රථූපමසුත්තං
1. 19. 2.
1. 19. 2.
රථූපමසුත්තං
රථූපම සූත්‍රය
239. තීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛසොමනස්සබහුලො විහරති, යොනි චස්ස ආරද්ධා හොති ආසවානං ඛයාය. කතමෙහි තීහි: ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති, භොජනෙ මත්තඤ්ඤූ, ජාගරියං අනුයුත්තො.
239. මහණෙනි, දහම් තුනකින් සමන්විත වූ මහණ දිටුදැමියෙහි ම සුවසොම්නස් බහුල ව වෙසෙයි, කෙලෙසුන් නැසීම පිණිස කරුණු ද ඔහුට පිරිපුන් වෙයි. කවරතුනකින් ද යත්: ඉඳුරන්හි වසන ලද දොර ඇත්තේ බොදුනෙහි පමණ දන්නේ නිදිවැරීමෙහි යෙදුනේ වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති, නානුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං. තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති;
මහණෙනි, කෙසේ නම් මහණ ඉඳුරන්හි වසන ලද දොර ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිති වශයෙන් නො ගන්නේ අනුව්‍යඤ්ජන වශයෙන් නො ගන්නේ වෙයි. යම් හේතුවකින් චක්ඛුන්ද්රියය සංවෘත නො කොට වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු අනුබඳනාහු ද, එහි සංවරය පිණිස පිළිපදියි. ඇස රකියි. ඇසෙහි සංවරයට පැමිණෙයි.
සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති.
කනින් සද අසා ... නැහැයෙන් ඟඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන නිමිති විසින් නො ගන්නේ අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි. යම් හේතුවකින් මනින්ද්රියය සංවෘත නො කොට වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු අනුබඳනාහු ද එහි සංවරය පිණිස පිළිපදියි. සිත රකියි. සිතෙහි සංවරයට පැමිණෙයි.
සෙය්යථාපි භික්ඛවෙ, සුභූමියං චාතුම්මහාපථෙ ආජඤ්ඤරථො යුත්තො අස්ස ඔධස්තපතොදො: තමෙනං දක්ඛො යොග්ගාචරියො අස්සදම්මසාරථි අභිරූහිත්වා වාමෙන හත්ථෙන රස්මියො ගහෙත්වා, දක්ඛිණෙන හත්ථෙන පතොදං ගහෙත්වා, යෙනිච්ඡකං යදිච්ඡකං සාරෙය්යපි පච්චාසාරෙය්යපි. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු ඉමෙසං ඡන්නං ඉන්ද්රියානං ආරක්ඛාය සික්ඛති. සඤ්ඤමාය සික්ඛති, දමාය සික්ඛති, උපසමාය සික්ඛති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති.
මහණෙනි, යම්සේ මනාබිමෙක සිවුමංසලක සරසට ලූ කෙවිටි ඇති අජානීය අසුන් යෙදූ රථයක් තබන ලද්දේ වේ ද, අසුන් හික්මවීමෙහි සමත් දක්ෂ රියැදුරෙක් ඒ මේ රියට නැගී වමතින් රැහැන් ගෙන දකුණතින් කෙවිට ගෙන යම් කැමති දිගකින් යම් කැමති දිගකට හසුරුවන්නෙත් පෙරළා හසුරුවන්නෙත් වෙයි. මහණෙනි, එසෙයින් ම මහණ මේ සයිඳුරන් රැකීම පිණිස හික්මෙයි. සංයමය පිණිස හික්මෙයි. දමනය පිණිස හික්මෙයි. උපසමය පිණිස හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ ඉඳුරන්හි වසන ලද දොර ඇත්තේ වෙයි.
