සුද්ධසුත්තං
3. 3. 1.
3. 3. 1.
සුද්ධසුත්තං
සුද්ධ සූත්රය
306. පඤ්චිමානි භික්ඛවෙ, මාතුගාමස්ස බලානි. කතමානි පඤ්ච: රූපබලං, භොගබලං, ඤාතිබලං, පුත්තබලං, සීලබලං. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච මාතුගාමස්ස බලානීති.
306. මහණෙනි, මාගමට මේ බල පසෙකි, කවර පසෙක් ද යත්: රූපබලය, භෝගබලය, ඤාතිබලය, පුත්රබලය, සීලබලයි. මහණෙනි, මේ මාගමගේ බල පස යි.
3. 3. 2.
3. 3. 2.
විසාරදසුත්තං
විසාරද සූත්රය
307. පඤ්චිමානි භික්ඛවෙ, මාතුගාමස්ස බලානි. කතමානි පඤ්ච: රූපබලං, භොගබලං, ඤාතිබලං, පුත්තබලං, සීලබලං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච මාතුගාමස්ස බලානි. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි බලෙහි සමන්නාගතො මාතුගාමො විසාරදො අගාරං අජ්ඣාවසතීති.
307. මහණෙනි, මාගමට මේ බල පසෙකි, කවර පසෙක් ද යත්: රූපබලය, භෝගබලය, ඤාතිබලය, පුත්රබලය, සීලබල යි. මහණෙනි, මේ මාගමගේ බල පස යි. මහණෙනි මේ බලපසින් යුතු මාගම විසාරද ව ගෙහි වෙසේ යි.
3. 3. 3.
3. 3. 3.
පසය්හසුත්තං
පසය්හ සූත්රය
308. පඤ්චිමානි භික්ඛවෙ, මාතුගාමස්ස බලානි. කතමානි පඤ්ච: රූපබලං, භොගබලං, ඤාතිබලං, පුත්තබලං, සීලබලං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච මාතුගාමස්ස බලානි. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි බලෙහි සමන්නාගතො මාතුගාමො සාමිකං පසය්හ අගාරං අජ්ඣාවසතීති.
308. මහණෙනි, මාගමට මේ බල පසෙකි. කවර පසෙක් ද යත්: රූපබලය, භෝගබලය, ඤාතිබලය, පුත්රබලය, සීලබල යි. මහණෙනි, මේ මාගමගේ බල පස යි. මහණෙනි මේ බලපසින් යුතු මාගම සැමියා මැඬ ගෙහි වෙසේ යි.
3. 3. 4.
3. 3. 4.
අභිභුය්හසුත්තං
අභිභුය්ය සූත්රය
309. පඤ්චිමානි භික්ඛවෙ, මාතුගාමස්ස බලානි. කතමානි පඤ්ච: රූපබලං, භොගබලං, ඤාතිබලං, පුත්තබලං, සීලබලං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච මාතුගාමස්ස බලානි. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි බලෙහි සමන්නාගතො මාතුගාමො සාමිකං අභිභුය්ය වත්තති.
309. මහණෙනි, මාගමට මේ බල පසෙකි. කවර පසෙක් ද යත්: රූපබලය, භෝගබලය, ඤාතිබලය, පුත්රබලය, සීලබලය යි. මහණෙනි, මේ මාගමගේ බල පස යි. මහණෙනි මේ බලපසින් යුතු මාගම සැමියා යටත් කොට ගෙන පවතියි.
එකෙන ච ඛො භික්ඛවෙ බලෙන සමන්නාගතො පුරිසො මාතුගාමං අභිභුය්ය වත්තති. කතමෙන එකෙන: ඉස්සරියබලෙන, ඉස්සරියබලෙන අභිභූතං භික්ඛවෙ මාතුගාමං නෙව රූපබලං තායති, න භොගබලං තායති. න ඤාතිබලං තායති. න පුත්තබලං තායති. න සීලබලං තායතීති.
මහණෙනි, එක්බලයකිනුදු යුතු පුරුෂ තෙමේ මාගම යටත් කොට ගෙන පවතියි. කවර එකෙකින්ද යත්: ඉසුරු බෙලෙනි. මහණෙනි, ඉසුරු බෙලෙන් මඬනා ලද මාගම රූපබලය නො ම රකී. භෝගබලය නො ම රකී. ඤාතිබලය නො ම රකී. පුත්රබලය නො ම රකී. සීල බලය නො ම රකී යි.