යෙදුමෙන් කියවන්න

හෙතුසුත‍්තං

3. 3. 7.

3. 3. 7.

හෙතුසුත‍්තං

හේතු සූත්‍රය

312. පඤ‍්චිමානි භික‍්ඛවෙ, මාතුගාමස‍්ස බලානි. කතමානි පඤ‍්ච: රූපබලං, භොගබලං, ඤාතිබලං, පුත‍්තබලං, සීලබලං. න භික‍්ඛවෙ, මාතුගාමො රූපබලහෙතු වා භොගබලහෙතු වා ඤාතිබලහෙතු වා පුත‍්තබලහෙතු වා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. සීලබලහෙතු ඛො භික‍්ඛවෙ මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්ච මාතුගාමස‍්ස බලානීති.

312. මහණෙනි, මාගමට මේ බල පසෙකි, කවර පසෙක් ද යත්: රූපබලය භෝගබලය ඤාතිබලය පුත්‍රබලය සීලබලය යි. මහණෙනි, මාගම රූපබලය හේතු කොට හෝ භෝගබලය හේතු කොට හෝ ඤාතිබලය හේතු කොට හෝ පුත්‍රබලය හේතුකොට හෝ කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සගලොවට නො පැමිණෙයි. මහණෙනි, මාගම සීලබලය හේතු කොට කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සගලොවට පැමිණෙයි. මහණෙනි, මේ මාගමගේ බල පස යි.