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු භොජනෙ මත්තඤ්ඤූ හොති: ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛායොනිසො ආහාරං ආහාරෙති: ‘නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චා’ති. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො වණං ආලිම්පෙය්ය. යාවදෙව රොපනත්ථාය සෙය්යථා වා පන අක්ඛං අබ්භඤ්ජෙය්ය යාවදෙව භාරස්ස නිත්ථරණත්ථාය; එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛායොනිසො ආහාරං ආහාරෙති. නෙව දවාය න මදාය න මණ්ඩනාය, න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු භොජනෙ මත්තඤ්ඤූ හොති.
මහණෙනි, කෙසේ නම් මහණ භෝජනයෙහි පමණ දන්නේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ නුවණින් සලකා අහර වළඳයි. (කෙසේ ද යත්:) කෙළි පිණිස නො වෙයි. මද පිණිස නො වෙයි. අඟපසඟ වඩනු පිණිස නො වෙයි. සැරසුම් පිණිස නො වෙයි. මේ කයෙහි පැවැත්ම පිණිස ම ය. යැපීම පිණිස ම ය. සාගිනි වේදනා වැළැක්ම පිණිස ම ය. බඹසරට අනුග්‍රහ පිණිස ම ය. මෙසේ පැරණි වේදනාව ද නසමි. අලුත් වේදනා ද නූපදවන්නෙමි. මාගේ ඉරියවු පැවැත්ම ද නිවරද බව ද පහසු විහරණය ද වන්නේ යයි. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මස් වැඩීම පිණිස ම වණයක බෙහෙත් ගල්වන්නේ ද යම්සේ හෝ බර ගෙන යනු පිණිස ම අකුරෙහි තෙල් ගල්වන්නේ ද මහණෙනි, එසෙයින් ම මහණ නුවණින් සලකා අහර වළඳයි. (කෙසේ ද යත්:) කෙළි පිණිස නො වෙයි. මඳ පිණිස නො වෙයි. අඟපසඟ වඩනු පිණිස නො වෙයි. සැරසුම පිණිස නො වෙයි. මේ කයෙහි පැවැත්ම පිණිසම ය. යැපීම පිණිස ම ය. වේදනා නැසීම පිණිස ම ය. බඹසරට අනුග්‍රහ පිණිස ම ය. මෙසේ පැරැණි වේදනාත් නසමි. අලුත් වේදනාත් නූපදවන්නෙමි. මාගේ ඉරියවු පැවැත්ම ද නිවරදබව ද පහසු විහරණය ද වන්නේ යයි. මහණෙනි, මෙසේ මහණ භෝජනයෙහි පමණ දන්නේ වෙයි.
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු ජාගරියං අනුයුත්තො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති,
මහණෙනි, කෙසේ නම් මහණ නිදි වැරීමෙහි යෙදුනේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ දහවල මුළුල්ලෙහි සක්මනින් ද හිඳීමෙන් ද නීවරණදහමුන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි.
රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙති පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා. රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු ජාගරියං අනුයුත්තො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛසොමනස්සබහුලො විහරති: යොනි චස්ස ආරද්ධා හොති ආසවානං ඛයායාති.
රෑ පෙරයම සක්මනින් හා හිඳීමෙන් ද නීවරණදහමුන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රෑ මැදියම දකුණු පයෙහි වම් පය මදක් මෑත් කොට තබා සිහි ඇති ව මනා නුවණැති ව (මෙතෙක් කලෙකින්) නැගිටිමි යන හැඟීම මෙනෙහි කොට දකුණැලයෙන් සිංහශය්‍යාව කෙරෙයි. රෑ පැසුලුයම නැගිට සක්මනින් හා හිඳීමෙන් ද නීවරණදහමුන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. මහණෙනි, මහණ මෙසේ නිදිවැරීමෙහි යෙදුනේ වෙයි. මහණෙනි, මේ තුන්දහමුන්ගෙන් යුත් මහණ දිටුදැමියෙහි ම සුවසොම්නස් බහුල කොට ඇත්තේ වෙසෙයි. කෙලෙසුන් නැසීම පිණිස කරුණු ද පිරිපුන් වූයේ වේ යි.