18. සමුද්දවග්ගො අට්ඨකථා
18. සමුද්ද වර්ගය
1. සමුද්දසුත්තවණ්ණනා
1. සමුද්ද සූත්‍ර වර්ණනාව
සමුද්දවග්ගස්ස පඨමෙ චක්ඛු, භික්ඛවෙ, පුරිසස්ස සමුද්දොති යදි දුප්පූරණට්ඨෙන යදි වා සමුද්දනට්ඨෙන සමුද්දො, චක්ඛුමෙව සමුද්දො. තස්ස හි පථවිතො යාව අකනිට්ඨබ්රහ්මලොකා නීලාදිආරම්මණං සමොසරන්තං පරිපුණ්ණභාවං කාතුං න සක්කොති, එවං දුප්පූරණට්ඨෙනපි සමුද්දො. චක්ඛු ච තෙසු තෙසු නීලාදීසු ආරම්මණෙසු සමුද්දති, අසංවුතං හුත්වා ඔසරමානං කිලෙසුප්පත්තියා කාරණභාවෙන සදොසගමනෙන ගච්ඡතීති සමුද්දනට්ඨෙනපි සමුද්දො. තස්ස රූපමයො වෙගොති සමුද්දස්ස අප්පමාණො ඌමිමයො වෙගො විය තස්සාපි චක්ඛුසමුද්දස්ස සමොසරන්තස්ස නීලාදිභෙදස්ස ආරම්මණස්ස වසෙන අප්පමෙය්යො රූපමයො වෙගො වෙදිතබ්බො. යො තං රූපමයං වෙගං සහතීති යො තං චක්ඛුසමුද්දෙ සමොසටං රූපමයං වෙගං, මනාපෙ රූපෙ රාගං, අමනාපෙ දොසං, අසමපෙක්ඛිතෙ මොහන්ති එවං රාගාදිකිලෙසෙ අනුප්පාදෙන්තො උපෙක්ඛකභාවෙන සහති.
සමුද්ද වර්ගයේ පළමුවැන්නෙහි - චක්ඛුං භික්ඛවෙ පුරිසස්ස සමුද්දො = යම් සේ පිරවීමට අපහසුය යන අරුතෙන් හෝ එසේ නැතහොත් උඩට මතු වේය යන අරුතෙන් සමුද්ද යන පදය සෑදී ඇත. ඇසම සමුද්‍රය වෙයි. එහිදී පොළවේ සිට අකනිටා බඹලොව දක්වා එක් රැස් වී ඇති නීලාදී අරමුණු පිරිපුන් බවක් ඇති කිරීමට අසමත් වේ. මෙසේ පිරවීමට අපහසුය යන අරුතින් ද ”සමුද්ද” නම් වේ. ඇස ද ඒ ඒ නීල ආදී අරමුණු කෙරෙහි යොමු වීමේදී අසංවර වී. එහි බැස ගෙන කෙලෙස් ඉපදීමට හේතුවන සේ දොස් සහිත ගමනින් යන්නේයයි, මතුවේ යයි, යන අරුතින් ද සමුද්ද නම් වේ. තස්ස රූපමයො වෙගො = සමුද්‍රයේ අප්‍රමාණ වු රළ පෙළින් හටගත් වේගය මෙන් ඒ ඇස නමැති සමුද්‍රයේ ද රැස් වන නීල ආදී භේද ඇති ආරම්මණයන්ගේ වශයෙන් බොහෝ වූ රූපමය වු වේගයක් යයි දත යුතුය. යො තං රූපමයං වෙගං සහති = යමකු තම ඇස් නමැති සමුද්‍රයෙහි රැස් වූ ඒ රූපමය වු වේගයන් කෙරෙහි ප්‍රිය මනාප වීමෙහිදී රාගය ද, අප්‍රිය අමනාප වීමෙහිදී ද්වේෂය ද, ඒ පිළිබඳ විමංසනය යොමු නොවූ කල්හි මෝහය ද උපදින අතර, මෙසේ රාග ආදී කෙළෙස් නො උපදින්නේ නම් උපේක්ෂා භාවයෙන් ඉවසීම ද සිදු වේ.
