කිංසුකොපමසුත්තං
1. 19. 8.
1. 19. 8.
කිංසුකොපමසුත්තං
කිංසුකෝපම සූත්‍රය
245. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙනඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “කිත්තාවතා නු ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී”ති? යතො ඛො ආවුසො භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති, එත්තාවතා ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතීති.
245. එකල්හි එක්තරා මහණෙක් එක්තරා මහණකු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට “ඇවැත්නි, මහණහුගේ දර්ශනය කෙතෙකින් සුවිශුද්ධ වේ දැ?”යි මෙය කී ය. ඇවැත්නි, යම් කලෙක මහණ ස්පර්ශායතන සයෙහි සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද, ඇවැත්නි, එපමණෙකින් මහණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ යයි.
අථ ඛො සො භික්ඛු අසන්තුට්ඨො තස්ස භික්ඛුස්ස පඤ්හව්යාකරණෙන යෙනඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “කිත්තාවතා නු ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී”ති? යතො ඛො ආවුසො භික්ඛු පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති, එත්තාවතා ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතීති.
එකල්හි ඒ මහණ ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ එක්තරා මහණකු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට “ඇවැත්නි, මහණහුගේ දර්ශනය කෙතෙකින් සුවිශුද්ධ වේ දැ?”යි මෙය කීය. ඇවැත්නි, මහණ යම් කලෙක පඤ්චොපාදානස්කන්ධයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද, ඇවැත්නි, එපමණෙකින් මහණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ යයි.
අථ ඛො සො භික්ඛු අසන්තුට්ඨො තස්ස භික්ඛුස්ස පඤ්හව්යාකරණෙන යෙනඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “කිත්තාවතා නු ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී”ති? යතො ඛො ආවුසො භික්ඛු චතුන්නං මහාභූතානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති. එත්තාවතා ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතීති.
එකල්හි ඒ මහණ ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ එක්තරා මහණකු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට “ඇවැත්නි, මහණහුගේ දර්ශනය කෙතෙකින් සුවිශුද්ධ වේ දැ?” යි මෙය කී ය. ඇවැත්නි, යම් කලෙක මහණ සතර මහාභූතයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද, ඇවැත්නි, එපමණෙකින් මහණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ යයි.
අථ ඛො සො භික්ඛු අසන්තුට්ඨො තස්ස භික්ඛුස්ස පඤ්හව්යාකරණෙන යෙනඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “කිත්තාවතා නු ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී”ති? යතො ඛො ආවුසො භික්ඛු “යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති” යථාභූතං පජානාති, එත්තාවතා ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතීති.
එකල්හි ඒ මහණ ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ එක්තරා මහණකු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට “ඇවැත්නි, කෙතෙකින් මහණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ දැ?” යි මෙය කී ය. ඇවැත්නි, යම් කලෙක මහණ යම් කිසිවක් හටගැනීම ස්වභාව කොට ඇත්තේ නම් ඒ සියල්ල නැසීම ස්වභාව කොට ඇත්තේ යයි තතුසේ දනී ද, ඇවැත්නි, එපමණෙකින් මහණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ යයි.
අථ ඛො සො භික්ඛු අසන්තුට්ඨො තස්ස භික්ඛුනො පඤ්හව්යාකරණෙන යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ඉධාහං භන්තෙ යෙනඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “කිත්තාවතා නු ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී”ති? එවං වුත්තෙ භන්තෙ සො භික්ඛු මං එතදවොච: යතො ඛො ආවුසො භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති, එත්තාවතා ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතීති.
එකල්හි ඒ මහණ ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, මෙහි මම එක්තරා මහණකු වෙත එළඹුනෙමි. එළඹ ඒ මහණහට “ඇවැත්නි, කෙතෙකින් මණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ දැ?” යි මෙය කීමි. වහන්ස, මෙසේ කී කල්හි ඒ මහණ මට මෙය කීය: “ඇවැත්නි, යම් කලෙක මහණ ස්පර්ශායතන සයෙහි සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද ඇවැත්නි, මෙපමණෙකින් මහණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ ය”යි.
අථ ඛ්වාහං භන්තෙ, අසන්තුට්ඨො තස්ස භික්ඛුස්ස පඤ්හව්යාකරණෙන යෙනඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “කිත්තාවතා නු ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී”ති? එවං වුත්තෙ භන්තෙ සො භික්ඛු මං එතදවොච: යතො ච ඛො ආවුසො භික්ඛු පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති -පෙ- චතුන්නං මහාභූතානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති යථාභූතං පජානාති, එත්තාවතා ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතීති.
