කුම්මොපමසුත්තං
1. 19. 3.
1. 19. 3.
කුම්මොපමසුත්තං
කුම්මොපම සූත්‍රය
240. භූතපුබ්බං භික්ඛවෙ, කුම්මො කච්ඡපො සායන්හසමයං අනු නදීතීරෙ ගොචරපසුතො අහොසි; සිගාලොපි ඛො භික්ඛවෙ සායන්හසමයං අනුනදීතීරෙ ගොචරපසුතො හොති. අද්දසා ඛො භික්ඛවෙ කුම්මො කච්ඡපො සිගාලං දූරතොව ගොචරපසුතං. දිස්වාන සොණ්ඩි පඤ්චමානි අඞ්ගානි සකෙ කපාලෙ සමොදහිත්වා අප්පොස්සුක්කො තුණ්හී භූතො සංකසායති. සිගාලොපි ඛො භික්ඛවෙ අද්දස කුම්මං කච්ඡපා දූරතොව, දිස්වාන යෙන කුම්මො කච්ඡපො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා කුම්මං කච්ඡපං පච්චුපට්ඨිතො අහොසි; යදායං කුම්මො කච්ඡපො සොණ්ඩිපඤ්චමානං අඞ්ගානං අඤ්ඤතරං වා අඤ්ඤතරං වා අඞ්ගං අභිනින්නාමෙස්සති, තත්ථෙව නං ගහෙත්වා උද්දාලිත්වා ඛාදිස්සාමීති. යදා ඛො භික්ඛවෙ කුම්මො කච්ඡපො සොණ්ඩිපඤ්චමානං අඞ්ගානං අඤ්ඤතරං වා අඤ්ඤතරං වා අඞ්ගං න අභිනින්නාමෙසි, අථ සිගාලො කුම්මම්හා නිබ්බිජ්ජ පක්කමි. ඔතාරං අලභමානො.
240. මහණෙනි, පෙර වූවක් කියමි: ඉදිබුවෙක් සවස් වේලෙහි ගංඉවුර අසබඩ ගොදුරු සෙවීමෙහි යෙදුනේ විය. මහණෙනි, සිවලෙක් ද සවස් වේලෙහි ගංඉවුර අසබඩ ගොදුරු සෙවීමෙහි යෙදුනේ වෙයි. මහණෙනි, ඉදිබුවා ගොදුරු සෙවීමෙහි යෙදුණු සිවලා දුර දී ම දුටුයේ ය. දැක හිස පස්වැනි කොට ඇති අවයව සිය කබලෙහි බහා ගෙන නිරුත්සුකව නිහඬව හිඳී. මහණෙනි, සිවලා ද ඉදිබුවා දුර දී ම දුටු යේ ය. දැක ඉදිබුවා වෙත එළඹියේ ය. එළඹ “යම් කලෙක මේ ඉදිබුවා හිසපස්වැනි කොට ඇති අවයවයන්ගෙන් එක්තරා හෝ එක්තරා හෝ අවයව යක් පිටතට නිකුත් කරන්නේ නම් එහි ම එය ඩැහැ ගෙන කඩා කන්නෙමි” යි ඉදිබුවාට ළං ව සිටියේ ය. මහණෙනි, යම් කලෙක ඉදිබුවා හිසපස්වැනි කොට ඇති අවයවයන්ගෙන් එක්තරා හෝ එක්තරා අවයවයක් පිටතට නිකුත් නො කෙළේ ද එකල්හි සිවලා ඉඩක් නො ලබනුයේ ඉදිබුවාගෙන් ඉවත් ව ගියේ ය.
එවමෙව ඛො භික්ඛවෙ තුම්හෙපි මාරො පාපිමා සතතං සමිතං පච්චුපට්ඨිතො; ‘අප්පෙවනාමාහං ඉමෙසං චක්ඛුතො වා ඔතාරං ලභෙය්යං, සොතතොවා ඔතාරං ලභෙය්යං, ඝානතොවා ඔතාරං ලභෙය්යං, ජිව්හාතො වා ඔතාරං ලභෙය්යං, කායතොවා ඔතාරං ලභෙය්යං, මනතො වා ඔතාරං ලභෙය්ය”න්ති.
