දුතියහත්‍ථපාදුපමසුත‍්තං
1. 18. 10.
1. 18. 10.
දුතියහත්‍ථපාදුපමසුත‍්තං
දුතිය හත්‍ථපාදූපම සූත්‍රය
237. හත්‍ථෙසු භික‍්ඛවෙ සති ආදානනික‍්ඛෙපනං හොති, පාදෙසු සති අභික‍්කමපටික‍්කමො හොති. පබ‍්බෙසු සති සම‍්මිඤ‍්ජනපසාරණං හොති. කුච‍්ඡිස‍්මිං සති ජිඝච‍්ඡා පිපාසා හොති. එවමෙව ඛො භික‍්ඛවෙ චක‍්ඛුස‍්මිං සති චක‍්ඛු සම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛං දුක‍්ඛං. සොතස‍්මිං -පෙ- ඝානස‍්මිං -පෙ- ජිව‍්හාය -පෙ- කායස‍්මිං -පෙ- මනස‍්මිං සති මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛං දුක‍්ඛං.
237. මහණෙනි, අත් ඇති කල්හි ගැනීම බහා තැබීම වෙයි. පා ඇති කල්හි ඉදිරි ගමන ආපසුගමන වෙයි. පුරුක් ඇති කල්හි හැකිලීම දිගහැරීම වෙයි. කුස ඇති කල්හි සාපවස වෙයි. මහණෙනි, එසෙයින් ම ඇස ඇති කල්හි ඇස්පහස නිසා තමා තුළ සුවදුක් උපදී. කන …නැහැය … දිව ... කය … සිත ඇති කල්හි මනපහස නිසා තමා තුළ සුවදුක් උපදී.
හත්‍ථෙසු භික‍්ඛවෙ අසති ආදානනික‍්ඛෙපනං න හොති, පාදෙසු අසති අභික‍්කමපටික‍්කමො න හොති. පබ‍්බෙසු අසති සම‍්මිඤ‍්ජන පසාරණං න හොති, කුච‍්ඡිස‍්මිං අසති ජිඝච‍්ඡා පිපාසා න හොති. එවමෙව ඛො භික‍්ඛවෙ චක‍්ඛුස‍්මිං අසති චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා නූප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛං දුක‍්ඛං. සොතස‍්මිං අසති -පෙ- ඝානස‍්මිං අසති -පෙ- ජිව‍්හාය අසති -පෙ- කායස‍්මිං අසති -පෙ- මනස‍්මිං අසති මනොසම‍්ඵස‍්සපච‍්චයා නූප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛදුක‍්ඛන‍්ති.
මහණෙනි, අත් නැති කල්හි ගැනීම බහා තැබීම නො වෙයි. පා නැති කල්හි ඉදිරි ගමන ආපසු ගමන නො වෙයි. පර්‍ව (පුරුක්) නැති කල්හි හැකිලීම දිග හැරීම නො වෙයි. කුස නැති කල්හි සාපවස නො වෙයි. මහණෙනි, එසෙයින් ම ඇස නැති කල්හි ඇස්පහස නිසා තමා තුළ සුවදුක් නූපදී. කන නැති කල්හි … නැහැය නැති කල්හි ... දිව නැති කල්හි … කය නැති කල්හි ... සිත නැති කල්හි මනපහස නිසා තමා තුළ සුවදුක් නූපදී යි.
සමුද‍්දවග‍්ගො අට‍්ඨාරසමො
අටළොස්වැනි සමුද්ද වර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය :
ද‍්වෙ සමුද‍්දා බාළිසිකො ඛීරරුක‍්ඛෙන කොට‍්ඨිතො කාමභූ උදායී චෙව ආදිත‍්තෙන ච අට‍්ඨමං හත්‍ථපාදූපමා ද‍්වෙති වග‍්ගො තෙන පවුච‍්චති.
සමුද්ද සූත්‍ර දෙකෙකි. බාළිසික, ඛීරරුක්ඛොපම, කොට්ඨිත , කාමභූ, උදායී, ආදිත්ත යයි සයෙකි. හත්‍ථපාදූපම සූත්‍ර දෙකෙකැ යි. එයින් වර්‍ගය යි කියනු ලැබේ.