යෙදුමෙන් කියවන්න

වෙදනාසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

4. 1. 7.

4. 1. 7.

වෙදනාසුත‍්තං

වේදනා සූත්‍රය

322. වෙදනා වෙදනාති ආවුසො සාරිපුත‍්ත වුච‍්චති. කතමා නු ඛො ආවුසො වෙදනාති. තිස‍්සො ඉමා ආවුසො වෙදනා. සුඛා වෙදනා දුක‍්ඛා වෙදනා අදුක‍්ඛමසුඛා වෙදනා. ඉමා ඛො ආවුසො තිස‍්සො වෙදනාති. අත්‍ථි පනාවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතාසං වෙදනානං පරිඤ‍්ඤායාති. අත්‍ථි ඛො ආවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතාසං වෙදනානං පරිඤ‍්ඤායාති.

322. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, වේදනා වේදනා වේදනා යි කියනු ලැබේ. ඇවැත්නි, වේදනා කවරහු දැ යි. ඇවැත්නි, මේ වේදනා තුනෙකි, සුව වේදනා ය, දුක වේදනා ය, මැදහත් වේදනා ය යි. ඇවැත්නි, මේ වේදනා තුන යි. ඇවැත්නි, මේ වේදනා තුන පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇද් ද පිළිවෙතෙක් ඇද් දැ යි. ඇවැත්නි, මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි.

කතමො පනාවුසො මග‍්ගො කතමා පටිපදා එතාසං වෙදනානං පරිඤ‍්ඤායාති. අයමෙව ඛො ආවුසො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො එතාසං වෙදනානං පරිඤ‍්ඤාය. සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං ඛො ආවුසො මග‍්ගො අයං පටිපදා එතාසං වෙදනානං පරිඤ‍්ඤායාති. භද‍්දකො ආවුසො මග‍්ගො භද‍්දිකා පටිපදා එතාසං වෙදනානං පරිඤ‍්ඤාය. අලඤ‍්ච පනාවුසො සාරිපුත‍්ත අප‍්පමාදායාති.

ඇවැත්නි මේ වේදනා, පිරිසිඳ දැනීම පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මේ අරිඅටඟිමග ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මේ මග යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, වේදනා පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.

4. 1. 8.

4. 1. 8.

ආසවසුත‍්තං

ආසව සූත්‍රය

323. ආසවො ආසවොති ආවුසො සාරිපුත‍්ත, වුච‍්චති. කතමො නු ඛො ආවුසො ආසවොති. තයො මෙ ආවුසො ආසවා. කාමාසවො භවාසවො අවිජ‍්ජාසවො. ඉමෙ ඛො ආවුසො තයො ආසවාති. අත්‍ථි පනාවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතෙසං ආසවානං පහානායාති. අත්‍ථි ඛො ආවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතෙසං ආසවානං පහානායාති. කතමො පනාවුසො මග‍්ගො කතමා පටිපදා එතෙසං ආසවානං පහානායාති. අයමෙව ඛො ආවුසො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො එතෙසං ආසවානං පහානාය, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං ඛො ආවුසො මග‍්ගො අයං පටිපදා එතෙසං ආසවානං පහානායාති. භද‍්දකො ආවුසො මග‍්ගො භද‍්දිකා පටිපදා එතෙසං ආසවානං පහානාය. අලඤ‍්ච පනාවුසො සාරිපුත‍්ත අප‍්පමාදායාති.

323. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, ආස්‍රව ආස්‍රවැ යි කියනු ලැබේ. ඇවැත්නි, ආස්‍රව කවරේදැ යි. ඇවැත්නි මේ ආස්‍රව තුනෙකි. කාමාස්‍රව ය භවාස්‍රව ය අවිද්‍යාස්‍රව ය යි. ඇවැත්නි මේ ආස්‍රව තුන යි. ඇවැත්නි මේ ආස්‍රවයන් ප්‍රහාණය පිණිස මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇද්ද යි. ඇවැත්නි, මේ ආස්‍රවයන් ප්‍රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි මේ ආස්‍රවයන් ප්‍රහාණය පිණිස මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ ආස්‍රවයන් ප්‍රහාණය පිණිස මේ අරිඅටඟිමග ම ය. එනම්: සම්මාදිට්ඨි ය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ ආස්‍රවයන් ප්‍රහාණය පිණිස මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි ආස්‍රවයන් ප්‍රහාණය පිණිස සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.

