යෙදුමෙන් කියවන්න

4. ජම‍්බුඛාදකසංයුත‍්තං අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. ජම්බුඛාදක සංයුක්තය

1. නිබ‍්බානසුත‍්තවණ‍්ණනා

1. නිබ්බාන සූත්‍ර වර්ණනාව

ජම‍්බුඛාදකසංයුත‍්තෙ ජම‍්බුඛාදකො පරිබ‍්බාජකොති එවංනාමො ථෙරස‍්ස භාගිනෙය්‍යො ඡන‍්නපරිබ‍්බාජකො. යො ඛො ආවුසො රාගක‍්ඛයොති නිබ‍්බානං ආගම‍්ම රාගො ඛීයති, තස‍්මා නිබ‍්බානං රාගක‍්ඛයොති වුච‍්චති. දොසමොහක‍්ඛයෙසුපි එසෙව නයො.

ජම්බුඛාදක සංයුත්තයෙහි - ජම්බු ඛාදකො පරිබ්‍බාජකො = නම් නම ඇති, තෙරුන්ගේ සොහොයුරියගේ පුතා ඡන්න නම් පිරිවැජියා යොඛො ආවුසො රාගක්ඛයො = නිවනට පැමිණ රාගය ක්ෂය වෙයි. ඒ නිසා නිවන රාගක්ෂය යයි කියනු ලැබේ. දෝස හා මෝහයන් ක්ෂය කිරීම්වලදීද මේ පිළිවෙළම වේ.

යො පන ඉමිනාව සුත‍්තෙන කිලෙසක‍්ඛයමත‍්තං නිබ‍්බානන‍්ති වදෙය්‍ය, සො වත‍්තබ‍්බො “කස‍්ස කිලෙසානං ඛයො, කිං අත‍්තනො, උදාහු පරෙස”න‍්ති? අද‍්ධා “අත‍්තනො”ති වක‍්ඛති. තතො පුච‍්ඡිතබ‍්බො “ගොත්‍රභුඤාණස‍්ස කිං ආරම‍්මණ”න‍්ති? ජානමානො “නිබ‍්බාන”න‍්ති වක‍්ඛති. කිං පන ගොත්‍රභුඤාණක‍්ඛණෙ කිලෙසා ඛීණා ඛීයන‍්ති ඛීයිස‍්සන‍්තීති? “ඛීණා”ති වා “ඛීයන‍්තී”ති වා න වත‍්තබ‍්බා, “ඛීයිස‍්සන‍්තී”ති පන වත‍්තබ‍්බාති. කිං පන තෙසු අඛීණෙසුයෙව කිලෙසෙසු ගොත්‍රභුඤාණං කිලෙසක‍්ඛයං ආරම‍්මණං කරොතීති? අද‍්ධා එවං වුත‍්තෙ නිරුත‍්තරො භවිස‍්සති.

යමකු වනාහී මේ සූත්‍රයෙන් ම ක්ලේශ ක්ෂය මාත්‍රයම නිර්වාණය වේයයි කියන්නේ නම් කෙලෙස් ක්ෂය වන්නේ තමාගේ ද නැතහොත් අන් අයගේද යනුවෙන් කවරකුගේ කෙලෙස් ක්ෂය වේද යන්න ඔහු කිව යුතු වේ. ඒකාන්තයෙන්ම තමාගේ යයි කියයි. අනතුරුව “ගෝත්‍රභූ ඥානයට (මාර්ග සිතට ආසන්න පූර්වයෙහි උපදනා සිතට) කුමක් අරමුණු වේදැයි ප්‍රශ්න කළ යුතුය. “නිවන අරමුණු වේය” යි දන්නා තැනැත්තා කියයි. ගෝත්‍රභූ ඥානය පහළ වූ කෙණෙහි කෙළෙස් ක්ෂය වූයේ ද, ක්ෂය වේද, මතුවට ක්ෂය වන්නේ දැයි විමසිය යුතුය (කෙලෙස්) ක්ෂය වූයේය යි හෝ ක්ෂය වේයයි හෝ නො කිව යුත්තේ ය. (මතු) ක්ෂය වන්නේයයි යනුවෙන් කිව යුතු වේ. කිම? ඒ කෙලෙස් ක්ෂය නොවූ කල්හිම ගෝත්‍රභූ ඥානය කෙලෙස් ක්ෂය කිරීම අරමුණු කරන්නේ ද යත්, ඒකාන්ත වශයෙන්ම එසේ කී කල්හි නිරුත්තර වන්නේය.

මග‍්ගඤාණෙනාපි චෙතං යොජෙතබ‍්බං. මග‍්ගක‍්ඛණෙපි හි කිලෙසා “ඛීණා”ති වා “ඛීයිස‍්සන‍්තී”ති වා න වත‍්තබ‍්බා, “ඛීයන‍්තී”ති පන වත‍්තබ‍්බා, න ච අඛීණෙසුයෙව කිලෙසෙසු කිලෙසක‍්ඛයො ආරම‍්මණං හොති, තස‍්මා සම‍්පටිච‍්ඡිතබ‍්බමෙතං. යං ආගම‍්ම රාගාදයො ඛීයන‍්ති, තං නිබ‍්බානං. තං පනෙතං “රූපිනො ධම‍්මා අරූපිනො ධම‍්මා”තිආදීසු (ධ· ස· දුකමාතිකා 11) දුකෙසු අරූපිනො ධම‍්මාති සඞ‍්ගහිතත‍්තා න කිලෙසක‍්ඛයමත‍්තමෙවාති.

