යෙදුමෙන් කියවන්න

කොට‍්ඨිතසුත‍්තං

1. 18. 5.

1. 18. 5.

කොට‍්ඨිතසුත‍්තං

කොට්ඨිත සූත්‍රය

232. එකං සමයං ආයස‍්මා ච සාරිපුත‍්තො ආයස‍්මා ච මහාකොට‍්ඨිතො බාරාණසියං විහරන‍්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා සාරිපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච:

232. එක්කලෙක ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝත් බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටි සේක් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වුහ. සතුටු විය යුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස්ව වැඩහුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ:

කින‍්නු ඛො ආවුසො සාරිපුත‍්ත චක‍්ඛු රූපානං සඤ‍්ඤොජනං රූපා චක‍්ඛුස‍්ස සඤ‍්ඤොජනං, සොතං සද‍්දානං සඤ‍්ඤොජනං සද‍්දා සොතස‍්ස සඤ‍්ඤොජනං, ඝානං ගන්‍ධානං සඤ‍්ඤොජනං ගන්‍ධා ඝානස‍්ස සඤ‍්ඤොජනං, ජිව‍්හා රසානං සඤ‍්ඤොජනං, රසා ජිව‍්හාය සඤ‍්ඤොජනං, කායො ඵොට‍්ඨබ‍්බානං සඤ‍්ඤොජනං ඵොට‍්ඨබ‍්බා කායස‍්ස සඤ‍්ඤොජනං, මනො ධම‍්මානං සඤ‍්ඤොජනං, ධම‍්මා මනස‍්ස සඤ‍්ඤොජනන‍්ති?

ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක් ද, ඇස රූනට සංයෝජන ද, රූ ඇසට සංයෝජන ද? කන සදනට සංයෝජන ද, සදහු කනට සංයෝජන ද? නැහැය ගඳනට සංයෝජන ද, ගඳහු නැහැයට සංයෝජන ද? දිව රසයනට සංයෝජන ද, රස දිවට සංයෝජන ද? කය පහස්නට සංයෝජනද, පහස්හු කයට සංයෝජන ද? සිත දහමුන්ට සංයෝජන ද, දහම් සිතට සංයෝජන දැ යි.

න ඛො ආවුසො කොට‍්ඨිත, චක‍්ඛු රූපානං සඤ‍්ඤොජනං, න රූපා චක‍්ඛුස‍්ස සඤ‍්ඤොජනං. යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං -පෙ- න ජිව‍්හා රසානං සඤ‍්ඤොජනං, න රසා ජිව‍්හාය සඤ‍්ඤොජනං. යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං -පෙ- න මනො ධම‍්මානං සඤ‍්ඤොජනං, න ධම‍්මා මනස‍්ස සඤ‍්ඤොජනං. යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං.

ඇවැත්නි කොට්ඨිතයෙනි, ඇස රූනට සංයෝජන නො වේ. රූ ඇසට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... දිව රසයනට සංයෝජන නො වේ. රස දිවට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... සිත දහමුන්ට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.

සෙය්‍යථාපි ආවුසො කාළො ච බලිවද‍්දො ඔදාතො ච බලිවද‍්දො එකෙන දාමෙන වා යොත‍්තෙන වා සංයුත‍්තා අස‍්සු. යො නු ඛො එවං වදෙය්‍ය: කාළො බලිවද‍්දො ඔදාතස‍්ස බලිවද‍්දස‍්ස සඤ‍්ඤොජනං, ඔදාතො බලිවද‍්දො කාළස‍්ස බලිවද‍්දස‍්ස සඤ‍්ඤොජනන‍්ති. සම‍්මා නු ඛො සො වදමානො වදෙය්‍යාති. නො හෙතං ආවුසො. න ඛො ආවුසො කාළො බලිවද‍්දො ඔදාතස‍්ස බලිවද‍්දස‍්ස සඤ‍්ඤොජනං, නපි ඔදාතො බලිවද‍්දො කාළස‍්ස බලිවද‍්දස‍්ස සඤ‍්ඤොජනං. යෙන ච ඛො තෙ එකෙන දාමෙන වා යොත‍්තෙන වා සංයුත‍්තා, තං තත්‍ථ සඤ‍්ඤොජනං.

