ආදිත‍්තපරියායසුත‍්තං
1. 18. 8.
1. 18. 8.
ආදිත‍්තපරියායසුත‍්තං
ආදිත්තපරියාය සූත්‍රය
235. ආදිත‍්තපරියායං වො භික‍්ඛවෙ ධම‍්මපරියායං දෙසිස‍්සාමි. තං සුණාථ. කතමො ච භික‍්ඛවෙ ආදිත‍්තපරියායො ධම‍්මපරියායො? වරං භික‍්ඛවෙ තත‍්තාය අයොසලාකාය ආදිත‍්තාය සම‍්පජ‍්ජලිතාය සජොතිභූතාය චක‍්ඛුන්‍ද්‍රියං සම‍්පලිමට‍්ඨං, න ත්‍වෙව චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙසු රූපෙසු අනුබ්‍යඤ‍්ජනසො නිමිත‍්තග‍්ගාහො. නිමිත‍්තස‍්සාදගථිතංවා භික‍්ඛවෙ විඤ‍්ඤාණං තිට‍්ඨමානං තිට‍්ඨෙය්‍ය අනුබ්‍යඤ‍්ජනස‍්සාදගථිතං වා, තස‍්මිං චෙ සමයෙ කාලං කරෙය්‍ය, ඨානමෙතං විජ‍්ජති යං ද‍්වින‍්නං ගතීනං අඤ‍්ඤතරං ගතිං ගච‍්ඡෙය්‍ය නිරයං වා තිරච‍්ඡානයොනිං වා. ඉමං ඛ‍්වාහං භික‍්ඛවෙ ආදීනවං දිස‍්වා එවං වදාමි.
235. මහණෙනි තොපට ආදිත්තපරියාය නම් වූ දහම්නය දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි ආදිත්තපරියාය නම් වූ දහම්නය කවරේ ද යත්: මහණෙනි ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත රත් වූ අයශ්ශලාකායෙකින් චක්ඛුන්‍ද්‍රියය පිරිමදනා ලද්දේ මැනවි. ඇස්විනැණින් දතයුතු රූහි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම නො ම මැනවි. නිමිත්තාස්වාදයෙන් බැඳුනා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණා වූ හෝ කර්‍මවිඥානය සිටුනේ සිටිනේ ය. ඉදින් එසමයෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන් යෝනියත් යන ගතිදෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය යන යමක් වේ නම් මේ කරුණ ඇත. මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි.
වරං භික‍්ඛවෙ තිණ‍්හෙන අයොසඞ‍්කුනා ආදිත‍්තෙන සම‍්පජ‍්ජලිතෙන සජොතිභූතෙන සොතින්‍ද්‍රියං සම‍්පලිමට‍්ඨං, න ත්‍වෙව සොත විඤ‍්ඤෙය්‍යෙසු සද‍්දෙසු අනුබ්‍යඤ‍්ජනසො නිමිත‍්තග‍්ගාහො. නිමිත‍්තස‍්සාදගථිතං වා භික‍්ඛවෙ විඤ‍්ඤාණං තිට‍්ඨමානං තිට‍්ඨෙය්‍ය අනුබ්‍යඤ‍්ජනස‍්සාද ගථිතං වා. තස‍්මිං චෙ සමයෙ කාලං කරෙය්‍ය ඨානමෙතං විජ‍්ජති යං ද‍්වින‍්නං ගතීනං අඤ‍්ඤතරං ගතිං ගච‍්ඡෙය්‍ය නිරයං වා තිරච‍්ඡානයොනිං වා. ඉමං ඛ‍්වාහං භික‍්ඛවෙ ආදීනවං දිස‍්වා එවං වදාමි.
මහණෙනි ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු යහුලකින් සෝතින්‍ද්‍රියය පිරිමදනා ලද්දේ මැනවි. කනින් දතයුතු ශබ්දයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිතිගැනීම නො ම මැනවි. මහණෙනි නිමිත්තාස්වාදයෙන් බැඳුනා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණා වූ හෝ කර්‍මවිඥානය සිටුනේ සිටිනේ ය. ඉදින් එසමයෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන්යෝනියත් යන ගති දෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය යන යමක් වේ නම් මේ කරුණ ඇත. මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි.
