දුක්ඛධම්මසුත්තං
1. 19. 7.
1. 19. 7.
දුක්ඛධම්මසුත්තං
දුක්ඛධම්ම සූත්රය
244. යතො ඛො භික්ඛවෙ භික්ඛු සබ්බෙසං යෙව දුක්ඛධම්මානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති. තථා ඛො පනස්ස කාමා දිට්ඨා හොන්ති, යථාස්ස කාමෙ පස්සතො යො කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො කාමමුච්ඡා කාමපරිළාහො සො නානුසෙති. තථා ඛො පනස්ස චාරො ච විහාරො ච අනුබුද්ධො හොති, යථා චරන්තං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා නානුස්සවන්ති.
244. මහණෙනි, මහණ යම් කලෙක සියලු ම දුක්දහමුන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද, යම් පරිද්දකින් කාමයන් දක්නා ඔහුට කාමයන්හි ආශාවෙක් කාමයන්හි සතුටු වීමෙක් කාමයන්හි මුසපත් වීමෙක් කාමයන්හි දැවිල්ලෙක් වේ නම් එය නො නැසී පවතී ද, එපරිද්දෙන් ඔහු විසින් කාමයෝ දක්නා ලද්දාහු වෙති. අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල්දහම්හු යම්පරිද්දකින් හැසිරෙන්නහු වෙසෙන්නහු අනුව වැගිරෙත් නම් එපරිද්දෙන් හැසිරීමත් විසීමත් ඔහු විසින් අවබෝධ කරන ලද්දේ වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු සබ්බෙසංයෙව දුක්ඛධම්මානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති ඉති රූපං, ඉතිරූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථගමො; ඉති සඤ්ඤා -පෙ- ඉති සඤ්ඤාය අත්ථගමො ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථගමො; ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථගමොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු සබ්බෙසංයෙව දුක්ඛධම්මානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති.
මහණෙනි, කෙසේ නම් මහණ සියලු ම දුක් දහමුන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනි ද යත්: රූපය මෙසේ ය. රූපයේ හටගැන්ම මෙසේ ය රූපයේ අස්තඞ්ගමය මෙසේ ය. වේදනාව මෙසේ ය. වේදනාවේ හටගැන්ම මෙසේ ය. වේදනාවේ අස්තඞ්ගමය මෙසේ ය. සඤ්ඤාව මෙසේ ය. සඤ්ඤාවේ හටගැන්ම මෙසේ ය. සඤ්ඤාවේ අස්තඞ්ගමය මෙසේ ය. සඞ්ඛාර මෙසේ ය. සඞ්ඛාරයන්ගේ හටගැන්ම මෙසේ ය. සඞ්ඛාරයන්ගේ අස්තඞ්ගමය මෙසේ ය. විඤ්ඤාණය මෙසේ ය. විඤ්ඤාණයේ හටගැන්ම මෙසේ ය. විඤ්ඤාණයේ අස්තඞ්ගමය මෙසේ ය යි. මහණෙනි, මෙසේ මහණ සියලු ම දුක්දහමුන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී.
කථඤ්ච භික්ඛවෙ භික්ඛුනො කාමා දිට්ඨා හොන්ති යථාස්ස කාමෙ පස්සතො යො කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො කාමමුච්ඡා කාමපරිළාහො සො නානුසෙති. සෙය්යථාපි භික්ඛවෙ අඞ්ගාරකාසු සාධිකපොරිසා පුණ්ණා අඞ්ගාරානං වීතච්චිකානං වීතධූමානං. අථ පුරිසො ආගච්ඡෙය්ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛපටික්කූලො. තමෙනං ද්වෙ බලවන්තො පුරිසා නානාබාහාසු ගහෙත්වා තං අඞ්ගාරකාසුං උපකඩ්ඪෙය්යුං. සො ඉති චිති චෙව කායං සන්නාමෙය්ය. තං කිස්ස හෙතු ඤාතං හි භික්ඛවෙ තස්ස පුරිසස්ස හොති: ‘ඉමඤ්චාහං අඞ්ගාරකාසුං පපතිස්සාමි, තතොනිදානං මරණං වා නිගච්ඡාමි මරණමත්තං වා දුක්ඛ’න්ති. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛුනො අඞ්ගාරකාසූපමා කාමා දිට්ඨා හොන්ති, යථාස්ස කාමෙ පස්සතො, යො කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො කාමමුච්ඡා කාමපරිළාහො සො නානුසෙති.
