යෙදුමෙන් කියවන්න

1. පබ‍්බතවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. පබ්බත වර්ගය

1. හිමවන‍්තසුත‍්තවණ‍්ණනා

1. හිමවන්ත සූත්‍ර වර්ණනාව

බොජ‍්ඣඞ‍්ගසංයුත‍්තස‍්ස පඨමෙ නාගාති ඉමෙපි මහාසමුද‍්දපිට‍්ඨෙ ඌමිඅන‍්තරවාසිනොව, න විමානට‍්ඨකනාගා. තෙසං හිමවන‍්තං නිස‍්සාය කායවඩ‍්ඪනාදිසබ‍්බං හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. බොජ‍්ඣඞ‍්ගෙති එත්‍ථ බොධියා, බොධිස‍්ස වා අඞ‍්ගාති බොජ‍්ඣඞ‍්ගා. කිං වුත‍්තං හොති? යා හි අයං ධම‍්මසාමග‍්ගී, යාය ලොකියලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ උප‍්පජ‍්ජමානාය ලීනුද‍්ධච‍්චපතිට‍්ඨානායූහන කාමසුඛත‍්තකිලමථානුයොගඋච‍්ඡෙදසස‍්සතාභිනිවෙසාදීනං අනෙකෙසං උපද‍්දවානං පටිපක‍්ඛභූතාය සතිධම‍්මවිචයවීරියපීතිපස‍්සද‍්ධිසමාධිඋපෙක‍්ඛාසඞ‍්ඛාතාය ධම‍්මසාමග‍්ගියා අරියසාවකො බුජ‍්ඣතීති කත්‍වා බොධීති වුච‍්චති. බුජ‍්ඣතීති කිලෙසසන‍්තානනිද‍්දාය උට‍්ඨහති, චත‍්තාරි වා අරියසච‍්චානි පටිවිජ‍්ඣති, නිබ‍්බානමෙව වා සච‍්ඡිකරොතීති වුත‍්තං හොති. යථාහ “සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙත්‍වා අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො”ති (සං· නි· 5.378; දී· නි· 3.143). තස‍්සා ධම‍්මසාමග‍්ගිසඞ‍්ඛාතාය බොධියා අඞ‍්ගාති බොජ‍්ඣඞ‍්ගා ඣානඞ‍්ගමග‍්ගඞ‍්ගාදයො විය. යොපෙස යථාවුත‍්තප‍්පකාරාය එතාය ධම‍්මසාමග‍්ගියා බුජ‍්ඣතීති කත්‍වා අරියසාවකො බොධීති වුච‍්චති, තස‍්ස බොධිස‍්ස අඞ‍්ගාතිපි බොජ‍්ඣඞ‍්ගා සෙනඞ‍්ගරථඞ‍්ගාදයො විය. තෙනාහු අට‍්ඨකථාචරියා – “බුජ‍්ඣනකස‍්ස පුග‍්ගලස‍්ස අඞ‍්ගාති වා බොජ‍්ඣඞ‍්ගා”ති.

බොජ්ඣඞ්ග සංයුත්තයේ පළමු වැන්නෙහි නාගා = මොව්හු ද මහ සමුදුර මතුයෙහි රළ අතරේ වෙසෙන්නෝ ය, විමාන වාසී නාගයෝ නො වෙති. හිමවත ඇසුරුකොට ගෙන සිදු වූ ඔවුන්ගේ කාය වර්ධන ආදී සියල්ල යට කියන ලද පිළිවෙළින්ම දත යුතුය. බොජ්ඣඞ්ග = මෙහිදී බුද්ධත්වය සඳහා වූ හෝ බුද්ධත්වයට අයත් වූ හෝ අංගයන්ය යන අදහසින් බොජ්ඣඞ්ග නම් වේ. කුමක් කියන ලද්දේද යත්:- “යම් තාක් ලෞකික ලෝකෝත්තර මාර්ග ක්ෂණයෙහි උපදින්නාවූ සැඟවුණ නොසන්සුන් බව, පිහිටීම, රැස් කිරීම, කම් සුවය, අත්තකිලමථානු යෝගය, උච්ඡේද සහ ශාස්වත දෘෂ්ටි යන මේවායෙහි ඇලීම ආදී අනේක විධ උපද්‍රවයන් හට එරෙහිව පවතින සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්‍ඛා යන ධර්මයන්ගේ එක් වීම සඳහා ආර්ය ශ්‍රාවකතෙමේ අවබෝධය ලබා ගනියි” යනුවෙන් අදහස් කොට “බෝධි” යනුවෙන් කියනු ලැබේ. බුඡ්ඣති (හෙවත් අවබෝධකර ගනියි) යනුවෙන් කෙලෙස් සිතුවිලි පිළිබඳ නිද්‍රාවෙන් පිබිදෙයි හෝ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කර ගනියි හෝ නිර්වාණයම සාක්ෂාත් කර ගනියි හෝ යනුවෙන් කියන ලද්දේ වෙයි. යම් සේ බොජ්ඣඞ්ග සත වඩා උතුම් වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කරගත් සේකැයි කීයේ ද, එසේ සිදු විය. ධර්ම සාමග්‍රී සංඛ්‍යාත වූ එම බෝධියේ අංගයන්ය යන අදහසින් බොජ්ඣඞ්ග යයි කියනු ලැබේ. ධ්‍යානාංග, මාර්ගාංග ආදිය මෙනි. කියන ලද ආකාර ඇති, මෙම ධර්ම කරුණු එකතුවෙහි අවබෝධය ඇතිකර ගනිමියි යනුවෙන් යම්කිසි ආර්ය ශ්‍රාවක කෙනෙක් එයට යම්සේ “බෝධි” යනුවෙන් කියත් ද, එම බෝධියෙහි අංගයෝ ද සේනාංග, රථාංග ආදිය මෙන් බොජ්ඣඞ්ග (බෝධි අංග) නම් වෙත්. එහෙයින් අර්ථ කථාචාරීහු මෙසේ කීහ :- අවබෝධ කර ගන්නා පුද්ගලයාගේ අංගයන් වශයෙන් ද “බොජ්ඣඞ්ග” යයි කියති.

අපිච “බොජ‍්ඣඞ‍්ගාති කෙනට‍්ඨෙන බොජ‍්ඣඞ‍්ගා? බොධාය සංවත‍්තන‍්තීති බොජ‍්ඣඞ‍්ගා, බුජ‍්ඣන‍්තීති බොජ‍්ඣඞ‍්ගා, අනුබුජ‍්ඣන‍්තීති බොජ‍්ඣඞ‍්ගා, පටිබුජ‍්ඣන‍්තීති බොජ‍්ඣඞ‍්ගා, සම‍්බුජ‍්ඣන‍්තීති බොජ‍්ඣඞ‍්ගා”ඉච‍්චාදිනා (පටි· ම· 2.17) පටිසම‍්භිදානයෙනාපි බොජ‍්ඣඞ‍්ගත්‍ථො වෙදිතබ‍්බො.

තව ද “බොජඣඞ්ග” යයි කීමේදී කුමන අරුතකින් බොජ්ඣඞ්ග යයි කියනු ලැබේ ද යත් - අවබෝධය පිණිස පවතිත් යන අරුතින් ද, මේ අනුව අවබෝධ කරගනිත් යන අරුතින් ද, විවිධ අංශයන්ගෙන් අවබෝධ කරගනිත් යන අරුතින් ද, මනාව අවබෝධ කරගනිත් යන අරුතින් ද යන කරුණුවලින්) බොජ්ඣඞ්ග යයි කියනු ලැබේ. මේ ආදී වශයෙන් විශිෂ්ට ඥානය අනුව ද බොජ්ඣඞ්ග යන්නෙහි අරුත දත යුතුය.

සතිසම‍්බොජ‍්ඣඞ‍්ගන‍්තිආදීසු පන පසත්‍ථො සුන්‍දරො ච බොජ‍්ඣඞ‍්ගොති සම‍්බොජ‍්ඣඞ‍්ගො. සතියෙව සම‍්බොජ‍්ඣඞ‍්ගොති සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, තං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගන‍්ති එවං සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. භාවෙතීති වඩ‍්ඪෙති, අත‍්තනො චිත‍්තසන‍්තානෙ පුනප‍්පුනං ජනෙති, අභිනිබ‍්බත‍්තෙතීති අත්‍ථො. විවෙකනිස‍්සිතන‍්තිආදීනි කොසලසංයුත‍්තෙ “සම‍්මාදිට‍්ඨිං භාවෙති විවෙකනිස‍්සිත”න‍්ති එත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි.

සති සම්බොජ්ඣඞ්ග ආදියෙහි වනාහී ප්‍රශස්ත වූ ද, සුන්දර වූ ද බොජ්ඣඞ්ගය යන අදහසින් සම්බොජ්ඣඞ්ග යයි කියනු ලැබේ. “සති” (හෙවත්) සිහියම සම්බොජ්ඣඞ්ග වේය යනුවෙන් “සති සම්බොජ්ඣඞ්ග” යයි කියනු ලැබේ. එය සති සම්බොජ්ඣඞ්ග යයි. සියලු තන්හිදීම අර්ථය මෙසේ දත යුතු වේ. භාවෙති = වඩයි. (වර්ධනය කරයි) තමාගේ චිත්ත සන්තානයෙහි නැවත නැවත උපදවයි. වඩ වඩාත් උපදවයි, යන අර්ථය වේ. විවෙක නිස්සිතං = යන ආදිය කෝසල සංයුත්තයෙහි “විවේකය ආශ්‍රිතවූ සම්මා දිට්ඨිය වඩයි” යන මෙහි (සම්මා දිට්ඨිං භාවෙති විවෙක නිස්සිතං) කියන ලද පිළිවෙල අනුවම දත යුතු වේ.