වහන්ස, එකල්හි මම ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයෙම් එක්තරා මහණකු වෙත එළඹුනෙමි. එළඹ ඒ මහණහට “ඇවැත්නි, කෙතෙකින් මහණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ දැ”යි මෙය කීමි. වහන්ස, මෙසේ කී කල්හි ඒ මහණ මට මෙය කීය: “ඇවැත්නි, යම් කලෙක මහණ පඤ්චොපාදානස්කන්ධයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද ... සතර මහාභූතයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද ... යම් කිසිවක් හටගැනීම ස්වභාව කොට ඇත්තේ නම් ඒ සියල්ල නැසීම ස්වභාව කොට ඇත්තේ ය” යි තතුසේ දනී ද, ඇවැත්නි, මෙපමණෙකින් මහණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ යයි.
අථ ඛ්වාහං භන්තෙ, අසන්තුට්ඨො තස්ස භික්ඛුනො පඤ්හව්යාකරණෙන යෙන භගවා තෙනුපසඞ්කමි. කිත්තාවතා නු ඛො භන්තෙ භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතීති?
වහන්ස, එකල්හි මම ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයෙම් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියෙමි. වහන්ස, කෙතෙකින් මහණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ දැ? යි.
සෙය්යථාපි භික්ඛු පුරිසස්ස කිංසුකො අදිට්ඨපුබ්බො අස්ස. සො යෙනඤ්ඤතරො පුරිසො කිංසුකස්ස දස්සාවී තෙනුපසඞ්කමෙය්ය. උපසඞ්කමිත්වා තං පුරිසං එවං වදෙය්ය: “කීදිසො භො පුරිස, කිංසුකො”ති. සො එවං වදෙය්ය “කාළකො ඛො අම්භො පුරිස, කිංසුකො, සෙය්යථාපි ඣාමඛාණූති? තෙන ඛො පන භික්ඛු, සමයෙන තාදිසො වස්ස කිංසුකො යථා තස්ස පුරිසස්ස දස්සනං.
මහණ, යම්සේ පුරුෂයකු විසින් කෑලගස නුදුටුවිරූ වන්නේ ද, හෙතෙමේ කෑලගසක් දුටු එක්තරා පුරුෂයකු වෙත එළඹෙන්නේ ය. එළඹ ඒ පුරුෂයාට “පින්වත් පුරුෂය, කෑලගස කෙබඳු දැ?”යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ එම්බල පුරුෂය, “කෑලගස දාගිය කණුවක් මෙන් කළු ය”යි මෙසේ කියන්නේ ය. මහණ, ඒ පුරුෂයාගේ දැකීම යම්බඳු නම් එසමයෙහි කෑලගස එබඳු ම වන්නේ ය.
අථ ඛො සො භික්ඛු පුරිසො අසන්තුට්ඨො තස්ස පුරිසස්ස පඤ්හව්යාකරණෙන යෙනඤ්ඤතරො පුරිසො කිංසුකස්ස දස්සාවී තෙනුපසඞ්කමෙය්ය, උපසඞ්කමිත්වා තං පුරිසං එවං වදෙය්ය: “කීදිසො භො පුරිස, කිංසුකො”ති? සො එවං වදෙය්ය: “ලොහිතකො අම්භො පුරිස, කිංසුකො සෙය්යථාපි මංසපෙසී”ති. තෙන ඛො පන භික්ඛු සමයෙන තාදිසො වස්ස කිංසුකො යථා තස්ස පුරිසස්ස දස්සනං.
මහණ, එකල්හි ඒ පුරුෂ තෙමේ ඒ පුරුෂයාගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ කෑලගසක් දුටු එක්තරා පුරුෂයකු වෙත එළඹෙන්නේ ය. එළඹ ඒ පුරුෂයාට පින්වත් පුරුෂය ‘කෑලගස කෙබඳු දැ?’යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ එම්බල පුරුෂය, කෑලගස මස්වැදැල්ලක් මෙන් ලෙහෙවන්ය යි මෙසේ කියන්නේ ය. මහණ, ඒ පුරුෂයාගේ දැකුම යම්බඳු නම් එසමයෙහි කෑලගස එබඳු ම වන්නේ ය.
අථ ඛො සො භික්ඛු පුරිසො අසන්තුට්ඨො තස්ස පුරිසස්ස පඤ්හව්යාකරණෙන යෙනඤ්ඤතරො පුරිසො කිංසුකස්ස දස්සාවී තෙනුපසඞ්කමෙය්ය, උපසඞ්කමිත්වා තං පුරිසං එවං වදෙය්ය: කීදිසො භො පුරිස, කිංසුකොති? සො එවං වදෙය්ය: ඔචීරකජාතො ඛො අම්භො පුරිස, කිංසුකො ආදින්නසිපාටිකො, සෙය්යථාපි සිරීසොති. තෙන ඛො පන භික්ඛු සමයෙන තාදිසොවස්ස කිංසුකො යථා තස්ස පුරිසස්ස දස්සනං.
