උද්ධම්භාගියසංයොජනසුත්තානි
1. 16. 145-160.
1. 16. 145-160.
උද්ධම්භාගියසංයොජනසුත්තානි
උද්ධම්භාගියසංයෝජන සූත්ර
531-546. පඤ්චිමානි භික්ඛවෙ, උද්ධම්භාගියානි සංයොජනානි. කතමානි පඤ්ච: රූපරාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
531-546 මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ක්ෂය කරනු පිණිස … ප්රහාණය පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි සමණ විවේකනිඃශ්රිත වූ විරාගනිඃශ්රිත වූ නිරෝධනිඃශ්රිත වූ නිර්වාණයට නම්ය වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ පඤ්චඋද්ධම්භාගිය සංයෝජනයන්ගේ අභිඥාව පිණිස ... පරිඥාව පිණිස ක්ෂය කරන පිණිස ... ප්රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
(යථා එසනා සුත්තන්තා තථා සබ්බෙසු පෙය්යාලෙසු සොළස සොළස සුත්තන්තා විත්ථාරෙතබ්බා.)
(ඒසනා සූත්ර මෙන් සියලු පෙය්යාලයන්හි සූත්ර සොළස සොළස විතර කටයුතු යි.)
ඔඝවග්ගො සොළසමො.
සොළොස් වැනි ඕඝවර්ගය යි.
තත්රුද්දානං:
එහි සූත්රනාමාවලිය:
ඔඝා යොගො උපාදානා ගන්ථා අනුසයාපි ච කාමගුණ නීවරණා ඛන්ධා ඔරුද්ධම්භාගියාති.
ඕඝ, යොඝ, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි ෂොඩශක දශයෙකි. සූත්ර එක්සිය සැටෙකි යි.
මග්ගසංයුත්තං සමත්තං.
මග්ගසංයුත්තය නිමියේ යි.
තත්ර වග්ගුද්දානං:
එහි වර්ගනාමාවලිය:
අවිජ්ජාවග්ගො පඨමො දුතියො විහාරො වුච්චති. මිච්ඡත්තවග්ගො තතියො චතුත්ථො පටිපපත්ති ච. අඤ්ඤතිත්ථියො පඤ්චමො ඡට්ඨො සුරියපෙය්යාලො, එකධම්මා දුවෙ ගඞ්ගා පෙය්යාලාපි චත්තාරො. අප්පමාදො තෙළසමො බලවග්ගො ච චුද්දසො, එසනා පණ්ණරසමො ඔඝවග්ගො සොළසමොති.
පළමුවැන්න අවිජ්ජාවර්ගය යි. දෙවැන්න විහාරවර්ගය යි කියනු ලැබේ. තෙවැන්න මිච්ඡත්තවර්ගය යි. සිවුවැන්න පටිපත්ති වර්ගය යි. පස්වැන්න අඤ්ඤතිත්ථිවර්ගය යි. සවැන්න සූරියපෙය්යාල යි. ඒකධම්මවර්ග දෙකෙකි. ගඞ්ගාපෙය්යාල ද සතරෙකි. තෙළෙස්වැන්න අප්පමාදවර්ගය යි. තුදුස්වැන්න බලකරණීයවර්ගය යි. පසළොස්වැන්න ඒසනාවර්ගය යි. සොළොස්වැන්න ඕඝවර්ගය යි.