4. 1. 9.

4. 1. 9.

අවිජ‍්ජාසුත‍්තං

අවිජ්ජා සූත්‍රය

324. අවිජ‍්ජා අවිජ‍්ජාති ආවුසො සාරිපුත‍්ත වුච‍්චති. කතමා නු ඛො ආවුසො අවිජ‍්ජාති. යං ඛො ආවුසො දුක‍්ඛෙ අඤ‍්ඤාණං දුක‍්ඛසමුදයෙ අඤ‍්ඤාණං, දුක‍්ඛනිරොධෙ අඤ‍්ඤාණං දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ‍්ඤාණං, අයං වුච‍්චතාවුසො අවිජ‍්ජාති. අත්‍ථි පනාවුසො මග‍්ගො අත්‍ථි පටිපදා, එතිස‍්සා අවිජ‍්ජාය පහානායාති. අත්‍ථි ඛො ආවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතිස‍්සා අවිජ‍්ජාය පහානායාති. කතමො පනාවුසො මග‍්ගො කතමා පටිපදා එතිස‍්සා අවිජ‍්ජාය පහානායාති. අයමෙව ඛො ආවුසො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො එතිස‍්සා අවිජ‍්ජාය පහානාය. සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං ඛො ආවුසො මග‍්ගො අයං පටිපදා එතිස‍්සා අවිජ‍්ජාය පහානායාති. භද‍්දකො ආවුසො මග‍්ගො, භද‍්දිකා පටිපදා එතිස‍්සා අවිජ‍්ජාය පහානාය. අලඤ‍්ච පනාවුසො සාරිපුත‍්ත අප‍්පමාදායාති.

324. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, අවිද්‍යා අවිද්‍යා යි කියනු ලැබේ. ඇවැත්නි අවිද්‍යාව කවර දැයි. ඇවැත්නි, දුක්ඛයෙහි යම් නො දැනීමෙක්, දුක්ඛසමුදයෙහි නො දැනීමෙක්, දුක්ඛනිරෝධයෙහි නො දැනීමෙක්, දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙහි නො දැනීමෙක් වේ නම්, ඇවැත්නි, මේ අවිද්‍යාව යයි කියනු ලැබේ. ඇවැත්නි, මේ අවිද්‍යා ප්‍රහාණය පිණිස මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ අවිද්‍යාව ප්‍රහාණය පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ අවිද්‍යාව ප්‍රහාණය පිණිස මග කවරේද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ අවිද්‍යාව ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ අවිද්‍යාව ප්‍රහාණය පිණිස සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමාවීමට සුදුසු යි.

4. 1. 10.

4. 1. 10.

තණ‍්හාසුත‍්තං

තණ්හා සූත්‍රය

325. තණ‍්හා තණ‍්හාති ආවුසො සාරිපුත‍්ත වුච‍්චති. කතමා නු ඛො ආවුසො තණ‍්හාති. තිස‍්සො ඉමා ආවුසො තණ‍්හා: කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා. ඉමා ඛො ආවුසො තිස‍්සො තණ‍්හාති. අත්‍ථි පනාවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතාසං තණ‍්හානං පහානායාති. අත්‍ථි ඛො ආවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතාසං තණ‍්හානං පහානායාති. කතමො පනාවුසො මග‍්ගො කතමා පටිපදා එතාසං තණ‍්හානං පහානායාති. අයමෙව ඛො ආවුසො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො එතාසං තණ‍්හානං පහානාය. සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං ඛො ආවුසො මග‍්ගො අයං පටිපදා එතාසං තණ‍්හානං පහානායාති. භද‍්දකො ආවුසො මග‍්ගො භද‍්දිකා පටිපදා එතාසං තණ‍්හානං පහානාය. අලඤ‍්ච පනාවුසො සාරිපුත‍්ත අප‍්පමාදායාති.

325. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, තණ්හා තණ්හා යි කියනු ලැබේ. ඇවැත්නි තණ්හාව කවර යි. ඇවැත්නි මේ තණ්හා තුනෙකි. කාමතණ්හා ය, භවතණ්හා ය, විභව තණ්හා ය යි. ඇවැත්නි, මේ තණ්හා තුන යි. ඇවැත්නි මේ තණ්හා ප්‍රහාණය පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ තණ්හා ප්‍රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ තණ්හා ප්‍රහාණය පිණිස මග කවරේ ද පිළිවෙත කවරේ ද යි. ඇවැත්නි, මේ තණ්හා ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමග ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ තණ්හා ප්‍රහාණය පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.

4. 1. 11.

4. 1. 11.

ඔඝසුත‍්තං

ඕඝ සූත්‍රය

326. ඔඝො ඔඝොති ආවුසො සාරිපුත‍්ත වුච‍්චති. කතමො නු ඛො ආවුසො ඔඝොති. චත‍්තාරොමෙ ආවුසො ඔඝා: කාමොඝො භවොඝො දිට‍්ඨොඝො අවිජ‍්ජොඝො. ඉමෙ ඛො ආවුසො චත‍්තාරො ඔඝාති. අත්‍ථි පනාවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතෙසං ඔඝානං පහානායාති. අත්‍ථි ඛො ආවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතෙසං ඔඝානං පහානායාති. කතමො පනාවුසො මග‍්ගො කතමා පටිපදා එතෙසං ඔඝානං පහානායාති. අයමෙව ඛො ආවුසො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො එතෙසං ඔඝානං පහානාය. සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං ඛො ආවුසො මග‍්ගො අයං පටිපදා එතෙසං ඔඝානං පහානායාති. භද‍්දකො ආවුසො මග‍්ගො භද‍්දිකා පටිපදා එතෙසං ඔඝානං පහානාය. අලඤ‍්ච පනාවුසො සාරිපුත‍්ත අප‍්පමාදායාති.

326. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, ඕඝ යැ යි ඕඝ යැ යි කියනු ලැබේ. ඇවැත්නි, ඕඝය කවරේ දැ යි. ඇවැත්නි, ඕඝ සතරෙකි, කාමෝඝ ය භවොඝ ය දිට්ඨොඝ ය අවිජ්ජොඝ ය යි. ඇවැත්නි, මේ ඕඝ සතර යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මගෙක් ඇද් ද, පිළිවෙතෙක් ඇද් දැ යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මේ මග යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.

4. 1. 12.

4. 1. 12.

උපාදානසුත‍්තං

උපාදාන සූත්‍රය

327. උපාදානං උපාදානන‍්ති පනාවුසො සාරිපුත‍්ත වුච‍්චති. කතමන‍්නු ඛො ආවුසො උපාදානන‍්ති. චත‍්තාරිමානි ආවුසො උපාදානානි: කාමුපාදානං දිට‍්ඨුපාදානං සීලබ‍්බතූපාදානං අත‍්තවාදූපාදානං. ඉමානි ඛො ආවුසො චත‍්තාරි උපාදානානීති. අත්‍ථි පනාවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතෙසං උපාදානානං පහානායාති. අත්‍ථි ඛො ආවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතෙසං උපාදානානං පහානායාති. කතමො පනාවුසො මග‍්ගො කතමා පටිපදා එතෙසං උපාදානානං පහානායාති. අයමෙව ඛො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො එතෙසං උපාදානානං පහානාය, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං ඛො ආවුසො මග‍්ගො අයං පටිපදා එතෙසං උපාදානානං පහානායාති. භද‍්දකො ආවුසො මග‍්ගො භද‍්දිකා පටිපදා එතෙසං උපාදානානං පහානාය. අලඤ‍්ච පනාවුසො සාරිපුත‍්ත අප‍්පමාදායාති.

327. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, උපාදාන උපාදානැ යි කියනු ලැබේ. ඇවැත්නි, උපාදාන කවරේ දැ යි. ඇවැත්නි, මේ උපාදාන සතරෙකි, කාමූපාදාන ය, දිට්ඨූපාදාන ය, සීලබ්බතූපාදනය, අත්තවාදූපාදාන ය යි. ඇවැත්නි, මේ උපාදාන සතර යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මේ මග යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමාවීමට සුදුසු යි.

4. 1. 13.

4. 1. 13.

භවසුත‍්තං

භව සූත්‍රය

328. භවො භවොති ආවුසො සාරිපුත‍්ත වුච‍්චති. කතමො නු ඛො ආවුසො භවොති, තයොමෙ ආවුසො භවා. කාමභවො රූපභවො අරූපභවො. ඉමෙ ඛො ආවුසො තයො භවාති. අත්‍ථි පනාවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතෙසං භවානං පරිඤ‍්ඤායාති. අත්‍ථි ඛො ආවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතෙසං භවානං පරිඤ‍්ඤායාති. කතමො පනාවුසො මග‍්ගො කතමා පටිපදා එතෙසං භවානං පරිඤ‍්ඤායාති. අයමෙව ඛො ආවුසො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො එතෙසං භවානං පරිඤ‍්ඤාය. සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං ඛො ආවුසො මග‍්ගො අයං පටිපදා එතෙසං භවානං පරිඤ‍්ඤායාති. භද‍්දකො පනාවුසො මග‍්ගො, භද‍්දිකා පටිපදා එතෙසං භවානං පරිඤ‍්ඤාය. අලඤ‍්ච පනාවුසො සාරිපුත‍්ත අප‍්පමාදායාති.

328. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, භව භවැ යි කියනු ලැබේ. ඇවැත්නි, භව කවරේ දැ යි. ඇවැත්නි භව තුනෙකි. කාමභව ය, රූපභව ය, අරූපභව ය යි. ඇවැත්නි, මේ භව තුන යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මේ මගම යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.

4. 1. 14.

4. 1. 14.

දුක‍්ඛසුත‍්තං

දුක්ඛ සූත්‍රය

329. දුක‍්ඛං දුක‍්ඛන‍්ති ආවුසො සාරිපුත‍්ත වුච‍්චති. කතමං නු ඛො ආවුසො දුක‍්ඛන‍්ති. තිස‍්සො ඉමා ආවුසො දුක‍්ඛතා. දුක‍්ඛදුක‍්ඛතා සඞ‍්ඛාරදුක‍්ඛතා විපරිණාමදුක‍්ඛතා. ඉමා ඛො ආවුසො තිස‍්සො දුක‍්ඛතාති. අත්‍ථි පනාවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතාසං දුක‍්ඛතානං පරිඤ‍්ඤායාති. අත්‍ථි ඛො ආවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතාසං දුක‍්ඛතානං පරිඤ‍්ඤායාති. කතමො පනාවුසො මග‍්ගො කතමා පටිපදා එතාසං දුක‍්ඛතානං පරිඤ‍්ඤායාති. අයමෙව ඛො ආවුසො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො එතාසං දුක‍්ඛතානං පරිඤ‍්ඤාය, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං ඛො ආවුසො මග‍්ගො අයං පටිපදා එතාසං දුක‍්ඛතානං පරිඤ‍්ඤායාති. භද‍්දකො ආවුසො මග‍්ගො භද‍්දිකා පටිපදා එතාසං දුක‍්ඛතානං පරිඤ‍්ඤාය. අලඤ‍්ච පනාවුසො සාරිපුත‍්ත අප‍්පමාදායාති.

329. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, දුක දුකැ යි කියනු ලැබේ. ඇවැත්නි දුඛ කවරේ දැ යි. ඇවැත්නි, මේ දුක්බැව් තුනෙකි. දුක්ඛදුක්බව ය, සඞ්ඛාරදුක්බව ය, විපරිණාමදුක්බව ය යි. ඇවැත්නි, මේ දුක් බැව් තුන යි. ඇවැත්නි, මේ දුක් බැව් පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත්දැ යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේදැ යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මේ මඟ යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.