යෙදුමෙන් කියවන්න

පරමස‍්සාසසුත‍්තං

4. 1. 6.

4. 1. 6.

පරමස‍්සාසසුත‍්තං

පරමස්සාස සූත්‍රය

321. පරමස‍්සාසප‍්පත‍්තො පරමස‍්සාසප‍්පත‍්තොති ආවුසො සාරිපුත‍්ත, වුච‍්චති. කිත‍්තාවතා නු ඛො ආවුසො සාරිපුත‍්ත, පරමස‍්සාසප‍්පත‍්තො හොතීති. යතො ඛො ආවුසො භික‍්ඛු ඡන‍්නං ඵස‍්සායතනානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං විදිත්‍වා අනුපාදා විමුත‍්තො හොති, එත‍්තාවතා ඛො ආවුසො පරමස‍්සාසප‍්පත‍්තො හොතීති. අත්‍ථි පනාවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතස‍්ස පරමස‍්සාසස‍්ස සච‍්ඡිකිරියායාති. අත්‍ථි ඛො ආවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතස‍්ස පරමස‍්සාසස‍්ස සච‍්ඡිකිරියායාති.

321. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, උතුම් අස්වැසුමට පැමිණියේ උතුම් අස්වැසුමට පැමිණියේ යි කියනු ලැබේ. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කෙතෙකින් උතුම් අස්වැසුමට පැමිණියේ වේ දැ යි. ඇවැත්නි, මහණ තෙමේ යම් කලෙක ස්පර්‍ශායතන සයෙහි සමුදයයත්, අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ දැන උපාදාන රහිත ව මිදුනේ වේ ද, ඇවැත්නි, මෙතෙකින් උතුම් අස්වැසුමට පැමිණියේ වෙයි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත්දැ යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත පිළිවෙතෙක් ඇතැ යි.

කතමො පනාවුසො මග‍්ගො කතමා පටිපදා එතස‍්ස පරමස‍්සාසස‍්ස සච‍්ඡිකිරියායාති. අයමෙව ඛො ආවුසො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො එතස‍්ස පරමස‍්සාසස‍්ස සච‍්ඡිකිරියාය. සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං ඛො ආවුසො මග‍්ගො අයං පටිපදා එතස‍්ස පරමස‍්සාසස‍්ස සච‍්ඡිකිරියායාති. භද‍්දකො ආවුසො මග‍්ගො භද‍්දිකා පටිපදා එතස‍්ස පරමස‍්සාසස‍්ස සච‍්ඡිකිරියාය. අලඤ‍්ච පනාවුසො සාරිපුත‍්ත අප‍්පමාදායාති.

ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මේ අරිඅටඟිමග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.