සමුද්දසුත්තං
1. 18. 1.
1. 18. 1.
සමුද්දසුත්තං
සමුද්ද සූත්‍රය
228. සමුද්දො සමුද්දොති භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො භාසති. නෙසො භික්ඛවෙ, අරියස්ස විනයෙ සමුද්දො. මහා එසො භික්ඛවෙ, උදකරාසි, මහාඋදකණ්ණවො. චක්ඛු භික්ඛවෙ, පුරිසස්ස සමුද්දො, තස්ස රූපමයො වෙගො. යො තං රූපමයං වෙගං සහති, අයං වුච්චති භික්ඛවෙ, අතරි චක්ඛු සමුද්දං සඌමිං සාවට්ටං සගාහං සරක්ඛසං තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො.
228. මහණෙනි අශ්‍රැතවත් පුහුදුන් තෙමේ මුහුද මුහුදැ යි කියයි. මහණෙනි, මෙය බුදුසස්නෙහි මුහුද නො වේ. මහණෙනි, මෙය මහ දියරැසෙකි, මහ දියකඳෙකි. මහණෙනි මිනිසාගේ ඇස මුහුදෙකි, එහි රූමුවා වේගය වේ. යමෙක් ඒ රූමුවා වේගය ඉවසා නම් මහණෙනි මේ තෙමේ රළ සහිත සුළි සහිත සැඩමසුන් සහිත රකුසන් සහිත ඇස නමැති මුහුද තරණය කෙළේ ය යි කියනු ලැබේ. (චතුරෝඝය) තරණය කළ පරතෙරට පැමිණි ඒ බමුණු තෙමේ (නිවන් නමැති) ගොඩබිම සිටියි.
සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා භික්ඛවෙ, පුරිසස්ස සමුද්දො, තස්ස රසමයො වෙගො. යො තං රසමයං වෙගං සහති, අයං වුච්චති භික්ඛවෙ, අතරි ජිව්හාසමුද්දං සඌමිං සාවට්ටං සගාහං සරක්ඛසං තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො. කායං -පෙ- මනො භික්ඛවෙ, පුරිසස්ස සමුද්දො, තස්ස ධම්මමයො වෙගො. යො තං ධම්මමයං වෙගං සහති, අයං වුච්චති භික්ඛවෙ, අතරි මනොසමුද්දං සඌමිං සාවට්ටං සගාහං සරක්ඛසං තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො.
කන ... නැහැය ... මහණෙනි මිනිසාගේ දිව මුහුදෙකි. එහි රසමුවා වේගය වේ. යමෙක් ඒ රසමුවා වේගය ඉවසා නම් මහණෙනි මේ තෙමේ රළ සහිත සුළි සහිත සැඩමසුන් සහිත රකුසන් සහිත දිව නමැති මුහුද තරණය කෙළේ ය යි කියනු ලැබේ. (චතුරෝඝය) තරණය කළ පරතෙරට පැමිණි ඒ බමුණු තෙමේ (නිවන් නමැති) ගොඩබිම සිටී. කය .... මහණෙනි මිනිසාගේ සිත මුහුදෙකි. එහි දහම්මුවා වේගය වේ. යමෙක් ඒ දහම්මුවා වේගය ඉවසා නම්, මහණෙනි මේ තෙමේ රළ සහිත සුළි සහිත සැඩමසුන් සහිත රකුසන් සහිත සිත නමැති මුහුද තරණය කෙළේ ය යි කියනු ලැබේ. (චතුරෝඝය) තරණය කළ පරතෙරට පැමිණි ඒ බමුණු තෙමේ (නිවන් නමැති) ගොඩබිම සිටියි.
යො ඉමං සමුද්දං සගාහං සරක්ඛසං සඌමිභයං දුත්තරං අච්චතරි ස වෙදගූ වුසිතබ්රහ්මචරියො ලොකන්තගූ පාරගතොති වුච්චතීති.
යමෙක් සැඬමසුන් සහිත රකුසන් සහිත රළබිය සහිත තරණය කිරීමට අපහසු මේ මුහුද තරණය කෙළේ නම් හෙතෙමේ මගනැණින් නිවන් අවබෝධ කෙළේ වැස නිම වූ බඹසර ඇතියේ ලොව කෙළවරට ගියේ නිවන් නමැති පරතෙරට පැමිණියේ ය යි කියනු ලැබේ යි.