3. බලවග්ගො අට්ඨකථා
3. බල වර්ගය
1-2. සුද්ධසුත්තාදිවණ්ණනා
1-2. සුද්ධ ආදි සූත්ර වර්ණනා
දසමෙ රූපබලන්තිආදීසු රූපසම්පත්ති රූපබලං, භොගසම්පත්ති භොගබලං, ඤාතිසම්පත්ති ඤාතිබලං, පුත්තසම්පත්ති පුත්තබලං, සීලසම්පත්ති සීලබලං. පඤ්චසීලදසසීලානි අඛණ්ඩානි කත්වා රක්ඛන්තස්ස හි සීලසම්පත්තියෙව සීලබලං නාම හොති. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච බලානීති ඉමානි පඤ්ච උපත්ථම්භනට්ඨෙන බලානි නාම වුච්චන්ති.
දස වැන්නෙහි - රූපබලං යන මේ ආදියෙහි රූපසම්පත්තිය රූපබලයයි. භෝග සම්පත්තිය භෝග බලයයි, ඥාති සම්පත්තිය ඥාති බලයයි, පුත්ර සම්පත්තිය පුත්ර බලයයි, සීල සම්පත්තිය සීල බලයයි. පන් සිල් ද, දසසිල් ද නො කඩ කොට රකින්නහුගේ වනාහී සීල සම්පත්තියම සීල බලය නම් වේ. ඉමානි ඛො භික්ඛවෙ පඤ්චබලානි = (යට කියන ලද) මේ පස උපකාරී වීම යන අරුතින් “බල” යයි කියනු ලැබේ.
3-10. පසය්හසුත්තාදිවණ්ණනා
3-10. පසය්හ ආදි සූත්ර වර්ණනා
පසය්හාති අභිභවිත්වා. අභිභුය්ය වත්තතීති අභිභවති අජ්ඣොත්ථරති. නෙව රූපබලං තායතීති නෙව රූපබලං තායිතුං රක්ඛිතුං සක්කොති. නාසෙන්තෙව නං, කුලෙ න වාසෙන්තීති “දුස්සීලා සංභින්නාචාරා අතික්කන්තමරියාදා”ති ගීවායං ගහෙත්වා නීහරන්ති, න තස්මිං කුලෙ වාසෙන්ති. වාසෙන්තෙව නං කුලෙ, න නාසෙන්තීති “කිං රූපෙන භොගාදීහි වා, පරිසුද්ධසීලා එසා ආචාරසම්පන්නා”ති ඤත්වා ඤාතකා තස්මිං කුලෙ වාසෙන්තියෙව, න නාසෙන්ති. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
පසය්හ = මැඩ පවත්වා. අභිභුය්යාති = මැඩ පවත්වයි. වසා ගෙන නැති කරයි. නොවරූප බලං තායිති = රූප බලය රැකීමට, ආරක්ෂා කිරීමට නො හැක්කේම වෙයි. නාසෙන්තෙව නං කුලෙ න වාසෙන්ති = (මොවුන්) දුසිල්වතුන්ය, සුචරිතය බිඳ ගත්තවුන්ය. (හික්මීමේ) සීමාවන් ඉක්ම ගියවූන්ය. (ආදිය කියමින්) ගෙලෙන් අල්වාගෙන පළවා හරිත්, එම කුල ගෘහයෙහි වාසයට ඉඩ නොදෙත්. වාසෙන්තෙව නං කුලෙන නාසෙන්ති = රූපයෙන් හෝ ධනයෙන් හෝ කුමන ඵලද? මොවුන් පිරිසිදු සිල්වතුන්ය. ආචාර සම්පන්නයන්ය යනුවෙන් දැන ඥාතීහු ඔවුන් එම කුලගෙහිම වාසය කරවත්, පීඩා නො කරත්. සෙස්ස සියලු තන්හිම පහසු අරුත් සහිත වේ.
මාතුගාමසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
මාතුගාම සංයුත්තය සමාප්තයි.