයන් වහන්සේ කෙරෙහි ලජ්ජා උපදවන්නාහුය. යම්හෙයකින් ඔවුන් හට මේ මහා පැණවතෙකි, මේ මහා ඍද්ධිමතෙකි. මේ ධුතවාදීයෙකි යන ආදී වශයෙන් (යමකු කෙරෙන්) ලජ්ජා උපදින්නේ නම් දම්සෙනෙවි සැරියුත් තෙරුන් ආදීන් කෙරෙහි ලජ්ජා උපදවන්නෝය. යම් හෙයකින් ඔවුන් හට මේ තෙමේ ගුණ රහිතයෙකි. දරුණු අයෙකි, තද අයෙකි යනුවෙන් (යමකු කෙරෙන්) බිය උපදින්නේ නම් දෙවියන් සහිත ලෝකයෙහි නුගුණ. දරුණු තද අයගේ අග්‍ර වු දේවදත්තගෙන් හෝ ෂට්ශාස්තෘන්ගෙන් හෝ බිය වෙත් ද? නොවෙක්මැයි කෝපයට පත් වී යම්කිසි විපතක් පමුණුවන්නෝමය. මෙසේ වෙනසක් නොකිරීමෙන් (සර්පයන් හා පංචමහා භූතයන් අතර) වන සමානත්වය දත යුත්තේය.

අනන‍්තදොසූපද‍්දවතොති ආසීවිසෙ නිස‍්සාය උප‍්පජ‍්ජනකානඤ‍්හි දොසූපද‍්දවානං පමාණං නත්‍ථි. තථා හෙතෙ ඩංසිත්‍වා කාණම‍්පි කරොන‍්ති ඛුජ‍්ජම‍්පි පීඨසප‍්පිම‍්පි එකපක‍්ඛලම‍්පීති එවං අපරිමාණං විප‍්පකාරං දස‍්සෙන‍්ති. භූතානිපි කුප‍්පිතානි න කාණාදිභාවෙසු න කිඤ‍්චි විප‍්පකාරං න කරොන‍්ති, අප‍්පමාණො එතෙසං දොසූපද‍්දවොති. එවං අනන‍්තදොසූපද‍්දවතො සදිසතා වෙදිතබ‍්බා.

අනන්ත දොසු පද්දවතො = සර්පයන් නිසා උපදවන්නා වූ දෝෂෝපද්‍රවයන්ගේ ප්‍රමාණයක් නැත. ඒ එසේමය. මොව්හු දෂ්ට කර (ඇස්) කණකරත්. කුදු වීම. අත් පා කොර වීම, පාදයක් පැකිළීම වැනි බොහෝ විපර්යාසයන් ඇති කරත්. කිපුණාවූ භූතයෝ ද (ඇස්) කණ කිරීම් ආදියෙන් යම් විපර්යාසයන් කරත්. මොවුන්ගේ දෝෂෝපද්‍රවයෝ බොහෝ වෙති. මෙසේ බොහෝ දෝෂෝපද්‍රවයන් නිසා (දෙපක්ෂය අතර) වන සමානත්වය දත යුත්තේය.

ඉදානෙත්‍ථ චතුමහාභූතවසෙන යාව අරහත‍්තා කම‍්මට‍්ඨානං කථෙතබ‍්බං සියා, තං විසුද‍්ධිමග‍්ගෙ චතුධාතුවවත්‍ථානනිද‍්දෙසෙ කථිතමෙව.

දැන් මෙහිදී සතර මහා භූතයන්ගේ වශයෙන් අර්හත් භාවය දක්වා කමටහන් කිව යුතු වන්නේය. එය විශුද්ධි මාර්ගයෙහි “චතුධාතු වවත්‍ථාන නිද්දේස” යෙහි කියන ලද්දේමය.

පඤ‍්ච වධකා පච‍්චත්‍ථිකාති ඛො භික‍්ඛවෙ පඤ‍්චන‍්නෙතං උපාදානක‍්ඛන්‍ධානං අධිවචනන‍්ති එත්‍ථ ද‍්වීහි ආකාරෙහි ඛන්‍ධානං වධකපච‍්චත්‍ථිකසදිසතා වෙදිතබ‍්බා.

පඤ්චවධකා පච්චත්‍ථිකාති ඛො භික්‍ඛවෙ පඤ්චන්නෙතං උපාදානක්‍ඛන්‍ධානං අධිවචනං = මෙහි ස්කන්ධයන් ගේ වධක, සතුරු සමානත්වය දෙඅයුරකින් දත යුත්තේය.

ඛන්‍ධා හි අඤ‍්ඤමඤ‍්ඤඤ‍්ච වධෙන‍්ති, තෙසු ච සන‍්තෙසු වධො නාම පඤ‍්ඤායති. කථං? රූපං තාව රූපම‍්පි වධෙති අරූපම‍්පි, තථා අරූපං අරූපම‍්පි වධෙති රූපම‍්පි. කථං? අයඤ‍්හි පථවීධාතු භිජ‍්ජමානා ඉතරා තිස‍්සො ධාතුයො ගහෙත්‍වාව භිජ‍්ජති, ආපොධාතුආදීසුපි එසෙව නයො, එවං තාව රූපං රූපමෙව වධෙති. රූපක‍්ඛන්‍ධො පන භිජ‍්ජමානො චත‍්තාරො අරූපක‍්ඛන්‍ධෙ ගහෙත්‍වාව භිජ‍්ජති, එවං රූපං අරූපම‍්පි වධෙති. වෙදනාක‍්ඛන්‍ධොපි භිජ‍්ජමානො සඤ‍්ඤාසඞ‍්ඛාරවිඤ‍්ඤාණක‍්ඛන්‍ධෙ ගහෙත්‍වාව භිජ‍්ජති. සඤ‍්ඤාක‍්ඛන්‍ධාදීසුපි එසෙව නයො. එවං අරූපං අරූපමෙව වධෙති. චුතික‍්ඛණෙ පන චත‍්තාරො අරූපක‍්ඛන්‍ධා භිජ‍්ජමානා වත්‍ථුරූපම‍්පි ගහෙත්‍වාව භිජ‍්ජන‍්ති, එවං අරූපං රූපම‍්පි වධෙති. එවං තාව අඤ‍්ඤමඤ‍්ඤං වධෙන‍්තීති වධකා. යත්‍ථ පන ඛන්‍ධා අත්‍ථි, තත්‍ථ ඡෙදනභෙදනවධබන්‍ධනාදයො හොන‍්ති, න අඤ‍්ඤත්‍ථාති. එවං ඛන්‍ධෙසු සන‍්තෙසු වධො පඤ‍්ඤායතීතිපි වධකා.

