පුබ්බෙසුත්තං
2. 3. 4.
2. 3. 4.
පුබ්බෙසුත්තං
පුබ්බේ සූත්‍රය
272. පුබ්බෙව මෙ භික්ඛවෙ සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි: කතමා නු ඛො වෙදනා, කතමො වෙදනාසමුදයො, කතමා වෙදනාසමුදයගාමිනී පටිපදා, කතමො වෙදනානිරොධො, කතමා වෙදනානිරොධගාමිනී පටිපදා, කො වෙදනාය අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණන්ති.
272. මහණෙනි, සම්බෝධියෙන් පෙර ම චතුස්සත්‍යාවබෝධය නො කළ බෝසත් වූ මැ මට මේ සිත විය. වේදනා කවරහු ද, වේදනා සමුදය කවරේ ද, වේදනාසමුදයගමිනී පටිපදාව කවර ද? වේදනානිරෝධය කවරේද, වේදනානිරෝධගාමිනී පටිපදාව කවර ද, වේදනාවේ ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් දැ යි.
තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: තිස්සො ඉමා වෙදනා, සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා වුච්චන්ති වෙදනා. ඵස්සසමුදයා වෙදනාසමුදයො. තණ්හා වෙදනාසමුදයගාමිනී පටිපදා -පෙ- යො වෙදනාය ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං. ඉදං වෙදනාය නිස්සරණන්ති.
මහණෙනි, ඒ මට මේ සිත විය: මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක් වේදනා ය, මැදහත් වේදනා යි. මොහු වේදනා යි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වේදනාසමුදය වේ. තණ්හාව වේදනාසමුදයගමිනී පටිපදාව යි … වේදනායෙහි යම් ඡන්දරාගය දුරුකිරීමේක් ඡන්දරාගය පැහීමෙක් වේ නම් මේ වේදනායෙහි නිස්සරණ යි.
2. 3. 5.
2. 3. 5.
ඤාණසුත්තං
ඤාණ සූත්‍රය
273. ඉමා වෙදනාති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. අයං වෙදනාසමුදයොති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. අයං වෙදනාසමුදයගාමිනී පටිපදාති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි, අයං වෙදනා නිරොධොති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි, අයං වෙදනානිරොධගාමිනී පටිපදාති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු -පෙ- අයං වෙදනාය අස්සාදොති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු -පෙ- අයං වෙදනාය ආදීනවොති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු -පෙ- ඉදං වෙදනාය නිස්සරණන්ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලොකො උදපාදීති.
273. මහණෙනි, මොහු වේදනාවෝ ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය. විදු පහල විය. පැන පහළ විය. නැණ පහළ විය. එළිය පහළ විය. මහණෙනි, මේ වේදනා සමුදය ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය … එළිය පහළ විය. මහණෙනි, මේ වේදනාසමුදයගමිනී පටිපදාව ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය. ... එළිය පහළ විය. මහණෙනි, මේ වේදනානිරෝධ ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය. ... එළිය පහළ විය. මහණෙනි, මේ වේදනානිරෝධගාමිනී පටිපදාව ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ... මහණෙනි, මේ වේදනාවේ ආස්වාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට … මහණෙනි, මේ වේදනාවේ ආදීනවය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ... මහණෙනි, මේ වේදනාවේ නිස්සරණ ය යි පෙර නො ඇසූ විරූ දහම්හි ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ වී ය යි.
2. 3. 6.
2. 3. 6.
සම්බහුලභික්ඛුසුත්තං
සම්බහුලභික්ඛු සූත්‍රය
274. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු -පෙ- එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: කතමා නු ඛො භන්තෙ වෙදනා? කතමො වෙදනාසමුදයො? කතමා වෙදනාසමුදයගාමිනීපටිපදා? කතමො වෙදනානිරොධො? කතමා වෙදනානිරොධගාමිනී පටිපදා? කො වෙදනාය අස්සාදො? කො ආදීනවො? කිං නිස්සරණන්ති?
274. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, වේදනාවෝ කවරහු ද? වේදනාසමුදය කවරේ ද? වේදනාසමුදයගාමිනී පටිපදාව කවර ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවර ද? වේදනාවේ අස්වාදය කිමෙක් ද? ආදිනාවය කිමෙක් ද? නිස්සරණය කිමෙක් දැ? යි.
තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා වුච්චන්ති භික්ඛවෙ වෙදනා. ඵස්සසමුදයා වෙදනාසමුදයො. තණ්හා වෙදනාසමුදයගාමිනී පටිපදා. ඵස්සනිරොධා වෙදනානිරොධො. -පෙ- යො වෙදනාය ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං. ඉදං වෙදනාය නිස්සරණන්ති.
මහණෙනි, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, මැදහත් වේදනා යි. මහණෙනි, මොහු වේදනා යි කියනු ලැබෙත්, ඵස්සසමුදයයෙන් වේදනා සමුදය ය වේ. තණ්හාව වේදනාසමුදයගාමිනී පටිපදාව යි. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ ... වේදනාවෙහි යම් ඡන්දරාගය දුරලීමෙක් යම් ඡන්දරාගය ප්‍රහාණයෙක් වේ නම් මෙය වේදනාවේ නිස්සරණ යි.
2. 3. 7.
2. 3. 7.
සමණබ්රාහ්මණසුත්තං
සමණබ්‍රාහ්මණ සූත්‍රය
275. තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා. කතමා තිස්සො: සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා ඉමාසං තිස්සන්නං වෙදනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති -පෙ- පජානන්ති -පෙ- සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
275. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක් වේදනා ය, මැදහත් වේදනා යි. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් මේ තුන් වේදනාවන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනිත් ද ... දනිත් ද, ... තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට එයට එළඹ වෙසෙති යි.
2. 3. 8.
2. 3. 8.
දුතිය සමණබ්රාහ්මණසුත්තං
දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
276. තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා. කතමා තිස්සො: සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා ඉමාසං තිස්සන්නං වෙදනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති -පෙ- පජානන්ති -පෙ- සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
276. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුව වේදනා ය, දුක්වේදනා ය, මැදහත්වේදනා යි. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ තුන් වේදනාවන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නොදනිත් ද ... දනිත් ද ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙත් යයි.
2. 3. 9.
2. 3. 9.
තතිය සමණබ්රාහ්මණසුත්තං
තතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
277. යෙ හි කොචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා වෙදනං නප්පජානන්ති, වෙදනාසමුදයං නප්පජානන්ති, වෙදනානිරොධං නප්පජානන්ති, වෙදනානිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති, -පෙ- පජානන්ති, -පෙ- සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
277. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ වේදනාව නො දනිත් ද, වේදනා සමුදය නො දනිත් ද, වේදනා නිරෝධය නො දනිත් ද, වේදනා නිරෝධගාමිනී පටිපදාව නො දනිත් ද, ... දනිත් ද ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙත් යයි.
2. 3. 10.
2. 3. 10.
සුද්ධිකවෙදනාසුත්තං
සුද්ධිකවේදනා සූත්‍රය
278. තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා. කතමා තිස්සො: සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. ඉමා ඛො භික්ඛවෙ තිස්සො වෙදනාති.
278. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක් නොසුව වේදනා යි. මහණෙනි, මොහු තුන් වේදනාවෝ යි.