හත්ථපාදූපමසුත්තං
1. 18. 9.
1. 18. 9.
හත්ථපාදූපමසුත්තං
හත්ථපාදූපම සූත්රය
236. හත්ථෙසු භික්ඛවෙ සති ආදානනික්ඛෙපනං පඤ්ඤායති. පාදෙසු සති අභික්කමපටික්කමො පඤ්ඤායති. පබ්බෙසු සති සම්මිඤ්ජන පසාරණං පඤ්ඤායති. කුච්ඡිස්මිං සති ජිඝච්ඡා පිපාසා පඤ්ඤායති. එවමෙව ඛො භික්ඛවෙ චක්ඛුස්මිං සති චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං. සොතස්මිං සති සොතසම්ඵස්සපච්චයා උප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං. ඝානස්මිං සති ඝානසම්ඵස්සපච්චයා උප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං. ජිව්හාය සති ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං. කායස්මිං සති කායසම්ඵස්සපච්චයා උප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං. මනස්මිං සති මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං.
236. මහණෙනි අත් ඇති කල්හි ගැනීම බහා තැබීම පැනෙයි. පා ඇති කල්හි ඉදිරි ගමන ආපසු ගමන පැනෙයි. පුරුක් ඇති කල්හි හැකිලීම දිග හැරීම පැනෙයි. කුස ඇති කල්හි සාපවස පැනෙයි. මහණෙනි එසෙයින් ම ඇස ඇති කල්හි ඇස්පහස නිසා තමා තුල සුවදුක් උපදී. කන ඇති කල්හි සෝපහස නිසා තමා තුල සුවදුක් උපදී. නැහැය ඇති කල්හි නැහැපහස නිසා තමා තුළ සුවදුක් උපදී. දිව ඇති කල්හි දිව්පහස නිසා තමා තුල සුවදුක් උපදී. කය ඇති කල්හි කාපහස නිසා තමාතුළ සුවදුක් උපදී. මන ඇති කල්හි මනපහස නිසා තමා තුල සුවදුක් උපදී.
හත්ථෙසු භික්ඛවෙ අසති ආදානනික්ඛෙපනං න පඤ්ඤායති, පාදෙසු අසති අභික්කමපටික්කමො න පඤ්ඤායති, පබ්බෙසු අසති සමිඤ්ජනපසාරණං න පඤ්ඤායති, කුච්ඡිස්මිං අසති ජිඝච්ඡා පිපාසා න පඤ්ඤායති. එවමෙව ඛො භික්ඛවෙ චක්ඛුස්මිං අසති චක්ඛුසම්ඵස්සපච්චයා නුප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං. සොතස්මිං අසති -පෙ- ඝානස්මිං අසති -පෙ- ජිව්හාය අසති ජිව්හාසම්ඵස්සපච්චයා නුප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං. කායස්මිං අසති -පෙ- මනස්මිං අසති මනො සම්ඵස්සපච්චයා නුප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛන්ති.
මහණෙනි, අත් නැති කල්හි ගැනීම බහා තැබීම නො පැනෙයි. පා නැති කල්හි ඉදිරි ගමන ආපසු ගමන නො පැනෙයි. පුරුක් නැති කල්හි හැකිලීම දිගහැරීම නො පැනෙයි. කුස නැති කල්හි සාපවස නො පැනෙයි. මහණෙනි, එසෙයින් ම ඇස නැති කල්හි ඇස්පහස නිසා තමා තුළ සුවදුක් නූපදී. කන නැති කල්හි … නැහැය නැති කල්හි ... දිව නැති කල්හි දිව් පහස නිසා තමා තුළ සුවදුක් නූපදී. කය නැති කල්හි ... සිත නැති කල්හි … මනපහස නිසා තමා තුළ සුවදුක් නූපදී යි.