ස්කන්ධයෝ වනාහී එකිනෙකාට ද වධ කරත්. ඒවා පවත්නා කල්හි වධය ද පෙනෙයි. කෙසේද යත් රූපය වූ කලී රූපයට ද, අරූපයට ද වධ දෙයි. එසේම අරූපය අරූපයට ද, රූපයට ද වධදෙයි. කෙසේද යත් - බිඳෙන්නාවූ මෙම පඨවි ධාතුව ඉතිරිධාතූන් තුන ද රැගෙනම බිඳෙයි ආපෝ ධාතු ආදියෙහි ද මේ පිළිවෙළම වේ. මෙසේ රූපය රූපයට ම වධ දෙයි. බිඳෙන්නා වූ රූපස්කන්ධය වනාහී අරූපස්කන්ධ සතර ද රැගෙනම බිඳෙයි. මෙසේ අරූපයට ද වධ දෙයි. බිඳෙන්නාවූ වේදනා ස්කන්ධය ද, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධයන් රැගෙනම බිඳෙයි. සංඥා ස්කන්ධ ආදියෙහිදී ද මේ පිළිවෙළම වේ. මෙසේ අරූපය අරූපයටම වධ දෙන්නේය. චුති ක්ෂණයෙහි වනාහී බිඳෙන්නා වු අරූපස්කන්ධ සතර වස්තුරූපය (=භෞතික ශරීරය) රැගෙන ම බිඳේ. මෙසේ අරූපය රූපයට වධ දෙයි. මෙසේ එකිනෙකාට වධ දෙත් යන අදහසින් “වධකා” යයි කියනු ලැබේ. යම් තැනෙක වනාහී ස්කන්ධයෝ පවතිත් ද, එහිම සිඳීම්, බිඳීම්. වධ බන්‍ධන ආදිය ද පවතී. අන් තැනෙක නොවේ. ස්කන්ධ පවත්නා විට වධය ද පෙනෙන්නට තිබේ. යන අදහසින් ද “වධකා” යයි කියනු ලැබේ.

ඉදානි පඤ‍්චක‍්ඛන්‍ධෙ රූපාරූපවසෙන ද‍්වෙ කොට‍්ඨාසෙ කත්‍වා, රූපවසෙන වා නාමවසෙන වා රූපපරිග‍්ගහං ආදිං කත්‍වා, යාව අරහත‍්තා කම‍්මට‍්ඨානං කථෙතබ‍්බං සියා තම‍්පි විසුද‍්ධිමග‍්ගෙ කථිතමෙව.

දැන් පඤ්චස්කන්ධයන් රූප අරූප වශයෙන් දෙකොටසක් කොට රූප වශයෙන් නාමයට හෝ නාම වශයෙන් රූපයට හෝ විග්‍රහ ආදිය කොට අර්හත්වය දක්වා කමටහන් කිවයුතු වන්නේය යන කරුණ ද විශුද්ධි මාර්ගයෙහි කියන ලද්දේමය.

ඡට‍්ඨො අන‍්තරචරො වධකො උක‍්ඛිත‍්තාසිකොති ඛො, භික‍්ඛවෙ, නන්‍දීරාගස‍්සෙතං අධිවචනන‍්ති එත්‍ථ ද‍්වීහාකාරෙහි නන්‍දීරාගස‍්ස උක‍්ඛිත‍්තාසිකවධකසදිසතා වෙදිතබ‍්බා පඤ‍්ඤාසිරපාතනතො ච යොනිසම‍්පටිපාදනතො ච. කථං? චක‍්ඛුද‍්වාරස‍්මිඤ‍්හි ඉට‍්ඨාරම‍්මණෙ ආපාථගතෙ තං ආරම‍්මණං නිස‍්සාය ලොභො උප‍්පජ‍්ජති, එත‍්තාවතා පඤ‍්ඤාසීසං පතිතං නාම හොති, සොතද‍්වාරාදීසුපි එසෙව නයො. එවං තාව පඤ‍්ඤාසිරපාතනතො සදිසතා වෙදිතබ‍්බා. නන්‍දීරාගො පනෙස අණ‍්ඩජාදිභෙදා චතස‍්සො යොනියො උපනෙති. තස‍්ස යොනිඋපගමනමූලකානි පඤ‍්චවීසති මහාභයානි ද‍්වත‍්තිංස කම‍්මකාරණානි ච ආගතානෙව හොන‍්තීති එවං යොනිසම‍්පටිපාදනතොපිස‍්ස උක‍්ඛිත‍්තාසිකවධකසදිසතා වෙදිතබ‍්බා.

ඡට්ඨො අන්තර චරො වධකො උක්ඛිත්තා සිකොති ඛො භික්ඛවෙ නන්‍දිරාග ස්සෙතං අධිවචනං = මෙහි දෙ අයුරකින් තෘෂ්ණාවගේ සහ කඩුව ඔසවා ගත් වධකයකුගේ ඇති සමානත්වය දත යුත්තේය. “පඤ්ඤා සිර පාතන” හා “යෝනි සං පටිපදන” යනු ඒ දෙ ආකාරයයි. ඒවා කෙසේද යත් :- යම් අරමුණක් ඇස නමැති ද්වාරයෙහි ඉන්‍ද්‍රිය ගෝචර වු කල්හි ඒ අරමුණ නිමිති කොට ලෝභයක් උපදී. මෙ පමණකින් හිස ප්‍රඥාව කෙරෙන් වැටුණෝ නම් වෙයි. කණ නමැති දොරටුව ආදියෙහි ද මේ පිළිවෙළම වේ. මෙසේ ප්‍රඥාව කෙරෙන් සිරස වැටීමත්. (වධකයා කඩුව ඔසවා ගැනීමත් අතරෙහි) සමානත්‍වය දත යුත්තේය නන්‍දිරාගය වනාහී අණ්ඩජ ආදීභේද ඇති යෝනි සතරෙහි ඉපදීමට පුද්ගලයා යොමු කරවයි. ඔහුට (අණ්ඩජ ආදී) යෝනි වර්ගයන් හි ඉපදීමට මුල්වන විසි පහක් වන මහා භීතීන්ද, දෙතිස් කර්මයන් සිදු කිරීම් ද එළඹ සිටී. යොනිසං පටිපාදනයේ ද ඔසවා ගත් කඩුව ඇති වධකයාගේ තිබෙන්නා වූ සමානත්වය දත යුත්තේය.

ඉති නන්‍දීරාගවසෙනාපි එකස‍්ස භික‍්ඛුනො කම‍්මට‍්ඨානං කථිතමෙව හොති. කථං? අයඤ‍්හි නන්‍දීරාගො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, තං සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති වවත්‍ථපෙත්‍වා තංසම‍්පයුත‍්තා වෙදනා වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධො, චිත‍්තං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, තෙසං වත්‍ථාරම‍්මණං රූපක‍්ඛන්‍ධොති, එවං පඤ‍්චක‍්ඛන්‍ධෙ වවත්‍ථපෙති. ඉදානි තෙ පඤ‍්චක‍්ඛන්‍ධෙ නාමරූපවසෙන වවත්‍ථපෙත්‍වා, තෙසං පච‍්චයපරියෙසනතො පට‍්ඨාය විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා, අනුපුබ‍්බෙන එකො අරහත‍්තං පාපුණාතීති එවං නන්‍දීරාගවසෙන කම‍්මට‍්ඨානං කථිතං හොති.