වරං භික‍්ඛවෙ තිණ‍්හෙන නිඛාදනෙන ආදිත‍්තෙන සම‍්පජ‍්ජලිතෙන සජොතිභූතෙන ඝානින්‍ද්‍රියං සම‍්පලිමට‍්ඨං, න ත්‍වෙව ඝානවිඤ‍්ඤෙය්‍යෙසු ගන්‍ධෙසු අනුබ්‍යඤ‍්ජනසො නිමිත‍්තග‍්ගාහො. නිමිත‍්තස‍්සාදගථිතං වා භික‍්ඛවෙ විඤ‍්ඤාණං තිට‍්ඨමානං තිට‍්ඨෙය්‍ය අනුබ්‍යඤ‍්ජනස‍්සාදගථිතං වා. තස‍්මිං චෙ සමයෙ කාලං කරෙය්‍ය, ඨානමෙතං විජ‍්ජති යං ද‍්වින‍්නං ගතීනං අඤ‍්ඤතරං ගතිං ගච‍්ඡෙය්‍ය නිරයං වා තිරච‍්ඡානයොනිං වා. ඉමං ඛ‍්වාහං භික‍්ඛවෙ ආදීනවං දිස‍්වා එවං වදාමි.
මහණෙනි ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු නියනෙකින් ඝානින්‍ද්‍රියය පහස්නා (නැහැය ගලවා දමන) ලද්දේ මැනවි. නැහැයෙන් දතයුතු ගන්‍ධයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම නො මැ මැනවි. මහණෙනි, නිමිත්තාස්වාදයෙන් බැඳුනා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණා වූ හෝ කර්‍මවිඥානය සිටුනේ සිටිනේ ය. ඉදින් එසමයෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන් යෝනියත් යන ගති දෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය යන යමක් වේ නම් මේ කරුණ ඇත. මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි.
වරං භික‍්ඛවෙ තිණ‍්හෙන ඛුරෙන ආදිත‍්තෙන සම‍්පජ‍්ජලිතෙන සජොතිභූතෙන ජිව‍්හින්‍ද්‍රියං සම‍්පලිමට‍්ඨං, නත්‍වෙව ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යෙසු රසෙසු අනුබ්‍යඤ‍්ජනසො නිමිත‍්තග‍්ගාහො. නිමිත‍්තස‍්සාදගථිතං වා භික‍්ඛවෙ විඤ‍්ඤාණං තිට‍්ඨමානං තිට‍්ඨෙය්‍ය අනුබ්‍යඤ‍්ජනස‍්සාදගථිතං වා. තස‍්මිං චෙ සමයෙ කාලං කරෙය්‍ය ඨානමෙතං විජ‍්ජති යං ද‍්වින‍්නං ගතීනං අඤ‍්ඤතරං ගතිං ගච‍්ඡෙය්‍ය නිරයං වා තිරච‍්ඡානයොනිං වා. ඉමං ඛ‍්වාහං භික‍්ඛවෙ ආදීනවං දිස‍්වා එවං වදාමි.
මහණෙනි ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු කරෙකින් ජිව්හින්‍ද්‍රිය පහස්නා (දිව කපන) ලද්දේ මැනවි. දිවින් දතයුතු රසයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම නො ම මැනවි. මහණෙනි, නිමිත්තාස්වාදයෙන් බැඳුණා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණා වූ හෝ කර්‍මවිඥානය සිටුනේ සිටිනේ ය. එසමයෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන්යෝනියත් යන ගතිදෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය යන යමක් වේ නම් මේ කරුණ ඇත. මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි.
වරං භික‍්ඛවෙ තිණ‍්හාය සත‍්තියා ආදිත‍්තාය සම‍්පජ‍්ජලිතාය සජොති භූතාය කායින්‍ද්‍රියං සම‍්පලිමට‍්ඨං න ත්‍වෙව කායවිඤ‍්ඤෙය්‍යෙසු ඵොට‍්ඨබ‍්බෙසු අනුබ්‍යඤ‍්ජනසො නිමිත‍්තග‍්ගාහො. නිමිත‍්තස‍්සාදගථිතං වා භික‍්ඛවෙ විඤ‍්ඤාණං තිට‍්ඨමානං තිට‍්ඨෙය්‍ය අනුබ්‍යඤ‍්ජනස‍්සාදගථිතං වා, තස‍්මිං චෙ සමයෙ කාලං කරෙය්‍ය ඨානමෙතං විජ‍්ජති යං ද‍්වින‍්නං ගතීනං අඤ‍්ඤතරං ගතිං ගච‍්ඡෙය්‍ය නිරයං වා තිරච‍්ඡානයොනිං වා. ඉමං ඛ‍්වාහං භික‍්ඛවෙ ආදීනවං දිස‍්වා එවං වදාමි.