අයං පන විසෙසො – තත්‍ථ තදඞ‍්ගවිවෙකනිස‍්සිතං, සමුච‍්ඡෙදවිවෙකනිස‍්සිතං, නිස‍්සරණවිවෙකනිස‍්සිතන‍්ති, විවෙකත‍්තයමෙව වුත‍්තං, බොජ‍්ඣඞ‍්ගභාවනං පත්‍වා පන පඤ‍්චවිධවිවෙකනිස‍්සිතම‍්පි එකෙ වණ‍්ණයන‍්ති. තෙ හි න කෙවලං බලවවිපස‍්සනාමග‍්ගඵලක‍්ඛණෙසු එව බොජ‍්ඣඞ‍්ගෙ උද‍්ධරන‍්ති විපස‍්සනාපාදක-කසිණජ‍්ඣාන-ආනාපානාසුභ-බ්‍රහ‍්මවිහාරජ‍්ඣානෙසුපි උද‍්ධරන‍්ති, න ච පටිසිද‍්ධා අට‍්ඨකථාචරියෙහි. තස‍්මා තෙසං මතෙන එතෙසං ඣානානං පවත‍්තික‍්ඛණෙ කිච‍්චතො එව වික‍්ඛම‍්භනවිවෙකනිස‍්සිතං. යථා ච විපස‍්සනාක‍්ඛණෙ “අජ‍්ඣාසයතො නිස‍්සරණවිවෙකනිස‍්සිත”න‍්ති වුත‍්තං, එවං පටිපස‍්සද‍්ධිවිවෙකනිස‍්සිතම‍්පි භාවෙතීති වත‍්තුං වට‍්ටති. සෙසමෙත්‍ථ හෙට‍්ඨා වුත‍්තනයමෙව.

මෙය විශේෂයකි, එහි තාවකාලික විවේකයට ආශ්‍රිත වූයේය, සම්පූර්ණයෙන් නැති කරනු ලබන විවේකයට ආශ්‍රිත වූයේය. අත්හැර යාම පිළිබඳ විවේකයට ආශ්‍රිත වූයේය යනුවෙන් විවේකයන් තුනක්ම කියන ලදී. බොජ්ඣඞ්ග වැඩීමට පැමිණ ඇතැමෙක් පඤ්චවිධ විවේකයක් පිළිබඳව ද වර්ණනා කරත්. ඔහු වනාහී හුදෙක් බලවත් වූ විදර්ශනා මාර්ග ඵල ලක්ෂණයන්හිම පමණක් බොජ්ඣඞ්ගයන් ඇතැයි මතුකර නොදක්වත්. විදර්ශනා පාදක කොටගත් කසිණ ධ්‍යාන ආනාපාන යහපත් බ්‍රහ්ම විහාර ධ්‍යානයන්හිද බොජ්ඣඞ්ගයන් පිහිටන බව මතු කර දක්වත්. අටුවාචාර්යවරුන් විසින් මෙම අදහස ප්‍රතික්ෂේප කරන ලද්දේ ද නොවේ. එසේ හෙයින් ඔවුන්ගේ අදහස් අනුව, මෙම ඥානයන් පැවතුණ ක්ෂණයෙහි වූ ක්‍රියාවන්ගෙන් මෙසේ යටපත් කිරීම් සංඛ්‍යාත විවේකය ආශ්‍රිත දැනුම ඇති වූයේ යයිද, එසේම විදර්ශනා ක්ෂණයෙහි වූ අදහසින් සසරින් එතරවීම් සංඛ්‍යාත විවේකය ආශ්‍රිත දැනුම ඇතිවූයේ යයිද කියන ලදී. මෙසේ සන්සිඳීම් සංඛ්‍යාත විවේකයේ ඇසුර වඩන්නේ යයි කිවයුතු වේ. සෙස්ස මෙහි යට කියන ලද පිළිවෙළින්ම වේ.

2. කායසුත‍්තවණ‍්ණනා

2. කාය සූත්‍ර වර්ණනාව

දුතියෙ ආහාරට‍්ඨිතිකොති පච‍්චයට‍්ඨිතිකො. ආහාරං පටිච‍්චාති පච‍්චයං පටිච‍්ච. සුභනිමිත‍්තන‍්ති සුභම‍්පි සුභනිමිත‍්තං, සුභස‍්ස ආරම‍්මණම‍්පි සුභනිමිත‍්තං. අයොනිසොමනසිකාරොති අනුපායමනසිකාරො උප‍්පථමනසිකාරො අනිච‍්චෙ “නිච‍්ච”න‍්ති වා, දුක‍්ඛෙ “සුඛ”න‍්ති, අනත‍්තනි “අත‍්තා”ති වා, අසුභෙ “සුභ”න‍්ති වා, මනසිකාරො. තං තස‍්මිං සුභාරම‍්මණෙ බහුලං පවත‍්තයතො කාමච‍්ඡන්‍දො උප‍්පජ‍්ජති. තෙන වුත‍්තං “අත්‍ථි, භික‍්ඛවෙ, සුභනිමිත‍්ත”න‍්තිආදි. එවං සබ‍්බනීවරණෙසු යොජනා වෙදිතබ‍්බා.

දෙවැන්නෙහි - ආහාරට්ඨිතිකො = (ආහාර ආදී) ප්‍රත්‍යයන් අනුව පවත්නා වූ ආහාරං පටිච්ච = ප්‍රත්‍යය නිසා සුභ නිමිත්තං = යහපත් දෙය ද සුබ නිමිත්තකි. අයොනිසො මනසිකාරො = වැරදි ලෙස මෙනෙහි කිරීමයි. වැරදි මඟට යොමු වූ මෙනෙහි කිරීම යි, අනිත්‍යයෙහි නිත්‍යයයි යනුවෙන් හෝ දුකෙහි සැපයයි යනුවෙන් හෝ අනාත්මයෙහි ආත්මයයි යනුවෙන් හෝ අසුභයෙහි සුභයයි යනුවෙන් හෝ මෙනෙහි කිරීමයි. එම සුභ ආරම්මණයෙහි එය බහුලව පවත්වන්නහුට කාමච්ඡන්දය උපදියි. ඒ නිසා “(අත්‍ථි භික්ඛවෙ සුභ නිමිත්තං) මහණෙනි, සුබ නිමිත්තක් ඇත” යන ආදිය කියන ලදී. මෙසේ සියළු තන්හි නීවරණයන්හි (ක්ලේශයන්හි, බාධකයන්හි) යෙදීම දත යුත්තේය.

පටිඝනිමිත‍්තන‍්තිආදීසු පන පටිඝොපි පටිඝනිමිත‍්තං පටිඝාරම‍්මණම‍්පි. අරතීති උක‍්කණ‍්ඨිතා. යං සන්‍ධාය වුත‍්තං – “තත්‍ථ කතමා අරති? පන‍්තෙසු වා සෙනාසනෙසු අඤ‍්ඤතරඤ‍්ඤතරෙසු වා අධිකුසලෙසු ධම‍්මෙසු අරති අරතිතා අනභිරති අනභිරමනා උක‍්කණ‍්ඨිතා පරිතස‍්සිතා, අයං වුච‍්චති අරතී”ති (විභ· 856).

පටිඝ නිමිත්තං = යන ආදියෙහි වූ කලී “පටිඝ” යනු ක්‍රෝධයට නිමිත්තයි ක්‍රෝධයට අරමුණ යයි ද කිව හැක. අරති = කලකිරුණු බව යමක් සඳහා මෙය කියන ලද්දේ ද- එහි “අරති” නම් කුමක් ද? ඈත පිහිටි සෙනසුන්හි හෝ යම් යම් උසස් කුසල් දහම්හි නො ඇලීම, අකැමති වීම, ආශා නො ඉපද වීම, සතුටු නොවීම, උකටලී වීම, බියෙන් මෙන් ඉවත් වීම යන මේ කරුණුවලින් යුක්ත වීම “අරති” යයි කියනු ලැබේ.

තන්‍දීති අතිසීතාදිපච‍්චයා උප‍්පන‍්නං ආගන‍්තුකකායාලසියං. යස‍්මිං උප‍්පන‍්නෙ “අතිසීතං අතිඋණ‍්හං අතිච‍්ඡාතොස‍්මි අතිධාතොස‍්මි අතිදූරමග‍්ගං ගතොස‍්මී”ති වදති, යං සන්‍ධාය වුත‍්තං “තත්‍ථ කතමා තන්‍දි, යා තන්‍දී තන්‍දියනා තන්‍දිමනකතා ආලස්‍යං ආලස්‍යායනා ආලස්‍යායිතත‍්තං, අයං වුච‍්චති තන්‍දී”ති (විභ· 857).

තන්‍දී = අධික ශීතල ආදී හේතූන්ගෙන් උපන් කල්හි දැන් ශීතල වැඩිය. උණුසුම වැඩිය, කුසගිනි වැඩිය, කුස පිරුණා වැඩිය, දුර ගමන් ගියෙමි යන ආදී වශයෙන් කියයි. යමක් සඳහා “තන්‍දී” යයි කියනු ලැබේ ද - එහි “තන්දී” නම් කුමක් ද යත් :- යම් ප්‍රමාදී බවක්. ප්‍රමාදී බවට පත් වීමක්. අලස සහිත සිතුවිල්ලක්, අලස බවක්, අලස බවට පැමිණීමක්, අලස බවට හිමිවීමක් (යන මේවායින් යම් තත්ත්වයක්) ඇතිවූයේ නම් එය “තන්දී” යයි කියනු ලැබේ.

විජම‍්භිතාති කිලෙසවසෙන කායවිනමනා. යං සන්‍ධාය වුත‍්තං – “තත්‍ථ කතමා විජම‍්භිතා? යා කායස‍්ස ජම‍්භනා විජම‍්භනා ආනමනා විනමනා සන‍්නමනා පණමනා බ්‍යාධියකං, අයං වුච‍්චති විජම‍්භිතා”ති (විභ· 858).

විජම්භිකා = කෙලෙස් වශයෙන් කය නැමීමයි. යමක් සඳහා මෙය කියන ලද්දේ ද, එහි “විජම්භිකා” යනු කවරේද යත් :- ශරීරයේ යම් කිලිපොලා හැරීමක්, විජෘම්භනයක්, හැකිලීමක්, නැමීමක්, සැහැල්ලු නැමීමක්, අධික ලෙස නැමීමක්, රෝගී ස්වභාවයක් යන මේවායින් යමක් වේද මෙය “විජම්භිකා” යයි කියනු ලැබේ.

භත‍්තසම‍්මදොති භත‍්තපරිළාහො. යං සන්‍ධාය වුත‍්තං – “තත්‍ථ කතමො භත‍්තසම‍්මදො? යා භුත‍්තාවිස‍්ස භත‍්තමුච‍්ඡා භත‍්තකිලමථො භත‍්තපරිළාහො කායදුට‍්ඨුල‍්ලං, අයං වුච‍්චති භත‍්තසම‍්මදො”ති (විභ· 859).

