යෙදුමෙන් කියවන්න

ආසිවිසොපමසුත‍්තං

1. 19. 1.

1. 19. 1.

ආසිවිසොපමසුත‍්තං

ආසිවිසෝපම සූත්‍රය

238. එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

238. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

සෙය්‍යථාපි භික‍්ඛවෙ චත‍්තාරො ආසිවිසා උග‍්ගතෙජා ඝොරවිසා. අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක‍්ඛපටික‍්කූලො, තමෙනං එවං වදෙය්‍යුං: “ඉමෙ තෙ අම‍්භො පුරිස, චත‍්තාරො ආසිවිසා උග‍්ගතෙජා ඝොරවිසා කාලෙනකාලං වුට‍්ඨාපෙතබ‍්බා, කාලෙන කාලං නහාපෙතබ‍්බා, කාලෙන කාලං භොජෙතබ‍්බා, කාලෙන කාලං සංවෙසෙතබ‍්බා; යදා ච ඛො තෙ අම‍්භො පුරිස, ඉමෙසං චතුන‍්නං ආසිවිසානං උග‍්ගතෙජානං ඝොරවිසානං අඤ‍්ඤතරො වා අඤ‍්ඤතරො වා කුප‍්පිස‍්සති: තතො ත්‍වං අම‍්භො පුරිස මරණං වා නිගච‍්ඡසි මරණමත‍්තං වා දුක‍්ඛං: යන‍්තෙ අම‍්භො, පුරිස කරණීයං තං කරොහී”ති.

මහණෙනි, යම් සේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සර්‍පයෝ සිවුදෙනෙක් වෙද්ද, එකල්හි ජීවත්වනු කැමති නො මැරෙණු කැමති සුව කැමති දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය. එම්බල පුරුෂය, බලවත් තෙද ඇති දරුණු විෂ ඇති මේ සතර අසීවිසයෝ සිවුදෙන තා විසින් කලින් කල නැගීසිටුවිය යුතුහ. කලින් කල නැහැවිය යුතුහ. කලින් කල වැළඳවිය යුතුහ. කලින් කල හොවවිය යුතුහ. එම්බල පුරුෂය, බලවත් තෙද ඇති දරුණු විෂ ඇති මේ සූසපුන්ගෙන් එක්තරා එක්තරා එකෙක් හෝ කිපෙන්නේ නම් එම්බල පුරුෂය, ඒ හේතුවෙන් තෙපි මරණයට හෝ මරණය පමණ දුකකට හෝ පැමිණෙන්නහු ය. එම්බල පුරුෂය, තොප විසින් යමක් කට යුතු නම් එය කරවු යි.

අථ ඛො සො භික‍්ඛවෙ පුරිසො භීතො චතුන‍්නං ආසිවිසානං උග‍්ගතෙජානං ඝොරවිසානං යෙන වා තෙන වා පලායෙථ. තමෙනං එවං වදෙය්‍යුං: ඉමෙ තෙ අම‍්භො පුරිස, පඤ‍්චවධකා පච‍්චත්‍ථිකා පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබද‍්ධා යත්‍ථෙව නං පස‍්සිස‍්සාම තත්‍ථෙව ජීවිතා වොරොපෙස‍්සාමාති; යන‍්තෙ අම‍්භො පුරිස කරණීයං තං කරොහීති. අථ ඛො සො භික‍්ඛවෙ පුරිසො භීතො චතුන‍්නං ආසිවිසානං උග‍්ගතෙජානං ඝොරවිසානං, භීතො පඤ‍්චන‍්නං වධකානං පච‍්චත්‍ථිකානං යෙන වා තෙන වා පලායෙථ.

මහණෙනි, එකල්හි ඒ පුරුෂ තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සූසපුන්ට බිය වූයේ යම් ඒ තැනකට හෝ පලා යන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය. එම්බල පුරුෂය, සතුරු වූ මේ වධකයෝ පස්දෙනෙක් ‘යම් තැනෙක දී ම ඔහු දක්නමෝ නම් එහිදී ම දිවියෙන් තොර කරන්නෙමු’යි තා පසුපස ලුහුබඳනාහ. එම්බල පුරුෂය, තා විසින් යමක් කට හැකි නම් එය කරව’ යි. මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති ඒ සූසපුන්ට බිය වූයේ සතුරු වූ වධකයන් පස්දෙනාට බිය වූයේ යම් ඒ තැනෙක හෝ පලා යන්නේ ය.