සඌමින්තිආදීසු කිලෙසඌමීහි සඌමිං. කිලෙසාවට්ටෙහි සාවට්ටං. කිලෙසගාහෙහි සගාහං. කිලෙසරක්ඛසෙහි සරක්ඛසං. කොධූපායාසස්ස ච වසෙන සඌමිං. වුතඤ්හෙතං “ඌමිභයන්ති ඛො, භික්ඛවෙ, කොධූපායාසස්සෙතං අධිවචන”න්ති (ඉතිවු· 109; ම· නි· 2.162; අ· නි· 4.122). කාමගුණවසෙන සාවට්ටං. වුතඤ්හෙතං “ආවට්ටග්ගාහොති ඛො, භික්ඛවෙ, පඤ්චන්නෙතං කාමගුණානං අධිවචන”න්ති (සං· නි· 4.241). මාතුගාමවසෙන සගාහං සරක්ඛසං. වුත්තඤ්හෙතං “ගාහරක්ඛසොති ඛො, භික්ඛවෙ, මාතුගාමස්සෙතං අධිවචන”න්ති (ඉතිවු· 109). සෙසවාරෙසුපි එසෙව නයො. සභයං දුත්තරං අච්චතරීති ඌමිභයෙන සභයං දුරතික්කමං අතික්කමි. ලොකන්තගූති සඞ්ඛාරලොකස්ස අන්තං ගතො. පාරගතොති වුච්චතීති නිබ්බානං ගතොති කථීයති.
“ස ඌමිං” (හෙවත් රළ සහිත) යන ආදියෙහි කෙලෙස් රළ සහිත වූ යන අදහසින් සඌමිං යයි යෙදේ. කෙලෙස් නමැති දියසුලි යන අදහසින් සාවට්ටං යි යෙදිණ. කෙළෙස් ග්‍රහණය සහිත යන අදහසින් සගාහං යි යෙදිණ. කෙලෙස් රකුසන් සමග යන අදහසින් සරක්ඛසං යි යෙදිණ. ක්‍රෝධ සහ සිත් තැවුල් යන අරුත් වශයෙන් ද ”සඌමී” යන්න යෙදේ. මෙසේ ද කියන ලද්දේය. “මහණෙනි. ඌමී භය (හෙවත් රළ මතු වීමේ බිය) යන මෙය වනාහී කොධුපනායාස (හෙවත් ක්‍රෝධය හා සිත් තැවුල) යන්නට තවත් නමකි “කාම ගුණ (හෙවත් ඉන්ද්රිය ගෝචර අරමුණු) වශයෙන් සාවට්ටං (හෙවත් කෙලෙස් නමැති දිය සුලි) යී යෙදේ. මෙසේත් කියා ඇත. “මහණෙනි, (කෙලෙස් නමැති දිය සුලි ග්‍රහණය යන අරුත් ඇති “ආවට්ටග්ගහ” යනු රූප, ශබ්ද ආදී කාම ගුණ පඤ්චකයට තවත් නමකි” මාතුගාම (හෙවත් ස්ත්‍රිය) වශයෙන් “සරක්ඛසං” (හෙවත් රකුසා සහිත) යි යෙදේ. මෙසේද කියා ඇත. “මහණෙනි, (රකුසා සමඟ යන අරුත් ඇති) “සාරක්ඛසං” යන මෙය (ස්ත්‍රිය යන අරුත ඇති) මාතුගාම යන්නට තවත් නමකි” සෙසු (කන්, නාස් ආදී) දොරටු පිළිබඳව ද මේ පිළිවෙළම වේ. ඌමීභයං දුත්තරං අච්චතරි කෙලෙස් රළට බියෙන් ඉක්මවීමට අපහසු වූ බිය සහිත බව ඉක්මවීය. ලොකන්තගූ = සංස්කාර ලෝකයේ කෙළවරට ගියේ. පාරං ගතො වුච්චති = නිවනට ගියේ යයි කියනු ලැබේ.