භත්ත සම්මදො = අහර ගැනීමෙන් පසුව දැනෙන ඩාහ ගතිය. යමක් සඳහා මෙය කියන ලද්දේ ද, එහි “භත්ත සම්මදො” නම් කුමක් ද? ආහාර ගත් තැනැත්තහුට ආහාර මුර්ඡාව, ආහාර ක්ලාන්තය, ආහාර ඩාහය, කායික අපහසුතාවය යන මේවායින් යමක් ඇති වේද - මෙය “භත්ත සම්මදො” යයි කියනු ලැබේ.

චෙතසො ච ලීනත‍්තන‍්ති චිත‍්තස‍්ස ලීයනාකාරො, යං සන්‍ධාය වුත‍්තං – “තත්‍ථ කතමං චෙතසො ලීනත‍්තං? යා චිත‍්තස‍්ස අකල්‍යතා අකම‍්මඤ‍්ඤතා ඔලීයනා සල‍්ලීයනා ලීනං ලීයනා ලීයිතත‍්තං ථිනං ථියනා ථියිතත‍්තං චිත‍්තස‍්ස, ඉදං වුච‍්චති චෙතසො ලීනත‍්ත”න‍්ති (විභ· 860).

චෙතසො ලීනත්තං = සිතේ සැඟවුණ බව. යමක් සඳහා මෙය කියන ලද්දේද එහි “චෙතසොලීනත්තං” නම් කුමක්ද? - සිතේ යම් අසුබ බවක්, අකර්මණ්‍ය භාවයක්, හුදෙකලා බවක්, අධිකව හුදෙකලා වන ස්වභාවයක්, සැඟවෙන ගතියක්, වැඩියෙන් සැඟවෙන ගතියක්, හැකිලී විසීමක්, සිතේ මැලි බවත්, වඩාත් මැලි බවක්, අලසව විසීමක්, යන මේවායින් යමක් වේද - මෙය “චෙතසො ලීනත්තං” යයි කියනු ලැබේ.

චෙතසො අවූපසමොති යථා නාම වීතච‍්චිකොපි අඞ‍්ගාරො නෙව තාව සන‍්නිසීදති පතාපං කරොතියෙව, යථා ච පත‍්තපචනට‍්ඨානෙ නෙව තාව සන‍්නිසීදති පතාපං කරොතියෙව, එවං චිත‍්තස‍්ස අවූපසන‍්තාකාරො, අත්‍ථතො පනෙතං උද‍්ධච‍්චකුක‍්කුච‍්චමෙව හොති.

චෙතසො අවුපසමො - යම්සේ වනාහී පහවූ ගිනිදැල් ඇත්තේ වුව ද, ගිනි අඟුරු යම්තාක්කල් නොසන්සිඳේද (නොනිවේදෙ) ඒතාක් කල් තැවීම සිදු කරන්නේමය. එසේම සිතේ නොසන්සුන් තත්ත්වය නිසා මෙම උද්ධච්ච කුක්කුච්චය (නොසන්සුන්බව හා කුකුස පසුතැවිල්ල) ම ඇති වේ.

විචිකිච‍්ඡට‍්ඨානීයා ධම‍්මාති විචිකිච‍්ඡාය ආරම‍්මණධම‍්මා. අයොනිසොමනසිකාරො සබ‍්බත්‍ථ වුත‍්තනයොව. එවමෙත්‍ථ කාමච‍්ඡන්‍දො විචිකිච‍්ඡාති ඉමෙ ද‍්වෙ ධම‍්මා ආරම‍්මණෙන කථිතා, බ්‍යාපාදො ආරම‍්මණෙන ච උපනිස‍්සයෙන ච, සෙසා සහජාතෙන ච උපනිස‍්සයෙන චාති.

විචිකිච්ඡා ඨානීයාධම්මා = විචිකිච්ඡාව හා බැඳුණ අරමුණු, නුවණින් මෙනෙහි නොකිරීම සියලු තන්හිම කියන ලද පිළිවෙළින්ම වේ. මෙසේ මෙහි කාමච්ඡන්‍දය හා විචිකිච්ඡාව (කාමාශාව හා සැකය) යන මේ තත්ත්වයන් දෙක අරමුණකින් උපදීයයි කියන ලදී. ව්‍යාපාදය (ක්‍රෝධය) අරමුණ හේතුවකින් උපදීයයි ද කියන ලදී.

සතිසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානීයා ධම‍්මාති සතියා ආරම‍්මණධම‍්මා සත‍්තතිංස බොධිපක‍්ඛියා ච නව ලොකුත‍්තරධම‍්මා ච. තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරොති තත්‍ථ උපායමනසිකාරස‍්ස පුනප‍්පුනං කරණං.

සති සම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා = අරමුණු වෙත යොමු වීම, සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නවලෝකෝත්තර ධර්ම පිළිබඳව සිහියෙන් යුක්ත වීමෙන්. තත්‍ථ යොනිසො මනසිකාර බහුලී කාරො = එහි නැවත නැවත පිළිවෙළ සිහි කිරීමේ ක්‍රියාව

කුසලාකුසලා ධම‍්මාතිආදීසු කුසලාති කොසල‍්ලසම‍්භූතා අනවජ‍්ජසුඛවිපාකා. අකුසලාති අකොසල‍්ලසම‍්භූතා සාවජ‍්ජදුක‍්ඛවිපාකා. සාවජ‍්ජාති අකුසලා. අනවජ‍්ජාති කුසලා. හීනපණීතකණ‍්හසුක‍්කෙසුපි එසෙව නයො. සප‍්පටිභාගාති කණ‍්හසුක‍්කායෙව. කණ‍්හා හි කණ‍්හවිපාකදානතො, සුක‍්කා ච සුක‍්කවිපාකදානතො සප‍්පටිභාගා නාම, සදිසවිපාකකොට‍්ඨාසාති අත්‍ථො. පටිපක‍්ඛභූතස‍්ස වා භාගස‍්ස අත්‍ථිතාය සප‍්පටිභාගා. කණ‍්හානඤ‍්හි සුක‍්කා පටිපක‍්ඛභාගා, සුක‍්කානඤ‍්ච කණ‍්හා පටිපක‍්ඛභාගාති එවම‍්පි සප‍්පටිභාගා. සප‍්පටිබාහිතට‍්ඨෙන වා සප‍්පටිභාගා. අකුසලඤ‍්හි කුසලං පටිබාහිත්‍වා අත‍්තනො විපාකං දෙති, කුසලඤ‍්ච අකුසලං පටිබාහිත්‍වාති එවම‍්පි කණ‍්හසුක‍්කා සප‍්පටිභාගා.

“කුසලා කුසල ධම්ම” යන ආදියෙහි කුසල යනු කුසල භාවය නිසා උපන් නිවැරදි සුඛ විපාකයන් අකුසල = අකුසල භාවය නිසා උපන් වැරදි සහිත දුඃඛවිපාකයන්. සාවජ්ජා = අකුසල් අනවජ්ජා = කුසල් පහත්, උසස්, අයහපත් යහපත් යන ආදියෙහි ද මේ පිළිවෙළම වේ. සප්පටිභාගා = අයහපත් සහ යහපත් යන අංශ දෙක අසුබ (හෙවත් කලු) විපාක දෙන බැවින් අසුබ (හෙවත් කණ්හ) යයිද, සුබ (හෙවත් සුදු) විපාක දෙන බැවින් සුබ (හෙවත් සුක්ක) යයිද කියවේ. “සප්පටිභාග” යනු සමාන විපාක කොටස්ය යන අරුතයි. ප්‍රතිපක්ෂවූ කොටසක් ඇති බැවින් “සප්පටිභාගා” වේ. කලු දේවලට හෙවත් පාපයනට සුදු දේවල් හෙවත් පින් ප්‍රතිපක්ෂ වේ. සුදු දේවලට හෙවත් පින්වලට කලු දේවල් හෙවත් පාපයන් ප්‍රතිපක්ෂ වේ. මෙසේම සමාන කොටස් ඇතැයි දැක්වේ. කොටසක් ඉවත් කරන ලද්දේය යන අරුතින් ද “සප්පටිභාග” නම් වේ. අකුසලය වනාහී කුසලය ඉවත් කොට තමාගේ විපාකය දෙයි. කුසලය ද අකුසලය ඉවත් කොට තමා ගේ විපාකය දෙයි. මෙසේ කලු- සුදු හෙවත් අකුසල් හා කුසල් “සප්පටිභාග” (හෙවත් සමාන කොටස්) නම් වේ.

ආරම‍්භධාතූති පඨමාරම‍්භවීරියං. නික‍්කමධාතූති කොසජ‍්ජතො නික‍්ඛන‍්තත‍්තා තතො බලවතරං. පරක‍්කමධාතූති පරං පරං ඨානං අක‍්කමනතාය තතොපි බලවතරන‍්ති තීහිපි පදෙහි වීරියමෙව කථිතං.

ආරම්භධාතුය = ප්‍රථම උත්සාහය නික්කම්මධාතු = කුසීත භාවයෙන් ඉවත් වූ බැවින් එයටත් වඩා බලවත් වූයේ. පරක්කම ධාතු = වෙනත් වෙනත් ස්ථානයන් ආක්‍රමණය කිරිමේ හේතුවෙන් එයටත් වඩා බලවත් වූයේ (ඉහත දැක්වූ) පද තුනෙන්ම වීර්යය ම කියන ලදී.

පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානීයාති පීතියා ආරම‍්මණධම‍්මා. කායපස‍්සද‍්ධීති තිණ‍්ණං ඛන්‍ධානං දරථපස‍්සද‍්ධි. චිත‍්තපස‍්සද‍්ධීති විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස දරථපස‍්සද‍්ධි. සමථනිමිත‍්තන‍්ති සමථොපි සමථනිමිත‍්තං, ආරම‍්මණම‍්පි. අබ්‍යග‍්ගනිමිත‍්තන‍්ති තස‍්සෙව වෙවචනං.