මහණෙනි, යම් පරිද්දකින් කාමයන් දක්නා ඔහුට කාමයන්හි යම් කාමච්ඡන්දයෙක් කාමස්නේහයෙක් කාමමූර්ඡායෙක් කාමපරිදාහයෙක් වේ නම් එය නො නැසී පවතී ද (එපරිද්දෙන්) කෙසේ නම් මහණහු විසින් කාමයෝ දක්නා ලද්දාහු වෙත් ද යත්: මහණෙනි, යම් සේ පහ වූ ගිනිසිළු ඇති පහ වූ දුම් ඇති අඟුරුවලින් පිරුණු පුරිස් පමණින් වැඩි අඟුරු වළෙක් වේ ද, එකල්හි ජීවත්වනු කැමති නො මැරෙනු කැමති සුව කැමති දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ ය. බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඒ මොහු වෙන් වෙන්ව අත්හි ගෙන ඒ අඟුරුවළ කරා අදනාහු ය. හෙතෙමේ මෙසේත් මෙසේත් කය නමන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඒ පුරුෂයා විසින් “මම මේ අඟුරුවළට වැටෙන්නෙම් නම් ඒ හේතු කොට ගෙන මරණයට හෝ මරණය පමණ දුකට හෝ පැමිණෙමි යි දන්නා ලද්දේ ම වෙයි. (එහෙයිනි) මහණෙනි, එසෙයින් ම යම් පරිද්දකින් කාමයන් දක්නා වූ ඔහුට කාමයන්හි යම් කාමච්ඡන්දයෙක් කාමස්නේහයෙක් කාමමූර්ඡායෙක් කාමපරිදාහයෙක් වේ නම් එය නො සිඳී පවතී ද, (එපරිද්දෙන් ම) මහණහු විසින් අඟුරුවළ උපමා කොට ඇති කාමයෝ දක්නා ලද්දාහු වෙති.
කථඤ්ච භික්ඛවෙ භික්ඛුනො චාරො ච විහාරො ච අනුබුද්ධො හොති, යථා චරන්තං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා නානුස්සවන්ති, සෙය්යථාපි භික්ඛවෙ පුරිසො බහුකණ්ටකං දායං පවිසෙය්ය; තස්සස්ස පුරතොපි කණ්ටකො, පච්ඡතො පි කණ්ටකො, උත්තරතොපි කණ්ටකො, දක්ඛිණතොපි කණ්ටකො, හෙට්ඨතොපි කණ්ටකො, උපරිතොපි කණ්ටකො. සො සතො ව අභික්කමෙය්ය සතො පටික්කමෙය්ය; මා මං කණ්ටකොති. එවං ඛො භික්ඛවෙ යං ලොකෙ පියරූපං සාතරූපං අයං වුච්චති අරියස්ස විනයෙ කණ්ටකො; තං කණ්ටකොති ඉති විදිත්වා සංවරො ච අසංවරො ච වෙදිතබ්බො.
