යෙදුමෙන් කියවන්න

විසාරදවාසසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

3. 3. 9.

3. 3. 9.

විසාරදවාසසුත‍්තං

විසාරදවාස සූත්‍රය

314. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො විසාරදො අගාරං අජ‍්ඣාවසති. කතමෙහි පඤ‍්චහි: පාණාතිපාතා පටිවිරතො ච හොති, අදින‍්නාදානා පටිවිරතො ච හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො ච හොති. මුසාවාදා පටිවිරතො ච හොති, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො ච හොති: ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො විසාරදො අගාරං අජ‍්ඣාවසතීති.

314. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම විසාරද ව ගෙහි වෙසේ. කවර පසෙකින් ද යත්: පණිවායෙන් වැළකුණී වෙයි. අයිනාදනින් වැළකුණී වෙයි. කාමයෙහි වරදවා හැසුරුමෙන් වැළකුණී වෙයි. මුසවායින් වැළකුණී වෙයි. රහමෙර පානයෙන් වැළකුණී වෙයි. මහණෙනි, මේ දහම් පසෙන් යුත් මාගම විසාරද ව ගෙහි වෙසේ යි.

3. 3. 10.

3. 3. 10.

වඩ‍්ඪීසුත‍්තං

වඩ්ඪී සූත්‍රය

315. පඤ‍්චහි භික‍්ඛවෙ වඩ‍්ඪීහි වඩ‍්ඪමානා අරියසාවිකා අරියාය වඩ‍්ඪියා වඩ‍්ඪති. සාරාදායිනී ච හොති වරාදායිනී ච කායස‍්ස. කතමාහි පඤ‍්චහි: සද‍්ධාය වඩ‍්ඪති, සීලෙන වඩ‍්ඪති, සුතෙන වඩ‍්ඪති, චාගෙන වඩ‍්ඪති, පඤ‍්ඤාය වඩ‍්ඪති. ඉමාහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි වඩ‍්ඪීහි වඩ‍්ඪමානා අරියසාවකා අරියාය වඩ‍්ඪියා වඩ‍්ඪති, සාරාදායිනී ච හොති, වරාදායිනී ච කායස‍්සාති.

315. මහණෙනි, වැඩුම් පසෙකින් වැඩෙන අරීසැවි තොමෝ අරීවැඩුමෙන් වැඩේ. කයෙහි හර ගන්නී ද උතුම් දෑ ගන්නී ද වෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැයෙන් වැඩේ. සීලයෙන් වැඩේ. ශ්‍රැතයෙන් වැඩේ. ත්‍යාගයෙන් වැඩේ. ප්‍රඥාවෙන් වැඩේ. මහණෙනි, මේ පස් වැඩුමෙන් වැඩෙන අරීසැවි තොමෝ අරීවැඩුමෙන් වැඩේ. කයෙහි හර ගන්නී ද උතුම් දෑ ගන්නී ද වෙයි.

සද‍්ධාය සීලෙන ච යාධ වඩ‍්ඪති පඤ‍්ඤාය චාගෙන සුතෙන චූභයං සා තාදිසී සීලවතී උපාසිකා ආදියති සාරං ඉධෙව අත‍්තනොති.

මෙලෙව්හි යම් ස්ත්‍රියක් සැදැහැයෙනුත් සීලයෙනුත් ප්‍රඥාවෙනුත් ත්‍යාග-ශ්‍රැත දෙකිනුත් වැඩේ ද එබඳු සිල්වත් ඒ උවැසි තොමෝ මෙලෙව්හි ම තමාගේ හර ගනී යි.

බලවග‍්ගො තතියො.

තෙවෙනි බලවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

සුද‍්ධා විසාරදා පසය‍්හා අභිභුය්‍ය අඞ‍්ගෙන පඤ‍්චමං නාසයිතබ‍්බං හෙතුට‍්ඨානං විසාරදා වඩ‍්ඪිනා දසාති.

සුද්ධ, විසාරද, පසය්හ, අභිභුය්‍ය, පස්වන අඞ්ග, නසිතබ්බ, හේතු,ඨාන, විසාරදවාස, වඩ්ඪි සූත්‍ර ය යි ඔහු දශයෙකි.

මාතුගාමසංයුත‍්තං සමත‍්තං.

මාතුගාමසංයුත්තය නිමියේ යි.