කාමභූසුත‍්තං
1. 18. 6.
1. 18. 6.
කාමභූසුත‍්තං
කාමභූ සූත්‍රය
233. එකං සමයං ආයස‍්මා ච ආනන්‍දො ආයස‍්මා ච කාමභූ කොසම‍්බියං විහරන‍්ති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස‍්මා කාමභූ සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා ආනන්‍දෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා කාමභූ ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච:
233. එක් කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ ද කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ සවස්වේලෙහි විවේකයෙන් නැඟී සිටියාහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සමග සතුටුවූහ. සතුටු වියයුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ:
කින‍්නු ඛො ආවුසො ආනන්‍ද, චක‍්ඛු රූපානං සඤ‍්ඤොජනං, රූපා චක‍්ඛුස‍්ස සඤ‍්ඤොජනං -පෙ- ජිව‍්හා රසානං සඤ‍්ඤොජනං, රසා ජිව‍්හාය සඤ‍්ඤොජනං, -පෙ- මනො ධම‍්මානං, ධම‍්මා මනස‍්ස සඤ‍්ඤොජනන‍්ති.
ඇවැත්නි ආනන්‍දයෙනි, කිමෙක් ද ඇස රූපයනට සංයෝජන ද, රූපය ඇසට සංයෝජන ද, ... දිව රසයනට සංයෝජන ද, රස දිවට සංයෝජන ද, ... සිත දහමුන්ට සංයෝජන ද, දහම් සිතට සංයෝජන දැ යි.
න ඛො ආවුසො කාමභූ, චක‍්ඛු රූපානං සඤ‍්ඤොජනං, න රූපා චක‍්ඛුස‍්ස සඤ‍්ඤොජනං. යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං -පෙ- න ජිව‍්හා රසානං සඤ‍්ඤොජනං න රසා ජිව‍්හාය සඤ‍්ඤොජනං -පෙ- න මනො ධම‍්මානං සඤ‍්ඤොජනං, න ධම‍්මා මනස‍්ස සඤ‍්ඤොජනං. යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං.
ඇවැත්නි කාමභූවෙනි, ඇස රූපයනට සංයෝජන නො වේ. රූපය ඇසට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... දිව රසයනට සංයෝජන නො වේ. රස දිවට සංයෝජන නො වේ ... සිත දහමුන්ට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.
සෙය්‍යථාපි ආවුසො කාළො ච බලිවද‍්දො ඔදාතො ච බලිවද‍්දො එකෙන දාමෙන වා යොත‍්තෙන වා සංයුත‍්තා අස‍්සු. යො නු ඛො එවං වදෙය්‍ය: කාළො බලිවද‍්දො ඔදාතස‍්ස බලිවද‍්දස‍්ස සඤ‍්ඤොජනං, ඔදාතො බලිවද‍්දො කාළස‍්ස බලිවද‍්දස‍්ස සඤ‍්ඤොජනන‍්ති සම‍්මා නු ඛො සො වදමානො වදෙය්‍යාති. නොහෙතං ආවුසො. න ඛො ආවුසො කාළො බලිවද‍්දො ඔදාතස‍්ස බලිවද‍්දස‍්ස සඤ‍්ඤොජනං, නපි ඔදාතො බලිවද‍්දො කාළස‍්ස බලිවද‍්දස‍්ස සඤ‍්ඤොජනං. යෙන ච ඛො තෙ එකෙන දාමෙන වා යොත‍්තෙන වා සඤ‍්ඤුත‍්තා තං තත්‍ථ සඤ‍්ඤොජනං.
ඇවැත්නි, කළුගෝනෙකුත් සුදුගොනෙකුත් එක්දමකින් හෝ යොතෙකින් හෝ යම්සේ ඈඳන ලද්දාහු වෙද්ද, කළුගෝනා සුදුගොනාගේ බැඳුම ය, සුදුගොනා කළුගොනාගේ බැඳුම යයි යමෙක් මෙසේ කියන්නේ නම් ඒ කියන්නා මැනැවින් කියන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ ම ය. ඇවැත්නි කළුගෝනා සුදුගොනාගේ බැඳුම නො වේ. සුදුගොන් කළුගොනුගේ බැඳුම නො ද වේ. යම් එක් දමකින් හෝ යොතකින් හෝ ඔහු ඈඳන ලද්දාහු නම් එය එහි බැඳුම යි.
එවමෙව ඛො ආවුසො න චක‍්ඛු රූපානං සඤ‍්ඤොජනං, න රූපා චක‍්ඛුස‍්ස සඤ‍්ඤොජනං, යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං -පෙ- න ජිව‍්හා රසානං සඤ‍්ඤොජනං -පෙ- න මනො ධම‍්මානං සඤ‍්ඤොජනං, තං ධම‍්මා මනස‍්ස සඤ‍්ඤොජනං, යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනන‍්ති.
ඇවැත්නි එසෙයින් ම ඇස රූපයන ට සංයෝජන නො වේ. රූ ඇසට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... දිව රසයනට සංයෝජන නො වේ … සිත දහමුන්ට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.