මෙසේ නන්‍දිරාග වශයෙන් ද එක් භික්ෂුවකට කමටහන් කියන ලද්දේය. කෙසේද යත් මෙම නන්‍දිරාගය වනාහී (ලෝභ, දෝස, මෝහ ආදියෙන් යුත්) සංස්කාර ස්කන්ධය කැයි වෙන් කොට හඳුන්වා දී එය හා එක් ව යෙදුණ වේදනාව වේදනා ස්කන්ධය යයි ද, සංඥාව සංඥා ස්කන්ධය යයි ද, සිත විඥාන ස්කන්ධය යයි ද, ඒවායේ ද්‍රව්‍යමය ආරම්මණ රූපස්කන්ධය යයි ද යනුවෙන් මෙසේ පංච ස්කන්ධයන් නියම ලෙස දක්වයි. දැන් ඒ පඤ්ච ස්කන්ධයන් නාම රූප වශයෙන් වෙන් කොට ඒවායේ හේතූන් සෙවීමේ පටන් විදසුන් වඩා අනු පිළිවෙළින් එක් අයෙක් රහත් බවට පැමිණේ යයි මෙසේ නන්‍දිරාග වශයෙන් කමටහන් කියන ලද්දේ වෙයි.

ඡන‍්නං අජ‍්ඣත‍්තිකායතනානං සුඤ‍්ඤගාමෙන සදිසතා පාළියංයෙව ආගතා. අයං පනෙත්‍ථ කම‍්මට‍්ඨානනයො – යථා ච තෙ ඡ චොරා ඡකුටිකං සුඤ‍්ඤං ගාමං පවිසිත්‍වා අපරාපරං විචරන‍්තා කිඤ‍්චි අලභිත්‍වා ගාමෙන අනත්‍ථිකා හොන‍්ති, එවමෙවං භික‍්ඛු ඡසු අජ‍්ඣත‍්තිකායතනෙසු අභිනිවිසිත්‍වා විචිනන‍්තො “අහ”න‍්ති වා “මම”න‍්ති වා ගහෙතබ‍්බං කිඤ‍්චි අදිස‍්වා තෙහි අනත්‍ථිකො හොති. සො “විපස‍්සනං පට‍්ඨපෙස‍්සාමී”ති උපාදාරූපකම‍්මට‍්ඨානවසෙන චක‍්ඛුපසාදාදයො පරිග‍්ගහෙත්‍වා “අයං රූපක‍්ඛන්‍ධො”ති වවත්‍ථපෙති, මනායතනං “අරූපක‍්ඛන්‍ධො”ති. ඉති සබ‍්බානිපෙතානි නාමඤ‍්චෙව රූපඤ‍්චාති නාමරූපවසෙන වවත්‍ථපෙත්‍වා, තෙසං පච‍්චයං පරියෙසිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා, සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තො අනුපුබ‍්බෙන අරහත‍්තෙ පතිට‍්ඨාති. ඉදං එකස‍්ස භික‍්ඛුනො යාව අරහත‍්තා කම‍්මට‍්ඨානං කථිතං හොති.

ආධ්‍යාත්මික ආයතන සයේ ශුන්‍ය ග්‍රාම සමානත්වය පෙළෙහිම දැක්වේ. මේ වනාහී මෙහි කමටහන් පිළිවෙළයි. යම් සේ සොරු සය දෙන කුටි සයක් ඇති ශුන්‍ය ග්‍රාමයට පිවිස එකිනෙක (කුටිය) ට යන්නාහු කිසිවක් නොලැබ ගමෙහි විපතට පත්වූවෝ වෙත් ද, එසේ භික්ෂු තෙමේ ආධ්‍යාත්මික ආයතන සයෙහි ඇතුළට පිවිස සොයන්නෝ මම ය යනුවෙන් හෝ මාගේ ය යනුවෙන් හෝ ගත යුතු කිසිවක් නො දැක අනර්ථයට පත් වූවෙක් වෙයි. හේ තෙමේ විදසුන් පිහිටුවා ගන්නෙමියි “උපාදාන රූප කමටහන්” වශයෙන් චක්‍ඛුප්පසාදය (හෙවත් චක්ෂුර් ඉන්‍ද්‍රිය සේ දෘෂ්ටි ශක්තිය) ආදිය පරීක්ෂා කොට මෙය රූපස්කන්ධය යයි තීරණය කරයි. මනස් ආයතනය අරූප යයි ද, රූපයයි ද නාම රූප වශයෙන් වෙන් කොට ඒවායේ හේතුව පරීක්ෂා කොට විදසුන් වඩා සංස්කාරයන් විමසා බලන්නේ අනු පිළිවෙළින් රහත් බැව්හි පිහිටන්නේයයි එක් භික්ෂුවකට රහත් බව දක්වා මේ කමටහන කියන ලද්දේය.

ඉදානි බාහිරානං ගාමඝාතකචොරෙහි සදිසතං දස‍්සෙන‍්තො චොරා ගාමඝාතකාති ඛොතිආදිමාහ.

දැන් බැහැරින් ආ ගම වනසන සොරුන් හා සමාන බව දක්වන්නේ චොරා ගාම ඝාතකාති ඛො යන ආදිය කීය.

තත්‍ථ මනාපාමනාපෙසූති කරණත්‍ථෙ භුම‍්මං, මනාපාමනාපෙහීති අත්‍ථො. තත්‍ථ චොරෙසු ගාමං හනන‍්තෙසු පඤ‍්ච කිච‍්චානි වත‍්තන‍්ති – චොරා තාව ගාමං පරිවාරෙත්‍වා ඨිතා අග‍්ගිං දත්‍වා කටකටසද‍්දං උට‍්ඨාපෙන‍්ති, තතො මනුස‍්සා හත්‍ථසාරං ගහෙත්‍වා බහි නික‍්ඛමන‍්ති. තතො තෙහි සද‍්ධිං භණ‍්ඩකස‍්ස කාරණා හත්‍ථපරාමාසං කරොන‍්ති. කෙචි පනෙත්‍ථ පහාරං පාපුණන‍්ති, කෙචි පහාරට‍්ඨානෙ පතන‍්ති, අවසෙසෙ පන අරොගජනෙ බන්‍ධිත්‍වා අත‍්තනො වසනට‍්ඨානං නෙත්‍වා රජ‍්ජුබන්‍ධනාදීහි බන්‍ධිත්‍වා දාසපරිභොගෙන පරිභුඤ‍්ජන‍්ති.

එහි මනාපා මනාපෙසු යනු කරණාර්ථයෙහි සත්තමී වේ. මනාප හා අමනාප අය කරන කොට ගෙන යන අර්ථයයි. එහි සොරුන් ගම නසන කල්හි කටයුතු පහක් පවතී. සොරු වනාහී ගම වට කොට සිට ගිනි තබා කලහ ශබ්දයක් නංවති. ඉන් පසු මනුෂ්‍යයෝ වටිනා දේ රැගෙන බැහැරට නික්මෙති. ඉක්බිති ඔවුන්ද සමග ගෙන යන බඩු ද අත්පත් කර ගනිති. ඇතැමෙක් මෙහිදී පහර කෑමට ලක් වෙති. ඇතැමෙක් පහර කෑ තැන්හි වැටෙති, ඉතිරි වන නීරෝගී මිනිසුන් බැඳ ගෙන තමන් වසන තැනට ගෙන ගොස් රැහැන් ආදියෙන් බැඳ දාසයන් ලෙස යොදා ගනිත්.

