යෙදුමෙන් කියවන්න

උදායීසුත‍්තං

1. 18. 7.

1. 18. 7.

උදායීසුත‍්තං

උදායී සූත්‍රය

234. එකං සමයං ආයස‍්මා ච ආනන්‍දො, ආයස‍්මා ච උදායී කොසම‍්බියං විහරන‍්ති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස‍්මා උදායී සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා ආනන්‍දෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා උදායී ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච:

234. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් උදායී තෙරණුවෝ ද කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ:

යථෙව නු ඛො ආවුසො ආනන්‍ද, අයං කායො භගවතා අනෙකපරියායෙන අක‍්ඛාතො විවටො පකාසිතො, ඉතිපායං කායො අනත‍්තාති. සක‍්කා එවමෙවං විඤ‍්ඤාණම‍්පිදං ආචික‍්ඛිතුං දෙසෙතුං පඤ‍්ඤාපෙතුං පට‍්ඨපෙතුං විවරිතුං විභජිතුං උත‍්තානීකාතුං ඉතිපිදං විඤ‍්ඤාණං අනත‍්තාති.

ඇවැත්නි ආනන්‍දයෙනි, “මෙ කරුණෙනිදු මේ කය අනත් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කය යම්සේ නන්අයුරින් වදාරන ලද ද, විතර කරන ලද ද, එපරිදෙන් ම මෙකරුණෙනුදු මේ විඥානය අනත් ය යි මේ විඥානය ද කියන්නට දෙසන්නට පනවන්නට පිහිටුවන්නට විතර කරන්නට බෙදන්නට පැහැදිලි කරන්නට හැක්කේ දැ” යි.

යථෙව ඛො ආවුසො උදායී අයං කායො භගවතා අනෙක පරියායෙන අක‍්ඛාතො විවටො පකාසිතො, ඉතිපායං කායො අනත‍්තාති, සක‍්කා එවමෙව විඤ‍්ඤාණම‍්පිදං ආචික‍්ඛිතුං දෙසෙතුං පඤ‍්ඤාපෙතුං පට‍්ඨපෙතුං විවරිතුං විභජිතුං උත‍්තානීකාතුං ඉතිපිදං විඤ‍්ඤාණං අනත‍්තාති.

ඇවැත්නි උදායීනි, “මෙකරුණෙනුදු මේ කය අනත් යයි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කය යම්සේ නන් අයුරින් වදාරන ලද ද, විතර කරන ලද ද, පවසන ලද ද, එපරිද්දෙන් ම මෙ කරුණෙනුදු මේ විනැණත් අනත් ය යි මේ විනැණ ද කියන්නට දෙසන්නට පනවන්නට පිහිටුවන්නට විතර කරන්නට බෙදන්නට පැහැදිලි කරන්නට හැක්කේ ය” යි.

චක‍්ඛුඤ‍්චාවුසො පටිච‍්ච රූපෙ චුප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති, එවමාවුසොති. යො චාවුසො හෙතු යො ච පච‍්චයො චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස උප‍්පාදාය සො ච හෙතු සො ච පච‍්චයො සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං අපරිසෙසා නිරුජ‍්ඣෙය්‍ය, අපි නු ඛො චක‍්ඛු විඤ‍්ඤාණං පඤ‍්ඤායෙථාති. නො හෙතං ආවුසො. ඉමිනාපි ඛො එතං ආවුසො පරියායෙන භගවතා අක‍්ඛාතං විවටං පකාසිතං: ඉතිපිදං විඤ‍්ඤාණං අනත‍්තාති. -පෙ-

ඇවැත්නි ඇසත් රූපයනුත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී දැ යි. ඇවැත්නි එසේ යයි. ඇවැත්නි චක්ඛුවිඤ්ඤාණයාගේ ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් සියල්ලෙන් සියල්ල සියලු අයුරින් සියල්ල නිරවශේෂයෙන් නිරුද්ධ වන්නේ නම් එකල්හි චක්ඛුවිඤ්ඤාණයෙක් පැනෙන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ මැ යි. ඇවැත්නි “මේ නයෙනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ විඤ්ඤාණය අනාත්ම ය” යි මෙය වදාරන ලද්දේ ය. විවරණය කරන ලද්දේ ය. පවසන ලද්දේ ය ...

