අඞ‍්ගසුත‍්තං
3. 3. 5.
3. 3. 5.
අඞ‍්ගසුත‍්තං
අඞ්ග සූත්‍රය
310. පඤ‍්චිමානි භික‍්ඛවෙ, මාතුගාමස‍්ස බලානි. කතමානි පඤ‍්ච: රූපබලං, භොගබලං, ඤාතිබලං, පුත‍්තබලං, සීලබලං. රූපබලෙන ච භික‍්ඛවෙ, මාතුගාමො සමන‍්නාගතො හොති, න ච භොගබලෙන, එවං සො තෙන අඞ‍්ගෙන අපරිපූරො හොති. යතො ච ඛො භික‍්ඛවෙ, මාතුගාමො රූපබලෙන ච සමන‍්නාගතො හොති භොගබලෙන ච, එවං සො තෙන අඞ‍්ගෙන පරිපූරො හොති. රූපබලෙන ච භික‍්ඛවෙ, මාතුගාමො සමන‍්නාගතො හොති භොගබලෙන ච, න ච ඤාතිබලෙන, එවං සො තෙන අඞ‍්ගෙන අපරිපූරො හොති. යතො ච ඛො භික‍්ඛවෙ, මාතුගාමො රූපබලෙන ච සමන‍්නාගතො හොති, භොගබලෙන ච ඤාතිබලෙන ච, එවං සො තෙන අඞ‍්ගෙන පරිපූරො හොති.
310. මහණෙනි, මාගමට මේ බල පසෙකි. කවර පසෙක් ද යත්: රූපබලය භෝගබලය ඤාතිබලය පුත්‍රබලය සීලබලය යි. මහණෙනි, මාගම රූපබලයෙන් යුතු වූවා භෝගබලයෙන් නො ද යුතු වේද, මෙසේ ඇය ඒ අඟින් නො පිරිපුන් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් යුතු වූවා වේ ද මෙසේ ඇය ඒ අඟින් පිරිපුන් වෙයි. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් යුතු වූවා ඤාතිබලයෙන් නො ද යුතු වූවා වේද, මෙසේ ඇය ඒ අඟින් නො පිරිපුන් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් යුතු වූවා වේ ද මෙසේ ඇය ඒ අඟින් පිරිපුන් වෙයි.
රූපබලෙන ච භික‍්ඛවෙ, මාතුගාමො සමන‍්නාගතො හොති, භොගබලෙන ච, ඤාතිබලෙන ච, න ච පුත‍්තබලෙන, එවං සො තෙන අඞ‍්ගෙන අපරිපූරො හොති. යතො ච ඛො භික‍්ඛවෙ, මාතුගාමො රූපබලෙන ච සමන‍්නාගතො හොති, භොගබලෙන ච, ඤාතිබලෙන ච, පුත‍්තබලෙන ච. එවං සො තෙන අඞ‍්ගෙන පරිපූරො හොති. රූපබලෙන ච භික‍්ඛවෙ, මාතුගාමො සමන‍්නාගතො හොති භොගබලෙන ච ඤාතිබලෙන ච පුත‍්තබලෙන ච, න ච සීලබලෙන. එවං සො තෙන අඞ‍්ගෙන අපරිපූරො හොති. යතො ච ඛො භික‍්ඛවෙ, මාතුගාමො රූපබලෙන ච සමන‍්නාගතො හොති භොගබලෙන ච ඤාතිබලෙන ච පුත‍්තබලෙන ච සීලබලෙන ච, එවං සො තෙන අඞ‍්ගෙන පරිපූරො හොති. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්ච මාතුගාමස‍්ස බලානීති.
මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් යුතු වූවා පුත්‍රබලයෙන් නො ද යුතු වූවා වේ ද, මෙසේ ඇය ඒ අඟින් නො පිරිපුන් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්‍රබලයෙනුත් යුතු වූවා වේ ද මෙසේ ඇය ඒ අඟින් පිරිපුන් වෙයි. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්‍රබලයෙනුත් යුතු වූවා සීලබලයෙන් නො ද යුතු වූවා වේද, මෙසේ ඇය ඒ අඟින් නො පිරිපුන් වෙයි. මහණෙනි, යම් හෙයකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්‍රබලයෙනුත් සීලබලයෙනුත් යුතු වූවා වේ ද, මෙසේ ඇය ඒ අඟින් පිරිපුන් වෙයි. මහණෙනි, මේ පස මාගමගේ බල යි.