පීති සම්බොජ්ඣඞ්ගට්ඨානීයා = ප්‍රීතියට හේතු වූ ආරම්මණ ධර්ම කාය පස්සද්ධි = ස්කන්ධ තුනේ සන්සිඳීම චිත්ත පස්සද්ධි = විඤ්ඤාණ ස්කන්ධයේ සන්සිඳීම සමාධි නිමිත්තං = සන්සිඳීම හා සන්සිඳීම සඳහා වූ අරමුණ අබ්‍යග්ග නිමිත්තං යනු එයටම පර්යාය වචනයකි.

උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානීයාති උපෙක‍්ඛාය ආරම‍්මණධම‍්මා, අත්‍ථතො පන මජ‍්ඣත‍්තාකාරො උපෙක‍්ඛාට‍්ඨානීයා ධම‍්මොති වෙදිතබ‍්බො. එවමෙත්‍ථ සතිධම‍්මවිචයඋපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගා ආරම‍්මණෙන කථිතා, සෙසා ආරම‍්මණෙනපි උපනිස‍්සයෙනපි.

උපෙක්‍ඛා සම්බොජ්ඣඞ්ගට්ඨානීයා උපේක්ෂාවට හේතු වූ ආරම්මණ ධර්ම. අර්ථ වශයෙන් වනාහී මධ්‍යස්ථ ආකාර ඇත්තාවූ උපේක්ෂාවට හේතු වූ ධර්මයන් යයි දත යුතුයි. මෙසේ මෙහි සති, ධමමවිචය, උපෙක්ඛා යන සම්බෝධ්‍යංග අරමුණු වශයෙන් කියන ලදී. සෙස්ස අරමුණු වශයෙන් ද, හේතු වශයෙන් ද දත යුතු වේ.

3. සීලසුත‍්තවණ‍්ණනා

3. සීල සූත්‍ර වර්ණනාව

තතියෙ සීලසම‍්පන‍්නාති එත්‍ථ ඛීණාසවස‍්ස ලොකියලොකුත‍්තරසීලං කථිතං, තෙන සම‍්පන‍්නාති අත්‍ථො. සමාධිපඤ‍්ඤාසුපි එසෙව නයො. විමුත‍්ති පන ඵලවිමුත‍්තියෙව. විමුත‍්තිඤාණදස‍්සනං පච‍්චවෙක‍්ඛණඤාණං. එවමෙත්‍ථ සීලාදයො තයො ලොකියලොකුත‍්තරා, විමුත‍්ති ලොකුත‍්තරාව, විමුත‍්තිඤාණදස‍්සනං ලොකියමෙව.

තුන් වැන්නෙහි - සීල සම්පන්නා = මෙහිදී ක්ෂිණාශ්‍රවයන් වහන්සේගේ ලෞකික ලෝකෝත්තර සීලය ගන්නා ලදී. එයින් (ඒ සීලයෙන්) යුක්ත වූයේ යන අරුතයි. සමාධි, ප්‍රඥා දෙකෙහි ද මේ පිළිවෙළම වේ. විමුක්තිය නම් ඵල විමුක්තියම වේ. විමුක්තිඥාන දර්ශනය ප්‍රත්‍යවේක්ෂා ඥානයයි. මෙහිදී “සීල” ආදිය මෙසේ ලෞකික ද, ලෝකෝත්තර ද වේ. විමුක්තිය ලෝකෝත්තර වේ. විමුක්තිඥාන දර්ශනය ලෞකිකම වේ.

දස‍්සනම‍්පාහන‍්ති දස‍්සනම‍්පි අහං. තං පනෙතං දස‍්සනං – චක‍්ඛුදස‍්සනං, ඤාණදස‍්සනන‍්ති දුවිධං. තත්‍ථ පසන‍්නෙහි චක‍්ඛූහි අරියානං දස‍්සනං ඔලොකනං චක‍්ඛුදස‍්සනං නාම. අරියෙහි පන දිට‍්ඨස‍්ස ලක‍්ඛණස‍්ස දස‍්සනං, පටිවිද‍්ධස‍්ස ච පටිවිජ‍්ඣනං ඣානෙන වා විපස‍්සනාය වා මග‍්ගඵලෙහි වා ඤාණදස‍්සනං නාම. ඉමස‍්මිං පනෙත්‍ථ චක‍්ඛුදස‍්සනං අධිප‍්පෙතං. අරියානඤ‍්හි පසන‍්නෙහි චක‍්ඛූහි ඔලොකනම‍්පි බහුකාරමෙව. සවනන‍්ති “අසුකො නාම ඛීණාසවො අසුකස‍්මිං නාම රට‍්ඨෙ වා ජනපදෙ වා ගාමෙ වා නිගමෙ වා විහාරෙ වා ලෙණෙ වා වසතී”ති කථෙන‍්තානං සොතෙන සවනං, එතම‍්පි බහුකාරමෙව. උපසඞ‍්කමනන‍්ති “දානං වා දස‍්සාමි, පඤ‍්හං වා පුච‍්ඡිස‍්සාමි, ධම‍්මං වා සොස‍්සාමි, සක‍්කාරං වා කරිස‍්සාමී”ති එවරූපෙන චිත‍්තෙන අරියානං උපසඞ‍්කමනං. පයිරුපාසනන‍්ති පඤ‍්හාපයිරුපාසනං. අරියානං ගුණෙ සුත්‍වා තෙ උපසඞ‍්කමිත්‍වා නිමන‍්තෙත්‍වා දානං දත්‍වා “කිං, භන‍්තෙ, කුසල”න‍්තිආදිනා නයෙන පඤ‍්හපුච‍්ඡනන‍්ති අත්‍ථො.

දස්සනම්පහං “දසසනමපි + අහං” (යනු විසන්‍ධියයි) ඒ මේ දර්ශනය වනාහී (ඇසෙන් කෙරෙන) චක්ෂු දර්ශනය. ඥානයෙන් කෙරෙන දර්ශනය යනුවෙන් දෙපරිදි වේ. එහි ප්‍රසන්න වූ නෙත්වලින් ආර්යයන් විසින් දක්නා ලද ලක්ෂණයන් දැක්ම ධ්‍යානයෙන් හෝ විදර්ශනාවෙන් හෝ මාර්ගඵලයන්ගෙන් හෝ අවබෝධ කළ තැනැත්තහුගේ අවබෝධය ඥාන දර්ශනය නම් වේ. මෙහි අර්ථයෙහි දී චක්ෂු දර්ශනය අදහස් කරන ලදී. ආර්යයන් හට වූ කලී ප්‍රසන්න වූ ඇස්වලින් කෙරෙන බැලීම ද ඉතා ප්‍රයෝජනවත් වන්නේ මය. සවණං = අසවල් නම් ක්ෂීණාශ්‍රවයන් වහන්සේ අසවල් නම් රටෙහි හෝ ජනපදයෙහි හෝ ගමෙහි හෝ නියම් ගමෙහි හෝ විහාරයෙහි හෝ ලෙණෙහි හෝ වාසය කරන්නාහ යි කියන්නාහු ගේ කියමන කණෙන් ඇසීම යන මෙය ඉතා ප්‍රයෝජනවත් වන්නේ ම ය. උපසංකමණං = දානයක් හෝ දෙන්නෙමි, ප්‍රශ්නයක් හෝ විචාරන්නෙමි, ධර්මයක් හෝ අසන්නෙමි, සත්කාරයක් හෝ කරන්නෙමි යන මෙවැනි සිතකින් ආර්යයන් වහන්සේ වෙත පැමිණීම පයිරුපාසනං = ප්‍රශ්න විමසමින් ඇසුරු කිරීම. ආර්යයන්ගේ ගුණයන් අසා උන්වහන්සේලා වෙත එළඹ, ආරාධනා කොට දන් දී, ස්වාමීනි, කුසලය නම් කුමක් ද යන ආදී වශයෙන් ප්‍රශ්න විචාරීම යන අදහසයි.

අනුස‍්සතින‍්ති රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානෙසු නිසින‍්නස‍්ස “ඉදානි අරියා ලෙණගුහමණ‍්ඩපාදීසු ඣානවිපස‍්සනාමග‍්ගඵලසුඛෙහි වීතිනාමෙන‍්තී”ති අනුස‍්සරණං. යො වා තෙසං සන‍්තිකෙ ඔවාදො ලද‍්ධො හොති, තං ආවජ‍්ජිත්‍වා “ඉමස‍්මිං ඨානෙ සීලං කථිතං, ඉමස‍්මිං සමාධි, ඉමස‍්මිං විපස‍්සනා, ඉමස‍්මිං මග‍්ගො, ඉමස‍්මිං ඵල”න‍්ති එවං අනුස‍්සරණං. අනුපබ‍්බජ‍්ජන‍්ති අරියෙසු චිත‍්තං පසාදෙත්‍වා ඝරා නික‍්ඛම‍්ම තෙසං සන‍්තිකෙ පබ‍්බජ‍්ජං. අරියානඤ‍්හි සන‍්තිකෙ චිත‍්තං පසාදෙත්‍වා තෙසංයෙව සන‍්තිකෙ පබ‍්බජිත්‍වා තෙසංයෙව ඔවාදානුසාසනිං පච‍්චාසීසමානස‍්ස චරතොපි පබ‍්බජ‍්ජා අනුපබ‍්බජ‍්ජා නාම. අරියෙසු පසාදෙන අඤ‍්ඤත්‍ථ පබ‍්බජිත්‍වා අරියානං සන‍්තිකෙ ඔවාදානුසාසනිං පච‍්චාසීසමානස‍්ස චරතො පබ‍්බජ‍්ජාපි අනුපබ‍්බජ‍්ජා නාම. අඤ‍්ඤෙසු පන පසාදෙන අඤ‍්ඤෙසංයෙව සන‍්තිකෙ පබ‍්බජිත්‍වා අඤ‍්ඤෙසංයෙව ඔවාදානුසාසනිං පච‍්චාසීසමානස‍්ස චරතො පබ‍්බජ‍්ජා අනුපබ‍්බජ‍්ජා නාම න හොති.

