ඛීරරුක‍්ඛොපමසුත‍්තං
1. 18. 4.
1. 18. 4.
ඛීරරුක‍්ඛොපමසුත‍්තං
ඛීරරුක්ඛොපම සූත්‍රය
231. යස‍්ස කස‍්සචි භික‍්ඛවෙ, භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙසු රූපෙසු යො රාගො සො අත්‍ථි, යො දොසො සො අත්‍ථි, යො මොහො සො අත්‍ථි, යො රාගො සො අප‍්පහීනො, යො දොසො සො අප‍්පහීනො, යො මොහො සො අප‍්පහීනො; තස‍්ස පරිත‍්තා චෙපි චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා චක‍්ඛුස‍්ස ආපාථං ආගච‍්ඡන‍්ති, පරියාදියන‍්තෙවාස‍්ස චිත‍්තං, කො පන වාදො අධිමත‍්තානං. තං කිස‍්ස හෙතු? යො භික‍්ඛවෙ, රාගො සො අත්‍ථි, යො දොසො සො අත්‍ථි, යො මොහො සො අත්‍ථි; යො රාගො සො අප‍්පහීනො, යො දොසො සො අප‍්පහීනො, යො මොහො සො අප‍්පහීනො; -පෙ-
231. මහණෙනි යම්කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දත යුතු රූහි යම් රාගයෙක් වේ නම් එය ඇද්ද, යම් දෝසයෙක් වේ නම් එය ඇද්ද, යම් මෝහයෙක් වේ නම් එය ඇද්ද, යම් රාගයෙක් වේ නම් එය පහ නොවූයේ ද, යම් දෝසයෙක් වේ නම් එය පහ නොවූයේ ද, යම් මෝහයෙක් වේ නම් එය පහ නොවූයේ ද, ඉදින් මද (අනිටු) වූ ද ඇසින් දතයුතු රූ ඔහුගේ ඇස් හමුවට පැමිණේ නම් ඔහුගේ සිත හාත්පසින් මැඩගනී ම ය. ඉතා මහත් (ඉටු) රූ ගැන කවර කථා ද, ඒ කවර හෙයින යත්: මහණෙනි යම් රාගයෙක් වේ නම් එය ඇත. යම් දෝසයෙක් වේ නම් එය ඇත. යම් මෝහයෙක් වේ නම් එය ඇත. යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණය. යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණ ය. යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ වේ.
යස‍්ස කස‍්සචි භික‍්ඛවෙ, භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා මනොවිඤ‍්ඤෙය්‍යෙසු ධම‍්මෙසු යො රාගො සො අත්‍ථි, යො දොසො සො අත්‍ථි, යො මොහො සො අත්‍ථි; යො රාගො සො අප‍්පහීනො, යො දොසො සො අප‍්පහීනො, යො මොහො සො අප‍්පහීනො; තස‍්ස පරිත‍්තා චෙපි මනො විඤ‍්ඤෙය්‍යා ධම‍්මා මනස‍්ස ආපාථං ආගච‍්ඡන‍්ති පරියාදියන‍්තෙවාස‍්ස චිත‍්තං, කො පන වාදො අධිමත‍්තානං. තං කිස‍්ස හෙතු? යො භික‍්ඛවෙ, රාගො සො අත්‍ථි, යො දොසො සො අත්‍ථි, යො මොහො සො අත්‍ථි; යො රාගො සො අප‍්පහීනො, යො දොසො සො අප‍්පහීනො, යො මොහො සො අප‍්පහීනො.
