යෙදුමෙන් කියවන්න

අට‍්ඨසතපරියායසුත‍්තං

2. 3. 2.

2. 3. 2.

අට‍්ඨසතපරියායසුත‍්තං

අට්ඨසතපරියාය සූත්‍රය

270. අට‍්ඨසතපරියායං වො භික‍්ඛවෙ ධම‍්මපරියායං දෙසිස‍්සාමි. තං සුණාථ. කතමො ච භික‍්ඛවෙ අට‍්ඨසතපරියායො ධම‍්මපරියායො: ද‍්වෙපි මයා භික‍්ඛවෙ වෙදනා වුත‍්තා පරියායෙන, තිස‍්සොපි මයා වෙදනා වුත‍්තා පරියායෙන, පඤ‍්චපි මයා වෙදනා වුත‍්තා පරියායෙන, ඡපි මයා වෙදනා වුත‍්තා පරියායෙන, අට‍්ඨාරසාපි මයා වෙදනා වුත‍්තා පරියායෙන, ඡත‍්තිංසාපි මයා වෙදනා වුත‍්තා පරියායෙන, අට‍්ඨසතම‍්පි මයා වෙදනා වුත‍්තා පරියායෙන.

270. මහණෙනි, අට්ඨසතපරියාය නම් වූ දහම්නය තොපට දේශනා කරන්නෙමි. එය අසවු, මහණෙනි, අට්ඨසතපරියාය නම් වූ දහම්නය කවරේ ද යත්: මහණෙනි, මා විසින් නය වශයෙන් වේදනා දෙකෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා තුනෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා පසෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා සයෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා අටළොසෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා සතිසෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා අටෝරාසියෙකුදු කියන ලදී.

කතමා ච භික‍්ඛවෙ ද‍්වෙ වෙදනා: කායිකා ච චෙතසිකා ච, ඉමා වුච‍්චන‍්ති භික‍්ඛවෙ ද‍්වෙ වෙදනා. කතමා ච භික‍්ඛවෙ තිස‍්සො වෙදනා: සුඛා වෙදනා දුක‍්ඛා වෙදනා අදුක‍්ඛමසුඛා වෙදනා, ඉමා වුච‍්චන‍්ති භික‍්ඛවෙ තිස‍්සො වෙදනා. කතමා ච භික‍්ඛවෙ පඤ‍්ච වෙදනා: සුඛින්‍ද්‍රියං දුක‍්ඛින්‍ද්‍රියං සොමනස‍්සින්‍ද්‍රියං දොමනස‍්සින්‍ද්‍රියං උපෙක‍්ඛින්‍ද්‍රියං, ඉමා වුච‍්චන‍්ති භික‍්ඛවෙ පඤ‍්ච වෙදනා. කතමා ච භික‍්ඛවෙ ඡ වෙදනා: චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා සොත -පෙ- ඝාන -පෙ- ජිව‍්හා -පෙ- කාය -පෙ- මනොසම‍්ඵස‍්සජා වෙදනා, ඉමා වුච‍්චන‍්ති භික‍්ඛවෙ ඡ වෙදනා.

මහණෙනි, වේදනා දෙක කවරේ ද යත්: කායික වේදනාව ද චේතසික වේදනාව දැ යි. මහණෙනි, මොහු වේදනා දෙක යයි කියනු ලැබෙත්. මහණෙනි, වේදනා තුන කවරේ ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, මැදහත් වේදනා ය යි. මහණෙනි, මොහු වේදනා තුන යයි කියනු ලැබෙත්. මහණෙනි, වේදනා පස කවරේද යත්: සුඛින්‍ද්‍රිය ය, දුක්ඛින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, දෝමනස්සින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි, මහණෙනි, මොහු වේදනා පස යයි කියනු කියනු ලැබෙත්. මහණෙනි, වේදනා සය කවරේ ද යත්: චක්ඛුසම්ඵස්සයෙන් හටගත් හටගත් වේදනා ය, සෝත … ඝාන … ජිව්හා … කාය … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනා යි. මහණෙනි, මොහු වේදනා සය යයි කියනු ලැබෙත්.

කතමා ච භික‍්ඛවෙ අට‍්ඨාරස වෙදනා: ඡ සොමනස‍්සූපවිචාරා ඡ දොමනස‍්සූපවිචාරා ඡ උපෙක‍්ඛූපවිචාරා, ඉමා වුච‍්චන‍්ති භික‍්ඛවෙ අට‍්ඨාරස වෙදනා. කතමා ච භික‍්ඛවෙ ඡත‍්තිංස වෙදනා: ඡ ගෙහසිතානි සොමනස‍්සානි ඡ නෙක‍්ඛම‍්මසිතානි සොමනස‍්සානි ඡ ගෙහසිතානි දොමනස‍්සානි ඡ නෙක‍්ඛම‍්මසිතානි දොමනස‍්සානි ඡ ගෙහසිතා උපෙක‍්ඛා ඡ නෙක‍්ඛම‍්මසිතා උපෙක‍්ඛා, ඉමා වුච‍්චන‍්ති භික‍්ඛවෙ ඡත‍්තිංස වෙදනා. කතමා ච භික‍්ඛවෙ අට‍්ඨසත වෙදනා: අතීතා ඡත‍්තිංස වෙදනා, අනාගතා ඡත‍්තිංස වෙදනා, පච‍්චුප‍්පන‍්නා ඡත‍්තිංස වෙදනා, ඉමා වුච‍්චන‍්ති භික‍්ඛවෙ අට‍්ඨසතවෙදනා. අයං භික‍්ඛවෙ අට‍්ඨසතපරියායො ධම‍්මපරියායොති.

මහණෙනි, වේදනා අටළොස කවරේ ද යත්: සොම්නස සමග හැසිරෙන සයය, දොම්නස සමග හැසිරෙන සයය, මැදහත් බව සමග හැසිරෙන සය යි. මහණෙනි, මොහු වේදනා අටළොස යි කියනු ලැබෙත්. මහණෙනි, වේදනා සතිස කවරේ ද යත්: පස්කම් ගුණ ඇසුරු කළසොම්නස් සය ය, නෙක්ඛම්මය ඇසුරු කළ සොම්නස් සය ය, පස්කම් ගුණ අසුරුකළ දොම්නස් සය ය. නෙක්ඛම්මය ඇසුරුකළ දොම්නස් සය ය. පස්කම්ගුණ ඇසුරුකළ උපේක්‍ෂා සය යි. නෙක්ඛම්මය ඇසුරුකළ උපේක්‍ෂා සය යි. මහණෙනි, මොහු වේදනා සතිසැ යි කියනු ලැබෙත්. මහණෙනි වේදනා එක්සියඅට කවරේ ද යත්: අතීත සතිස් වේදනා ය, අනාගත සතිස් වේදනා ය, පච්චුප්පන්න සතිස් වේදනා යි. මහණෙනි, මොහු වේදනා එක්සිය අට යයි කියනු ලැබෙත්. මහණෙනි, මේ අට්ඨසතපරියාය නම් වූ දහම් නය යි.