මහණ, එකල්හි ඒ පුරුෂ තෙමේ එ පුරුෂයාගේ පැනවිසඳීමෙන් නො සතුටු වූයේ කෑලගසක් දුටු එක්තරා පුරුෂයකු වෙත එළඹෙන්නේ ය. එළඹ ඒ පුරුෂයාට ‘පින්වත් පුරුෂය, කෑලගස කෙබඳු දැ?’යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ ‘එම්බල පුරුෂය, කෑලගස මහරි ගසක් මෙන් පැලුණු කරල් ඇත්තේ ගැලවුණු පොතු ඇත්තේ ය’යි මෙසේ කියන්නේ ය. මහණ, ඒ පුරුෂයාගේ දැකුම යම්බඳු නම් එසමයෙහි කෑලගස එබඳු ම වන්නේ ය.
අථ ඛො සො භික්ඛු පුරිසො අසන්තුට්ඨො තස්ස පුරිසස්ස පඤ්හව්යාකරණෙන යෙනඤ්ඤතරො පුරිසො කිංසුකස්ස දස්සාවී තෙනුපසඞ්කමෙය්ය, උපසඞ්කමිත්වා තං පුරිසං එවං වදෙය්ය: කීදිසො භො පුරිස, කිංසුකොති? සො එවං වදෙය්ය බහලපත්තපලාසො ඛො අම්භො පුරිස, කිංසුකො සන්දච්ඡායො සෙය්යථාපි නිග්රොධොති. තෙන ඛො පන භික්ඛු සමයෙන තාදිසොවස්ස කිංසුකො යථා තස්ස පුරිසස්ස දස්සනං. එවමෙව ඛො භික්ඛු යථා යථා අධිමුත්තානං තෙසං සප්පුරිසානං දස්සනං සුවිසුද්ධං, තථා තථා තෙහි තෙහි සප්පුරිසෙහි බ්යාකතං.
මහණ, එකල්හි ඒ පුරුෂ තෙමේ ඒ පුරුෂයාගේ පැන විසඳීමෙන් නො සතුටු වූයේ කෑලගසක් දුටු එක්තරා පුරුෂයකු වෙත එළඹෙන්නේ ය. එළඹ ඒ පුරුෂයාහට පින්වත් පුරුෂය, කෑලගස කෙබඳු දැ? යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ ‘එම්බල පුරුෂය, කෑලගස නුගරුකක් මෙන් ගනසෙවණ ඇත්තේ ය’යි මෙසේ කියන්නේ ය. මහණ, ඒ පුරුෂයාගේ දැක්ම යම්බඳු නම් එසමයෙහි කෑලගස එබඳු ම වන්නේ ය. මහණ, එසෙයින් ම යම් යම් පරිදි අවබෝධ කරන ලද ඒ සත්පුරුෂයන්ගේ දැක්ම සුපිරිසිදු වී නම් ඒ ඒ සත්පුරුෂයන් විසින් ඒ ඒ පරිද්දෙන් පවසන ලද්දේ ය.
සෙය්යථාපි භික්ඛු රඤ්ඤො පච්චන්තිමං නගරං දළ්හුද්දාපං දළ්හ පාකාරතොරණං ඡද්වාරං. තත්රස්ස දොවාරිකො පණ්ඩිතො ව්යත්තො මෙධාවී අඤ්ඤාතානං නිවාරෙතා ඤාතානං පවෙසෙතා. පුරත්ථිමාය දිසාය ආගන්ත්වා සීඝං දූතයුගං තං දොවාරිකං එවං වදෙය්ය: “කහත්‍ථම්භො පුරිස, ඉමස්ස නගරස්ස නගරසාමී”ති? සො එවං වදෙය්ය: එසො භන්තෙ මජ්ඣෙ සිංඝාටකෙ නිසින්නොති.
මහණ, යම්සේ රජකුගේ දැඩි පවුරුපදනම් ඇති දැඩි උපකාරිකා ඇති දැඩි පව්රුතොරන් ඇති සදොරක් ඇති පසල් නුවරෙක් වේ ද, එහි පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැති නො හඳුනන්නවුන් වලක්වන හඳුනන්නවුන් පිවිසවන දොරටුපල්ලෙක් වන්නේ ය. ශීඝ්‍රගමන් ඇති දූත යුවළක් පෙරදිගින් අවුත් ඒ දොරටුපල්ලාට “එම්බල පුරුෂය, මේ නුවර නුවරහිමියා කොහි දැ?” යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ ස්වාමීනි, මෙතෙමේ මැද සිවුමංසලෙහි හුන්නේ යයි මෙසේ කියන්නේ ය.