2-3. දුතියසමුද්දසුත්තාදිවණ්ණනා
2-3. දුතිය සමුද්ද ආදි සූත්‍ර වර්ණනා
දුතියෙ සමුද්දොති සමුද්දනට්ඨෙන සමුද්දො, කිලෙදනට්ඨෙන තෙමනට්ඨෙනාති වුත්තං හොති. යෙභුය්යෙනාති ඨපෙත්වා අරියසාවකෙ. සමුන්නාති කිලින්නා තින්තා නිමුග්ගා. තන්තාකුලකජාතාතිආදි හෙට්ඨා විත්ථාරිතමෙව. මච්චුජහොති තයො මච්චූ ජහිත්වා ඨිතො. නිරුපධීති තීහි උපධීහි අනුපධි. අපුනබ්භවායාති නිබ්බානත්ථාය. අමොහයී මච්චුරාජන්ති යථා තස්ස ගතිං න ජානාති, එවං මච්චුරාජානං මොහෙත්වා ගතො. තතියං වුත්තනයමෙව.
දෙවැන්නෙහි සමුද්දො = මතුවේය යන අරුතින් සමුද්ද නම් වේ. තෙමෙන්නේ ය යන අරුතින් ද එසේ කියවේ. යෙභූය්යෙන = ආර්ය ශ්‍රාවකයන් හැර සමුන්නා = තෙත් වු, වැඩියෙන් තෙත් වු, දියෙහි ගිලුනාවු තන්නාකුලක - ජාතා = කලින් යට විස්තර කළ කරුණුම වේ. මච්චු ඡහො - මාරයන් තිදෙන බැහැර කොට සිටියේ අනුපධි = උපධි තුනකින් බැහැර වු අපුනබ්භවාය = නිවන සඳහා අමොභයි මච්චු - රාඡං = ඔහු ගිය තැන පිළිබඳව දැනගැනීමට නො හැකිවන සේ හෙතෙම මාරයා මුලා කොට ගියේ තෙවැන්න පෙර කියන ලද අයුරින්ම දත යුතුය.
4-6. ඛීරරුක්ඛොපමසුත්තාදිවණ්ණනා
4-6. ඛීරරුක්ඛොපම ආදි සූත්‍ර වර්ණනා
චතුත්ථෙ අප්පහීනට්ඨෙන අත්ථි, තෙනෙවාහ සො අප්පහීනොති. පරිත්තාති, පබ්බතමත්තම්පි රූපං අනිට්ඨං අරජනීයං පරිත්තං නාම හොති, එවරූපාපිස්ස රූපා චිත්තං පරියාදියන්තීති දස්සෙති. කො පන වාදො අධිමත්තානන්ති ඉට්ඨාරම්මණං පනස්ස රජනීයං වත්ථු චිත්තං පරියාදියතීති එත්ථ කා කථා? එත්ථ ච නඛපිට්ඨිපමාණම්පි මණිමුත්තාදි රජනීයං වත්ථු අධිමත්තාරම්මණමෙවාති වෙදිතබ්බං. දහරොතිආදීනි තීණිපි අඤ්ඤමඤ්ඤවෙවචනානෙව. ආභින්දෙය්යාති පහරෙය්ය පදාලෙය්ය වා. පඤ්චමෙ තදුභයන්ති තං උභයං. ඡට්ඨං උත්තානමෙව.
