යෙදුමෙන් කියවන්න

දුතියසමුද‍්දසුත‍්තං

1. 18. 2.

1. 18. 2.

දුතියසමුද‍්දසුත‍්තං

දුතිය සමුද්ද සූත්‍රය

229. සමුද‍්දො සමුද‍්දොති භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො භාසති. නෙසො භික‍්ඛවෙ, අරියස‍්ස විනයෙ සමුද‍්දො. මහා එසො භික‍්ඛවෙ, උදකරාසි මහා උදකණ‍්ණවො. සන‍්ති භික‍්ඛවෙ, චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියස‍්ස විනයෙ සමුද‍්දො.

229. මහණෙනි අශ්‍රැතවත් පුහුදුන් තෙමේ මුහුද මුහුදැ යි කියා යි. මහණෙනි මෙය බුදුසස්නෙහි මුහුද නො වේ. මහණෙනි මේ මහ දියරැසකි. මහදියකඳෙකි. මහණෙනි, ඉටු කැමැති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. මහණෙනි මෙය බුදුසස්නෙහි මුහුදැ යි කියනු ලැබේ.

එත්‍ථායං සදෙවකො ලොකො සමාරකො සබ්‍රහ‍්මකො සස‍්සමණ බ්‍රාහ‍්මණී පජා සදෙවමනුස‍්සා යෙභුය්‍යෙන සමුන‍්නා තන‍්තාකුලකජාතා ගුළාගුණ‍්ඨිකජාතා මුඤ‍්ජබබ‍්බජභූතා අපායං දුග‍්ගතිං විනිපාතං සංසාරං නාතිවත‍්තතීති.

මෙහි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝ වැසියා මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව බොහෝ සෙයින් ගිලුණී අවුල් වූ හූවටක් වැනි වූවා කුරුලු කැදැල්ලක් වැනි වූවා මුදුතණ බබුස්තණ වැනි සැපයෙන් තොර නපුරු ගති ඇති විවස ව පතිතවන සසර නො ඉක්මවයි.

සන‍්ති භික‍්ඛවෙ, සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- සන‍්ති භික‍්ඛවෙ ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- සන‍්ති භික‍්ඛවෙ ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- සන‍්ති භික‍්ඛවෙ කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා -පෙ- සන‍්ති භික‍්ඛවෙ මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියස‍්ස විනයෙ සමුද‍්දො. එත්‍ථායං සදෙවකො ලොකො සමාරකො සබ්‍රහ‍්මකො සස‍්සමණ බ්‍රාහ‍්මණීපජා සදෙවමනුස‍්සා යෙභුය්‍යෙන සමුන‍්නා තන‍්තාකුලකජාතා ගුළාගුණ‍්ඨිකජාතා මුඤ‍්ජබබ‍්බජභූතා අපායං දුග‍්ගතිං විනිපාතං සංසාරං නාතිවත‍්තති.

මහණෙනි කනින් දතයුතු සද්ද ඇත ... මහණෙනි නැහැයෙන් දතයුතු ගඳ ඇත ... මහණෙනි දිවෙන් දත යුතු රස ඇත ... මහණෙනි කයින් දතයුතු පහස් ඇත ... මහණෙනි ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දත යුතු දහම් ඇත. මහණෙනි බුදුසස්නෙහි මේ මුහුදැ යි කියනු ලැබේ. මෙහි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝ වැසියා මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව බෙහෙවින් ගිලුණී අවුල් වූ හුවටක් වැනි වූවා කුරුලු කැදැල්ලක් වැනි වූවා මුදුතණ බබුස්තණ වැනි වූවා සැපයෙන් තොර නපුරු ගති ඇති විවස ව පතිතවන සසර නො ඉක්මව යි.

යස‍්ස රාගො ච දොසො ච අවිජ‍්ජා ච විරාජිතා සො ඉමං සමුද‍්දං සගාහං සරක‍්ඛසං සඌමිභයං දුත‍්තරං අච‍්චතරි.

යමෙකු විසින් රාගයත් දෝසයත් මෝහයත් දුරු කරන ලද්දාහු නම් හෙතෙමේ සැඬමසුන් සහිත රකුසන් සහිත රළබිය සහිත තරණය කිරීමට අපහසු මේ මුහුද මැනැවින් තරණය කෙළේ ය.

සඞ‍්ගාතිගො මච‍්චුජහො නිරූපධි පහාසි දුක‍්ඛං අපුනබ‍්භවාය අත්‍ථංගතො සො න පමාණමෙති අමොහයී මච‍්චුරාජන‍්ති බ්‍රූමීති.

ඇලුම් ඉක්ම වූ මරුන් දුරු කළ උපධි රහිත හෙතෙමේ නැවත නො ඉපැද්ම පිණිස දුක දුරු කෙළේ ය. අස්තයට ගියේ ප්‍රමාණත්වයට නො එයි. මරුරජ මුළා කෙළේ ය යි කියමි යි.