මහණෙනි ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු සැතෙකින් කායින්‍ද්‍රියය පහස්නා (කයසැසදමන) ලද්දේ මැනවි. කයින් දතයුතු පහස්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම නො ම මැනවි. මහණෙනි නිමිත්තාස්වාදයෙන් බැඳුණා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුනා වූ හෝ කර්‍මවිඥානය සිටුනේ සිටිනේ ය. ඉදින් එසමයෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන්යෝනියත් යන ගති දෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය යන මේ කරුණ ඇත. මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි.
වරං භික‍්ඛවෙ සොත‍්තං, සොත‍්තං ඛො පනාහං භික‍්ඛවෙ වඤ‍්ඣං ජීවිතානං වදාමි, අඵලං ජීවිතානං වදාමි, මොමූහං ජීවිතානං වදාමි. න ත්‍වෙව තථාරූපෙ විතක‍්කෙ විතක‍්කෙය්‍ය යථාරූපානං විතක‍්කානං වසංගතො සඞ‍්ඝං භින්‍දෙය්‍ය. ඉමං ඛ‍්වාහං භික‍්ඛවෙ ආදීනවං දිස‍්වා එවං වදාමි.
මහණෙනි නින්දට බැසගැනීම මැනවි. මහණෙනි නින්දට බැසගැනීම ජීවිතයන්ගේ වඳබව යයි මම කියමි. ජීවිතයන්ගේ විඵලබව යයි කියමි. ජීවිතයන්ගේ මුළාබව යයි කියමි. යම්බඳු විතර්‍කයන්ගේ වසයට පැමිණියේ සඞ්ඝයා බිඳින්නේ නම් එබඳු විතර්‍කයන් නො ම විතර්‍කණය කරන්නේ ය. මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි.
තත්‍ර භික‍්ඛවෙ සුතවා අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: තිට‍්ඨතු තාව තත‍්තාය අයොසලාකාය ආදිත‍්තාය සම‍්පජ‍්ජලිතාය සජොතිභූතාය චක‍්ඛුන්‍ද්‍රියං සම‍්පලිමට‍්ඨං. හන්‍දාහං ඉදමෙව මනසිකරොමි, ‘ඉති චක‍්ඛුං අනිච‍්චං, රූපා අනිච‍්චා, චක‍්ඛුවිඤ‍්ඤාණං අනිච‍්චං, චක‍්ඛු සම‍්ඵස‍්සො අනිච‍්චො, යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චං.’
මහණෙනි එහි ලා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ නුවණින් සලකයි. ඇවිලාගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත රත් වූ යලාකයෙකින් ඇස පහස්නා ලැබීම තිබේවා. ඒකාන්තයෙන් මම මෙසේ ඇස අනිස ය. රූ අනිස ය. ඇස්විනැණ අනිස ය. ඇස්පහස අනිස ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි මෙය ම මෙනෙහි කරමි.
තිට‍්ඨතු තාව තිණ‍්හෙන අයොසඞ‍්කුනා ආදිත‍්තෙන සම‍්පජ‍්ජලිතෙන සජොතිභූතෙන සොතින්‍ද්‍රියං සම‍්පලිමට‍්ඨං. හන්‍දාහං ඉදමෙව මනසිකරොමි: ‘ඉති සොතං අනිච‍්චං සද‍්දා අනිච‍්චා. සොතවිඤ‍්ඤාණං අනිච‍්චං සොතසම‍්ඵස‍්සො අනිච‍්චො, යම‍්පිදං සොතසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චං’.
ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු යහුලකින් කන පහස්නා ලැබීම තිබේවා. එකත්නෙන් මම මෙසේ ශ්‍රෝතය අනිත්‍ය ය, ශබ්දයෝ අනිත්‍යයහ, සෝතවිඤ්ඤාණය අනිත්‍ය ය, සෝතසම්ඵස්සය අනිත්‍ය ය, සෝතසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිත්‍ය යැ යි මෙය ම මෙනෙහි කරමි.