තත්‍ථ ගාමඝාතකචොරානං ගාමං පරිවාරෙත්‍වා අග‍්ගිදානං විය ඡසු ද‍්වාරෙසු ආරම‍්මණෙ ආපාථගතෙ කිලෙසපරිළාහුප‍්පත‍්ති වෙදිතබ‍්බා, හත්‍ථසාරං ආදාය බහි නික‍්ඛමනං විය. තඞ‍්ඛණෙ කුසලධම‍්මං පහාය අකුසලසමඞ‍්ගිතා, භණ‍්ඩකස‍්ස කාරණා හත්‍ථපරාමසනාපජ‍්ජනං විය දුක‍්කටදුබ‍්භාසිතපාචිත‍්තියථුල‍්ලච‍්චයානං ආපජ‍්ජනකාලො, පහාරලද‍්ධකාලො විය සඞ‍්ඝාදිසෙසං ආපජ‍්ජනකාලො, පහාරං ලද‍්ධා පන පහාරට‍්ඨානෙ පතිතකාලො විය පාරාජිකං ආපජ‍්ජිත්‍වා අස‍්සමණකාලො, අවසෙසජනස‍්ස බන්‍ධිත්‍වා වසනට‍්ඨානං නෙත්‍වා දාසපරිභොගෙන පරිභුඤ‍්ජනකාලො විය තමෙව ආරම‍්මණං නිස‍්සාය සබ‍්බෙසං පස‍්සන‍්තානංයෙව චූළසීලමජ‍්ඣිමසීලමහාසීලානි භින්‍දිත්‍වා සික‍්ඛං පච‍්චක‍්ඛාය ගිහිභාවං ආපජ‍්ජනකාලො. තත්‍රස‍්ස පුත‍්තදාරං පොසෙන‍්තස‍්ස සන්‍දිට‍්ඨිකො දුක‍්ඛක‍්ඛන්‍ධො වෙදිතබ‍්බො, කාලං කත්‍වා අපායෙ නිබ‍්බත‍්තස‍්ස සම‍්පරායිකො.

එහි ගම නසන සොරුන් ගම වට කොට ගිනි තැබීමක් මෙන් දොරටු සයෙහි අරමුණු යොමු වූ කල්හි කෙලෙස් ගින්නෙහි උපත දත යුතුය. හස්ත සාර වස්තුව රැගෙන පිටතට නික්මීම මෙන් ඒ අවස්ථාවෙහි කුසල් හැර අකුසලින් යුක්ත වීම දත යුතුය. භාණ්ඩ නිසා අත්අඩංගුවට පත්වීම මෙන් වැරදි ක්‍රියාවන් කිරීම, වැරදි වචන කීම, සමාව ලැබිය හැකි වැරදි කිරීම, බරපතල වැරදි කිරීම යන අවස්ථාවන්ට පැමිණෙන කාලය දත යුතුය. ප්‍රහාරයන් ලබන කාලය මෙන් “සංඝාදිසෙස” නම් වරදට පැමිණෙන කාලය දත යුතුය. පහර ලැබූ අය පහර දුන් තැන වැටී සිටින කාලය මෙන් පාරාජිකාවට පැමිණ ගත කරන ශ්‍රමණ භාවයෙන් තොර කාලය දත යුතුය. සෙසු මිනිසුන් බැඳගෙන (සොරුන්) වසන තැනට ගෙනගොස් දාස භාවයෙහි යොදවා ගන්නා කාලය මෙන් එම අරමුණ නිසාම දකින්නාවූ සියල්ලන්ගේ ම සුළු සිල්, මැදිසිල්, මහසිල් යන මේවා බිඳ ශික්ෂාපද (රැකීම) අත්හැර ගිහි බවට පැමිණෙන කාලය දත යුතුය. එහිදී අඹු දරුවන් පෝෂණය කරන මොහුගේ දුක් රැස මෙ ලොවදීම තමා විසින්ම දකිනු ලබන්නේයයි දත යුත්තේය. කලුරියකොට අපායෙහි උපන්නහුට (එම දුක් රැස) පරලොව දී අත්විඳිය හැකි වන්නේය.

ඉමානිපි බාහිරායතනානි එකස‍්ස භික‍්ඛුනො කම‍්මට‍්ඨානවසෙනෙව කථිතානි. එත්‍ථ හි රූපාදීනි චත‍්තාරි උපාදාරූපානි, ඵොට‍්ඨබ‍්බායතනං තිස‍්සො ධාතුයො, ධම‍්මායතනෙ ආපොධාතුයා සද‍්ධිං තා චතස‍්සොති ඉමානි චත‍්තාරි භූතානි, තෙසං පරිච‍්ඡෙදවසෙන ආකාසධාතු, ලහුතාදිවසෙන ලහුතාදයොති එවමිදං සබ‍්බම‍්පි භූතුපාදායරූපං රූපක‍්ඛන්‍ධො, තදාරම‍්මණා වෙදනාදයො චත‍්තාරො අරූපක‍්ඛන්‍ධා. තත්‍ථ “රූපක‍්ඛන්‍ධො රූපං, චත‍්තාරො අරූපිනො ඛන්‍ධා නාම”න‍්ති. නාමරූපං වවත්‍ථපෙත්‍වා පුරිමනයෙනෙව පටිපජ‍්ජන‍්තස‍්ස යාව අරහත‍්තා කම‍්මට‍්ඨානං කථිතං හොති.

මේ බාහිර ආයතන වනාහී එක් භික්ෂුවක් හට කමටහන් වශයෙන්ම කියන ලදී. මෙහිදී වූ කලී “රූපාදීනි” යනු උපාදාන රූප සතරයි. “ඵොට්ඨබ්බායතනං” යනු ධාතු තුනයි. ධම්මායතනයෙහි ආපෝ ධාතුව සමග ඒවා සතරක් වේ. මේ භූත සතර ද ඒවායේ කොටස් වශයෙන් ආකාස ධාතුව ද, ලිහිල් බව වශයෙන් ලිහිල් කොටස් ද යන මේ සියළුම භූතයන්ගෙන් රූපස්කන්ධ නම් වේ. එයට අරමුණු වු වේදනා ආදී වු සතර (= වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ) අරූප ස්කන්ධ වේ. එහි රූපස්කන්‍ධ නම් රූපයයි. අරූපී වු ස්කන්ධ සතර නාම නම් වේ. මෙසේ නාම රූප වෙන් කොට දක්වා පෙර පරිදිම පිළිපදින්නහුට අර්හත් භාවය දක්වා කමටහන් කියන ලද්දේය.

ඔඝානන‍්ති එත්‍ථ දුරුත‍්තරණට‍්ඨො ඔඝට‍්ඨො. එතෙ හි “සීලසංවරං පූරෙත්‍වා අරහත‍්තං පාපුණිස‍්සාමී”ති අජ‍්ඣාසයං සමුට‍්ඨාපෙත්‍වා කල්‍යාණමිත‍්තෙ නිස‍්සාය සම‍්මා වායමන‍්තෙන තරිතබ‍්බා, යෙන වා තෙන වා දුරුත‍්තරා. ඉමිනා දුරුත‍්තරණට‍්ඨෙන ඔඝාති වුච‍්චන‍්ති. තෙපි එකස‍්ස භික‍්ඛුනො කම‍්මට‍්ඨානවසෙන කථිතා. චත‍්තාරොපි හි එතෙ එකො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො වාති. සෙසං නන්‍දීරාගෙ වුත‍්තනයෙනෙව යොජෙත්‍වා විත්‍ථාරෙතබ‍්බං.