තමෙනං එවං වදෙය්‍යුං: අයං තෙ අම‍්භො පුරිස ඡට‍්ඨො අන‍්තරචරො වධකො උක‍්ඛිත‍්තාසිකො පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබද‍්ධො යත්‍ථෙව නං පස‍්සිස‍්සාමි තත්‍ථෙව සිරො පාතෙස‍්සාමීති යන‍්තෙ අම‍්භො පුරිස කරණීයං තං කරොහීති. අථ ඛො සො භික‍්ඛවෙ පුරිසො භීතො චතුන‍්නං ආසිවිසානං උග‍්ගතෙජානං ඝොරවිසානං, භීතො පඤ‍්චන‍්නං වධකානං පච‍්චත්‍ථිකානං භීතො, ඡට‍්ඨස‍්ස අන‍්තරචරස‍්ස වධකස‍්ස උක‍්ඛිත‍්තාසිකස‍්ස යෙන වා තෙන වා පලායෙථ.

ඒ මොහුට මෙසේ කියන්නාහු ය. එම්බල පුරුෂය, ඇතුළත හැසිරෙන මේ සවැනි වධකයෙක් ‘යම් තැනෙක දී ම ඔහු දක්නෙම් නම් එහිදී ම හිස සිඳ හෙළන්නේමි යි ඔසවා ගත් කඩුවක් ඇත්තේ තා පසුපස ලුහුබඳනේ ය. එම්බල පුරුෂය, තොප විසින් යමක් කට හැකි නම් එය කරව’යි. මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සතර ආශිර්විෂයන්ට බිය වූයේ සතුරු වූ පස් වධකයන්ට බිය වූයේ ඇතුළත හැසිරෙන ඔසවා ගත් කඩු ඇති සවන වධකයාට බිය වූයේ යම් තැනෙක හෝ පලා යන්නේ ය.

සො පස‍්සෙය්‍ය සුඤ‍්ඤං ගාමං: යඤ‍්ඤදෙව ඝරං පවිසෙය්‍ය රිත‍්තකඤ‍්ඤෙව පවිසෙය්‍ය, තුච‍්ඡකඤ‍්ඤෙව පවිසෙය්‍ය, සුඤ‍්ඤකඤ‍්ඤෙව පවිසෙය්‍ය. යඤ‍්ඤදෙව භාජනං පරිමසෙය්‍ය, රිත‍්තකඤ‍්ඤෙව පරිමසෙය්‍ය තුච‍්ඡකඤ‍්ඤෙව පරිමසෙය්‍ය සුඤ‍්ඤකඤ‍්ඤෙව පරිමසෙය්‍ය. තමෙනං එවං වදෙය්‍යුං: ඉදානම‍්භො පුරිස, ඉමං සුඤ‍්ඤං ගාමං චොරා ගාමඝාතකා වධිස‍්සන‍්ති, යන‍්තෙ අම‍්භො පුරිස, කරණීයං තං කරොහීති.

හෙතෙමේ හිස් ගමක් දක්නේ ය. යම් යම් ගෙයකට පිවිසෙන්නේ නම් කිසිවක් නැති ගෙයකට ම පිවිසෙන්නේ ය. හිස් ගෙයකට ම පිවිසෙන්නේ ය. ශුන්‍ය ගෙයකට ම පිවිසෙන්නේ ය. යම් යම් බඳුනක් (ආහාරපාන ඇතැයි) අල්ලන්නේ නම් කිසිවක් නැත්තක් ම අල්ලන්නේ ය. හිස් වූවක් ම අල්ලන්නේ ය. ශුන්‍ය වූවක් ම අල්ලන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: එම්බල පුරුෂය, ගම් පහරන හොරු දැන් මේ ගම නසන්නාහ. තා විසින් යමක් කළ හැකි නම් එය කරව යි.