තිට‍්ඨතු තාව තිණ‍්හෙන නිඛාදනෙන ආදිත‍්තෙන සම‍්පජ‍්ජලිතෙන සජොතිභූතෙන ඝානින්‍ද්‍රියං සම‍්පලිමට‍්ඨං. හන්‍දාහං ඉදමෙව මනසි කරොමි: ‘ඉති ඝානං අනිච‍්චං, ගන්‍ධා අනිච‍්චා, ඝානවිඤ‍්ඤාණං අනිච‍්චං ඝානසම‍්ඵස‍්සො අනිච‍්චො, යම‍්පිදං ඝානසම‍්ඵස‍්ස පච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චං.’
ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු නියනෙකින් නැහැය පහස්නා ලැබීම තිබේ වා. එකත්නෙන් මම මෙසේ නැහැය අනිස ය. ගඳ අනිස ය. ඝාණවිඤ්ඤාණය අනිත්‍ය ය. ඝාණසම්පස්සය අනිත්‍ය ය, ඝානසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එද අනිසැයි මෙය ම මෙනෙහි කරමි.
තිට‍්ඨතු තාව තිණ‍්හෙන ඛුරෙන ආදිත‍්තෙන සම‍්පජ‍්ජලිතෙන සජොතිභූතෙන ජිව‍්හින්‍ද්‍රියං සම‍්පලිමට‍්ඨං. හන්‍දාහං ඉදමෙව මනසිකරොමි: ‘ඉති ජිව‍්හා අනිච‍්චා රසා අනිච‍්චා ජිව‍්හාවිඤ‍්ඤාණං අනිච‍්චං ජිව‍්හාසම‍්ඵස‍්සො අනිච‍්චො, යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා අදුක‍්ඛමසුඛං වා දුක‍්ඛං වා තම‍්පි අනිච‍්චං.’
ඇවිලගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත තියුණු කරෙකින් දිව පහස්නා ලැබීම තිබේවා. එකත්නෙන් මම “මෙසේ දිව අනිස ය, රස අනිස ය, ජිව්හාවිඤ්ඤාණය අනිත්‍ය ය. ජිව්හාසම්ඵස්සය අනිත්‍ය ය, ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ”යි මෙය ම මෙනෙහි කරමි.
තිට‍්ඨතු තාව තිණ‍්හාය සත‍්තියා ආදිත‍්තාය සම‍්පජ‍්ජලිතාය සජොති භූතාය කායින්‍ද්‍රියං සම‍්පලිමට‍්ඨං, හන්‍දාහං ඉදමෙව මනසිකරොමි. “ඉති කායො අනිච‍්චො, ඵොට‍්ඨබ‍්බා අනිච‍්චා, කායවිඤ‍්ඤාණං අනිච‍්චං, කායසම‍්ඵස‍්සො අනිච‍්චො, යම‍්පිදං කායසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චං.”
ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු සැතෙකින් කය පහස්නා ලැබීම තිබේවා. එකැත්නෙන් මම මෙසේ කය අනිස ය. පහස් අනිස ය කායවිඤ්ඤාණය අනිත්‍ය ය කායසම්ඵස්සය අනිත්‍ය ය. කායසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි මෙය ම මෙනෙහි කරමි.
තිට‍්ඨතු තාව සොත‍්තං, හන්‍දාහං ඉදමෙව මනසිකරොමි, “ඉති මනො අනිච‍්චො, ධම‍්මා අනිච‍්චා, මනො විඤ‍්ඤාණං අනිච‍්චං, මනොසම‍්ඵස‍්සො අනිච‍්චො, යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චං.”
නින්දට බැසගැන්ම තිබේවා. “එකැත්නෙන් මම මෙසේ මන අනිස ය, දහම් අනිස ය, මනෝවිඤ්ඤාණය අනිත්‍ය ය මනෝසම්ඵස්සය අනිත්‍ය ය මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි මෙය ම මෙනෙහි කරමි.
එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, රූපෙසුපි නිබ‍්බින්‍දති, චක‍්ඛුවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, චක‍්ඛුසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායා’ති පජානාති. අයං ඛො භික‍්ඛවෙ ආදිත‍්තපරියායො ධම‍්මපරියායොති.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයෙහිත් කලකිරෙයි. චක්‍ෂූවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි … චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහිත් කලකිරෙයි ... මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි. මහණෙනි මේ වනාහි ආදිත්තපරියාය නම් වූ දහම්නය යි.