අථ ඛො තං සීඝං දූතයුගං නගරසාමිස්ස යථාභූතං වචනං නිය්යාතෙත්වා යථාගතමග්ගං පටිපජ්ජෙය්ය. පච්ඡිමාය දිසාය ආගන්ත්වා සීඝං දූතයුගං -පෙ- උත්තරාය දිසාය ආගන්ත්වා සීඝං දූතයුගං -පෙ- දක්ඛිණාය දිසාය ආගන්ත්වා සීඝං දූතයුගං තං දොවාරිකං එවං වදෙය්ය: “කහත්‍ථම්භො පුරිස ඉමස්ස නගරස්ස නගරසාමීති? සො එවං වදෙය්ය: “එසො භන්තෙ මජ්ඣෙ සිංඝාටකෙ නිසින්නො”ති. අථ ඛො තං සීඝං දූතයුගං නගරසාමිස්ස යථාභූතං වචනං නීය්යාතෙත්වා යථාගතමග්ගං පටිපජ්ජෙය්ය.
එකල්හි ඒ ශීඝ්රදූත යුවල නුවරහිමියාට වූපරිදි වචනය පවරා දී ආ මගට පිළිපදනේ ය. ශීඝ්රදූතයුවළක් පැළදිගින් අවුත් ... ශීඝ්රදූතයුවළක් උතුරුදිගින් අවුත් … ශීඝ්රදූතයුවළක් දකුණුදිගින් අවුත් ඒ දොරටුපල්ලාට “එම්බා පුරුෂය, මෙනුවර නුවරහිමියා කොහි දැ?” යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ ස්වාමීනි , මේ තෙමේ මැද සිවුමංසලෙහි හුන්නේ යයි මෙසේ කියන්නේ ය. එකල්හි ඒ ශීඝ්රදූතයුවළ නුවරහිමියාට වූපරිදි වචනය පවරා දී ආ මගට පිළිපදනේ ය.
උපමා ඛො ම්යායං භික්ඛු කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයඤ්චෙත්ථ අත්ථො: නගරන්ති ඛො භික්ඛු ඉමස්සෙතං චාතුමහාභූතිකස්ස කායස්ස අධිවචනං. මාතාපෙත්තිකසම්භවස්ස ඔදනකුම්මාසූපචයස්ස අනිච්චුච්ඡාදන පරිමද්දන භෙදන විද්ධංසන ධම්මස්ස. ඡද්වාරන්ති ඛො භික්ඛු, ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං. දොවාරිකොති ඛො භික්ඛු සතියා එතං අධිවචනං. සීඝං දූතයුගන්ති ඛො භික්ඛු සමථවිපස්සනානෙතං අධිවචනං. නගරසාමීති ඛො භික්ඛු විඤ්ඤාණස්සෙතං අධිවචනං. මජ්ඣෙ සිඞ්ඝාටකොති ඛො භික්ඛු චතුන්නෙතං මහාභූතානං අධිවචනං: පඨවීධාතුයා ආපොධාතුයා තෙජොධාතුයා වායොධාතුයා. යථාභූතවචනන්ති ඛො භික්ඛු නිබ්බානස්සෙතං අධිවචනං. යථාගතමග්ගොති ඛො භික්ඛු අරියස්සෙතං අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස අධිවචනං සෙය්යථිදං: සම්මාදිට්ඨියා -පෙ- සම්මාසමාධිස්සාති.
මහණ, අරුත ඇඟවීම පිණිස මා විසින් මේ උපමාවක් කරන ලදී. මේ මෙහි අරුත යි. මහණ, නුවරය යනු මවුපියන්ගෙන් හටගත් බතින් හා කොමුපිඬුයෙන් වැඩුණු අනිස වූ ඉලීම පිරිමැදීම බිදීම වැනසීම ස්වභාව කොට ඇති සතර මහාභූතමය වූ මේ සිරුරට තෙල නමෙකි. මහණ, සදොර ය යනු අධ්‍යාත්මික ෂඩායතනයට මේ නමෙකි. මහණ, දොරටුපල්ලා ය යනු සිහියට මේ නමෙකි . මහණ, ශීඝ්රදූත යුවළය යනු සමථවිදර්ශනාවන්ට මේ නමෙකි. මහණ, නුවරහිමියා යනු විඤ්ඤාණයට මේ නමෙකි. මහණ, මැද සිවුමංසලය යනු පඨවිධාතුවට ද ආපෝධාතුවට ද තේජෝධාතුවට ද වායොධාතුවට ද යන සතර මහාභුතයන්ට මේ නමෙකි. මහණ, වූපරිදි වචනය යනු නිවනට මේ නමෙකි. මහණ, ආ මග ය යනු අරීඅටඟිමගට එනම් සම්මාදිට්ඨියට ද … සම්මසමාධියට ද මේ නමෙකි යි.