අථ ඛො සො භික‍්ඛවෙ පුරිසො භීතො චතුන‍්නං ආසිවිසානං උග‍්ගතෙජානං ඝොරවිසානං, භීතො පඤ‍්චන‍්නං වධකානං පච‍්චත්‍ථිකානං, භීතො ඡට‍්ඨස‍්ස අන‍්තරචරස‍්ස වධකස‍්ස උක‍්ඛිත‍්තාසිකස‍්ස, භීතො චොරානං ගාමඝාතකානං යෙන වා තෙන වා පලායෙථ. සො පස‍්සෙය්‍ය මහන‍්තං උදකණ‍්ණවං, ඔරිමංතීරං සාසඞ‍්කං සප‍්පටිභයං පාරිමංතීරං ඛෙමං අප‍්පටිභයං. නත්‍ථස‍්ස නාවා සන‍්තාරණී උත‍්තරසෙතු වා අපරාපරං ගමනාය.

මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සතර ආශිර්විෂයන්ට බිය වූයේ සතුරු වූ පස්වධකයන්ට බිය වූයේ ඇතුළත හැසිරෙන ඔසවා ගත් කඩු ඇති සවන වධකයාට බිය වූයේ ගම්පහරන සොරුන්ට බිය වූයේ යම් ඒ තැනක හෝ පලා යන්නේ ය. හෙතෙමේ මහත් ජලාසයක් දක්නේ ය. මෙතෙර සැක සහිත ය. බිය සහිත ය. පරතෙර උවදුරු රහිත ය. බිය රහිත ය. එහි එතෙර මෙතෙර කරන නැවක් හෝ ඔබමොබ යෑමට හෙයක් හෝ නැත.

අථ ඛො භික‍්ඛවෙ තස‍්ස පුරිසස‍්ස එවමස‍්ස: ‘අයං ඛො මහාඋදකණ‍්ණාවො, ඔරිමඤ‍්ච තීරං සාසඞ‍්කං සප‍්පටිභයං, පාරිමංතීරං ඛෙමං අප‍්පටිභයං, නත්‍ථි ච නාවා සන‍්තාරණී උත‍්තරසෙතු වා අපරාපරං ගමනාය. යන‍්නූනාහං තිණකට‍්ඨසාඛාපලාසං සංකඩ‍්ඪිත්‍වා කුල‍්ලං බන්‍ධිත්‍වා තං කුල‍්ලං නිස‍්සාය හත්‍ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්‍ථිනා පාරං ගච‍්ඡෙය්‍යන‍්ති.’ අථ ඛො සො භික‍්ඛවෙ පුරිසො තිණකට‍්ඨසාඛාපලාසං සංකඩ‍්ඪිත්‍වා කුල‍්ලං බන්‍ධිත්‍වා තං කුල‍්ලං නිස‍්සාය හත්‍ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්‍ථිනා පාරං ගච‍්ඡෙය්‍ය, තිණ‍්ණො පාරගතො ථලෙ තිට‍්ඨති බ්‍රාහ‍්මණො.

මහණෙනි, එකල්හි ඒ පුරිස්හට මෙබඳු සිතෙක් වන්නේ ය: ‘මෙය මහාජලාසයෙකි. මෙතෙර සැක සහිත ය. බිය සහිත ය. පරතෙර උවදුරු රහිත ය. බිය රහිත ය. එතෙර මෙතෙර කරන නැවක් හෝ ඔබමොබ යෑමට හෙයක් හෝ නැත. මම තණ දර අතු කොළ රැස් කොට පහුරක් බැඳ ඒ පහුර නිසා අතින් ද පයින් ද වෑයම් කරමින් සුවසේ පරතෙරට යන්නෙම් නම් මැනවැ’යි. මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ තණ දර අතු කොල රැස් කොට පහුරක් බැඳ ඒ පහුර නිසා අතින් ද පයින් ද වෑයම් කරමින් සුවසේ පරතෙරට යන්නේ ය. තරණය කළ පරතෙරට පැමිණි බමුණු තෙමේ (නිවන් නැමැති) ගොඩබිම සිටී.

උපමා ඛො ම්‍යායං භික‍්ඛවෙ, කතා අත්‍ථස‍්ස විඤ‍්ඤාපනත්‍ථාය, අයඤ‍්චෙවෙත්‍ථ අත්‍ථො: චත‍්තාරො ආසිවිසා උග‍්ගතෙජා ඝොරවිසාති ඛො භික‍්ඛවෙ, චතුන‍්නෙතං මහාභූතානං අධිවචනං, පඨවීධාතුයා ආපොධාතුයා තෙජොධාතුයා වායොධාතුයා.