සිවු වැන්නෙහි - ප්‍රහීන නොවූයේ අරුතින් පවතී. ඒ නිසා මෙසේ කියන ලදී. හේ ප්‍රහීන නොවූයේ වෙයි. පරිත්තා = පර්වතයක් පමණ වූ හෝ රූපයක් අප්‍රිය වූවක් හෝ සිත් නො ගන්නා දෙයක් හෝ සුළු දෙයක් ලෙස හැඟී යාමක් හෝ බවට පත් විය හැක. එසේ වුවද රූපයන් ඔහුගේ සිත ග්‍රහණය කරගනී යයි දක්වයි. කො පන වාදො අධිමත්තානං ප්‍රිය අරමුණක් වන සිත් ගන්නා වස්තුව සිත බැඳගන්නේය. යන මේ අදහසෙහි කවර නම් කථාවක් ද? නිය පිටට ගත හැකි තරම් ප්‍රමාණවත් වන්නා වු මිණිමුතු ආදී සිත් ගන්නා වස්තුවක් වුව ද (යමකුට) පමණ ඉක්ම වු අරමුණක් විය හැකියයි දත යුතුය. සාරො ආදීවූ පද තුන ද එකිනෙකට සමානාර්ථ ඇත්තේය භින්දෙය්ය = පහර දෙන්නේය හෝ පලන්නේය. පස්වැන්නෙහි - තදුභයං = ඒ දෙකය සයවැන්න පහසු වේමය.
7. උදායීසුත්තවණ්ණනා
7. උදායී සූත්‍ර වර්ණනාව
සත්තමෙ අනෙකපරියායෙනාති අනෙකෙහි කාරණෙහි. ඉතිපායන්ති ඉතිපි අයං. ඉමස්මිං සුත්තෙ අනිච්චෙන අනත්තලක්ඛණං කථිතං.
සත් වැන්නෙහි අනෙක පරියායෙන = නොයෙක් කරුණුවලින් ඉතිපායං = මෙය මෙසේ ද (විය හැක) මේ සූත්‍රයෙහි අනිත්‍ය භාවයෙන් අනාත්ම ලක්ෂණය කියන ලදී.
8. ආදිත්තපරියායසුත්තවණ්ණනා
8. ආදිත්තපරියාය සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ අනුබ්යඤ්ජනසො නිමිත්තග්ගාහොති “හත්ථා සොභනා පාදා සොභනා”ති එවං අනුබ්යඤ්ජනවසෙන නිමිත්තග්ගාහො. නිමිත්තග්ගාහොති හි සංසන්දෙත්වා ගහණං, අනුබ්යඤ්ජනග්ගාහොති විභත්තිගහණං. නිමිත්තග්ගාහො කුම්භීලසදිසො සබ්බමෙව ගණ්හාති, අනුබ්යඤ්ජනග්ගාහො රත්තපාසදිසො විභජිත්වා හත්ථපාදාදීසු තං තං කොට්ඨාසං. ඉමෙ පන ද්වෙ ගාහා එකජවනවාරෙපි ලබ්භන්ති, නානාජවනවාරෙ වත්තබ්බමෙව නත්ථි.
අට වැන්නෙහි - අනුබ්‍යඤ්ජන සේ නිමිත්තග්ගා භො = අත් හොබනේය. පා හොබනේය” යි මෙසේ හඟින්නේ කුඩා කොටස් හි ලක්ෂණ වශයෙන් රූපයෙහි නිමිති සිතට ගන්නා තැනැත්තාය. නිමිත්ත ග්රාහකයා වනාහී (හෙවත් කුඩා කොටස් වශයෙන් නිමිති ගන්නා තැනැත්තා වනාහී) බෙදා වෙන් කොට ග්‍රහණය කරයි. නිමිත්තග්‍රාහී තැනැත්තේ කිඹුල් සිරුරක් මෙන් සියල්ලම ගනියි. අනුව්යඤ්ජනග්රාහී තැනැත්තේ අත් පා ආදී වශයෙන්
නිමිත්තස්සාදගථිතන්ති නිමිත්තස්සාදෙන ගන්ථිතං බද්ධං. විඤ්ඤාණන්ති කම්මවිඤ්ඤාණං. තස්මිං චෙ සමයෙ කාලං කරෙය්යාති න කොචි සංකිලිට්ඨෙන චිත්තෙන කාලං කරොන්තො නාම අත්ථි. සබ්බසත්තානඤ්හි භවඞ්ගෙනෙව කාලකිරියා හොති. කිලෙසභයං පන දස්සෙන්තො එවමාහ. සමයවසෙන වා එවං වුත්තං. චක්ඛුද්වාරස්මිඤ්හි ආපාථගතෙ ආරම්මණෙ රත්තචිත්තං වා දුට්ඨචිත්තං වා මූළ්හචිත්තං වා ආරම්මණරසං අනුභවිත්වා භවඞ්ගං ඔතරති, භවඞ්ගෙ ඨත්වා කාලකිරියං කරොති. තස්මිං සමයෙ කාලං කරොන්තස්ස ද්වෙව ගතියො පාටිකඞ්ඛා, ඉමස්ස සමයස්ස වසෙනෙතං වුත්තං.