මහණෙනි, එසෙයින් ම තොප වෙත ද පවිටු මරු තෙමේ “මම මොවුන්ගේ ඇසින් හෝ ඉඩක් ලබන්නේ නම් කනින් හෝ ඉඩක් ලබන්නෙම් නම් නැහැයෙන් හෝ ඉඩක් ලබන්නෙම් නම් දිවෙන් හෝ ඉඩක් ලබන්නෙම් නම් කයින් හෝ ඉඩක් ලබන්නෙම් නම් සිතින් හෝ ඉඩක් ලබන්නෙම් නම් මැනවැ යි නිතර එළඹ සිටියේ වෙයි.
තස්මාතිහ භික්ඛවෙ, ඉන්ද්රියෙසු ගුත්තද්වාරා විහරථ. චක්ඛුනා රූපං දිස්වා මා නිමිත්තග්ගාහිනො අහුවත්ථ, මානුබ්යඤ්ජනග්ගාහිනො. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජථ, රක්ඛථ චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජථ.
මහණෙනි, එහෙයින් මෙහි ලා ඉඳුරන්හි වැසූ දොර ඇති ව වසවු. ඇසින් රූ දැක නිමිති විසින් ගන්නෝ නොවවු. අනුව්‍යඤ්ජන විසින් ගන්නෝ නොවවු. යමක් හේතු කොට ගෙන චක්ඛුන්‍ද්‍රිය සංවෘත නො කොට වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු අනුබඳනාහු නම් එහි සංවරය පිණිස පිළිපදිවු. චක්ඛුන්‍ද්‍රිය රකිවු. චක්ඛුන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙවු.
සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය මා නිමිත්තග්ගාහිනො අහුවත්ථ, මානුබ්යඤ්ජනග්ගාහිනො. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජථ, රක්ඛථ මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජථ. යතො ඛො තුම්හෙ භික්ඛවෙ, ඉන්ද්රියෙසු ගුත්තද්වාරා විහරිස්සථ, අථ තුම්හෙහිපි මාරො පාපිමා නිබ්බිජ්ජ පක්කමිස්සති, ඔතාරං අලභමානො කුම්මම්හාව සිගාලොති.
කනින් සද අසා ... නැහැයින් ඟඳ ගෙන ... දිවින් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන නිමිති විසින් ගන්නෝ නොවවු. අනුව්‍යඤ්ජන විසින් ගන්නෝ නොවවු. යමක් හේතුකොට ගෙන මනින්ද්රියය සංවෘත නො කොට වසන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු අනුබඳනාහු නම් එහි සංවරය පිණිස පිළිපදිවු. මනින්ද්රියය රකිවු. මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙවු. මහණෙනි, යම් කලෙක තෙපි ඉඳුරන්හි වැසූ දොර ඇති ව වසන්නහු නම් එකල්හි පවිටු මරු තෙමේ ඉඩක් නො ලබනුයේ කලකිරී ඉදිබුවා කෙරෙන් සිවලා මෙන් තොප කෙරෙනුදු ඉවත් ව යන්නේ ය.
කුම්මොව අඞ්ගානි සකෙ කපාලෙ සමොදහං භික්ඛු මනො විතක්කෙ අනිස්සිතො අඤ්ඤමහෙඨයානො පරිනිබ්බුතො න උපවදෙය්ය කඤ්චීති.
සිය කබලෙහි අවයව බහා ගන්නා ඉදිබුවා මෙන් මහණ සිතිවිලි බහා තබන්නේ (තෘෂ්ණා දෘෂ්ටීන් විසින්) නොඇසුරුකරන ලදුයේ මෙරමා නො පෙළනුයේ පිරිනිවියේ කිසිවකුට උපවාද නො කරන්නේ යයි.