අනුස්සතිං = රාත්‍රිස්ථාන, දිවා ස්ථානයන්හි හුන් ආර්යයන් පිළිබඳව, දැන් ආර්යයන් වහන්සේලා ලෙන්, ගුහා, මණ්ඩප ආදී තන්හි ධ්‍යාන, විදර්ශනා, මාර්ගඵල සුවයෙන් කල් ගෙවන්නාහු වෙතියි යනුවෙන් සිහි කිරීමයි. යමකු උන්වහන්සේලා සමීපයෙහි අවවාද ලැබුයේ වේද ඔහු එම කරුණු බෙදා (පරීක්‍ෂා කොට) මෙ තැනදී විදර්ශනාව කියන ලදී, මෙතැන දී මාර්ගය කියන ලදී, මෙතැන දී ඵලය කියන ලදී යනුවෙන් මෙසේ සිහිපත් කිරීමයි. අනු පබ්බජ්ජා = ආර්යයන් වහන්සේලා කෙරෙහි සිත පහදවා ගිහිගෙයින් නික්ම උන්වහන්සේලා සමීපයෙහි පැවිදිව උන් වහන්සේලාගේම අවවාද අනුශාසනා අපේක්ෂාවෙන් හැසිරෙන්නහුගේ පැවිද්ද “අනු පබ්බජ්ජා” නම් වේ. අන් අයගේ සමීපයෙහි අවවාද අනුශාසනා අපේක්ෂාවෙන් හැසිරෙන්නහුගේ පැවිද්ද ද “අනු පබ්බජ්ජා” නම් නො වේ.

එවං පබ‍්බජිතෙසු පන මහාකස‍්සපත්‍ථෙරස‍්ස තාව අනුපබ‍්බජ‍්ජං පබ‍්බජිතා සතසහස‍්සමත‍්තා අහෙසුං, තථා ථෙරස‍්සෙව සද‍්ධිවිහාරිකස‍්ස ච චන්‍දගුත‍්තත්‍ථෙරස‍්ස, තස‍්සාපි සද‍්ධිවිහාරිකස‍්ස සූරියගුත‍්තත්‍ථෙරස‍්ස, තස‍්සාපි සද‍්ධිවිහාරිකස‍්ස අස‍්සගුත‍්තත්‍ථෙරස‍්ස, තස‍්සාපි සද‍්ධිවිහාරිකස‍්ස යොනකධම‍්මරක‍්ඛිතත්‍ථෙරස‍්ස, තස‍්ස පන සද‍්ධිවිහාරිකො අසොකරඤ‍්ඤො කනිට‍්ඨභාතා තිස‍්සත්‍ථෙරො නාම අහොසි, තස‍්ස අනුපබ‍්බජ‍්ජං පබ‍්බජිතා අඩ‍්ඪතෙය්‍යකොටිසඞ‍්ඛා අහෙසුං. මහින්‍දත්‍ථෙරස‍්ස අනුපබ‍්බජිතානං ගණනපරිච‍්ඡෙදො නත්‍ථි. යාවජ‍්ජදිවසා ලඞ‍්කාදීපෙ සත්‍ථරි පසාදෙන පබ‍්බජන‍්තා මහින්‍දත්‍ථෙරස‍්සෙව පබ‍්බජ‍්ජං අනුපබ‍්බජන‍්ති නාම.

මෙසේ පැවිදිවූවන් අතුරෙහි වනාහී මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ “අනු පබ්බජ්ජා” ව පතා පැවිදි වූවාහු සිය දහස් ගණනක් වූහ. එසේම ඒ තෙරුන් වහන්සේගේ ම සද්ධි විහාරික වූ චන්ද ගුත්ත තෙරුන්ගේ ද, උන්වහන්සේ ද සද්ධි විහාරික වූ සූරියගුත්ත තෙරුන්ගේ ද, උන් වහන්සේගේ ද සද්ධි විහාරික වූ අස්සගුත්ත තෙරුන්ගේ ද, උන්වහන්සේගේ ද සද්ධි විහාරික වූ යෝනක ධම්මරක්ඛිත තෙරුන්ගේද, උන් වහන්සේගේ ද සද්ධිවිහාරික වූ ආශෝක රජුගේ කණිටු සොයුරා වූ තිස්ස නම් තෙරුන් වහන්සේ නමක් වූහ. උන්වහන්සේගේ අනු පබ්බජ්ජ භාවය පතා පැවිදි වූවාහු කෝටි දෙක හමාරක සංඛ්‍යාවක් වූහ. මහින්ද තෙරුන් වහන්සේගේ අනු පබ්බජිත තෙරවරුන්ගේ ගණන් සීමාවක් ඇත්තේ නැත. අද දවස දක්වා ලක්දිව, ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් පැවිදි වන්නාහු මහින්ද තෙරුන් වහන්සේගේ ම පැවිද්ද අනුව පැවිදි වන්නෝ නම් වෙත්.

තං ධම‍්මන‍්ති තං තෙසං ඔවාදානුසාසනීධම‍්මං. අනුස‍්සරතීති සරති. අනුවිතක‍්කෙතීති විතක‍්කාහතං කරොති. ආරද‍්ධො හොතීති පරිපුණ‍්ණො හොති. පවිචිනතීතිආදි සබ‍්බං තත්‍ථ ඤාණචාරවසෙනෙව වුත‍්තං. අථ වා පවිචිනතීති තෙසං තෙසං ධම‍්මානං ලක‍්ඛණං විචිනති. පවිචරතීති තත්‍ථ ඤාණං චරාපෙති. පරිවීමංසමාපජ‍්ජතීති වීමංසනං ඔලොකනං ගවෙසනං ආපජ‍්ජති.

තං ධම්මං = ඔවුන්හට අවවාද අනුශාසනා සහිත වූ එම ධර්මය. අනුස්සරති = සිහි කරයි. අනුවිචක්කෙති = විතර්කයෙන් අපහසුතාවයට පත් කරයි. ආරද්ධො හොති = පරිපූර්ණ වෙයි. පරිචින්ති යන ආදී සියල්ල එහි ඥානාන්විත ක්‍රියාවන් වශයෙන් කියන ලදී. එසේ නැතහොත් පරිචිනති යනු ඒ ඒ ධර්මයන්ගේ ලක්ෂණ විමසා බලයි යන අදහසයි. පවිචරති = එහි නුවණ යොදවයි. පරිවිමංසමාපජ්ජති = විමසීමට, බැලීමට, ගවේෂණයට පැමිණෙයි.

සත‍්ත ඵලා සත‍්තානිසංසාති උභයම‍්පෙතං අත්‍ථතො එකං. දිට‍්ඨෙව ධම‍්මෙ පටිකච‍්ච අඤ‍්ඤං ආරාධෙතීති අරහත‍්තං ආරාධෙන‍්තො ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ ආරාධෙති, තඤ‍්ච ඛො පටිකච‍්ච, අසම‍්පත‍්තෙයෙව මරණකාලෙති අත්‍ථො. අථ මරණකාලෙති අථ මරණස‍්ස ආසන‍්නකාලෙ.

ප්‍රතිඵලයන් සතක් වේ. ආනිසංසයන් සතක් වේ යන මේ දෙකම අර්ථ වශයෙන් එකක්ම වේ. දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති රහත් බව ලබා ගන්නා තැනැත්තේ මේ ආත්ම භාවයෙහිම එය ලබා ගනියි. එය ද වනාහී කල් ඇතිව නොපැමිණියාවූම මරණ කාලෙයෙහි යන අර්ථයයි. අථමරණ කාලෙ = ඉක්බිති මරණයට ආසන්න කාලයෙහි

අන‍්තරාපරිනිබ‍්බායීති යො ආයුවෙමජ‍්ඣං අනතික‍්කමිත්‍වා පරිනිබ‍්බායති, සො තිවිධො හොති. කප‍්පසහස‍්සායුකෙසු තාව අවිහෙසු නිබ‍්බත‍්තිත්‍වා එකො නිබ‍්බත‍්තදිවසෙයෙව අරහත‍්තං පාපුණාති. නො චෙ නිබ‍්බත‍්තදිවසෙ පාපුණාති, පඨමස‍්ස පන කප‍්පසතස‍්ස මත්‍ථකෙ පාපුණාති. අයමෙකො අන‍්තරාපරිනිබ‍්බායී. අපරො එවං අසක‍්කොන‍්තො ද‍්වින‍්නං කප‍්පසතානං මත්‍ථකෙ පාපුණාති, අයං දුතියො. අපරො එවම‍්පි අසක‍්කොන‍්තො චතුන‍්නං කප‍්පසතානං මත්‍ථකෙ පාපුණාති, අයං තතියො අන‍්තරාපරිනිබ‍්බායී.

අන්තරා පරිනිබ්බායී = ආයුෂයේ මධ්‍යය නො ඉක්මවා පිරිනිවෙන තැනැත්තා හෝ තුන් ආකාර වේ. කල්ප දහසක් ආයු ඇති අවිහ (නම් බඹ) ලොව ඉපදී යම් එක් අයෙක් උපන් දිනයෙහි ම රහත් බවට පැමිණෙයි. ඉදින් උපන් දිනයෙහිම රහත් බවට නො පැමිණේ නම් පළමුවන කල්ප සියයකින් මතුයෙහි රහත් බවට පැමිණේ. මේ තැනැත්තා “අන්තරා පරිනිබ්බායී” (හෙවත් පූර්ණ ආයුස නො විඳ අතරතුරෙහි පිරිනිවීමට පත් වන්නෙක්) වේ. එසේ කිරීමට නො හැකි වන වෙනත් අයෙක් කල්ප දෙසියයකින් මතුයෙහි රහත් බවට පැමිණෙයි. මේ දෙවැන්නා වෙයි. එසේත් නොහැකි වන තවත් අයෙක් කල්ප හාරසියයකින් මතුයෙහි රහත් බවට පැමිණෙයි. මේ “අන්තරා පරිනිබ්බායී” වන තුන් වැන්නායි.

පඤ‍්චමං පන කප‍්පසතං අතික‍්කමිත්‍වා අරහත‍්තං පත‍්තො උපහච‍්චපරිනිබ‍්බායී නාම හොති. අතප‍්පාදීසුපි එසෙව නයො. යත්‍ථ කත්‍ථචි උප‍්පන‍්නො පන සසඞ‍්ඛාරෙන සප‍්පයොගෙන අරහත‍්තං පත‍්තො සසඞ‍්ඛාරපරිනිබ‍්බායී නාම, අසඞ‍්ඛාරෙන අප‍්පයොගෙන පත‍්තො අසඞ‍්ඛාරපරිනිබ‍්බායී නාම. අවිහාදීසුපි නිබ‍්බත‍්තො තත්‍ථ යාවතායුකං ඨත්‍වා උපරූපරි නිබ‍්බත‍්තිත්‍වා අකනිට‍්ඨං පත‍්තො උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී නාම.

