භික්ඛුසුත්තං
2. 3. 3.
2. 3. 3.
භික්ඛුසුත්තං
භික්ඛු සූත්‍රය
271. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: කතමා නු ඛො භන්තෙ වෙදනා? කතමො වෙදනාසමුදයො? කතමා වෙදනාසමුදයගාමිනී පටිපදා? කතමො වෙදනානිරොධො? කතමා වෙදනානිරොධගාමිනී පටිපදා? කො වෙදනාය අස්සාදො? කො ආදීනවො? කිං නිස්සරණන්ති?
271. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය … එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය: වහන්ස, වේදනාවෝ කවරහු ද? වේදනා සමුදය කවරේ ද? වේදනා සමුදයගාමිනිපටිපදාව කවර ද? වේදනා නිරෝධය කවරේ ද? වේදනානිරෝධගමිනි පටිපදාවකවර ද? වේදනාවේ අස්සාදය කවරේ ද? ආදීනවය කවරේද? නිස්සරණය කුමක් දැ? යි.
තිස්සො ඉමා භික්ඛු වෙදනා. සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. ඉමා වුච්චන්ති භික්ඛු වෙදනා. ඵස්සසමුදයා වෙදනාසමුදයො. තණ්හා වෙදනාසමුදයගාමිනී පටිපදා. ඵස්සනිරොධා වෙදනානිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො වෙදනානිරොධගාමිනී පටිපදා. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. යං වෙදනං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං අයං වෙදනාය අස්සාදො. යා වෙදනා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා අයං වෙදනාය ආදීනවො. යො වෙදනාය ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං වෙදනාය නිස්සරණන්ති.
මහණ, මේ වේදනා තුනෙකි. සුව වේදනා ය, දුක්වේදනා ය, මැදහත් වේදනා යි. මහණ, මොහු වේදනා යි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වේදනා සමුදය වේ. තණ්හාව වේදනාසමුදයගාමිනිපටිපදාව යි. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරිඅටඟිමග ම වේදනානිරෝධගාමිනීපටිපදාව යි. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධි යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ වේදනාවේ ආස්වාද යි. යම් වේදනාවක් අනිස නම් දුක් නම් වෙනස්වනසුලු නම් මේ වේදනාවේ ආදීනව යි. වේදනායෙහි යම් ඡන්දරාගය දුරැ කිරීමෙක් ඡන්දරාගය ප්‍රහාණයෙක් වේ නම් මේ වේදනාවේ නිස්සරණ යි.