ඔඝානං = මෙහි, තරණය කිරීමෙහි අපහසු තැනෙක්හි සිටින තැනැත්තේ ද. සැඩ පහරෙහි සිටින තැනැත්තේද යන මොව්හු වනාහී සීල සංවරය පුරා, “රහත් බවට පැමිණෙන්නෙමි” යි යන අදහස උපදවා කළණ මිතුරන් නිසා මනාව වෑයම් කිරීමෙන් (සසරින්) එතෙර විය යුතුයි. කෙසේ හෝ වේවා තරණය කිරීම අපහසුය යන මේ අරුතින් “ඔඝා” යයි කියනු ලැබේ. ඒවාද එක් භික්ෂුවකට කමටහන් වශයෙන් කියන ලදී. (ස්කන්ධ) සතරක් ම වන්නේ නමුදු එකක් නම් සංස්කාර ස්කන්ධයයි. සෙස්ස නන්‍දිරාගයෙහි කියන ලද ක්‍රමයෙන් යොදා විස්තර කළ යුතුවේ.

සක‍්කායස‍්සෙතං අධිවචනන‍්ති, සක‍්කායොපි හි ආසීවිසාදීහි උදකණ‍්ණවස‍්ස ඔරිමතීරං විය චතුමහාභූතාදීහි සාසඞ‍්කො සප‍්පටිභයො, සොපි එකස‍්ස භික‍්ඛුනො කම‍්මට‍්ඨානවසෙනෙව කථිතො. සක‍්කායො හි තෙභූමකපඤ‍්චක‍්ඛන්‍ධා, තෙ ච සමාසතො නාමරූපමෙවාති. එවමෙත්‍ථ නාමරූපවවත්‍ථානං ආදිං කත්‍වා යාව අරහත‍්තා කම‍්මට‍්ඨානං විත්‍ථාරෙතබ‍්බන‍්ති.

සක්කාය ස්සෙතං අධිවචනං = “සක්කායො” යනු සර්ප ආදීන්ගෙන් යුත් සයුරෙන් මෙතෙර මෙන් සතර මහා භූත ආදීන්ගෙන් අනතුරු සහිත වූ බියකරුවු (තැනකි) එය ද එක් භික්ෂුවකට කමටහන් වශයෙන් කියන ලද්දේය. “සක්කාය” යනු (රූපාවචර ආදී) ත්‍රෛභූමික පඤ්ච ස්කන්ධයන්ය. ඒවා ද නාම රූප ම වන්නේය. මෙසේ මෙහි නාමරූප වෙන් කොට දැක්වීම ආදි කොට රහත් බව දක්වා කමටහන් විස්තර කළ යුතු වේ.

නිබ‍්බානස‍්සෙතං අධිවචනන‍්ති නිබ‍්බානඤ‍්හි උදකණ‍්ණවස‍්ස පාරිමතීරං විය චතුමහාභූතාදීහි ඛෙමං අප‍්පටිභයං. වීරියාරම‍්භස‍්සෙතං අධිවචනන‍්ති එත්‍ථ චිත‍්තකිරියදස‍්සනත්‍ථං හෙට‍්ඨා වුත‍්තවායාමමෙව වීරියන‍්ති ගණ‍්හිත්‍වා දස‍්සෙති. තිණ‍්ණො පාරඞ‍්ගතොති තරිත්‍වා පාරං ගතො.

නිබ්බාණ ස්සෙතං අධිවචනං = නිර්වාණය වනාහී සාගරයේ එතෙර මෙනි. වෑයම් කිරීමට වීර්යයයි ගෙන හැර දක්වනු ලැබේ. තිණෙනා පාරගතො = තරණය කොට එතෙරට ගියේ.

තත්‍ථ යථා සාසඞ‍්කඔරිමතීරෙ ඨිතෙන උදකණ‍්ණවං තරිතුකාමෙන කතිපාහං වසිත්‍වා සණිකං නාවං සජ‍්ජෙත්‍වා උදකකීළං කීළන‍්තෙන විය න නාවා අභිරුහිතබ‍්බා. එවං කරොන‍්තො හි අනාරුළ‍්හොව බ්‍යසනං පාපුණාති. එවමෙව කිලෙසණ‍්ණවං තරිතුකාමෙන “තරුණො තාවම‍්හි, මහල‍්ලකකාලෙ අට‍්ඨඞ‍්ගිකමග‍්ගකුල‍්ලං බන්‍ධිස‍්සාමී”ති පපඤ‍්චො න කාතබ‍්බො. එවං කරොන‍්තො හි මහල‍්ලකකාලං අපත්‍වාපි විනාසං පාපුණාති, පත්‍වාපි කාතුං න සක‍්කොති. භද‍්දෙකරත‍්තාදීනි පන අනුස‍්සරිත්‍වා වෙගෙනෙව අයං අරියමග‍්ගකුල‍්ලො බන්‍ධිතබ‍්බො.

එහි යම් සේ බියකරු වු මෙ පස වෙරළේ සිටි තැනැත්තා විසින් සයුර තරණයෙහි කැමැත්තෙන් කිහිප දිනක් වැස ඉක්මනින් නැවක් සාදවා දිය කෙළියෙහි යෙදෙන්නකු ලෙසින් නැවට නො නැඟිය යුතුය. එසේ කරන තැනැත්තේ වනාහී (නැවට) නො නැඟ ම විපතට පැමිණෙයි. මෙසේ ම කෙලෙස් සයුර තරණය කරනු කැමැත්තෙන් තරුණයා “මහලු කල අෂ්ටාංගික මාර්ගය නමැති පහුර බඳින්නෙමි”යි ප්‍රමාද නො කළ යුතුය. එසේ කරන තැනැත්තේ වනාහී මහලු කාලයට නොපැමිණම විනාශයට පැමිණෙයි. (මහලු වියට) පැමිණ වුව ද (පහුර) කර ගැනීමට නොහැකි වෙයි. භද්දෙකරත්ත සූත්‍රය ආදිය සිහි කොට වේගයෙන්ම මෙම ආර්ය මාර්ගය නමැති පහුර බැඳගත යුතුය.