කල්ප පන්සියයක් ඉක්මවා රහත් බවට පැමිණෙනුයේ “උපහච්ච පරිනිබ්බායී” (කල් නිම කොට පිරිනිවියේ) නම් වෙයි. අතප්ප ආදී බ්‍රහ්ම ලෝකයන් හි මෙ පිළිවෙළම වේ. යම් කිසි තැනෙක උපන් තැනැත්තෙක් වනාහී සංස්කාර සහිතව මනා වීර්යයෙන් යුතුව රහත් බවට පැමිණියේ වේද හේ “සසඞ්ඛාර පරිනිබ්බායී” (සංස්කාර සහිතවම පිරිනිවියේ) නම් වේ. අවිහ ආදී බ්‍රහ්ම ලෝකයන්හි උපන්නේ ද එහි දිවි හිමි තෙක් වාසය කොට මතු මතුයෙහිද ඉපිද අකණිටාවට පැමිණියේ ද හේ තෙමේ “ඌර්ධ්ව ගාමී අකණිට්ඨ ගාමී” තැනැත්තා නම් වෙයි.

ඉමස‍්මිං පන ඨානෙ අට‍්ඨචත‍්තාරීස අනාගාමිනො කථෙතබ‍්බා. අවිහෙසු හි තයො අන‍්තරාපරිනිබ‍්බායී, එකො උපහච‍්චපරිනිබ‍්බායී, එකො උද‍්ධංසොතො අකනිට‍්ඨගාමීති පඤ‍්ච හොන‍්ති. තෙ අසඞ‍්ඛාරපරිනිබ‍්බායිනො පඤ‍්ච, සසඞ‍්ඛාරපරිනිබ‍්බායිනො පඤ‍්චාති දස හොන‍්ති, තථා අතප‍්පාදීසු. අකනිට‍්ඨෙසු පන උද‍්ධංසොතො නත්‍ථි, තස‍්මා තත්‍ථ චත‍්තාරො සසඞ‍්ඛාරපරිනිබ‍්බායී, චත‍්තාරො අසඞ‍්ඛාරපරිනිබ‍්බායීති අට‍්ඨාති එවං අට‍්ඨචත‍්තාලීස හොන‍්ති. තෙසං උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී සබ‍්බජෙට‍්ඨො චෙව හොති සබ‍්බකනිට‍්ඨො ච.

මේ ස්ථානයෙහි වනාහී අනාගාමී වූ සතළිස් අට වර්ගයක් වෙතැයි කිව යුතු වේ. “අවිහ” නම් බඹ ලොවෙහි ද “අන්තරා පරිනිබ්බායී” (වයස සම්පූර්ණ වීමට පෙර පිරිනිවෙන්නවුන්) තිදෙනෙක් ද, “උපහච්ච පරිනිබ්බායී” (වයස නිම වී පිරිනිවෙන) එක් අයෙක් ද, ඉහළ අකණිටාවට යන එක් අයෙක් ද යන වශයෙන් පස් දෙනෙක් වෙත්. ඔහු “අසඞ්ඛාර පරිනිබ්බායී” (සංස්කාරවලින් තොරව පිරිනිවෙන) පස් දෙනෙක් ද, “සසඞ්ඛාර පරිනිබ්බායී” (සංස්කාර සහිතව පිරිනිවෙන) පස් දෙනෙක් ද වශයෙන් දස දෙනෙක් වෙත්. අතප්ප, අකණිට්ඨ ආදී ලෝකයන්හි ද එසේමය. නැවත උඩ ලොවකට යාමක් නැත. එබැවින් එහි සසඞ්ඛාර පරිනිබ්බායී තත්ත්වයට පත්වූ සිවු දෙනෙක් ද අසඞ්ඛාර පරිනිබ්බායී තත්ත්වයට පත් වූ සිවු දෙනක්ද ආදී වශයෙන් සතළිස් අටක් වෙත්. ඔවුන් අතර “ඌර්ධ්ව ගාමී අකණිට්ඨගාමී” තැනැත්තා හැමටම වඩා ජ්‍යෙෂ්ඨ ද (සබ්බ ජෙට්ඨ) වෙයි. හැමට ම වඩා කණිෂ්ඨයෙක් (සබ්බ කණිට්ඨ) ද වෙයි.

කථං? සො හි සොළසකප‍්පසහස‍්සායුකත‍්තා ආයුනා සබ‍්බෙසං ජෙට‍්ඨො, සබ‍්බපච‍්ඡා අරහත‍්තං පාපුණීති සබ‍්බෙසං කනිට‍්ඨො. ඉමස‍්මිං සුත‍්තෙ අපුබ‍්බං අචරිමං එකචිත‍්තක‍්ඛණිකා නානාලක‍්ඛණා අරහත‍්තමග‍්ගස‍්ස පුබ‍්බභාගවිපස‍්සනා බොජ‍්ඣඞ‍්ගා කථිතා.

ඒ කෙසේ ද යත් - කල්ප සොළොස් දහසක් ආයු ඇති බැවින් ඒ එක් කොටසක් “සබ්බ ජෙට්ඨ” වේ. හැමට ම පසු ව රහත් බවට පැමිණෙන බැවින් එක් කොටසක් “සබ්බ කණිට්ඨ” වේ. මේ සූත්‍රයෙහි පෙර පසු නොවී එක චිත්තක්ෂණයෙක මතුවන නානා ලක්ෂණ සහිත අර්හත් මාර්ගයේ පූර්ව භාග විදර්ශනා බෝධ්‍යාංගයෝ කියන ලදහ.

4. වත්‍ථසුත‍්තවණ‍්ණනා

4. වත්ථ සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ඉති චෙ මෙ හොතීති සතිසම‍්බොජ‍්ඣඞ‍්ගොති එවං චෙ මය‍්හං හොති. අප‍්පමාණොති මෙ හොතීති අප‍්පමාණොති එවං මෙ හොති. සුසමාරද‍්ධොති සුපරිපුණ‍්ණො. තිට‍්ඨතීති එත්‍ථ අට‍්ඨහාකාරෙහි සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො තිට‍්ඨති – උප‍්පාදං අනාවජ‍්ජිතත‍්තා අනුප‍්පාදං ආවජ‍්ජිතත‍්තා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො තිට‍්ඨති, පවත‍්තං, අප‍්පවත‍්තං, නිමිත‍්තං, අනිමිත‍්තං සඞ‍්ඛාරෙ අනාවජ‍්ජිතත‍්තා, විසඞ‍්ඛාරං ආවජ‍්ජිතත‍්තා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො තිට‍්ඨතීති. ඉමෙහි අට‍්ඨහාකාරෙහි තිට‍්ඨතීති ථෙරො ජානාති, වුත‍්තාකාරවිපරීතෙහෙව අට‍්ඨහාකාරෙහි චවන‍්තං චවතීති පජානාති. සෙසබොජ‍්ඣඞ‍්ගෙසුපි එසෙව නයො.

සිවු වැන්නෙහි - සති සම්බොජ්ඣඞ්ගො ඉති චො මොහොති = ඉදින් මා හට මෙසේ සති සම්බොජ්ඣඞ්ගය (හෙවත් නිවන ලැබීමට උපකාරී වන පිරිසිදු සිහිය) ලැබේ නම්. අප්පමාණොති මෙ හොති = මෙසේ ප්‍රමාණි නො කළ හැකි තරම් (දෙයක්) මාහට ලැබේ. සුසමාරද්ධො = ඉතා හොඳින් පිරිපුන් තිට්ඨන්තං = මෙහිදී සති සම්බොජ්ඣඞ්ගය අට අයුරකින් පවතී. මෙනෙහි නොකළ බැවින් වන ඉපදීම ද, මෙනෙහි කළ බැවින් වන නො ඉපදීම ද වශයෙන් සති සම්බොජ්ඣඞ්ගය පිහිටයි. පැවැත්ම ද, නො පැවැත්ම ද, නිමිත්තද, නිමිත්ත රහිත බව ද, මෙනෙහි නොකිරීමෙන් වන සංස්කාරයන් ද, මෙනෙහි කිරීමෙන් වන සංස්කාරයන්ද වශයෙන් සති සම්බොජ්ඣඞ්ගය පවතී. මේ අට අයුරින් පිහිටන්නේ යයි තෙරුන් වහන්සේ දනිති. කියන ලද ආකාරයට වෙනස් වූ අට අයුරකින් හැසිරෙන්නා එසේ හැසිරෙන බව තෙරුන් වහන්සේ දනිති. සෙසු බොජ්ඣඞ්ගයන්හි ද මේ පිළිවෙළම වේ.

ඉති ඉමස‍්මිං සුත‍්තෙ ථෙරස‍්ස ඵලබොජ‍්ඣඞ‍්ගා කථිතා. යදා හි ථෙරො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං සීසං කත්‍වා ඵලසමාපත‍්තිං සමාපජ‍්ජති, තදා ඉතරෙ ඡ තදන්‍වයා හොන‍්ති. යදා ධම‍්මවිචයාදීසු අඤ‍්ඤතරං, තදාපි සෙසා තදන්‍වයා හොන‍්තීති එවං ඵලසමාපත‍්තියං අත‍්තනො චිණ‍්ණවසිතං දස‍්සෙන‍්තො ථෙරො ඉමං සුත‍්තං කථෙසීති.

මෙසේ මේ සූත්‍රයෙහි දී තෙරුන් වහන්සේගේ බෝධ්‍යඞ්ග ශක්තීහු කියන ලදහ. යම් කලෙක වනාහී තෙරුන් වහන්සේ සති සම්බොජ්ඣඞ්ගය මූලික කර ගෙන ඵල සමවතට සමවදීද එකල්හී ඉතිරි බෝධ්‍යඞ්ග සය ඒ අනුව පවතියි. යම් කලෙක ධම්ම විචය ආදී බොජ්ඣඞ්ගයන් අතුරෙහි එකක් මුලික කරගන්නේ නම්, එකල්හිද සෙසු බෝධ්‍යඞ්ග ඒ අනුව පවතින්නේ යයි යනුවෙන් මෙසේ ඵල සමවත්හි තමාගේ හුරු පුරුදු බව දක්වමින් තෙරණුවෝ මේ සූත්‍රය දෙසූහ.

