ඨානසුත්තං
3. 3. 8.
3. 3. 8.
ඨානසුත්තං
ඨාන සූත්රය
313. පඤ්චිමානි භික්ඛවෙ ඨානානි දුල්ලභානි අකතපුඤ්ඤෙන මාතුගාමෙන. කතමානි පඤ්ච: පතිරූපෙකුලෙ ජායෙය්යන්ති ඉදං භික්ඛවෙ පඨමං ඨානං දුල්ලභං අකතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපකුලෙ ජායිත්වා පතිරූපං කුලං ගච්ඡෙය්යන්ති ඉදං භික්ඛවෙ දුතියං ඨානං. දුල්ලභං අකතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපකුලෙ ජායිත්වා පතිරූපං කුලං ගන්ත්වා අසපත්ති අගාරං අජ්ඣාවසෙය්යන්ති ඉදං භික්ඛවෙ තතියං ඨානං දුල්ලභං අකතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපකුලෙ ජායිත්වා පතිරූපං කුලං ගන්ත්වා අසපත්ති අගාරං අජ්ඣාවසන්තී පුත්තවතී අස්සන්ති ඉදං භික්ඛවෙ චතුත්ථං ඨානං දුල්ලභං අකතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපකුලෙ ජායිත්වා පතිරූපං කුලං ගන්ත්වා අසපත්ති අගාරං අජ්ඣාවසන්තී පුත්තවතී සමානා සාමිකං අභිභුය්ය වත්තෙය්යන්ති. ඉදං භික්ඛවෙ, පඤ්චමං ඨානං දුල්ලභං අකතපුඤ්ඤෙන මාතුගාමෙන. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච ඨානානි දුල්ලභානි අකතපුඤ්ඤෙන මාතුගාමෙන.
313. මහණෙනි, නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ මේ කරුණු පසෙකි. කවර පසෙක් ද යත්: මහණෙනි, “සුදුසු කුලයක උපදෙන්නෙමි” යි මෙය නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ පළමුවන කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට යන්නෙමි” යි මෙය නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ දෙවන කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සපත්නියක නැති ගෙහි වෙසෙන්නෙමි” යි මෙය නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ තෙවන කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සපත්නියක නැති ගෙහි වෙසෙමින් දරුවන් ඇත්තියක් වන්නෙමි” යි මෙය නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ සිවුවන කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සපත්නියක නැති ගෙහි වෙසෙමින් දරුවන් ඇත්තී ම සැමියා මැඬගෙන පවත්නෙමි” යි මෙය නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ පස්වන කරුණ යි. මහණෙනි, මේ නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ කරුණු පස යි.
පඤ්චිමානි භික්ඛවෙ ඨානානි සුලභානි කතපුඤ්ඤෙන මාතුගාමෙන. කතමානි පඤ්ච: පතිරූපකුලෙ ජායෙය්යන්ති ඉදං භික්ඛවෙ පඨමං ඨානං සුලභං කතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපකුලෙ ජායිත්වා පතිරූපං කුලං ගච්ඡෙය්යන්ති. ඉදං භික්ඛවෙ දුතියං ඨානං සුලභං කතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපකුලෙ ජායිත්වා පතිරූපං කුලං ගන්ත්වා අසපත්ති අගාරං අජ්ඣාවසෙය්යන්ති. ඉදං භික්ඛවෙ තතියං ඨානං සුලභං කතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපකුලෙ ජායිත්වා පතිරූපං කුලං ගන්ත්වා අසපත්ති අගාරං අජ්ඣාවසන්තී පුත්තවතී අස්සන්ති. ඉදං භික්ඛවෙ චතුත්ථං ඨානං සුලභං කතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපකුලෙ ජායිත්වා පතිරූපං කුලං ගන්ත්වා අසපත්ති අගාරං අජ්ඣාවසන්තී පුත්තවතී සමානා සාමිකං අභිභුය්ය වත්තෙය්යන්ති. ඉදං භික්ඛවෙ පඤ්චමං ඨානං සුලභං කතපුඤ්ඤෙන මාතුගාමෙන. ඉමානි ඛො භික්ඛවෙ පඤ්චඨානානි සුලභානි කතපුඤ්ඤෙන මාතුගාමෙනාති.
මහණෙනි, කළ පින් ඇති මාගම විසින් සුලබ වූ මේ කරුණු පසෙකි. කවර පසෙක් ද යත්: මහණෙනි, “සුදුසු කුලයක උපදින්නෙමි” යි මෙය කළ පින් ඇති මාගම විසින් සුලබ වූ පළමු කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට යන්නෙමි” යි මෙය කළ පින් ඇති මාගම විසින් සුලබ වූ දෙවන කරුණයි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සපත්නියක නැති ගෙහි වෙසෙන්නෙමි” යි මෙය කළ පින් ඇති මාගම විසින් සුලබ වූ තෙවන කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සපත්නියක නැති ගෙහි වෙසෙමින් දරුවන් ඇත්තියක් වන්නෙමි” යි මෙය කළ පින් ඇති මාගම විසින් සුලබ වූ සිවුවන කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සපත්නියක නැති ගෙහි වෙසෙමින් දරුවන් ඇත්තී ම සැමියා මැඬගෙන පවත්නෙමි” යි මෙය කළ පින් ඇති මාගම විසින් සුලබ වූ පස්වන කරුණ යි. මහණෙනි, මේ කළ පින් ඇති මාගම විසින් සුලබ වූ කරුණු පස යි.