යෙදුමෙන් කියවන්න

2. අනුරුද‍්ධවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

2. අනුරුද්ධ වර්‍ගය

3. 2. 1.

3. 2. 1.

අනුරුද‍්ධසුත‍්තං

අනුරුද්ධ සූත්‍රය

295. අථ ඛො ආයස‍්මා අනුරුද‍්ධො යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා අනුරුද‍්ධො භගවන‍්තං එතදවොච:

295. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පස්ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළ හ.

ඉධාහං භන‍්තෙ මාතුගාමං පස‍්සාමි දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්තං. කතීහි නු ඛො භන‍්තෙ ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජතීති.

වහන්ස, මෙහි මම කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සග ලොවට පැමිණෙන මාගමක මිනිසැස ඉක්මවා පැවැති පිරිසිදු දිවැසින් දකිමි. වහන්ස කෙතෙක් දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සගලොවට පැමිණේ දැ යි.

පඤ‍්චහි ඛො අනුරුද‍්ධ ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. කතමෙහි පඤ‍්චහි: සද‍්ධො ච හොති, හිරිමා ච හොති, ඔත‍්තාපී ච හොති, අක‍්කොධනො ච හොති, පඤ‍්ඤවා ච හොති. ඉමෙහි ඛො අනුරුද‍්ධ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජතීති.

අනුරුද්ධ, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු යහපත් ගති ඇති සගලොවට පැමිණෙ යි. කවර පසකින් ද යත්: සැදැහැ ඇති වෙයි. ලජ්ජා ඇති වෙයි. බිය ඇති වෙයි. නො කිපෙනසුලු වෙයි. නුවණැති වෙයි. අනුරුද්ධ, මේ පස් දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු යහපත් ගති ඇති සගලොවට පැමිණේ යි.

3. 2. 2.

3. 2. 2.

අක‍්කොධනසුත‍්තං

අක්කෝධන සූත්‍රය

296. පඤ‍්චහි ඛො අනුරුද‍්ධ ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. කතමෙහි පඤ‍්චහි: සද‍්ධො ච හොති, හිරිමා ච හොති, ඔත‍්තාපී ච හොති, අක‍්කොධනො ච හොති, පඤ‍්ඤවා ච හොති. ඉමෙහි ඛො අනුරුද‍්ධ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජතීති.

296. මහණෙනි දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. ලජ්ජා ඇති වෙයි. බිය ඇති වෙයි. නො කිපෙනසුලු වෙයි. නුවණැති වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.

3. 2. 3.

3. 2. 3.

අනුපනාහීසුත‍්තං

අනුපනාහී සූත්‍රය

297. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. කතමෙහි පඤ‍්චහි: සද‍්ධො ච හොති, හිරිමා ච හොති, ඔත‍්තාපී ච හොති, අනුපනාහී ච හොති, පඤ‍්ඤවා ච හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජතීති.

297. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙ යි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. ලජ්ජා ඇති වෙයි. බිය ඇති වෙයි. බැඳි වෙර නැති වෙයි. නුවණැති වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.

3. 2. 4.

3. 2. 4.

අනිස‍්සුකීසුත‍්තං

අනිස්සුකී සූත්‍රය

298. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. කතමෙහි පඤ‍්චහි: සද‍්ධො ච හොති, හිරිමා ච හොති, ඔත‍්තාපී ච හොති, අනිස‍්සුකී ච හොති, පඤ‍්ඤවා ච හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජතීති.

298. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. ඊර්‍ෂ්‍යා රහිත වෙයි. පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.

3. 2. 5.

3. 2. 5.

අමච‍්ඡරීසුත‍්තං

ආමච්ඡරී සූත්‍රය

299. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. කතමෙහි පඤ‍්චහි: සද‍්ධො ච හොති, හිරිමා ච හොති, ඔත‍්තාපී ච හොති, අමච‍්ඡරී ච හොති, පඤ‍්ඤවා ච හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජතීති.

299. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙ යි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. නො මසුරු වෙයි. පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.

3. 2. 6.

3. 2. 6.

අනතිචාරීසුත‍්තං

අනතිචාරී සූත්‍රය

300. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. කතමෙහි පඤ‍්චහි: සද‍්ධො ච හොති, හිරිමා ච හොති, ඔත‍්තාපී ච හොති, අනතිචාරී ච හොති, පඤ‍්ඤවා ච හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජතීති.

300. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙ යි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. (සැමියා) ඉක්ම නො හැසිරෙන්නී වෙයි. පැනවත් වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.

3. 2. 7.

3. 2. 7.

සීලවන‍්තසුත‍්තං

සීලවන්ත සූත්‍රය

301. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. කතමෙහි පඤ‍්චහි: සද‍්ධො ච හොති, හිරිමා ච හොති, ඔත‍්තාපී ච හොති, සීලවා ච හොති, පඤ‍්ඤවා ච හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජතීති.

301. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. සිල්වත් වෙයි. පැනවත් වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.

3. 2. 8.

3. 2. 8.

බහුස‍්සුතසුත‍්තං

බහුස්සුත සූත්‍රය

302. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. කතමෙහි පඤ‍්චහි: සද‍්ධො ච හොති, හිරිමා ච හොති, ඔත‍්තාපී ච හොති, බහුස‍්සුතො ච හොති, පඤ‍්ඤවා ච හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජතීති.

302. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. බොහෝ ඇසු පිරූ තැන් ඇති වෙයි, පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.

3. 2. 9.

3. 2. 9.

ආරද‍්ධවිරියසුත‍්තං

ආරද්ධවීරිය සූත්‍රය

303. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. කතමෙහි පඤ‍්චහි: සද‍්ධො ච හොති, හිරිමා ච හොති, ඔත‍්තාපී ච හොති, ආරද‍්ධවිරියො ච හොති, පඤ‍්ඤවා ච හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජතීති.

303. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. ඇරඹු වෙර ඇති වෙයි. පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.

3. 2. 10.

3. 2. 10.

උපට‍්ඨිතසතිසුත‍්තං

උපට්ඨිතස්සති සූත්‍රය

304. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. කතමෙහි පඤ‍්චහි: සද‍්ධො ච හොති, හිරිමා ච හොති, ඔත‍්තාපී ච හොති, උපට‍්ඨිතසති ච හොති, පඤ‍්ඤවා ච හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජතීති.

304. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. එළඹ සිටි සිහි ඇති වෙයි. පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.

3. 2. 11.

3. 2. 11.

පඤ‍්චසීලසුත‍්තං

පඤ්චසීල සූත්‍රය

305. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. කතමෙහි පඤ‍්චහි: පාණාතිපාතා පටිවිරතො ච හොති, අදින‍්නාදානා පටිවිරතො ච හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො ච හොති, මුසාවාදා පටිවිරතො ච හොති, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො ච හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජතීති.

305. මහණෙනි, මේ දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: පණිවායෙන් වැළකුණේ වෙයි. අයිනාදනින් වැළකුණේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුත් මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.

අනුරුද‍්ධවග‍්ගො දුතියො.

දෙවැනි අනුරුද්ධ වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

අනුරුද‍්ධො අක‍්කොධනො අනුපනාහී අනිස‍්සුකී අමච‍්ඡරී අනතිචාරී සීලවා ච බහුස‍්සුතො විරියං සති පඤ‍්චසීලො ච සුක‍්කපක‍්ඛෙ පකාසිතාති.

අනුරුද්ධ, අක්කෝධන, අනුපනාහී, අනිස්සුකී, අමච්ඡරී, අනතිවාරී, සීලවන්ත, බහුස්සුත, ආරද්ධවීරිය, උපට්ඨීතසති, පඤ්චසීලය යි. ශුක්ලපක්‍ෂයෙහි සූත්‍ර එකොළොසෙක් පවසන ලදී.