5. භික‍්ඛුසුත‍්තවණ‍්ණනා

5. භික්ෂූ සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ බොධාය සංවත‍්තන‍්තීති බුජ‍්ඣනත්‍ථාය සංවත‍්තන‍්ති. කිං බුජ‍්ඣනත්‍ථාය? මග‍්ගෙන අසඞ‍්ඛතං නිබ‍්බානං, පච‍්චවෙක‍්ඛණාය කතකිච‍්චතං, මග‍්ගෙන වා කිලෙසනිද‍්දාතො පබුජ‍්ඣනත්‍ථාය, ඵලෙන පබුජ‍්ඣනභාවත්‍ථායාතිපි වුත‍්තං හොති. තෙනෙවෙත්‍ථ නිබ‍්බානසච‍්ඡිකිරියා කිලෙසපහානපච‍්චවෙක‍්ඛණාති සබ‍්බං දස‍්සිතං.

පස් වැන්නෙහි - බොධාය සංවත්තන්ති = අවබෝධය පිණිස පවතී. කුමක් අවබෝධ කර ගැනීම පිණිසද යත් මාර්ගය විසින් සකස් නො කරන ලද නිවන (අවබෝධ කර ගැනීම පිණිස) යි. නුවණින් සලකා බැලීම පිණිස (අවශ්‍ය) කාර්යය කරන ලද්දේ මාර්ගයෙන් හෝ කෙලෙස් සිඳ දැමීමෙන් හෝ අවබෝධ කර ගැනීම පිණිස ඵල වශයෙන් අවබෝධය පිණිසයයි කියන ලද්දේ වෙයි. ඒ හේතුවෙන් ම මෙහිදී නිවන සාක්ෂාත් කිරීම පිණිස කෙලෙස් ප්‍රහාණය කිරීම, නුවණින් සලකා බැලීම යයි යන සියල්ල දක්වන ලදි.

7. කූටාගාරසුත‍්තවණ‍්ණනා

7. කූටාගාර සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ ආරාමනිස‍්සයීති ආරාමං නිස‍්සාය වසනභාවෙන ආරාමනිස‍්සයී. පරිසාවචරොති පරිසාය අවචරො. පරිසං නාම බාලාපි, පණ‍්ඩිතාපි ඔසරන‍්ති, යො පන පරප‍්පවාදං මද‍්දිත්‍වා අත‍්තනො වාදං දීපෙතුං සක‍්කොති, අයං පරිසාවචරො නාම. ආරාමෙන ආරාමන‍්ති ආරාමෙනෙව ආරාමං අනුචඞ‍්කමාමි, න බාහිරෙනාති අත්‍ථො. උය්‍යානෙන උය්‍යානන‍්ති එත්‍ථාපි එසෙව නයො. අඤ‍්ඤෙන වා ආරාමෙන පවිසිත්‍වා අඤ‍්ඤං ආරාමං, අඤ‍්ඤෙන උය්‍යානෙන අඤ‍්ඤං උය්‍යානන‍්ති අයමෙත්‍ථ අත්‍ථො. ඉතිවාදප‍්පමොක‍්ඛානිසංසන‍්ති “එවං පුච‍්ඡා හොති, එවං විස‍්සජ‍්ජනං, එවං ගහණං, එවං නිබ‍්බෙඨන”න‍්ති ඉමිනා නයෙන ඉතිවාදො හොති ඉතිවාදප‍්පමොක‍්ඛොති එතං ආනිසංසං. උපාරම‍්භානිසංසන‍්ති “අයං පුච‍්ඡාය දොසො, අයං විස‍්සජ‍්ජනෙ”ති එවං වාදදොසානිසංසං.

සය වැන්නෙහි - ආරාම නිසාදී = ආරාම නිසාදී = ආරාමය ඇසුරු කොට ගෙන වෙසෙන බැවින් “ආරාම නිසාදී” යයි කියන ලදී. පරිසාවචරො = පිරිස සමග හැසිරෙනුයේ පිරිස් අතරෙහි වනාහී අඥානයෝ ද, පණ්ඩිතයෝ ද හැසිරෙති. යම් තැනැත්තෙක් වනාහී පරවාද මර්දනය කොට තමාගේ වාදය (මතය) මතු කොට දැක්වීමට සමත් වේද ඒ තෙමේ පිරිසෙහි (ප්‍රමුඛව) හැසිරෙන්නා නම් වෙයි. ආරාමෙන ආරාමං = ආරාමයෙන් ආරාමයට (අන් භික්ෂූන්) අනුව ගමන් කරමි. බැහැරින් නොවේය යන අරුතයි. උයනෙහි ද මේ පිළිවෙළම වේ. අන් අරමකින් වෙනත් අරමකට පිවිස හෝ, අන් උයනකින් වෙනත් උයනකට පිවිස හෝ යනු මෙහි අර්ථය වේ. ඉතිවාදප්පමොක්‍ඛානි සං සං = ප්‍රශ්න කිරිම මෙසේ වෙයි, පැහැදිලි කරදීම මෙසේ වෙයි, යන මේ ආදී පිළිවෙළින් මෙබඳු මතයක් (වාදයක්) ඇති වෙයි. මතයෙන් (වාදයෙන්) මෙසේ මිදී යාම වෙයි, වාදයන්හි ආනිසංසය මෙසේ වෙයි. උපාරමභානිසං සං = මෙය ප්‍රශ්න කිරීමේ දෝෂයයි. මෙය ප්‍රශ්න විසඳීමේ දෝෂයයි, යනුවෙන් මෙසේ වාද දෝෂයන්ගේ ප්‍රතිඵල දැක්වේ.

කථං භාවිතො ච, කුණ‍්ඩලිය, ඉන්‍ද්‍රියසංවරොති සත්‍ථා “එත‍්තකං ඨානං පරිබ‍්බාජකෙන පුච‍්ඡිතං, ඉදානි පුච‍්ඡිතුං න සක‍්කොතී”ති ඤත්‍වා “න තාව අයං දෙසනා යථානුසන්‍ධිං ගතා. ඉදානි නං යථානුසන්‍ධිං පාපෙස‍්සාමී”ති සයමෙව පුච‍්ඡන‍්තො ඉමං දෙසනං ආරභි. තත්‍ථ මනාපං නාභිජ‍්ඣතීති ඉට‍්ඨාරම‍්මණං නාභිජ‍්ඣායති. නාභිහංසතීති න සාමිසාය තුට‍්ඨියා අභිහංසති. තස‍්ස ඨිතො ච කායො හොති, ඨිතං චිත‍්තං අජ‍්ඣත‍්තන‍්ති තස‍්ස නාමකායො ච චිත‍්තඤ‍්ච ගොචරජ‍්ඣත‍්තෙ ඨිතං හොති. සුසණ‍්ඨිතන‍්ති කම‍්මට‍්ඨානවසෙන සුට‍්ඨු සණ‍්ඨිතං. සුවිමුත‍්තන‍්ති කම‍්මට‍්ඨානවිමුත‍්තියා සුවිමුත‍්තං. අමනාපන‍්ති අනිට‍්ඨාරම‍්මණං. න මඞ‍්කු හොතීති තස‍්මිං න මඞ‍්කු හොති. අප‍්පතිට‍්ඨිතචිත‍්තොති කිලෙසවසෙන අට‍්ඨිතචිත‍්තො. අදීනමානසොති දොමනස‍්සවසෙන අදීනචිත‍්තො. අබ්‍යාපන‍්නචෙතසොති දොසවසෙන අපූතිචිත‍්තො.

කථං භාවිතො කුණ්ඩලිය ඉන්‍ද්‍රිය සංවරෝ = ශාස්තෲන් වහන්සේ “පරිබ්‍රාජකයා විසින් මාගෙන් මෙපමණ ප්‍රශ්න විචාරණ ලදී, දැන් ප්‍රශ්න කිරීමට නො හැකිව සිටී” යයි දැන, “මේ දේශනාව මෙතෙක් මනාව ගැලපී නැත, දැන් එය මනා ගැලපීමට පමුණුවන්නෙමි”යි තමන් වහන්සේ ම ප්‍රශ්න කරමින් මේ දේශනාව ආරම්භ කළසේක. එහි මනාපං නාභිජ්ඣායති යනු තමා ප්‍රිය කරන අරමුණ දැඩි ලෙස ආශා නොකරයි යන අදහසයි. නාවිහිංසති = ආමිෂයෙන් ලබන සතුට හේතුවෙන් හිංසාවෙන් වැළකෙන්නේ නො වෙයි. තස්ස ඨිතොච කායො හොතිඨිතං චිත්තං අජ්ඣත්තං = ඔහුගේ වූ කලී කය ද සිත ද අරමුණු වන අධ්‍යාත්මයෙහි පිහිටියේ වෙයි. සුසණ්ඨිතං = කමටහන් වශයෙන් මනාව පිහිටි සුවිමුත්තං = කමටහන නිසා සිදුවන විමුක්තියේ හේතුවෙන් මනාව නිදහස් වූ අමනාපං = ප්‍රියනොවන අරමුණ න මඞ්කුහොති = එහි මතුවූ බවක් නො වෙයි. අප්පතිත්‍ථීන චිත්තො = කෙලෙස් වශයෙන් යමක් අපේක්ෂා කරන සිත් ඇති තැනැත්තා අදීන මානසො = දොම්නස් වශයෙන් දීන භාවයට පත් නොවන සිත් ඇත්තේ. අබ්‍යාපන්න චෙතසො = දෝෂ වශයෙන් දූෂිත නොවූ සිත් ඇත්තේ

එවං භාවිතො ඛො, කුණ‍්ඩලිය, ඉන්‍ද්‍රියසංවරො එවං බහුලීකතො තීණි සුචරිතානි පරිපූරෙතීති එත්‍ථ එවං සුචරිතපූරණං වෙදිතබ‍්බං – ඉමෙසු තාව ඡසු ද‍්වාරෙසු අට‍්ඨාරස දුච‍්චරිතානි හොන‍්ති. කථං? චක‍්ඛුද‍්වාරෙ තාව ඉට‍්ඨාරම‍්මණෙ ආපාථගතෙ කායඞ‍්ගවාචඞ‍්ගානි අචොපෙත්‍වා තස‍්මිං ආරම‍්මණෙ ලොභං උප‍්පාදෙන‍්තස‍්ස මනොදුච‍්චරිතං හොති. ලොභසහගතෙන චිත‍්තෙන “අහො වතිදං ඉට‍්ඨං කන‍්තං මනාප”න‍්ති භණන‍්තස‍්ස වචීදුච‍්චරිතං, තදෙව හත්‍ථෙන පරාමසන‍්තස‍්ස කායදුච‍්චරිතං. සෙසද‍්වාරෙසුපි එසෙව නයො.