මහණෙනි, මා විසින් අරුත් ඇඟවිම පිණිස මේ උපමාව කරන ලදී. මේ මෙහි අර්‍ත්‍ථ යයි: මහණෙනි, බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සතර ආශීර්විෂයෝ යනු පඨවි ධාතුවට ද ආපෝ ධාතුවට ද තේජෝ ධාතුවට ද වායෝ ධාතුවට ද යන සතර මහාභූතයන්ට මේ නමෙකි.

පඤ‍්ච වධකා පච‍්චත්‍ථිකාති ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නෙතං උපාදානක‍්ඛන්‍ධානං අධිවචනං, සෙය්‍යථිදං – රූපුපාදානක‍්ඛන්‍ධස‍්ස, වෙදනූපාදානක‍්ඛන්‍ධස‍්ස, සඤ‍්ඤූපාදානක‍්ඛන්‍ධස‍්ස, සඞ‍්ඛාරූපාදානක‍්ඛන්‍ධස‍්ස, විඤ‍්ඤාණූපාදානක‍්ඛන්‍ධස‍්ස. ඡට‍්ඨො අන‍්තරචරො වධකො උක‍්ඛිත‍්තාසිකොති ඛො භික‍්ඛවෙ, නන්‍දිරාගස‍්සෙතං අධිවචනං. සුඤ‍්ඤො ගාමොති ඛො භික‍්ඛවෙ, ඡන‍්නෙතං අජ‍්ඣත‍්තිකානං ආයතනානං අධිවචනං.

මහණෙනි, ‘සතුරු වූ පස්වධකයෝ’ ය යනු උපාදානස්කන්‍ධ පසට එනම් රූපෝපාදානස්කන්‍ධයට ද වේදනෝපාදානස්කධයට ද සංඥෝපාදානස්කන්‍ධයට ද සංස්කාරෝපාදානස්කන්‍ධයට ද විඥානෝපාදානස්කන්‍ධයට ද මේ නමෙකි. මහණෙනි, ඇතුළත හැසිරෙන ඔසවා ගත් කඩු ඇති සවන වධකයා ය යනු නන්‍දිරාගයට මේ නමෙකි. මහණෙනි, ‘හිස්ගම’ය යනු ආධ්‍යාත්මික ෂඩායතනයට මේ නමෙකි.

චක‍්ඛුතො චෙපි නං භික‍්ඛවෙ පණ‍්ඩිතො ව්‍යත‍්තො මෙධාවී උපපරික‍්ඛති, රිත‍්තකඤ‍්ඤෙව ඛායති, තුච‍්ඡකඤ‍්ඤෙව ඛායති, සුඤ‍්ඤකඤ‍්ඤෙව ඛායති. සොතතො චෙපි නං භික‍්ඛවෙ -පෙ- ඝානතො චෙපි නං භික‍්ඛවෙ -පෙ- ජිව‍්හාතො චෙපි නං භික‍්ඛවෙ -පෙ- කායතො චෙපි නං භික‍්ඛවෙ -පෙ- මනතො චෙපි නං භික‍්ඛවෙ පණ‍්ඩිතො ව්‍යත‍්තො මෙධාවී උපපරික‍්ඛති; රිත‍්තකඤ‍්ඤෙව ඛායති, තුච‍්ඡකඤ‍්ඤෙව ඛායති, සුඤ‍්ඤකඤ‍්ඤෙව ඛායති.

මහණෙනි, ව්‍යක්ත වූ නුවණැති පණ්ඩිත තෙමේ ඉදින් ඇසිනුත් එය පිරික්සා නම් කිසිවක් නැත්තක් ව ම වැටහේ. සිස් වූවක් ව ම වැටහේ. ශුන්‍ය වූවක් ව ම වැටහේ. මහණෙනි, ඉදින් කනිනුත් එය … මහණෙනි, ඉදින් නැහැයෙනුත් එය ... මහණෙනි, ඉදින් දිවෙනුත් එය ... මහණෙනි, ඉදින් කයෙනුත් එය ... මහණෙනි, ව්‍යක්ත වූ නුවණැති පණ්ඩිත තෙමේ ඉදින් සිතිනුත් එය පිරික්සා නම් කිසිත් නැත්තක් ව ම වැටහේ. සිස් වූවක් ව ම වැටහේ. ශුන්‍ය වූවක් ව ම වැටහේ,