යථා ච කුල‍්ලං බන්‍ධන‍්තස‍්ස හත්‍ථපාදපාරිපූරි ඉච‍්ඡිතබ‍්බා. කුණ‍්ඨපාදො හි ඛඤ‍්ජපාදො වා පතිට‍්ඨාතුං න සක‍්කොති, ඵණහත්‍ථකාදයො තිණපණ‍්ණාදීනි ගහෙතුං න සක‍්කොන‍්ති. එවමිමම‍්පි අරියමග‍්ගකුල‍්ලං බන්‍ධන‍්තස‍්ස සීලපාදානඤ‍්චෙව සද‍්ධාහත්‍ථස‍්ස ච පාරිපූරි ඉච‍්ඡිතබ‍්බා. න හි දුස‍්සීලො අස‍්සද‍්ධො සාසනෙ අප‍්පතිට‍්ඨිතො පටිපත‍්තිං අස‍්සද‍්දහන‍්තො අරියමග‍්ගකුල‍්ලං බන්‍ධිතුං සක‍්කොති. යථා ච පරිපුණ‍්ණහත්‍ථපාදොපි දුබ‍්බලො බ්‍යාධිපීළිතො කුල‍්ලං බන්‍ධිතුං න සක‍්කොති, ථාමසම‍්පන‍්නොව සක‍්කොති, එවං සීලවා සද‍්ධොපි අලසො කුසීතො ඉමං මග‍්ගකුල‍්ලං බන්‍ධිතුං න සක‍්කොති, ආරද‍්ධවීරියොව සක‍්කොතීති ඉමං බන්‍ධිතුකාමෙන ආරද‍්ධවීරියෙන භවිතබ‍්බං. යථා සො පුරිසො කුල‍්ලං බන්‍ධිත්‍වා තීරෙ ඨත්‍වා යොජනවිත්‍ථාරං උදකණ‍්ණවං “අයං මයා පච‍්චත‍්තපුරිසකාරං නිස‍්සාය නිත්‍ථරිතබ‍්බො”ති මානසං බන්‍ධති, එවං යොගිනාපි චඞ‍්කමා ඔරුය‍්හ “අජ‍්ජ මයා චතුමග‍්ගවජ‍්ඣං කිලෙසණ‍්ණවං තරිත්‍වා අරහත‍්තෙ පතිට‍්ඨාතබ‍්බ”න‍්ති මානසං බන්‍ධිතබ‍්බං.

කවර ආකාරයෙන් හෝ පහුර බඳින්නහුගේ අත්පාවල සම්පූර්ණත්වයක් තිබිය යුතු යයි බලාපොරොත්තු විය යුත්තේය. කුෂ්ට රෝග වැළඳුණ පාදයක් හෝ කොරවු පාදයක් තිබිය නො හැක්කේ ය. (නාග) පෙණ හැඩ සේ අත් ඇති අයට තණ හා පත්‍ර ආදිය අල්වා ගැනීමට නො හැකි වේ. මෙසේ මෙම ආර්ය මාර්ගය නමැති පහුර බඳින්නහුගේ සිල් නමැති පාදයන්ගේ ද, ශ්‍රද්ධාව නමැති හස්තයන්ගේ ද සම්පූර්ණත්වයක් බලාපොරොත්තු විය යුත්තේය. දුස්සීලවූද, ශ්‍රද්ධා රහිතවූ ද, ශාසනයෙහි නො පිහිටියාවු ද, ප්‍රතිපත්ති නො අදහන්නා වූ ද තැනැත්තාට ආර්ය මාර්ගය නමැති පහුර බැදීමට නො හැක්කේ ම ය. යම් හෙයකින් පිරිපුන් අත් පා ආදිය ඇත්තේ වුව ද දුබල වූ, රෝග පීඩිත වු තැනැත්තාට ද පහුර බැඳීමට නොහැක්කේය. ශක්ති සම්පන්න තැනැත්තාට ම එය කළ හැකි වේ. මෙසේ සිල්වත් සැදැහැවතා වුවද අලස කුසීතයෙක් නම් ඔහුට ද මෙම (ආර්ය) මාර්ග නමැති පහුර බැදීමට නො හැකි වේ. පටන් ගත් වීර්යය ඇති තැනැත්තාටම හැකි වේ. මෙම පහුර බඳිනු කැමති තැනැත්තා පටන් ගත් වීර්යය ඇත්තෙක් විය යුතුය. යම්සේ ඒ පුරුෂයා පහුර බැඳ, වෙළෙහි සිට යොදුන් ගණන් පුළුල් සයුරට යොමු වී මා වෙන් වූ තනි පුද්ගලයකු නිසා මා විසින්ම මෙය තරණය කළ යුතුය යි සිතෙහි බැඳීමක් ඇති කර ගනියි. එසේම යෝගියා විසින්ද සක්මනට බැස. අද මා විසින් සතරමඟ වළක්වන කෙලෙස් සයුර තරණය කොට රහත් බැව්හි පිහිටිය යුතුයයි සිත බැඳිය යුතුයි.

යථා ච සො පුරිසො කුල‍්ලං නිස‍්සාය උදකණ‍්ණවං තරන‍්තො ගාවුතමත‍්තං ගන‍්ත්‍වා නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො “එකකොට‍්ඨාසං අතික‍්කන‍්තොම‍්හි, අඤ‍්ඤෙ තයො සෙසා”ති ජානාති, අපරම‍්පි ගාවුතමත‍්තං ගන‍්ත්‍වා නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො “ද‍්වෙ අතික‍්කන‍්තොම‍්හි, ද‍්වෙ සෙසා”ති ජානාති, අපරම‍්පි ගාවුතමත‍්තං ගන‍්ත්‍වා නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො “තයො අතික‍්කන‍්තොම‍්හි, එකො සෙසො”ති ජානාති, තම‍්පි අතික‍්කම‍්ම නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො “චත‍්තාරොපි මෙ කොට‍්ඨසා අතික‍්කන‍්තා”ති ජානාති, තඤ‍්ච කුල‍්ලං පාදෙන අක‍්කමිත්‍වා සොතාභිමුඛං ඛිපිත්‍වා උත‍්තරිත්‍වා තීරෙ තිට‍්ඨති. එවං අයම‍්පි භික‍්ඛු අරියමග‍්ගකුල‍්ලං නිස‍්සාය කිලෙසණ‍්ණවං තරන‍්තො සොතාපත‍්තිමග‍්ගෙන පඨමමග‍්ගවජ‍්ඣෙ කිලෙසෙ තරිත්‍වා මග‍්ගානන‍්තරෙ ඵලෙ ඨිතො පච‍්චවෙක‍්ඛණඤාණෙන නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො “චතුමග‍්ගවජ‍්ඣානං මෙ කිලෙසානං එකො කොට‍්ඨාසො පහීනො, ඉතරෙ තයො සෙසා”ති ජානාති. පුන තථෙව ඉන්‍ද්‍රියබලබොජ‍්ඣඞ‍්ගානි සමොධානෙත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තො සකදාගාමිමග‍්ගෙන දුතියමග‍්ගවජ‍්ඣෙ කිලෙසෙ තරිත්‍වා මග‍්ගානන‍්තරෙ ඵලෙ ඨිතො පච‍්චවෙක‍්ඛණඤාණෙන නිවත‍්තිත්‍වා, ඔලොකෙන‍්තො “චතුමග‍්ගවජ‍්ඣානං මෙ කිලෙසානං ද‍්වෙ කොට‍්ඨාසා පහීනා, ඉතරෙ ද‍්වෙ සෙසා”ති ජානාති. පුන තථෙව ඉන්‍ද්‍රියබලබොජ‍්ඣඞ‍්ගානි සමොධානෙත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තො අනාගාමිමග‍්ගෙන තතියමග‍්ගවජ‍්ඣෙ කිලෙසෙ තරිත්‍වා මග‍්ගානන‍්තරෙ ඵලෙ ඨිතො පච‍්චවෙක‍්ඛණඤාණෙන නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො “චතුමග‍්ගවජ‍්ඣානං මෙ කිලෙසානං තයො කොට‍්ඨාසා පහීනා, එකො සෙසො”ති ජානාති. පුන තථෙව ඉන්‍ද්‍රියබලබොජ‍්ඣඞ‍්ගානි සමොධානෙත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තො අරහත‍්තමග‍්ගෙන චතුත්‍ථමග‍්ගවජ‍්ඣෙ කිලෙසෙ තරිත්‍වා මග‍්ගානන‍්තරෙ ඵලෙ ඨිතො පච‍්චවෙක‍්ඛණඤාණෙන නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො “සබ‍්බකිලෙසා මෙ පහීනා”ති ජානාති.