මහණෙනි, අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු යම් පරිදකින් හැසිරෙන්නාහු වෙසෙන්නහු අනුව වැගිරෙත් නම් (එපරිද්දෙන්) මහණහු විසින් කෙසේ නම් හැසිරීමත් විසීමත් අවබෝධ කරන ලද්දේ වේ ද යත්: මහණෙනි, යම්සේ පුරුෂයෙක් බොහෝ කටු ඇති වනයකට පිවිසෙන්නේ ද, ඔහු ඉදිරියෙනු දු කටු වන්නේ ය. පිටිපසිනු දු කටු වන්නේ ය. උතුරෙනු දු කටු වන්නේ ය. දකුණෙනු දු කටු වන්නේ ය. යටිනු දු කටු වන්නේ ය. උඩිනු දු කටු වන්නේ ය. හෙතෙමේ කටු මා නහමක් පෙළාවා යි සිහි ඇත්තේ ම ඉදිරියට යන්නේ ය. සිහි ඇත්තේ ම පෙරළා එන්නේ ය. මහණෙනි, මෙසේ ලොව යමක් පියදෑ නම් මිහිරිදෑ නම් මෙය සස්නෙහි කටු යයි කියනු ලැබේ. එය කටු යයී මෙසේ දැන සංවරයත් අසංවරයත් දත යුත්තේ ය.
කථඤ්ච භික්ඛවෙ අසංවරො හොති ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ අධිමුච්චති, අප්පියරූපෙ රූපෙ ව්යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති, යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති; සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ-
මහණෙනි, කෙසේ නම් අසංවර වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක ප්රියස්වරූප වූ රූපයෙහි ඇලේ ප්රියස්වරූප නො වූ රූපයෙහි කිපෙයි. නො එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් මද සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ඒ ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්රඥාවත් තතුසේ නො දනී. කනින් සද අසා … නැහැයෙන් ගඳ ගෙන ... දිවින් රස විඳ … කයින් පහස පැහැස …
මනසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ අධිමුච්චති, අප්පියරූපෙ ධම්මෙ ව්යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. එවං ඛො භික්ඛවෙ අසංවරො හොති.
සිතින් දහම් දැන ප්රිය ස්වරූප වූ දහම්හි ඇලෙයි. ප්රිය ස්වරූප නො වූ දහම්හි කිපෙයි. නො එළඹ සිටි කාගියාසිහි ඇත්තේත් මඳසිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ඒ ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්රඥාවත් තතුසේ නො දනී. මහණෙනි, මෙසේ අසංවර වේ.
කථඤ්ච භික්ඛවෙ සංවරො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ නාධිමුච්චති, අප්පියරූපෙ රූපෙ න ව්යාපජ්ජති, උපට්ඨිතකායසති ච විහරති අප්පමාණචෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති, යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති; සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ නාධිමුච්චති, අප්පියරූපෙ ධම්මෙ න ව්යාපජ්ජති, උපට්ඨිතකායස්සති ච විහරති අප්පමාණ චෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති, යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති; එවං ඛො භික්ඛවෙ සංවරො හොති.
මහණෙනි, කෙසේ නම් සංවර වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ ඇසින් රූ දැක ප්රියස්වරූප වූ රූහි නො ඇලෙයි. ප්රියස්වරූප නො වූ රූපයෙහි නො කිපෙයි. එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් නො පමණ සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ඒ ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්රඥාවත් තතුසේ දනී. කනින් සද අසා … නැහැයෙන් ගඳ ගෙන ... දිවින් රස විඳ … කයින් පහස් පැහැස … සිතින් දහම් දැන පියදෑ වූ දහම්හි නො ඇලෙයි. නො පිය වූ දහම්හි නො කිපෙයි. එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් නො පමණ සිහි ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ඒ ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්රඥාවත් තතු සේ දනී. මහණෙනි මෙසේ සංවර වේ.
තස්ස චෙ භික්ඛවෙ, භික්ඛුනො එවං චරතො එවං විහරතො කදාචි කරහචි සතිසම්මොසා උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා, දන්ධො භික්ඛවෙ, සතුප්පාදො. අථ ඛො නං ඛිප්පමෙව පජහති විනොදෙති, බ්යන්තීකරොති, අනභාවං ගමෙති.
මහණෙනි, මෙසේ හැසිරෙන මෙසේ වසන ඒ මහණහට ඉදින් කිසියම් කලෙක සිහිමුළා වීමෙකින් සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල්දහම්හු උපදිත් නම් මහණෙනි, සිහිය ඉපදීම ලස් ය. වැලි දු එය වහා ම දුරු කෙරෙයි. බැහැර කෙරෙයි. කෙළවර කෙරෙයි. නැවත නො හටගන්නාබවට පමුණුවයි.
සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො දිවසසන්තත්තෙ අයොකටාහෙ ද්වෙ වා තීණි වා උදකඵුසිතානි නිපාතෙය්ය. දන්ධො භික්ඛවෙ උදකඵුසිතානං නිපාතො, අථ ඛො නං ඛිප්පමෙව පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය. එවමෙව ඛො භික්ඛවෙ, තස්ස චෙ භික්ඛුනො එවං චරතො එවං විහරතො කදාචි කරහචි සතිසම්මොසා උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා; දන්ධො භික්ඛවෙ, සතුප්පාදො. අථ ඛො නං ඛිප්පමෙව පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛුනො චාරො ච විහාරො ච අනුබුද්ධො හොති යථා චරන්තං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා නානුස්සවන්ති.
මහණෙනි, යම්සේ පුරුෂයෙක් දහවල මුළුල්ලෙහි රත් වූ යකඩ කටාරමක දියබිඳු දෙකක් හෝ තුනක් හෝ හෙලන්නේ ද මහණෙනි, දියබිඳු වැටීම ලස් ය. වැලි දු එය වහා ම ගෙවීමට නැසීමට පැමිණෙන්නේ ය. මහණෙනි, එසෙයින් ම මෙසේ හැසිරෙන මෙසේ වසන ඒ මහණහට ඉදින් කිසියම් කලෙක සිහිමුළාවෙකින් සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල්දහම්හු උපදිත් නම් මහණෙනි, සිහිය ඉපදීම ලස් ය. වැලි දු එය වහා ම දුරු කෙරෙයි. බැහැර කෙරෙයි. කෙළවර කෙරෙයි. නැවත නො හටගන්නා බවට පමුණුවයි. මහණෙනි, අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල්දහම්හු යම් පරිද්දෙකින් හැසිරෙන්නහු වෙසෙන්නහු අනුව නො වැගිරෙත් නම් (එපරිද්දෙන්) මහණහු විසින් හැසිරීමත් විසීමත් මෙසේ අවබෝධ කරන ලද්දේ වෙයි.
තඤ්චෙ භික්ඛවෙ භික්ඛුං එවං චරන්තං එවං විහරන්තං රාජානො වා රාජමහාමත්තා වා මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා භොගෙහි අභිහට්ඨුං පවාරෙය්යුං: එහම්භො පුරිස, කින්තෙ ඉමෙ කාසාවා අනුදහන්ති? කිං මුණ්ඩො කපාලමනුචරසි? එහි හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජස්සු, පුඤ්ඤානි ච කරොහීති. සො වත භික්ඛවෙ භික්ඛු එවං චරන්තො එවං විහරන්තො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සතීති නෙතං ඨානං විජ්ජති.
මහණෙනි, මෙසේ හැසිරෙන මෙසේ වසන ඒ මහණහු ඉදින් රජහු හෝ රාජමහාමාත්රයෝ හෝ මිතුරෝ හෝ ඇමතියෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ “එම්බල පුරුෂය, එව කුමක් හෙයින් මේ කහවත් තාගේ සිරුර දවද් ද? කුමක් හෙයින් මුඬුව කබලක් ගෙන හැසිරෙහි ද? එව ගිහිබවට පෙරළී සම්පත් ද අනුභව කර ව පින් ද කරව යි. සම්පත් එළවා පවරන්නාහු ද, මහණෙනි, මෙසේ හැසිරෙන මෙසේ වසන ඒ මහණ සික පිළිකෙව් කොට ගිහිබවට පෙරළෙන්නේ ය යන මේ කරුණ නැත.