මහණෙනි, යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ සිතින් දතයුතු දහම්හි යම් රාගයෙක් වේ නම් එය ඇද් ද, යම් දෝසයෙක් වේ නම් එය ඇද් ද, යම් මෝහයෙක් වේ නම් එය ඇද් ද, යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණ ද, යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණ ද,යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ ද, ඉඳින් මඳ වූ ද සිතින් දත යුතු දහම් ඔහුගේ සිත හමුවට පැමිණේ නම් ඔහුගේ සිත හාත්පසින් මැඩගනීම ය. ඉතා මහත් දහම් ගැන කවර කථා ද? ඒ කවර හෙයින යත්: මහණෙනි යම් රාගයෙක් වේ නම් එය ඇත. යම් දෝසයෙක් වේ නම් එය ඇත. යම් මෝහයෙක් වේ නම් එය ඇත. යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණය. යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණය, යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ ය.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, ඛීරරුක‍්ඛො, අස‍්සත්‍ථො වා නිග්‍රොධො වා පිලක‍්ඛො වා උදුම‍්බරො වා දහරො තරුණො කොමාරකො. තමෙනං පුරිසො තිණ‍්හාය කුඨාරියා යතො යතො ආභින්‍දෙය්‍ය, ආගච‍්ඡෙය්‍ය ඛීරන‍්ති. එවම‍්භන‍්තෙ. තං කිස‍්ස හෙතු: යං හි භන‍්තෙ ඛීරං තං අත්‍ථිති. එවමෙව ඛො භික‍්ඛවෙ, යස‍්ස කස‍්සචි භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙසු රූපෙසු යො රාගො සො අත්‍ථි, යො දොසො සො අත්‍ථි, යො මොහො සො අත්‍ථි; යො රාගො සො අප‍්පහීනො, යො දොසො සො අප‍්පහීනො, යො මොහො සො අප‍්පහීනො; තස‍්ස පරිත‍්තා චෙපි චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා චක‍්ඛුස‍්ස ආපාථං ආගච‍්ඡන‍්ති, පරියාදියන‍්තෙවාස‍්ස චිත‍්තං. කො පන වාදො අධිමත‍්තානං තං කිස‍්ස හෙතු: යො රාගො සො අත්‍ථි, යො දොසො සො අත්‍ථි, යො මොහො සො අත්‍ථි, යො රාගො සො අප‍්පහීනො, යො දොසො සො අප‍්පහීනො, යො මොහො සො අප‍්පහීනො -පෙ-
මහණෙනි, යම් සේ ළපටි තරුණ කුඩා ඇසතු හෝ නුග හෝ පුලිල හෝ දිඹුල් හෝ කිරිගසෙක් වේ ද, පුරුෂයෙක් ඒ මේ ගස තියුණු කෙටේරියකින් යම් යම් තැනකින් සිඳින්නේ නම් කිරි වැගිරෙන්නේ වේ දැ යි. වහන්ස එසේ ය. ඒ කවර හෙයින් ද? වහන්ස යම් කිරක් වේ නම් එය ඇතැ යි. මහණෙනි එසෙයින් ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දත යුතු රූහි යම් රාගයෙක් වේ නම් එය ඇද්ද, යම් දෝසයෙක් වේ නම් එය ඇද්ද, යම් මෝහයෙක් වේ නම් එය ඇද්ද, යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණ ද, යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණ ද, යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ ද ඉඳින් මඳ වූ ද ඇසින් දත යුතු රූ ඔහුගේ ඇස් හමුවට පැමිණේ නම් ඔහුගේ සිත හාත්පසින් මැඩගනී මැ යි. ඉතා මහත් රූ ගැන කවර කතා ද? ඒ කවර හෙයින යත්: යම් රාගයෙක් වේ නම් එය ඇත. යම් දෝසයෙක් වේ නම් එය ඇත. යම් මෝහයෙක් වේ නම් එය ඇත. යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණ ය. යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණ ය. යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ ය ...
යස‍්ස කස‍්සචි භික‍්ඛවෙ, භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා ජිව‍්හා විඤ‍්ඤෙය්‍යෙසු රසෙසු යො රාගො සො අත්‍ථි -පෙ- යස‍්ස කස‍්සචි භික‍්ඛවෙ, භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා මනො විඤ‍්ඤෙය්‍යෙසු ධම‍්මෙසු යො රාගො සො අත්‍ථි, යො දොසො සො අත්‍ථි, යො මොහො සො අත්‍ථි; යො රාගො සො අප‍්පහීනො, යො දොසො සො අප‍්පහීනො, යො මොහො සො අප‍්පහීනො, තස‍්ස පරිත‍්තා චෙපි මනො විඤ‍්ඤෙය්‍යා ධම‍්මා මනස‍්ස ආපාථං ආගච‍්ඡන‍්ති, පරියාදියන‍්තෙවාස‍්සචිත‍්තං. කො පන වාදො අධිමත‍්තානං. තං කිස‍්ස හෙතු: යො රාගො සො අත්‍ථි, යො දොසො සො අත්‍ථි, යො මොහො සො අත්‍ථි; යො රාගො සො අප‍්පහීනො, යො දොසො සො අප‍්පහීනො, යො මොහො සො අප‍්පහීනො.