යම් සේ පුරුෂයා පහුර ආධාර කරගෙන සයුර තරණය කරමින් ගව්වක මඟගෙවා ගොස් නැවතී බලන්නේ යා යුතු දුරෙන් එක් කොටසක් ඉක්මවූයෙමි යයි ද, තවත් කොටස් තුනක් ඉතිරිව ඇතැයි ද දැන ගනියි. තව ද ගව්වක මග ගෙවා ගොස් නැවතී බලන්නේ දෙකොටසක් ඉක්ම වූයෙමි යි ද තවත් දෙකොටසක් ඉතිරිව ඇතැයි ද දැන ගනියි. තවත් ගව්වක මඟ ගොස් නැවතී බලන්නේ තුන් කොටසක් ඉක්මවූයෙමි යයි ද, එක කොටසක් ඉතිරිව ඇතැයි ද දැන ගනියි. එය ද ඉක්මවා ලදැයි දැන ගනියි. එම පහුර ද පයින් මැඩ ගෙන දිය පහරට දමා, තමා ගොඩට අවුත් ඉවුරෙහි සිට ගනියි. එසේම මේ භික්ෂුව ද ආර්ය මාර්ගය නමැති පහුර ආධාර කරගෙන කෙලෙස් සයුර තරණය කරනුයේ සෝවාන් මඟින් පළමුවන මාර්ගය වළක්වන කෙලෙස් තරණය කොට මාර්ගය හා අතරක් නැති ඵලයෙහි පිහිටියේ ප්‍රත්‍යවේක්ෂා නුවණින් නැවතී බලනුයේ මාගේ සතර මඟ වළක්වන කෙළෙස්වලින් එක් කොටසක් ප්‍රහීන වූයේ යයි ද. ඉතිරි කොටස් තුන ශේෂව ඇතැයි ද දැන ගණියි. නැවත එසේම ඉන්‍ද්‍රිය බල බෝධ්‍යඞ්ගයන් එකතු කොට ගලපා සංස්කාරයන් විමසා බලන්නේ සකෘදාගාමී මාර්ගයෙන් දෙවන මඟ වළක්වන කෙලෙස් තරණය කොට මාර්ගය හා අතරක් නැති ඵලයෙහි පිහිටියේ ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් නැවතී බලනුයේ මාගේ සතර මඟ වළක්වන කෙලෙස්වලින් කොටස් දෙකක් ප්‍රහීන වූයේ යයි ද, ඉතිරි කොටස් දෙක ශේෂව ඇතැයි ද දැන ගනියි. නැවත එසේම ඉන්‍ද්‍රිය බල බෝධ්‍යාංගයන් එකතු කොට ගළපා සංස්කාරයන් විමසා බලන්නේ අනාගාමි මාර්ගයෙන් තුන්වන මඟ වළක්වන කෙලෙස් තරණය කොට මාර්ගය හා අතරක් නැති ඵලයෙහි පිහිටියේ ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් නැවතී බලන්නේ මාගේ සතර මඟ වළක්වන කෙළෙස්වලින් කොටස් තුනක් ප්‍රහීන වූයේ යයිද, එක් කොටසක් ශේෂ වේ යයි ද දැන ගනියි. නැවත එසේම ඉන්‍ද්‍රිය බල බෝධ්‍යාංගයන් එකතු කොට ගළපා සංස්කාරයන් විමසා බලන්නේ අර්හත් මාර්ගයෙන් සතර මඟ වළක්වන කෙළෙස් තරණය කොට මාර්ගය හා අතරක් නැති ඵලයෙහි පිහිටියේ ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් නැවතී බලන්නේ මාගේ සියලු කෙලෙස් ප්‍රහීනවූයේ යයි දැන ගනියි.

යථා සො පුරිසො තං කුල‍්ලං සොතෙ පවාහෙත්‍වා උත‍්තරිත්‍වා ථලෙ ඨිතො නගරං පවිසිත්‍වා උපරිපාසාදවරගතො “එත‍්තකෙන වතම‍්හි අනත්‍ථෙන මුත‍්තො”ති එකග‍්ගචිත‍්තො තුට‍්ඨමානසො නිසීදති, එවං තස‍්මිංයෙව වා ආසනෙ අඤ‍්ඤෙසු වා රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානාදීසු යත්‍ථ කත්‍ථචි නිසින‍්නො “එත‍්තකෙන වතම‍්හි අනත්‍ථෙන මුත‍්තො”ති නිබ‍්බානාරම‍්මණං ඵලසමාපත‍්තිං අප‍්පෙත්‍වා එකග‍්ගචිත‍්තො තුට‍්ඨමානසො නිසීදති. ඉදං වා සන්‍ධාය වුත‍්තං තිණ‍්ණො පාරඞ‍්ගතො ථලෙ තිට‍්ඨති බ්‍රාහ‍්මණොති ඛො, භික‍්ඛවෙ, අරහතො එතං අධිවචනන‍්ති. එවං තාවෙත්‍ථ නානාකම‍්මට‍්ඨානානි කථිතානි, සමොධානෙත්‍වා පන සබ‍්බානිපි එකමෙව කත්‍වා දස‍්සෙතබ‍්බානි. එකං කත්‍වා දස‍්සෙන‍්තෙනාපි පඤ‍්චක‍්ඛන්‍ධවසෙනෙව විනිවත‍්තෙතබ‍්බානි.

ඉක්බිති යම්සේ ඒ පුරුෂයා එම පහුර දිය පහරෙහි යවා ගොඩබැස ගොඩබිමෙහි හෝ සිට, නගරයට හෝ පිවිස උත්තම ප්‍රාසාදමස්තකයකට නැඟ “මෙ පමණ වු අනර්ථයකින් මිදුණේම වෙමි”යි එකඟ වු සිත් ඇතිව, තුටු වු මනසින් යුතුව හිඳියි ද, මෙසේ එම අසුනෙහිම හෝ අන්‍ය වු රාත්‍රිස්ථාන දිවා ස්ථාන ආදී යම් කිසි තැනෙක හෝ හුන්නේ මෙපමණ වු අනර්ථයකින් මිදුණේම වෙමි යි නිවන් අරමුණු කොට ගත් පල සමවතට පැමිණ එකඟවු සිත් ඇති ව. තුටු වු මනසින් යුතුව හිඳියි. මෙය සඳහා ම “තිණ්ණො පාරගතො ඵලෙ තිට්ඨති බ්‍රාහ්මණොති ඛො භික්‍ඛවෙ අරහතො එතං අධිවචනං” (හෙවත් “මහණෙනි, තරණය කළ තැනැත්තා. පරතෙරට ගිය තැනැත්තා, බ්‍රාහ්මණයා යන නම් රහතුන් හට ව්‍යවහාර වන තවත් නාමයන් ය) යි කියන ලදී. මේ අයුරින් මෙහිදී කියන ලද විවිධ වූ කමටහන් සියල්ල ගළපා කැටි කර එකතු කර දැක්විය යුතුය. එක් කොට දක්වන තැනැත්තා විසින් ද පඤ්චස්කන්ධ වශයෙන්ම ඉවතට හළ යුතුය.

