යෙදුමෙන් කියවන්න

බාළිසිකොපමසුත‍්තං

1. 18. 3.

1. 18. 3.

බාළිසිකොපමසුත‍්තං

බාලිසිකෝපම සූත්‍රය

230. සෙය්‍යථාපි භික‍්ඛවෙ, බාළිසිකො ආමිසගතං බළිසං ගම‍්භීරෙ උදකරහදෙ පක‍්ඛිපෙය්‍ය. තමෙනං අඤ‍්ඤතරො ආමිසචක‍්ඛු මච‍්ඡො ගිලෙය්‍ය; එවං හි සො භික‍්ඛවෙ, මච‍්ඡො ගිලිතබළිසො බාළිසිකස‍්ස අනයං ආපන‍්නො ව්‍යසනං ආපන‍්නො යථාකාමකරණීයො බාළිසිකස‍්ස. එවමෙව ඛො භික‍්ඛවෙ, ඡයිමෙ බළිසා ලොකස‍්මිං අනයාය සත‍්තානං, ව්‍යාබාධාය පාණිනං. කතමෙ ඡ;

230. මහණෙනි යම් සේ බිලී වැද්දෙක් ඇම සහිත බිලිය ගැඹුරු දියවිලක බහාලන්නේ ද, ඒ මේ බිලිය ඇමට යොමු වූ ඇස් ඇති එක්තරා මසෙක් ගිලින්නේ ය. මහණෙනි මෙසේ ඒ මසු බිලී වැද්දාගේ ගිලි බිලිය ඇත්තේ දුකට පැමිණියේ විපතට පැමිණියේ බිලි වැද්දා විසින් කැමති පරිදි කළහැක්කෙක් වන්නේ ය. මහණෙනි එසෙයින් මැ ලොව සතුන්ට දුක් පිණිස ප්‍රාණීන්ට පීඩා පිණිස මේ බිලී සයෙක් වේ. කවර සයෙක් ද යත්;

සන‍්ති භික‍්ඛවෙ, චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු, අභිනන්‍දති අභිවදති අජ‍්ඣොසාය තිට‍්ඨති. අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු ගිලිතබළිසො මාරස‍්ස අනයං ආපන‍්නො ව්‍යසනං ආපන‍්නො යථාකාමකරණීයො පාපිමතො. සන‍්ති භික‍්ඛවෙ, සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- සන‍්ති භික‍්ඛවෙ ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- සන‍්ති භික‍්ඛවෙ ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා

මහණෙනි ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, මහණෙනි මේ මහණ තෙමේ මරුහුගේ ගිලි බිලිය ඇත්තේ ය යි කියනු ලැබේ. මහණෙනි කනින් දතයුතු සද්ද ඇත. ... මහණෙනි නැහැයෙන් දත යුතු ගඳ ඇත. … මහණෙනි දිවෙන් දත යුතු රස ඇත

-පෙ- සන‍්ති භික‍්ඛවෙ, කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා -පෙ- සන‍්ති භික‍්ඛවෙ මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු, අභිනන්‍දති අභිවදති අජ‍්ඣොසාය තිට‍්ඨති. අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු ගිලිතබළිසො මාරස‍්ස අනයං ආපන‍්නො ව්‍යසනං ආපන‍්නො යථාකාමකරණීයො පාපිමතො.

... මහණෙනි කයින් දත යුතු පහස් ඇත. … මහණෙනි ඉටු කැමති මනවඩන ප්‍රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද ගුණ කියා ද ගැලී සිටී ද, මහණෙනි මේ මහණ මරුගේ ගිලි බිලිය ඇත්තේ දුකට පැමිණියේ විපතට පැමිණියේ මරහු විසින් කැමති පරිදි කළහැක්කේ ය යි කියනු ලැබේ.

සන‍්ති ච භික‍්ඛවෙ චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු නාභිනන්‍දති නාභිවදති නාජ‍්ඣොසාය තිට‍්ඨති. අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු න ගිලිතබළිසො මාරස‍්ස, අභෙදි බළිසං; න අනයං ආපන‍්නො න ව්‍යසනං ආපන‍්නො, න යථාකාමකරණීයො පාපිමතො.

මහණෙනි ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා ද ගුණ නො කියා ද ගැලී නො සිටී ද, මහණෙනි මේ මහණ තෙමේ මරුහුගේ නොගිලි බිලිය ඇත්තේ බිලිය බින්දේ ය. දුකට නො පැමිණියේ විපතට නො පැමිණියේ මරහු විසින් කැමති පරිදි නොකට හැක්කේ ය යි කියනු ලැබේ.

සන‍්ති භික‍්ඛවෙ, සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- සන‍්ති භික‍්ඛවෙ ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- සන‍්ති භික‍්ඛවෙ ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- සන‍්ති භික‍්ඛවෙ, කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා -පෙ- සන‍්ති භික‍්ඛවෙ මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු නාභිනන්‍දති නාභිවදති නාජ‍්ඣොසාය තිට‍්ඨති, අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු න ගිලිතබළිසො මාරස‍්ස, අභෙදි බළිසං, න අනයං ආපන‍්නො, න ව්‍යසනං ආපන‍්නො, න යථාකාමකරණීයො පාපිමතොති.

මහණෙනි කනින් දතයුතු සද්ද ඇත. ... මහණෙනි නැහැයෙන් දතයුතු ගඳ ඇත. … මහණෙනි, දිවෙන් දතයුතු රස ඇත ... මහණෙනි කයින් දතයුතු පහස් ඇත. ... මහණෙනි ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, මහණෙනි මේ මහණ මරුගේ නො ගිලි බිලිය ඇත්තේ බිලිය බින්දේ ය. දුකට නො පැමිණියේ විපතට නො පැමිණියේ මරහු විසින් කැමති පරිදි නොකළ හැක්කේ ය යි කියනු ලැබේ යි.