ඇවැත්නි, යම්සේ කළු ගොනෙකුත් සුදුගොනෙකුත් එක් දමෙකින් හෝ යොතෙකින් හෝ ඈඳන ලද්දාහු වෙත්ද, කළුගෝනා සුදුගොනාගේ බන්‍ධනය යි ද සුදුගොනා කළුගොනාගේ බන්‍ධනය යි ද යමෙක් මෙසේ කියන්නේ නම් ඒ කියන්නා මැනැවින් කියන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ ම ය. ඇවැත්නි කළුගෝනා සුදුගොනාගේ බන්‍ධන නො වේ. සුදුගොනා කළුගොනාගේ බන්‍ධන නො ද වේ. යම් එක් දමෙකින් හෝ යොතෙකින් හෝ ඔහු ඈඳන ලද්දාහු නම් එය එහි බන්‍ධන යි.

එවමෙව ඛො ආවුසො න චක‍්ඛු රූපානං සඤ‍්ඤොජනං, න රූපා චක‍්ඛුස‍්ස සඤ‍්ඤොජනං. යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං -පෙ- න ජිව‍්හා රසානං සඤ‍්ඤොජනං -පෙ- න මනො ධම‍්මානං සඤ‍්ඤොජනං, න ධම‍්මා මනස‍්ස සඤ‍්ඤොජනං. යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං.

ඇවැත්නි එසෙයින් ම ඇස රූපයනට සංයෝජන නො වේ. රූපය ඇසට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... දිව රසයනට සංයෝජන නො වේ. සිත දහමුන්ට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.

චක‍්ඛුං වා ආවුසො රූපානං සඤ‍්ඤොජනං අභවිස‍්ස, රූපා වා චක‍්ඛුස‍්ස සඤ‍්ඤොජනං අභවිස‍්ස, න ඉදං බ්‍රහ‍්මචරියවාසො පඤ‍්ඤායෙථ සම‍්මා දුක‍්ඛක‍්ඛයාය, යස‍්මා ච ඛො ආවුසො න චක‍්ඛු රූපානං සඤ‍්ඤොජනං න රූපා චක‍්ඛුස‍්ස සඤ‍්ඤොජනං, යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං, තස‍්මා බ්‍රහ‍්මචරියවාසො පඤ‍්ඤායති සම‍්මාදුක‍්ඛක‍්ඛයාය -පෙ-

ඇවැත්නි ඇස හෝ රූපයනට සංයෝජන වී නම් රූපය හෝ ඇසට සංයෝජන වී නම් මැනැවින් දුක් ගෙවීම පිණිස මේ බඹසරවිසුම නො පැනෙන්නේ ය. ඇවැත්නි යම් හෙයකින් ඇස රූපයනට සංයෝජන නො වේ ද, රූපය ඇසට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, එහෙයින් මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසරවිසුම පැනේ ...

ජිව‍්හා වා ආවුසො රසානං සඤ‍්ඤොජනං අභවිස‍්ස, රසා වා ජිව‍්හාය සඤ‍්ඤොජනං, න ඉදං බ්‍රහ‍්මචරියවාසො පඤ‍්ඤායෙථ සම‍්මා දුක‍්ඛක‍්ඛයාය, යස‍්මා ච ඛො ආවුසො න ජිව‍්හා රසානං සඤ‍්ඤොජනං න රසා ජිව‍්හාය සඤ‍්ඤොජනං, යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං, තස‍්මා බ්‍රහ‍්මචරියවාසො පඤ‍්ඤායති සම‍්මා දුක‍්ඛක‍්ඛයාය -පෙ-

ඇවැත්නි දිව හෝ රසයනට සංයෝජන වී නම් රස හෝ දිවට සංයෝජන වී නම් මැනැවින් දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම නො පැනේ. යම් හෙයකින් දිව රසයනට සංයෝජන නො වේ ද, රස දිවට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, එහෙයින් මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසර විසුම පැනෙයි. ...

මනො වා ආවුසො ධම‍්මානං සඤ‍්ඤොජනං අභවිස‍්ස, ධම‍්මා වා මනස‍්ස සඤ‍්ඤොජනං, නයිදං බ්‍රහ‍්මචරියවාසො පඤ‍්ඤායෙථ සම‍්මා දුක‍්ඛක‍්ඛයාය. යස‍්මා ච ඛො ආවුසො න මනො ධම‍්මානං සඤ‍්ඤොජනං, න ධම‍්මා මනස‍්ස සඤ‍්ඤොජනං, යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං, තස‍්මා බ්‍රහ‍්මචරියවාසො පඤ‍්ඤායති සම‍්මා දුක‍්ඛක‍්ඛයාය.