සෙය්යථාපි භික්ඛවෙ ගඞ්ගානදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. අථ මහාජනකායො ආගච්ඡෙය්ය කුද්දාලපිටකං ආදාය: මයං ඉමං ගඞ්ගානදිං පච්ඡානින්නං කරිස්සාම පච්ඡාපොණං පච්ඡාපබ්භාරන්ති. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, අපි නු සො මහාජනකායො ගඞ්ගානදිං පච්ඡානින්නං කරෙය්ය පච්ඡාපොණං පච්ඡාපබ්භාරන්ති? නො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: ගඞ්ගානදී භන්තෙ පාචීන නින්නා පාචීන පොණා පාචීන පබ්භාරා, සා න සුකරා පච්ඡානින්නං කාතුං පච්ඡාපොණං පච්ඡාපබ්භාරං. යාවදෙව ච පන සො මහාජනකායො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සාති.
මහණෙනි, යම්සේ ගඞ්ගානදිය පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, එකල්හි මහාජනසමූහයක් “අපි මේ ගඞ්ගානදිය පැසුළුදිගට නැමුණක පැසුළුදිගට නැඹුරු වූවක පැසුළුදිගට බරවූවක කරන්නෙමු යි උදලු පැසි ගෙන එන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? ඒ මහජන සමූහයා ගඞ්ගා නදිය පැළදිගට නැමුණක නැඹුරු වූවක පැළදිගට බර වූවක කරන්නේ දැ? යි. වහන්ස, මෙය නො වේ මැ යි. ඒ කවර හෙයින් ද: වහන්ස, ගඞ්ගානදිය පෙරදිගට නැමුණී ය. පෙරදිගට නැඹුරු වූවා ය. පෙරදිගට බර වූවා ය. එය පැළදිගට නැමුණක පැළදිගට නැඹුරු වූවක පැළදිගට බර වූවක කරන්නට සුකර නො වේ. හුදෙක් ඒ මහජන සමූහයා වෙහෙසට දුකට හිමි වන්නේ ය (එහෙයිනි යි).
එවමෙව ඛො භික්ඛවෙ තඤ්චෙ භික්ඛුං එවං චරන්තං එවං විහරන්තං රාජානො වා රාජමහාමත්තා වා මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා භොගෙහි අභිහට්ඨුං පවාරෙය්යුං: “එහම්භො පුරිස, කින්තෙ ඉමෙ කාසාවා අනුදහන්ති? කිං මුණ්ඩො කපාලමනුචරසි? එහි හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජස්සු, පුඤ්ඤානි ච කරොහී”ති. සො පන භික්ඛවෙ භික්ඛු එවං චරන්තො එවං විහරන්තො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සතීති නෙතං ඨානං විජ්ජති, තං කිස්ස හෙතු: යං හි තං භික්ඛවෙ චිත්තං දීඝරත්තං විවෙකනින්නං විවෙකපොණං විවෙකපබ්භාරං. තථ හීනායාවත්තිස්සතීති නෙතං ඨානං විජ්ජතීති.
මහණෙනි, එසෙයින් ම මෙසේ හැසිරෙන මෙසේ වසන ඒ මහණහු ඉදින් රජහු හෝ රජ මහඇමතියෝ හෝ මිතුරෝ හෝ ඇමතියෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ ‘එම්බල පුරුෂය, එව කුමක් හෙයින් මේ කසාවත් තොපගේ සිරුර දවා ද? කුමක් හෙයින් මුඬු ව කබලක් ගෙන හැසිරෙහි ද? ඒවා ගිහිබවට පෙරළී සම්පත් ද අනුභව කරව පින් ද කරව’ යි සම්පත් එළවා පවරන්නාහු ද? මහණෙනි, මෙසේ හැසිරෙන මෙසේ වසන ඒ මහණ තෙමේ සික පිළිකෙව් කොට ගිහිබවට පෙරළෙන්නේ ය යන මේ කරුණ නැත. ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයකින් ඒ හිත දිගුකලක් මුළුල්ලෙහි විවේකයට නැමුණේ ය. විවේකයට නැඹුරු වූයේ ය. විවේකයට බර වූයේ ය, හෙ ද ගිහිබවට පෙරළෙන්නේ ය යන මේ කරුණ නැත යි.