නාසිතබ‍්බසුත‍්තං
3. 3. 6.
3. 3. 6.
නාසිතබ‍්බසුත‍්තං
නාසිතබ්බ සූත්‍රය
311. පඤ‍්චිමානි භික‍්ඛවෙ, මාතුගාමස‍්ස බලානි. කතමානි පඤ‍්ච: රූපබලං භොගබලං ඤාතිබලං පුත‍්තබලං සීලබලං. රූප බලෙන ච භික‍්ඛවෙ, මාතුගාමො සමන‍්නාගතො හොති, න ච සීලබලෙන, නාසෙන‍්තෙව නං කුලෙ න වාසෙන‍්ති. රූපබලෙන ච භික‍්ඛවෙ, මාතුගාමො සමන‍්නාගතො හොති භොගබලෙන ච, න ච සීලබලෙන, නාසෙන‍්තෙව නං කුලෙ න වාසෙන‍්ති. රූපබලෙන ච භික‍්ඛවෙ, මාතුගාමො සමන‍්නාගතො හොති භොගබලෙන ච ඤාතිබලෙන ච, න ච සීලබලෙන, නාසෙන‍්තෙව නං කුලෙ න වාසෙන‍්ති. රූපබලෙන ච භික‍්ඛවෙ, මාතුගාමො සමන‍්නාගතො හොති භොගබලෙන ච ඤාතිබලෙන ච පුත‍්තබලෙන ච, න ච සීලබලෙන, නාසෙන‍්තෙව නං කුලෙ න වාසෙන‍්ති.
311. මහණෙනි, මාගමට මේ බල පසෙකි, කවර පසෙක් ද යත්: රූපබලය භෝගබලය ඤාතිබලය පුත්‍රබලය සීලබලය යි. මහණෙනි, මාගම රූපබලයෙන් යුතු වූවා සීලබලයෙන් නො ද යුතු වූවා වේ ද ඇය නසත් ම ය. කුලයෙහි නො වස්වත් ම ය. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් යුතු වූවා නො ද සීලබලයෙන් යුතු වූවා වේ ද, ඇය නසත් ම ය. කුලයෙහි නො වස්වත් මය. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් යුතු වූවා සීලබලයෙන් නො ද යුතු වූවා වේද, ඇය නසත් ම ය. කුලයෙහි නො වස්වත් ම ය. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්‍රබලයෙනුත් යුතු වූවා සීලබලයෙන් නො ද යුතු වූවා වේ ද, ඇය නසත් ම ය. කුලයෙහි නො වස්වත් ම ය.
යතො ච ඛො භික‍්ඛවෙ, මාතුගාමො රූපබලෙන සමන‍්නාගතො හොති, භොගබලෙන ච ඤාතිබලෙන ච පුත‍්තබලෙන ච සීල බලෙන ච. වාසෙන‍්තෙව නං කුලෙ න නාසෙන‍්ති. සීලබලෙන ච භික‍්ඛවෙ, මාතුගාමො සමන‍්නාගතො හොති න ච රූපබලෙන, වාසෙන‍්තෙව නං කුලෙ න නාසෙන‍්ති. සීලබලෙන ච භික‍්ඛවෙ මාතුගාමො සමන‍්නාගතො හොති න ච භොග බලෙන, වාසෙන‍්තෙව න කුලෙ න නාසෙන‍්ති. සීලබලෙන ච භික‍්ඛවෙ මාතුගාමො සමන‍්නාගතො හොති න ච ඤාතිබලෙන වාසෙන‍්තෙව නං කුලෙ න නාසෙන‍්ති.
මහණෙනි, යම් හෙයෙකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්‍රබලයෙනුත් සීලබලයෙනුත් යුතු වූවා වේ ද ඇය කුලයෙහි වස්වත් ම ය. නො නසත් ම ය. මහණෙනි, මාගම සීලබලයෙන් යුතු වූවා රූපබලයෙන් නො ද යුතු වේ ද ඇය කුලයෙහි වස්වත් ම ය. නො නසත් ම ය. මහණෙනි, මාගම සීලබලයෙන් යුතු වූවා භෝගබලයෙන් නො ද යුතු වේ ද ඇය කුලයෙහි වස්වත් ම ය. නො නසත් ම ය. මහණෙනි, මාගම සීලබලයෙන් යුතු වූවා ඤාතිබලයෙන් නො ද යුතු වේ ද ඇය කුලයෙහි වස්වත් ම ය. නො නසත් ම ය.
සීලබලෙන ච භික‍්ඛවෙ මාතුගාමො සමන‍්නාගතො හොති න ච පුත‍්තබලෙන, වාසෙන‍්තෙව නං කුලෙ න නාසෙන‍්ති. ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්ච මාතුගාමස‍්ස බලානීති.
මහණෙනි, මාගම සීලබලයෙන් යුතු වූවා පුත්‍රබලයෙන් නො ද යුතු වේ ද, ඇය කුලයෙහි වස්වත් ම ය. නො නසත් ම ය. මහණෙනි, මේ මාගමගේ බල පස යි.