මාර්ග ඥානයෙනුදු මෙය යෙදිය යුතුයි. මාර්ග (ය අවබෝධ කර ගන්නා) කෙණෙහිම කෙලෙස් ක්ෂය වේයයි කියනු නො ලැබේ. කෙලෙස් ක්ෂීණ නොවූ, කල්හි කෙළෙස් ක්ෂය වීම අරමුණු නොවේ. එහෙයින් යම් තත්ත්වයකට පැමිණ රාගාදිය ක්ෂය වේද? ඒ තත්ත්වය නම් නිවනයයි පිළිගත යුතු වේ. ඒ වනාහී රූපී ධර්මයන්ය, අරූපී ධර්මයන්ය යන ආදී ද්විත්ව (ධර්ම) යහි අරූපී ධර්මයන්යයි සංග්‍රහ කොට ගන්නා ලද බැවින් කෙලෙස් ක්ෂය වීම් මාත්‍රය පමණක්ම නොවේ.

2. අරහත‍්තසුත‍්තවණ‍්ණනා

2. අරහත්ත සූත්‍ර වර්ණනාව

අරහත‍්තපඤ‍්හබ්‍යාකරණෙ යස‍්මා අරහත‍්තං රාගදොසමොහානං ඛීණන‍්තෙ උප‍්පජ‍්ජති, තස‍්මා “රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො”ති වුත‍්තං.

අර්හත්වය පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු ප්‍රකාශ කිරීමේදී යම් හෙයකින් අර්හත්වය රාග ද්වේෂ මොහයන්ගේ ක්ෂීණ වීමේ අන්තයෙහිදී උපදීද, එහෙයින් “රාගක්‍ඛය, දොසක්‍ඛය ලැබී ඇත)

3-15. ධම‍්මවාදීසුත‍්තාදිවණ‍්ණනා

3-15. ධම්මවාදී ආදි සූත්‍ර වර්ණනා

තෙ ලොකෙ සුගතාති තෙ රාගාදයො පහාය ගතත‍්තා සුට‍්ඨු ගතාති සුගතා. දුක‍්ඛස‍්ස ඛො ආවුසො පරිඤ‍්ඤත්‍ථන‍්ති වට‍්ටදුක‍්ඛස‍්ස පරිජානනත්‍ථං. දුක‍්ඛතාති දුක‍්ඛසභාවො. දුක‍්ඛදුක‍්ඛතාතිආදීසු දුක‍්ඛසඞ‍්ඛාතො දුක‍්ඛසභාවො දුක‍්ඛදුක‍්ඛතා. සෙසපදද‍්වයෙපි එසෙව නයො.

තෙ ලොකෙ සුගතා = එම රාගාදීන් අත්හැර ගිය බැවින්, මනාලෙස ගියෝය. (සුට්ඨු ගතා) යි යන අරුතින් “සුගත” යයි යෙදේ. දුක්‍ඛස්ස ඛො ආවුසො පරිඤ්ඤත්‍ථං = පැවැත්ම (හෙවත් සසර) පිළිබඳ දුක මුළුමනින්ම දැන ගනු පිණිස. දුක්ඛතා = දුඃඛ ස්වභාවය. දුක්‍ඛ දුක්‍ඛතා යන ආදියෙහි දුකයයි හැදින්වෙන දුඃඛ ස්වභාවය “දුක්‍ඛ දුක්‍ඛතා” නම් වේ. සෙසු පද දෙකෙහි ද මේ පිළිවෙළ ම වේ.

16. දුක‍්කරසුත‍්තවණ‍්ණනා

16. දුක්කර සූත්‍ර වර්ණනාව

අභිරතීති පබ‍්බජ‍්ජාය අනුක‍්කණ‍්ඨනතා. නචිරං ආවුසොති ආවුසො ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නො භික‍්ඛු “පාතො අනුසිට‍්ඨො සායං විසෙසමධිගමිස‍්සති, සායං අනුසිට‍්ඨො පාතො විසෙසමධිගමිස‍්සතී”ති (ම· නි· 2.345) වුත‍්තත‍්තා ඝටෙන‍්තො වායමන‍්තො නචිරස‍්සං ලහුයෙව අරහං අස‍්ස, අරහත‍්තෙ පතිට‍්ඨහෙය්‍යාති දස‍්සෙති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

අභිරති - පැවිද්ද පිණිස කැමැත්ත ඇති (අකැමැත්ත නැති) නචිරං ආවුසො = ඇවැත්නි. උදෑසන අනුශාසනා ලැබූ, ධර්මානුකූලව පිළිපන් භික්ෂූ සවස්හි විශේෂත්වය (මාර්ග ඵල) අවබෝධ කරන්නේය. සවස්හි අනුශාසනා ලැබුයේ උදෑසන විශේෂත්වය (මාර්ග ඵල) අවබෝධකර ගත්තේ යයි කියන ලද බැවින් උත්සාහ ගන්නේ, වෑයම් කරන්නේ නොබෝ කලෙකින් පහසුවෙන්ම රහත් වන්නේය, රහත් බැව්හි පිහිටන්නේ යයි දක්වයි. සෙස්ස සියලු තන්හි පහසු අරුත් ඇත්තේ ම ය.

ජම‍්බුඛාදකසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ජම්බුඛාදක සංයුත්තය සමාප්තයි.