මහණෙනි, යම්කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ දිවින් දතයුතු රසයන්හි යම් රාගයෙක් වේ නම් එය ඇද්ද, ... මහණෙනි, යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ සිතින් දතයුතු දහම්හි යම් රාගයෙක් වේ නම් එය ඇද්ද, යම් දෝසයෙක් වේ නම් එය ඇද්ද, යම් මෝහයෙක් වේ නම් එය ඇද්ද, යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණ ද, යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණ ද, යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ ද, ඉඳින් මඳ වූ ද සිතින් දත යුතු දහම් ඔහුගේ සිත්හමුවට පැමිණේ නම් ඔහුගේ සිත හාත්පසින් මැඩගනී මැ යි. ඉතාමහත් දහම් ගැන කවර කථා ද? ඒ කවර හෙයින යත්: යම් රාගයෙක් වේ නම් එය ඇත. යම් දෝසයෙක් වේ නම් එය ඇත. යම් මෝහයෙක් වේ නම් එය ඇත. යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණ ය. යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණ ය. යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ ය.
යස‍්ස කස‍්සචි භික‍්ඛවෙ, භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා චක‍්ඛු විඤ‍්ඤෙය්‍යෙසු රූපෙසු යො රාගො සො නත්‍ථි, යො දොසො සො නත්‍ථි, යො මොහො සො නත්‍ථි; යො රාගො සො පහීනො, යො දොසො සො පහීනො, යො මොහො සො පහීනො, තස‍්ස අධිමත‍්තා චෙපි චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා චක‍්ඛුස‍්ස ආපාථං ආගච‍්ඡන‍්ති, නෙවස‍්ස චිත‍්තං පරියාදියන‍්ති, කො පන වාදො පරිත‍්තානං. තං කිස‍්ස හෙතු: යො භික‍්ඛවෙ, රාගො සො නත්‍ථි, යො දොසො සො නත්‍ථි, යො මොහො සො නත්‍ථි; යො රාගො සො පහීනො, යො දොසො සො පහීනො, යො මොහො සො පහීනො -පෙ-
මහණෙනි යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දත යුතු රූහි යම් රාගයෙක් වී නම් එය නැද්ද, යම් දෝසයෙක් වී නම් එය නැද්ද, යම් මෝහයෙක් වී නම් එය නැද්ද, යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ද, ඉදින් ඉතාමහත් වූ ද ඇසින් දතයුතු රූ ඔහුගේ ඇස් හමුවට පැමිණේ නම් ඔහුගේ සිත නො ම හාත්පසින් මැඩගනී. මඳ රූ ගැන කවර කථා ද. ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් රාගයෙක් වී නම් එය නැත. යම් දෝසයෙක් වී නම් එය නැත. යම් මෝහයෙක් වී නම් එය නැත. යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ය … මහණෙනි යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ දිවින් දතයුතු රසයන්හි ...
යස‍්ස කස‍්සචි භික‍්ඛවෙ, භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා ජිව‍්හා විඤ‍්ඤෙය්‍යෙසු රසෙසු -පෙ- යස‍්ස කස‍්සචි භික‍්ඛවෙ, භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා මනොවිඤ‍්ඤෙය්‍යෙසු ධම‍්මෙසු යො රාගො සො නත්‍ථි, යො දොසො සො නත්‍ථි, යො මොහො සො නත්‍ථි, යො රාගො සො පහීනො, යො දොසො සො පහීනො, යො මොහො සො පහීනො; තස‍්ස අධිමත‍්තා චෙපි මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා මනස‍්ස ආපාථං ආගච‍්ඡන‍්ති නෙවස‍්ස චිත‍්තං පරියාදියන‍්ති, කො පන වාදො පරිත‍්තානං. තං කිස‍්ස හෙතු: යො භික‍්ඛවෙ රාගො සො නත්‍ථි, යො දොසො සො නත්‍ථි, යො මොහො සො නත්‍ථි, යො රාගො සො පහීනො, යො දොසො සො පහීනො, යො මොහො සො පහීනො.