චොරා ගාමඝාතකාති ඛො භික‍්ඛවෙ, ඡන‍්නෙතං බාහිරානං ආයතනානං අධිවචනං. චක‍්ඛු භික‍්ඛවෙ හඤ‍්ඤති මනාපාමනාපෙසු රූපෙසු, සොතං හඤ‍්ඤති මනාපාමනාපෙසු සද‍්දෙසු, ඝානං හඤ‍්ඤති මනාපාමනාපෙසු ගන්‍ධෙසු, ජිව‍්හා හඤ‍්ඤති මනාපාමනාපෙසු රසෙසු, කායො හඤ‍්ඤති මනාපාමනාපෙසු ඵොට‍්ඨබ‍්බෙසු. මනො හඤ‍්ඤති මනාපාමනාපෙසු ධම‍්මෙසු.

මහණෙනි, ‘ගම් පහරන සොරු’ය යනු බාහිර ෂඩායතනයන්ට මේ නමෙකි. මහණෙනි, ඇස ඉටුඅනිටු රූහි ගැටෙයි, කන ඉටු අනිටු සදෙහි ගැටෙයි. නැහැය ඉටු අනිටු ගඳෙහි ගැටෙයි, දිව ඉටු අනිටු රසෙහි ගැටෙයි. කය ඉටු අනිටු පහස්හි ගැටෙයි. සිත ඉටු අනිටු දහම් හි ගැටේ.

මහාඋදකණ‍්ණවොති ඛො භික‍්ඛවෙ, චතුන‍්නෙතං ඔඝානං අධිවචනං: කාමොඝස‍්ස, භවොඝස‍්ස, දිට‍්ඨොඝස‍්ස, අවිජ‍්ජොඝස‍්ස. ඔරිමං තීරං සාසඞ‍්කං සප‍්පටිභයන‍්ති ඛො භික‍්ඛවෙ සක‍්කායස‍්සෙතං අධිවචනං. පාරිමං තීරං ඛෙමං අප‍්පටිභයන‍්ති ඛො භික‍්ඛවෙ, නිබ‍්බානස‍්සෙතං අධිවචනං. කුල‍්ලන‍්ති ඛො භික‍්ඛවෙ, අරියස‍්සෙතං අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස අධිවචනං, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨියා සම‍්මාසඞ‍්කප‍්පස‍්ස සම‍්මාවාචාය සම‍්මාකම‍්මන‍්තස‍්ස, සම‍්මාආජීවස‍්ස, සම‍්මාවායාමස‍්ස, සම‍්මාසතියා, සම‍්මාසමාධිස‍්ස. හත්‍ථෙහි ච පාදෙහි ච වායමමානොති ඛො භික‍්ඛවෙ විරියාරම‍්භස‍්සෙතං අධිවචනං. තිණ‍්ණො පාරගතො ථලෙ තිට‍්ඨති බ්‍රාහ‍්මණොති ඛො භික‍්ඛවෙ, අරහතො එතං අධිවචනන‍්ති.

මහණෙනි, ‘මහාජලාසය’ ය යනු කාමෝඝයට ද භවොඝයට ද දිට්ඨොඝයට ද අවිජ්ජෝඝයට ද යන චතුරොඝයට මේ නමෙකි. මහණෙනි, ‘සැක සහිත බිය සහිත මෙතෙර’ය යනු සක්කාය (ත්‍රෛභූමක පඤ්චස්කන්‍ධ) යට මේ නමෙකි. මහණෙනි, ‘උවදුරු රහිත බිය රහිත පරතෙරය’ යනු නිවනට මේ නමෙකි. මහණෙනි, ‘පහුරය’ යනු අරිඅටඟිමඟට එනම් - සම්මාදිට්ඨියට ද සම්මාසඞ්කප්පයට ද සම්මාවාචාවට ද සම්මාකම්මන්තයට ද සම්මාආජීවයට ද සම්මාවායාමයට ද සම්මාසතියට ද සම්මාසමාධියට ද මේ නමෙකි. මහණෙනි, ‘අතින් ද පයින් ද වෑයම් කරන්නේ ය’ යනු විරියාරම්භයට මේ නමෙකි. මහණෙනි, තරණය කළ පරතෙරට පැමිණි බමුණු තෙමේ ගොඩබිම සිටී’ යනු රහතුන් වහන්සේට මේ නමෙකි යි.