ඇවැත්නි සිත හෝ දහමුන්ට සංයෝජන වී නම් දහම් හෝ සිතට සංයෝජන වී නම් මැනැවින් දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම නො පැනේ. ඇවැත්නි යම් හෙයෙකින් සිත දහමුන්ට සංයෝජන නො වේ ද, දහම් සිතට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, එහෙයින් මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසරවිසුම පැනේ.

තදමිනාපෙතං ආවුසො පරියායෙන වෙදිතබ‍්බං: යථා න චක‍්ඛු රූපානං සඤ‍්ඤොජනං, න රූපා චක‍්ඛුස‍්ස සඤ‍්ඤොජනං. යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං -පෙ- න ජිව‍්හා රසානං සඤ‍්ඤොජනං -පෙ- න මනො ධම‍්මානං සඤ‍්ඤොජනං, න ධම‍්මා මනස‍්ස සඤ‍්ඤොජනං. යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං.

ඇවැත්නි යම්සේ ඇස රූපයනට සංයෝජන නො වේ ද, රූපය ඇසට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද ... දිව රසයනට සංයෝජන නො වේ ද ... සිත දහමුන්ට සංයෝජන නො වේ ද, දහම් සිතට සංයෝජන නො වේ ද එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, ඒ මෙය මෙනයෙනුදු දත යුතු යි.

සංවිජ‍්ජති ඛො ආවුසො භගවතො චක‍්ඛු, පස‍්සති භගවා චක‍්ඛුනා රූපං, ඡන්‍දරාගො භගවතො නත්‍ථි, සුවිමුත‍්තචිත‍්තො භගවා -පෙ- සංවිජ‍්ජති ඛො ආවුසො භගවතො ජිව‍්හා, සායති භගවා ජිව‍්හාය රසං, ඡන්‍දරාගො භගවතො නත්‍ථි. සුවිමුත‍්තචිත‍්තො භගවා -පෙ- සංවිජ‍්ජති ඛො ආවුසො භගවතො මනො. ජානාති භගවා මනසා ධම‍්මං. ඡන්‍දරාගො භගවතො නත්‍ථි. සුවිමුත‍්තචිත‍්තො භගවා.

ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේට ඇස ඇත් ම ය. භාග්‍යවතුන් වහන්සේ ඇසින් රූ දකිති. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයෙක් නැත. භාග්‍යවතුන් වහන්සේ මැනැවින් මිදුණු සිත් ඇති සේක … ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේට දිව ඇත්ම ය. භාග්‍යවතුන් වහන්සේ දිවින් රස විඳිති. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයෙක් නැත. භාග්‍යවතුන් වහන්සේ මැනැවින් මිදුණු සිත් ඇති සේක ... ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේට සිත ඇත් ම ය. භාග්‍යවතුන් වහන්සේ සිතින් දහම් දනිති. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයෙක් නැත. භාග්‍යවතුන් වහන්සේ මැනැවින් මිදුණු සිත් ඇති සේක.

ඉමිනා ඛො එතං ආවුසො පරියායෙන වෙදිතබ‍්බං: යථා න චක‍්ඛු රූපානං සඤ‍්ඤොජනං, න රූපා චක‍්ඛුස‍්ස සඤ‍්ඤොජනං, යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං -පෙ- න ජිව‍්හා රසානං සඤ‍්ඤොජනං න රසා ජිව‍්හාය සඤ‍්ඤොජනං, යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං -පෙ- න මනො ධම‍්මානං සඤ‍්ඤොජනං, න ධම‍්මා මනස‍්ස සඤ‍්ඤොජනං, යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනන‍්ති.

ඇවැත්නි යම් සේ ඇස රූපයනට සංයෝජන නො වේ ද, රූපය ඇසට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද ... දිව රසයනට සංයෝජන නො වේ ද, රස දිවට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, ... සිත දහමුන්ට සංයෝජන නො වේ ද, දහම් සිතට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, ඒ මෙය මෙ නයෙනුදු දතයුතු යි.