බෙදා ඒ ඒ කොටස් වෙන්ව ගනියි. මේ ග්රාහකයෝ දෙදෙනා ම එක් ජවන වාරයකදීම (නිමිත්ත) ලබත් ජවන වාර කීපයකදී නම් කිව යුත්තක්ම නැත. (හෙවත් වැඩියෙන් නිමිති ගනීත්මය) නිමිත්තස්සාදෙ ගථිතං = නිමිත්ත ආස්වාදනයෙන් ඒ හා ගැට ගැසේ. බැඳේ. විඤ්ඤාණං = කර්මය පිළිබඳව දැන ගැනීම. තස්මිඤ්චෙ සමයෙ කාලං කරෙය්ය - කිලිටි වු සිතින් කාල ක්‍රියා කරන්නාවූ කිසිවෙක් හෝ ඇත්තේ නැත. සියළු සත්ත්වයන්ගේ ම කාලක්‍රියා කිරීම භවාංගයෙන් ම සිදු වේ. කෙලෙස් බිය දක්වන්නෝ මෙසේ කීහ. (එසේ නැතහොත්) මතවාද වශයෙන් හෝ මෙසේ කියන ලදී. ඇස නමැති දොරටුවෙහි වනාහී අරමුණ ගැටුණ කල්හි රාග සිතක් හෝ ද්වේෂ සිතක් හෝ මෝහ සිතක් හෝ ගැටුණ අරමුණු රසය විඳ ගෙන භවාංගයට බැස ගනියි. භවාංගයෙහි සිට කාල ක්‍රියා කරයි. එසමයෙහි කලුරිය කරන්නාට ගති දෙකක් බලාපොරොත්තු විය හැක. එම මතවාදය වශයෙන් (කිලිටි වූ සිතින් කාල ක්‍රියා කරන්නා වූ කිසිවෙක් හෝ නැත යන) මේ මතය කියන ලදී.
ඉමං ඛ්වාහං, භික්ඛවෙ, ආදීනවන්ති ඉමං අනෙකානි වස්සසතසහස්සානි නිරයෙ අනුභවිතබ්බං දුක්ඛං සම්පස්සමානො එවං වදාමි තත්තාය අයොසලාකාය අක්ඛීනි අඤ්ජාපෙතුකාමොති. ඉමිනා නයෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො. අයොසඞ්කුනාති අයසූලෙන. සම්පලිමට්ඨන්ති ද්වෙපි කණ්ණච්ඡිද්දානි විනිවිජ්ඣිත්වා පථවියං ආකොටනවසෙන සම්පලිමට්ඨං.
ඉමං ඛ්වාහං - භික්ඛවෙ ආදීනවං = බොහෝ වූ වර්ෂ ලක්ෂ ගණන් නිරයෙහි විඳිය යුතු දුක් දකින්නෙම් මෙසේ කියමි. කෙසේ ද යත් “රත් වූ යකඩ කූරකින් ඇස්වල අඳුන් ගෑමට කැමැත්තේද” යනුයි. මේ පිළිවෙළින් සියළු තන්හිම අරුත් දත යුත්තේය. අයොසඞ්කුනා = යකඩ උලකින් සම්යලිමට්ඨං දෙකන් සිදුරු විනිවිද පොළව දක්වා යැවීම් වශයෙන් “සම්පලි මට්ඨං”යි කියන ලදී.
