යෙදුමෙන් කියවන්න

හිමවන‍්තසුත‍්තං

2. 1. 1.

2. 1. 1.

හිමවන‍්තසුත‍්තං

හිමවන්ත සූත්‍රය

547. සාවත්‍ථියං:

547. සැවැත්නුවර:

හිමවන‍්තං භික‍්ඛවෙ, පබ‍්බතරාජානං නිස‍්සාය නාගා කායං වඩ‍්ඪෙන‍්ති බලං ගාහෙන‍්ති. තෙ තත්‍ථ කායං වඩ‍්ඪෙත්‍වා බලං ගාහෙත්‍වා කුස‍්සුබ‍්භෙ ඔතරන‍්ති. කුස‍්සුබ‍්භෙ ඔතරිත්‍වා මහාසොබ‍්භෙ ඔතරන‍්ති. මහාසොබ‍්භෙ ඔතරිත්‍වා කුන‍්නදියො ඔතරන‍්ති. කුන‍්නදියො ඔතරිත්‍වා මහානදියො ඔතරන‍්ති. මහානදියො ඔතරිත්‍වා මහාසමුද‍්දං සාගරං ඔතරන‍්ති. තෙ තත්‍ථ මහන‍්තත‍්තං වෙපුල‍්ලත‍්තං ආපජ‍්ජන‍්ති කායෙන. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු සීලං නිස‍්සාය සීලෙ පතිට‍්ඨාය සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ භාවෙන‍්තො සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොන‍්තො මහන‍්තත‍්තං වෙපුල‍්ලත‍්තං පාපුණාති ධම‍්මෙසු.

මහණෙනි, හිමවත් පවුරජ නිසා නාගයෝ කය වඩත්, බල ගන්වත්. ඔහු එහි කය වඩා, බල ගන්වා කුඩා හෙබ්වලට බසිති. කුඩා හෙබ්වලට බැස මහ හෙබ්වලට බසිති. මහ හෙබ්වලට බැස කුඩා ගඞගාවලට බසිති. කුඩා ගඞගාවලට බැස මහා ගඞගාවලට බසිති. මහා ගඞගාවලට බැස මහමුහුදට සයුරට බසිති. ඔහු එහි කයින් මහත්ත්‍වයට විපුලත්‍වයට පැමිණෙත්. මහණෙනි, එසෙයින්ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සප්තබෝධ්‍යඞ්ගයන් වඩන්නේ සප්තබෝධ්‍යඞ්ගයන් බහුල කරන්නේ දහම්හි මහත්ත්‍වයට විපුලත්ත්‍වයට පැමිණේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු සීලං නිස‍්සාය සීලෙ පතිට‍්ඨාය සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ භාවෙන‍්තො සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොන‍්තො මහන‍්තත‍්තං වෙපුල‍්ලත‍්තං පාපුණාති ධම‍්මෙසු: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. විරියසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු සීලං නිස‍්සාය සීලෙ පතිට‍්ඨාය සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ භාවෙන‍්තො සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොන‍්තො මහන‍්තත‍්තං වෙපුල‍්ලත‍්තං පාපුණාති ධම‍්මෙසූති.

මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සප්තබෝධ්‍යඞ්ගයන් වඩන්නේ සප්තබෝධ්‍යඞ්ගයන් බහුල කරන්නේ දහම්හි ලා මහත්ත්‍වයට විපුලත්‍වයට පැමිණේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත වු විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකය ඇසුරැ කළ විරාග ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරැ කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත්බොජඟ වඩන්නේ සත්බොජඟ බහුල කරන්නේ දහම්හි ලා මහත්ත්‍වයට විපුලත්‍වයට පැමිණේ යි.