යෙදුමෙන් කියවන්න

ධම‍්මවාදීසුත‍්තං

4. 1. 3.

4. 1. 3.

ධම‍්මවාදීසුත‍්තං

ධම්මවාදී සූත්‍රය

318. කො නු ඛො ආවුසො සාරිපුත‍්ත ලොකෙ ධම‍්මවාදිනො, කෙ ලොකෙ සුප‍්පටිපන‍්නා, කෙ ලොකෙ සුගතාති. යෙ ඛො ආවුසො රාගස‍්ස පහානාය ධම‍්මං දෙසෙන‍්ති, දොසස‍්ස පහානාය ධම‍්මං දෙසෙන‍්ති, මොහස‍්ස පහානාය ධම‍්මං දෙසෙන‍්ති, තෙ ලොකෙ ධම‍්මවාදිනො. යෙ ඛො ආවුසො රාගස‍්ස පහානාය පටිපන‍්නා, දොසස‍්ස පහානාය පටිපන‍්නා, මොහස‍්ස පහානාය පටිපන‍්නා, තෙ ලොකෙ සුප‍්පටිපන‍්නා. යෙසං ඛො ආවුසො රාගො පහීනො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො, දොසො පහීනො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො, මොහො පහීනො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො තෙ ලොකෙ සුගතාති.

318. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, ලොව ධර්‍මවාදීහු කවරහු ද ලොව සුපටිපන්න කවරහු ද? ලොව සුගත කවරහු දැ යි. ඇවැත්නි, යම් කෙනෙක් රාග ප්‍රහාණය පිණිස දහම් දෙසත් ද, දෝස ප්‍රහාණය පිණිස දහම් දෙසත් ද, මෝහ ප්‍රහාණය පිණිස දහම් දෙසත් ද, ඔහු ලොව ධර්‍මවාදීහු ය. ඇවැත්නි, යම් කෙනෙක් රාග ප්‍රහාණය පිණිස පිළිපන්නාහු ද, දෝස ප්‍රහාණය පිණිස පිළිපන්නාහු ද, මෝහ ප්‍රහාණය පිණිස පිළිපන්නාහු ද, ඔහු ලොව සුපටිපන්නයෝ ය. ඇවැත්නි, යම් කෙනකුන්ගේ රාගය ප්‍රහීණ වී ද, උසුන්මුල් ඇත්තේ ද, මුදුන සුන් තල් රුකක් මෙන් කරන ලද්දේ ද, පුන පුනා නො වීම කරන ලද්දේ ද, මතු නූපදනා ස්වභාව ඇත්තේ ද; දෝසය ප්‍රහීණ වී ද, උසුන්මුල් ඇත්තේ ද, මුදුනසුන් තල් රුකක් මෙන් කරන ලද්දේ ද, පුන පුනා නො වීම කරන ලද්දේ ද, මතු නුපදීනා ස්වභාව ඇත්තේ ද; මෝහය ප්‍රහීණ ද, උසුන් මුල් ඇත්තේ ද, මුදුනසුන් තල්රුකක් මෙන් කරන ලද්දේ ද, පුන පුනා නො වීම කරන ලද්දේ ද, මතු නූපදනා ස්වභාව ඇත්තේ ද ඔහු ලොව සුගතයෝ යි.

අත්‍ථි පනාවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතස‍්ස රාගස‍්ස දොසස‍්ස මොහස‍්ස පහානායාති. අත්‍ථි ඛො ආවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතස‍්ස රාගස‍්ස දොසස‍්ස මොහස‍්ස පහානායාති. කතමො පනාවුසො මග‍්ගො කතමා පටිපදා එතස‍්ස රාගස‍්ස දොසස‍්ස මොහස‍්ස පහානායාති. අයමෙව ඛො ආවුසො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො එතස‍්ස රාගස‍්ස දොසස‍්ස මොහස‍්ස පහානාය. සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං ඛො ආවුසො මග‍්ගො අයං පටිපදා එතස‍්ස රාගස‍්ස දොසස‍්ස මොහස‍්ස පහානායාති. භද‍්දකො ආවුසො මග‍්ගො භද‍්දිකා පටිපදා එතස‍්ස රාගස‍්ස දොසස‍්ස මොහස‍්ස පහානාය. අලඤ‍්ච පනාවුසො සාරිපුත‍්ත, අප‍්පමාදායාති.

ඇවැත්නි, මේ රාගය, දෝසය, මෝහය ප්‍රහාණයට මගෙක් ඇත්ද, පිළිවෙතෙක් ඇත්දැ යි. ඇවැත්නි, මේ රාගය, දෝසය මෝහය ප්‍රහාණයට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ රාගය දෝසය මෝහය ප්‍රහාණයට මග කවරේ ද පිළිවෙත කවරේදැ යි. ඇවැත්නි, මේ රාගය, දෝසය, මෝහය ප්‍රහාණයට මේ අරී අටගඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධි ය යි. ඇවැත්නි, මේ රාගය දෝසය මෝහය ප්‍රහාණයට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ රාගය දෝසය මෝහය ප්‍රහාණයට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.