සක‍්කායසුත‍්තං
4. 1. 15.
4. 1. 15.
සක‍්කායසුත‍්තං
සක්කාය සූත්‍රය
330. සක‍්කායො සක‍්කායොති ආවුසො සාරිපුත‍්ත වුච‍්චති. කතමො නු ඛො ආවුසො සක‍්කායොති. පඤ‍්චිමෙ ආවුසො උපාදානක‍්ඛන්‍ධා සක‍්කායො වුත‍්තො භගවතා. සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො වෙදනුපාදානක‍්ඛන්‍ධො සඤ‍්ඤුපාදානක‍්ඛන්‍ධො සඞ‍්ඛාරූපාදානක‍්ඛන්‍ධො විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. ඉමෙ ඛො ආවුසො පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා සක‍්කායො වුත‍්තො භගවතාති. අත්‍ථි පනාවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතස‍්ස සක‍්කායස‍්ස පරිඤ‍්ඤායාති.
330. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, සත්කාය සත්කාය යි කියනු ලැබේ. ඇවැත්නි, සත්කාය කවරේ දැ යි. ඇවැත්නි, මේ උපාදානස්කන්‍ධ පස සත්කාය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. එනම්: රූපූපාදානස්කන්‍ධය, වේදනූපාදානස්කන්‍ධය, සඤ්ඤූපාදානස්කන්‍ධය, සඞ්ඛාරූපාදානස්කන්‍ධය, විඤ්ඤාණූපාදානස්කන්‍ධය යි. ඇවැත්නි, මේ උපාදානස්කන්‍ධ පස සත්කාය ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතක් ඇද්දැ යි.
අත්‍ථි ඛො ආවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතස‍්ස සක‍්කායස‍්ස පරිඤ‍්ඤායාති. කතමො පනාවුසො මග‍්ගො කතමා පටිපදා එතස‍්ස සක‍්කායස‍්ස පරිඤ‍්ඤායාති. අයමෙව ඛො ආවුසො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො එතස‍්ස සක‍්කායස‍්ස පරිඤ‍්ඤාය, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං ඛො ආවුසො මග‍්ගො අයං පටිපදා එතස‍්ස සක‍්කායස‍්ස පරිඤ‍්ඤායාති. භද‍්දකො ආවුසො මග‍්ගො භද‍්දිකා පටිපදා එතස‍්ස සක‍්කායස‍්ස පරිඤ‍්ඤාය. අලඤ‍්ච පනාවුසො සාරිපුත‍්ත අප‍්පමාදායාති.
ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මග කවරේද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මේ අරීඅටඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මේ මඟ යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.