නිබ‍්බානසුත‍්තං
4. 1. 1.
4. 1. 1.
නිබ‍්බානසුත‍්තං
නිබ්බාන සූත්‍රය
316. එකං සමයං ආයස‍්මා සාරිපුත‍්තො මගධෙසු විහරති නාලගාමකෙ. අථ ඛො ජම‍්බුඛාදකො පරිබ‍්බාජකො යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා සාරිපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ජම‍්බුඛාදකො පරිබ‍්බාජකො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: නිබ‍්බානං නිබ‍්බානන‍්ති ආවුසො සාරිපුත‍්ත වුච‍්චති. කතමන‍්නු ඛො ආවුසො නිබ‍්බානන‍්ති.
316. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මගධ දනව්වෙහි නාලගම් හි වැඩවෙසෙති. එකල්හි ජම්බුඛාදක පිරිවැජි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ජම්බුඛාදක පිරිවැජි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීය: ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නිවන නිවනැ යි කියනු ලැබේ. ඇවැත්නි, නිවන කවරේ දැ යි.
යො ඛො ආවුසො රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො ඉදං වුච‍්චති නිබ‍්බානන‍්ති. අත්‍ථි පනාවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතස‍්ස නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියායාති. අත්‍ථි ඛො ආවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතස‍්ස නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියායාති. කතමො පනාවුසො මග‍්ගො කතමා පටිපදා එතස‍්ස නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියායාති. අයමෙව ඛො ආවුසො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො එතස‍්ස නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියාය, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි. අයං ඛො ආවුසො මග‍්ගො අයං පටිපදා එතස‍්ස නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියායාති. භද‍්දකො ආවුසො මග‍්ගො භද‍්දිකා පටිපදා එතස‍්ස නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියාය. අලඤ‍්ච පනාවුසො සාරිපුත‍්ත, අප‍්පමාදායාති.
ඇවැත්නි, යම් රාගය දුරලීමෙක් දෝසය දුරලීමෙක්, මෝහය දුරලීමෙක් වේ නම් මේ නිවනැ යි කියනු ලැබේ. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මගෙක් ඇද් ද, පිළිවෙතක් ඇද් දැයි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇත. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මේ අරිඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය, සම්මාසඞ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි මේ නිවන පසක් කිරීමට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.