ජිව‍්හඤ‍්චාවුසො පටිච‍්ච රසෙ චුප‍්පජ‍්ජති ජිව‍්හාවිඤ‍්ඤාණන‍්ති. එවමාවුසොති. යො චාවුසො හෙතු යො ච පච‍්චයො ජිව‍්හා විඤ‍්ඤාණස‍්ස උප‍්පාදාය, සො ච හෙතු සො ච පච‍්චයො සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං අපරිසෙසා නිරුජ‍්ඣෙය්‍ය, අපිනු ඛො ජිව‍්හාවිඤ‍්ඤාණං පඤ‍්ඤායෙථාති. නො හෙතං ආවුසො. ඉමිනාපි ඛො එතං ආවුසො පරියායෙන භගවතා අක‍්ඛාතං විවටං පකාසිතං ඉතිපිදං විඤ‍්ඤාණං අනත‍්තාති -පෙ-

ඇවැත්නි දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදී දැ යි. එසේ ය ඇවැත්නි යි. ඇවැත්නි ජිව්හාවිඤ්ඤාණයාගේ ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් සියල්ලෙන් සියල්ල සියලු අයුරින් සියල්ල නිරවශේෂයෙන් නිරුද්ධ වන්නේ නම් එකල්හි ජිව්හාවිඤ්ඤාණයෙක් පැනෙන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ ම ය. ඇවැත්නි මේ නයෙනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ විඤ්ඤාණය අනාත්ම යයි මෙය වදාරන ලද්දේ ය. විවරණය කරන ලද්දේ ය. පවසන ලද්දේ ය ...

මනඤ‍්චාවුසො පටිච‍්ච ධම‍්මෙ චුප‍්පජ‍්ජති මනොවිඤ‍්ඤාණන‍්ති. එවමාවුසොති. යො චාවුසො හෙතු යො ච පච‍්චයො මනොවිඤ‍්ඤාණස‍්ස උප‍්පාදාය, සො ච හෙතු සො ච පච‍්චයො සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං අපරිසෙසා නිරුජ‍්ඣෙය්‍ය. අපි නු ඛො මනොවිඤ‍්ඤාණං පඤ‍්ඤායෙථාති. නො හෙතං ආවුසො. ඉමිනාපි ඛො එතං ආවුසො පරියායෙන භගවතා අක‍්ඛාතං විවටං පකාසිතං ඉතිපිදං විඤ‍්ඤාණං අනත‍්තාති.

ඇවැත්නි “සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී දැ”යි. එසේ ය ඇවැත්නි යි. ඇවැත්නි මනෝවිඤ්ඤාණයාගේ ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් සියල්ලෙන් සියල්ල සියලු අයුරින් සියල්ල නිරවශේෂයෙන් නිරුද්ධ වන්නේ නම් එකල්හි මනෝවිඤ්ඤාණයෙක් පැනෙන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ ම ය. ඇවැත්නි මේ නයෙනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ විඤ්ඤාණය අනාත්ම ය යි මෙය වදාරන ලද්දේ ය. විවරණය කරන ලද්දේ ය. පවසන ලද්දේ ය.

සෙය්‍යථාපි ආවුසො පුරිසො සාරත්‍ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො තිණ‍්හං කුඨාරිං ආදාය වනං පවිසෙය්‍ය. සො තත්‍ථ පස‍්සෙය්‍ය මහන‍්තං කදලික‍්ඛන්‍ධං උජුකං නවං අකුක‍්කුකජාතං. තමෙනං මූලෙ ඡින්‍දෙය්‍ය මූලෙ ඡෙත්‍වා අග‍්ගෙ ඡින්‍දෙය්‍ය අග‍්ගෙ ඡෙත්‍වා පත‍්තං වට‍්ටිං විනිබ‍්භුජෙය්‍ය, සො තත්‍ථ ඵෙග‍්ගුම‍්පි නාධිගච‍්ඡෙය්‍ය, කුතො සාරං.

ඇවැත්නි යම්සේ හර කැමති හර සොයන හර සෙවුම කරන පුරුෂයෙක් තියුණු කෙටේරියක් ගෙන වනයට පිවිසෙන්නේ ද, හේ එහි ඇද නැති අලුත් නොපීදුනු මහත් කෙසෙල් කඳක් දක්නේ ය. ඒ මෙය මුල සිඳින්නේ ය. මුල සිඳ අග සිඳින්නේ ය. අග සිඳ පත්වැටි ගලවන්නේ ය. හෙතෙමේ එහි එලය වත් නො ලබන්නේ ය. හර කොයින් ද?

එවමෙව ඛො ආවුසො භික‍්ඛු ඡස‍්සු ඵස‍්සායතනෙසු නෙව අත‍්තානං නානත‍්තනියං සමනුපස‍්සති. සො එවං අසමනුපස‍්සන‍්තො න කිඤ‍්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස‍්සති. අපරිතස‍්සං පච‍්චත‍්තඤ‍්ඤෙව පරිනිබ‍්බායති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

ඇවැත්නි එසෙයින් ම මහණ ස්පර්‍ශායතන සයෙහි තමා නො ම දකී. තමා අයත් දැයක් නො ම දකී. හේ මෙසේ නො ම දක්නේ ලොව කිසිවක් නො ගනී. නො ගන්නේ නො තැතිගනී. නො තැතිගන්නේ තෙමේ ම පිරිනිවෙයි. ජාති ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදී. මේ බැව් පිණිස අනෙකක් නැත යි දැනගනී යි.