තතියවාරෙ සම්පලිමට්ඨන්ති නඛච්ඡෙදනං පවෙසෙත්වා උක්ඛිපිත්වා සහධුනට්ඨෙන ඡින්දිත්වා පාතනවසෙන සම්පලිමට්ඨං. චතුත්ථවාරෙ සම්පලිමට්ඨන්ති බන්ධනමූලං ඡෙත්වා පාතනවසෙන සම්පලිමට්ඨං. පඤ්චමවාරෙ සම්පලිමට්ඨන්ති තිඛිණාය සත්තියා කායපසාදං උප්පාටෙත්වා පතනවසෙන සම්පලිමට්ඨං. සත්තියාති එත්ථ මහතී දණ්ඩකවාසි වෙදිතබ්බා. සොත්තන්ති නිපජ්ජිත්වා නිද්දොක්කමනං. යථාරූපානං විතක්කානං වසං ගතො සඞ්ඝං භින්දෙය්යාති ඉමිනා විතක්කානං යාව සඞ්ඝභෙදා පාපකම්මාවහනතා දස්සිතා. සෙසමෙත්ථ උත්තානමෙව.
තෙවන වර සම්යලිමට්ඨං යනු නිඛාදනය (හෙවත් හාරන ආයුධය) පොළව තුළට යවා උඩට ඔසවා සොලවමින් කඩා බිඳ ඉවතට විසි කිරීම් වශයෙන් “සම්යලිමට්ඨං” යී කියන ලදී. සිවුවන වර සම්පලිමට්ඨං යනු බැම්මෙහි මුල සිඳ හෙලීම් වශයෙන් යන අදහසින් සම්පලිමට්ඨං” යි කියන ලදී. පස්වන වර සම්පලිමට්ඨං යනු තියුණු අවියකින් ශරීරයේ ස්පර්ශය හඳුනන සංවේදී ප්‍රදේශ උපුටා දැමීම වශයෙන් “සම්පලිමට්ඨං” යී කියන ලදී. සතති = ලොකුමිටක් සහිත දැලි පිහියක් යයි මෙහිදී දත යුතුයි. සොත්තං = වැතිර ගෙන නින්දට පිවිසීමයි. යථා රූපානං විචක්කානං වසංගතො සඞ්ඝං භින්දෙය්ය මෙයින් සිතුවිලිවල සංඝ භේදය දක්වා පාපකර්ම ගෙනදීමක් දක්වන ලදී. මෙහි සෙස්ස පහසුවෙන් අවබෝධ වන්නේය.
9-10. හත්ථපාදූපමසුත්තාදිවණ්ණනා
9-10. හත්ථපාදූපම ආදි සූත්‍ර වර්ණනා
නවමෙ හත්ථෙසු, භික්ඛවෙ, සතීති හත්ථෙසු විජ්ජමානෙසු. දසමෙ න හොතීති වුච්චමානෙ බුජ්ඣනකානං අජ්ඣාසයවසෙන වුත්තං. ද්වීසුපි චෙතෙසු විපාකසුඛදුක්ඛමෙව දස්සෙත්වා වට්ටවිවට්ටං කථිතන්ති.
නව වැන්නෙහි - හත්ථෙසු භික්ඛවෙ සති = අත් ඇති කල්හි දස වැන්න - න හොති = අවබෝධ කරගන්නවුන්ගේ අදහස් වශයෙන් කියන ලදී. සිතුවිලි දෙකෙහිදීම සුව දුක් විපාක ම දක්වා සසරෙහි පැවැත්ම හා නිවන ගැන කියන ලදී.
සමුද්දවග්ගො නිට්ඨිතො.
දෙවන සමුද්ද වර්ගය නිමියේය.