අරහත්තසුත්තං
4. 1. 2.
4. 1. 2.
අරහත්තසුත්තං
අරහත්ත සූත්‍රය
317. අරහත්තං අරහත්තන්ති ආවුසො සාරිපුත්ත වුච්චති. කතමන්නු ඛො ආවුසො අරහත්තන්ති. යො ඛො ආවුසො රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො. ඉදං වුච්චති අරහත්තන්ති. අත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස අරහත්තස්ස සච්ඡිකිරියායාති. අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස අරහත්තස්ස සච්ඡිකිරියායාති. කතමො පනාවුසො මග්ගො කතමා පටිපදා එතස්ස අරහත්තස්ස සච්ඡිකිරියායාති. අයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතස්ස අරහත්තස්ස සච්ඡිකිරියාය. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො ආවුසො මග්ගො අයං පටිපදා එතස්ස අරහත්තස්ස සච්ඡිකිරියායාති. භද්දකො ආවුසො මග්ගො භද්දිකා පටිපදා එතස්ස අරහත්තස්ස සච්ඡිකිරියාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත අප්පමාදායාති.
317. ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, රහත්බව, රහත්බවැ යි කියනු ලැබේ. ඇවැත්නි, රහත්බව කවරේ දැ යි. ඇවැත්නි, යම් රාගය දුරලීමෙක් දෝසය දුරලීමෙක් මෝහය දුරලීමෙක් වේ නම් මේ රහත් බවැ යි කියනු ලැබේ. ඇවැත්නි, මේ රහත්බව පසක්කිරීමට මගෙක් ඇද්ද, පිළිවෙතෙක් ඇද්දැ යි. ඇවැත්නි, මේ රහත්බව පසක්කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට මග කවරේ ද, පිළිවෙත කවරේදැ යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට මේ අරී අටඟි මඟ මැ යි. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට මේ ඇති මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමාවිමට සුදුසු යි.