මහණෙනි යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ සිතින් දතයුතු දහම්හි යම් රාගයෙක් වී නම් එය නැද්ද, යම් දෝසයෙක් වී නම් එය නැද්ද, යම් මෝහයෙක් වී නම් එය නැද්ද, යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ද, ඉදින් ඉතා මහත් වූ ද සිතින් දතයුතු දහම් ඔහුගේ සිත්හමුවට පැමිණේ නම් ඔහුගේ සිත නො ම හාත්පසින් මැඩගනී. මඳ දහම් ගැන කවර කථා ද. ඒ කවර හෙයින යත්: මහණෙනි යම් රාගයෙක් වී නම් එය නැත. යම් දෝසයෙක් වී නම් එය නැත. යම් මෝහයෙක් වී නම් එය නැත. යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ය.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, ඛීරරුක‍්ඛො අස‍්සත්‍ථො වා නිග්‍රොධො වා පිලක‍්ඛො වා උදුම‍්බරො වා සුක‍්ඛො කොලාපො ථෙරොවස‍්සිකො. තමෙනං පුරිසො තිණ‍්හාය කුඨාරියා යතො යතො ආභින්‍දෙය්‍ය ආගච‍්ඡෙය්‍ය ඛීරන‍්ති. නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු: යං හි භන‍්තෙ ඛීරං තං නත්‍ථීති. එවමෙව ඛො භික‍්ඛවෙ, යස‍්ස කස‍්සචි භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙසු රූපෙසු යො රාගො සො නත්‍ථි, යො දොසො සො නත්‍ථි, යො මොහො සො නත්‍ථි: යො රාගො සො පහීනො, යො දොසො සො පහීනො, යො මොහො සො පහීනො; තස‍්ස අධිමත‍්තා චෙපි චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා චක‍්ඛුස‍්ස ආපාථං ආගච‍්ඡන‍්ති, නෙවස‍්ස චිත‍්තං පරියාදියන‍්ති, කො පන වාදො පරිත‍්තානං. තං කිස‍්ස හෙතු: යො රාගො සො නත්‍ථි, යො දොසො සො නත්‍ථි, යො මොහො සො නත්‍ථි, යො රාගො සො පහීනො, යො දොසො සො පහීනො, යො මොහො සො පහීනො -පෙ-
මහණෙනි, යම් සේ වියලුණු කොළ හැලුණු බොහෝ වස් ගණනක් ඉක්මුණු ඇසතු හෝ නුග හෝ පුලිල හෝ දිඹුල් හෝ කිරිරුකෙක් වේ ද, පුරුෂයෙක් ඒ මේ රුක තියුණු කෙටේරියකින් යම් යම් තැනෙකින් සිඳින්නේ නම් කිරිවැගිරෙන්නේ දැ යි. වහන්ස, මෙය නො වේ ම ය. ඒ කවර හෙයින් ද? වහන්ස, යම් කිරෙක් වී නම් එය නැතැ යි. මහණෙනි එසෙයින් ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දතයුතු රූහි යම් රාගයෙක් වී නම් එය නැද්ද, යම් දෝසයෙක් වී නම් එය නැද්ද, යම් මෝහයෙක් වී නම් එය නැද්ද, යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ද, ඉදින් ඉතාමහත් වූ ද ඇසින් දත යුතු රූ ඔහුගේ ඇස්හමුවට පැමිණේ නම් ඔහුගේ සිත නො ම හාත්පසින් මැඩගනී. මඳ රූ ගැන කවර කථා ද. ඒ කවර හෙයින යත්: යම් රාගයෙක් වී නම් එය නැත. යම් දෝසයෙක් වී නම් එය නැත. යම් මෝහයෙක් වී නම් එය නැත. යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ය ...
යස‍්ස කස‍්සචි භික‍්ඛවෙ, භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා ජිව‍්හා විඤ‍්ඤෙය්‍යෙසු රසෙසු -පෙ- යස‍්ස කස‍්සචි භික‍්ඛවෙ, භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා මනො විඤ‍්ඤෙය්‍යෙසු ධම‍්මෙසු යො රාගො සො නත්‍ථි, යො දොසො සො නත්‍ථි, යො මොහො සො නත්‍ථි, යො රාගො සො පහීනො, යො දොසො සො පහීනො, යො මොහො සො පහීනො, තස‍්ස අධිමත‍්තා චෙපි මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා මනස‍්ස ආපාථං ආගච‍්ඡන‍්ති, නෙවස‍්ස චිත‍්තං පරියාදියන‍්ති, කො පන වාදො පරිත‍්තානං. තං කිස‍්ස හෙතු: යො රාගො සො නත්‍ථි, යො දොසො සො නත්‍ථි, යො මොහො සො නත්‍ථි, යො රාගො සො පහීනො, යො දොසො සො පහීනො, යො මොහො සො පහීනොති.
මහණෙනි යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ දිවින් දතයුතු රසයන්හි ... මහණෙනි යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ සිතින් දතයුතු දහම්හි යම් රාගයෙක් වී නම් එය නැද්ද, යම් දෝසයෙක් වී නම් එය නැද්ද, යම් මෝහයෙක් වී නම් එය නැද්ද, යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ද, ඉදින් ඉතාමහත් වූ ද සිතින් දතයුතු දහම් ඔහුගේ සිත් හමුවට පැමිණේ නම් ඔහුගේ සිත නො ම හාත්පසින් මැඩගනී. මඳදහම් ගැන කවර කථා ද. ඒ කවර හෙයින යත්: යම් රාගයෙක් වී නම් එය නැත. යම් දෝසයෙක් වී නම් එය නැත. යම් මෝහයෙක් වී නම් එය නැත. යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ය යි.