කථං? එත්‍ථ හි චත‍්තාරි මහාභූතානි අජ‍්ඣත‍්තිකානි පඤ‍්චායතනානි බාහිරානි පඤ‍්චායතනානි ධම‍්මායතනෙ පන‍්නරස සුඛුමරූපානි සක‍්කායස‍්ස එකදෙසොති අයං රූපක‍්ඛන්‍ධො, මනායතනං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ධම‍්මායතනෙකදෙසො චත‍්තාරො ඔඝා සක‍්කායෙකදෙසොති ඉමෙ චත‍්තාරො අරූපිනො ඛන්‍ධා. තත්‍ථ රූපක‍්ඛන්‍ධො රූපං, චත‍්තාරො අරූපිනො ඛන්‍ධා නාමන‍්ති ඉදං නාමරූපං. තස‍්ස නන්‍දීරාගො කාමොඝො භවොඝො ධම‍්මායතනෙකදෙසො සක‍්කායෙකදෙසොති ඉමෙ පච‍්චයා. ඉති සප‍්පච‍්චයං නාමරූපං වවත්‍ථපෙති නාම. සප‍්පච‍්චයං නාමරූපං වවත්‍ථපෙත්‍වා තිලක‍්ඛණං ආරොපෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තො අරහත‍්තං පාපුණාතීති ඉදං එකස‍්ස භික‍්ඛුනො නිය්‍යානමුඛං.

කෙසේද යත් - මෙහි වනාහි සතර මහා භූතයන් ද, අධ්‍යාත්මික වූ ආයතන පස ද, බාහිර වූ ආයතන පසද, ධර්මායතනයෙහි පසළොසක් වු සියුම් රූපයන් ද තම ශරීරයේ එක් කොටසක් වේ. මෙය රූප ස්කන්ධයයි. මනායතනය විඥාන ස්කන්ධයයි. ධර්මායතනයෙහි එක් කොටසක් වන්නේ (කාමොඝ, භවොඝ, දිට්ඨොඝ, අවිජ්ජොඝ යන) ඕඝයන් සතරයි. මෙම අරූපී ස්කන්ධ සතර තම ශරීරයේ එක් කොටසක් වේ. එහි රූප ස්කන්ධය නම් රූපයයි. අරූප ස්කන්ධ නම් නාම යයි. මේ දෙක “නාම රූප” නම් වේ. එහි කාමය නම් සැඩ පහර ද, භවය නම් සැඩ පහර ද “නන්‍දිරාගය” නම් වේ. ධර්මායතනයෙහි එක් කොටසක් තමාගේ ශරීරයේ ද එක් කොටසක් වේ. මේවා (ඵලයන් සඳහා) හේතු වන්නේ ය, යනුවෙන් “සප්පච්චය “ නම් වේ. නාම රූපයන් වෙන් කොට දක්වා ත්‍රිලක්ෂණයට නඟා විදසුන් වඩා සංස්කාර (ධර්ම) යන් විමසා බලන තැනැත්තේ රහත් බවට පැමිණෙන්නේය යන මෙය එක් භික්ෂුවකගේ නිවනට යාමේ ප්‍රමුඛ මාර්ගය විය.

තත්‍ථ චත‍්තාරො මහාභූතා පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා අජ‍්ඣත‍්තිකබාහිරානි එකාදසායතනානි ධම‍්මායතනෙකදෙසො දිට‍්ඨොඝො අවිජ‍්ජොඝො සක‍්කායෙකදෙසොති ඉදං දුක‍්ඛසච‍්චං, නන්‍දීරාගො ධම‍්මායතනෙකදෙසො කාමොඝො භවොඝො සක‍්කායෙකදෙසොති ඉදං සමුදයසච‍්චං, පාරිමතීරසඞ‍්ඛාතං නිබ‍්බානං නිරොධසච‍්චං, අරියමග‍්ගො මග‍්ගසච‍්චං. තත්‍ථ ද‍්වෙ සච‍්චානි වට‍්ටං, ද‍්වෙ විවට‍්ටං, ද‍්වෙ ලොකියානි, ද‍්වෙ ලොකුත‍්තරානීති චත‍්තාරි සච‍්චානි සොළසහාකාරෙහි සට‍්ඨිනයසහස‍්සෙහි විභජිත්‍වා දස‍්සෙතබ‍්බානීති. දෙසනාපරියොසානෙ විපඤ‍්චිතඤ‍්ඤූ පඤ‍්චසතා භික‍්ඛූ අරහත‍්තෙ පතිට‍්ඨහිංසු. සුත‍්තං පන දුක‍්ඛලක‍්ඛණවසෙන කථිතං.

එහි සතර මහා භූතයෝ, පඤ්ච උපාදාන ස්කන්ධයෝ, ආධ්‍යාත්මික හා බාහිර ආයතන එකොළොස, ධර්මායතනයෙහි කොටසක්, දෘෂ්ටීන් (හෙවත් විශ්වාසයන්) නමැති ඕඝය, අවිද්‍යාව නමැති ඕඝය යන මේවා ස්වකීය ශරීරයේ කොටසක් වේ. මෙය “දුඃඛ සත්‍ය” යයි. නන්‍දිරාගය ද කොටසකි. කාම නමැති ඕඝය ද, භව නමැති ඕඝය ද ස්වකීය ශරීරයෙහි කොටසකි. මෙය සමුදය සත්‍යයයි. එ තෙර යයි කියනු ලබන නිවන නිරෝධ සත්‍යයයි. ආර්ය (අෂ්ටාංගික) මාර්ගය මාර්ග සත්‍යයයි. එහිදී සසරෙහි පැවැත්මට සම්බන්ධ සත්‍යයන් දෙකක් ද, නිවනට සම්බන්ධ සත්‍යයන් දෙකක් ද වේ. දෙකක් ලෞකිකය. දෙකක් ලෝකෝත්තරය යනුවෙන් සත්‍ය සතර සොළොස් අයුරකින් ද, න්‍යායයන් සැට දහසක් වන අයුරින් ද බෙදා දැක්විය යුත්තේය. දේශනාවසානයෙහි විපචිතඤ්ඤු (හෙවත් විස්තර කර දුන් පසු අවබෝධ කරගත හැක්කාවූ) පන්සියයක් භික්ෂූහු රහත් බැව්හි පිහිටියහ. සූත්‍රය වනාහි දුකෙහි ලක්ෂණ වශයෙන් කියන ලදී.