එවං භාවිතො ඛො කුණ්ඩලිය ඉන්‍ද්‍රිය සංවරො එවං බහුලීකතො තීණි සුචරිතානි පරිපුරෙති = මෙහි මෙසේ සුචරිත පූරණය දත යුතුය. මෙම දොරටු සයෙහි දුශ්චරිතයන් අටළොසක් වේ. ඒ කෙසේදයත් ඉෂ්ට වූ ආරම්මණයක් ඇස නමැති දොරටුවෙහි යොමු වූ කල්හි කය වචනය යන අංගයන් චලනය නොකොට එම අරමුණෙහි ලෝභය උපදවන්නහුට “මනො දුශ්චරිතය” සිදු වෙයි. ලෝබ සහිත සිතින් අහෝ මෙය මනෝඥය, සිත් ගන්නේ ය, මනාපය යනුවෙන් කියන්නහුට “වචීදුශ්චරිතය” සිදුවෙයි. එය ම අතින් ස්පර්ශ කරන්නහුට “කාය දුශ්චරිතය” සිදු වෙයි. සෙසු (සොත ආදී) දොරටුවලදී ද මේ පිළිවෙළ ම වේ.

අයං පන විසෙසො – සොතද‍්වාරස‍්මිඤ‍්හි සද‍්දාරම‍්මණස‍්ස වත්‍ථුභූතං සඞ‍්ඛපණවාදිතූරියභණ‍්ඩං අනාමාසං ආමසන‍්තස‍්ස, ඝානද‍්වාරෙ ගන්‍ධාරම‍්මණස‍්ස වත්‍ථුභූතං ගන්‍ධමාලාදිං, ජිව‍්හාද‍්වාරෙ රසාරම‍්මණස‍්ස වත්‍ථුභූතං මච‍්ඡමංසාදිං, කායද‍්වාරෙ ඵොට‍්ඨබ‍්බාරම‍්මණස‍්ස වත්‍ථුභූතං වත්‍ථතූලකපාවාරාදිං, මනොද‍්වාරෙ පඤ‍්ඤත‍්තිවසෙන ධම‍්මාරම‍්මණභූතං සප‍්පිතෙලමධුඵාණිතාදිං ආමසන‍්තස‍්ස කායදුච‍්චරිතං වෙදිතබ‍්බං. සඞ‍්ඛෙපතො පනෙත්‍ථ ඡසු ද‍්වාරෙසු කායවීතික‍්කමො කායදුච‍්චරිතං, වචීවීතික‍්කමො වචීදුච‍්චරිතං, මනොවීතික‍්කමො මනොදුච‍්චරිතන‍්ති තීණෙව දුච‍්චරිතානි හොන‍්ති.

මෙම විශේෂය ද වෙයි. කණ නමැති දොරටුවෙහි වනාහී ශබ්දය නමැති අරමුණට පාදක වූ ස්පර්ශ නො කළ යුතු වූ හක්ගෙඩි ආදී තූර්ය භාණ්ඩයන් ස්පර්ශ කරන්නහුට ද නැහැය නමැති දොරටුවෙහි ගන්‍ධය නමැති අරමුණට පාදක වූ ගඳ මල් ආදිය ස්පර්ශ කරන්නහුට ද, දිව නමැති දොරටුවෙහි රසය නමැති අරමුණට පාදක වූ මාලු මස් ආදිය ස්පර්ශ කරන්නහුට ද, කය නමැති දොරටුවෙහි ස්පර්ශය නමැති අරමුණට පාදක වූ සිවුරු ආදිය ස්පර්ශ කරන්නහුට ද, මන නමැති දොරටුවෙහි ප්‍රඥප්ති වශයෙන් ධර්මාරම්මණ වූ ගිතෙල් (තල) තෙල්, මී පැණි, උක් පැණි ආදිය සිතෙන් ස්පර්ශ කරන්නහුට ද කායදුශ්චරිතය” වේයයි දත යුතුය. සැකෙවින් වනාහී මෙහි දොරටු සයෙහි (දුසිරිත් මෙසේ කිව හැක) කාය සුචරිතය ඉක්මවා යාම කාය දුශ්චරිතය යි, වචී සුචරිතය ඉක්මවා යාම වාග් දුශ්චරිතයයි, මනෝ සුචරිතය ඉක්මවා යාම මනෝ දුශ්චරිතයයි. මෙසේ දුශ්චරිතයන් තුනක් වේ.

අයං පන භික‍්ඛු අත‍්තනො භාවනාපටිසඞ‍්ඛානෙ ඨිතො ඉමානි දුච‍්චරිතානි සුචරිතං කත්‍වා විපරිණාමෙති. කථං? චක‍්ඛුද‍්වාරෙ තාව ඉට‍්ඨාරම‍්මණෙ ආපාථගතෙ කායඞ‍්ගවාචඞ‍්ගානි අචාලෙත්‍වා රූපාරම‍්මණං විපස‍්සනං පට‍්ඨාපයතො මනොසුචරිතං හොති, විපස‍්සනාසහගතෙන චිත‍්තෙන ඛයධම‍්මං වයධම‍්මන‍්ති භණන‍්තස‍්ස වචීසුචරිතං, “අනාමාසභණ‍්ඩං එත”න‍්ති අනාමසන‍්තස‍්ස කායසුචරිතං. සෙසද‍්වාරෙසුපි එසෙව නයො. එවං ඉමානි විත්‍ථාරතො අට‍්ඨාරස සුචරිතානි හොන‍්ති. සඞ‍්ඛෙපතො පනෙත්‍ථාපි ඡසු ද‍්වාරෙසු කායසංවරො කායසුචරිතං, වචීසංවරො වචීසුචරිතං, මනොසංවරො මනොසුචරිතන‍්ති තීණෙව සුචරිතානි හොන‍්ති. එවං ඉන්‍ද්‍රියසංවරො තීණි සුචරිතානි පරිපූරෙතීති වෙදිතබ‍්බො. එත‍්තාවතා සීලානුරක‍්ඛිතං ඉන්‍ද්‍රියසංවරසීලං කථිතං.

මේ භික්ෂුව වනාහී තමාගේ භාවනා ස්මෘතියෙහි පිහිටියේ මේ සුචරිතයන්හි මනාව හැසිරෙයි. කෙසේද යත් = ඇස නමැති දොරටුවෙහි ප්‍රිය අරමුණක් යොමු වූ කල්හි කාය වාක් අංගයන් කම්පනයට පත් නො කර රූපාරම්මණයෙහි විදර්ශනාව පිහිටුවන තැනැත්තාට මනෝ සුචරිතය ඇති වේ. විදර්ශනාව සමග එකට යෙදුණ සිතෙන් මෙය ක්ෂය වන සුලුය, වැනසෙන සුලුය යනුවෙන් කියන තැනැත්තාට වාග් සුචරිතය ඇති වේ. මෙය පහස නොවිඳිය යුතු භාණ්ඩයක්ය (හෙවත් ස්පර්ශ නොකළ යුතු දෙයක්ය) යනුවෙන් සිතා එය ස්පර්ශ නොකරන තැනැත්තාට කාය සුචරිතය ඇති වේ. සෙසු දොරටුවලදී ද මේ පිළිවෙළම වේ. මෙසේ මේ විස්තරයෙන් අටළොස් වැදෑරුම් සුචරිතයෝ ම ගනු ලැබෙත්. සැකෙවින් වනාහී මෙහිදී ද චක්ෂු ආදී දොරටු සයෙහි දී කයෙහි සංවරය කාය සුචරිතයයි ද. වචනයෙහි සංවරය වාග් සුචරිතයයි ද, මනසෙහි සංවරය මනෝ සුචරිතයයි ද වශයෙන් සුචරිතයන් තුනක් ම වේ. මේ ආකාරයෙන් ඉන්‍ද්‍රිය සංවරය සුචරිතයන් තුනක් සම්පූර්ණ කරන්නේ යයි දත යුතුය. මෙපමණකින් සීලය විසින් රකින ලද ඉන්‍ද්‍රිය සංවර සීලය කියන ලදි.

කායදුච‍්චරිතං පහායාතිආදීසු තිවිධං කායදුච‍්චරිතං, චතුබ‍්බිධං වචීදුච‍්චරිතං, තිවිධං මනොදුච‍්චරිතං. තස‍්ස පටිපක‍්ඛවසෙන කායසුචරිතාදීනි වෙදිතබ‍්බානි. එත‍්තාවතා කායසංවරවචීසංවරෙහි පාතිමොක‍්ඛසීලං, මනොසංවරෙන තීණි සීලානීති චතුපාරිසුද‍්ධිසීලං කථිතං හොති. සකලෙ පන ඉමස‍්මිං සුත‍්තෙ සුචරිතමූලකා සතිපට‍්ඨානා ලොකුත‍්තරමිස‍්සකා, සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං මූලභූතා සතිපට‍්ඨානා පුබ‍්බභාගා, තෙපි සතිපට‍්ඨානමූලකා බොජ‍්ඣඞ‍්ගා පුබ‍්බභාගාව. විජ‍්ජාවිමුත‍්තිමූලකා පන ලොකුත‍්තරාව කථිතාති වෙදිතබ‍්බා. සත‍්තමං උත‍්තානමෙව.

කාය දුච්චරිතං පහාය = යන ආදියෙහි ත්‍රිවිධ වූ කාය දුශ්චරිතය ද. චතුර්විධ වූ වාග් දුශ්චරිතය ද, ත්‍රිවිධ වූ මනෝ දුශ්චරිතය ද අදහස් කරන ලදී. එහි අනෙක් පාර්ශ්වය වශයෙන් කාය සුචරිත ආදිය දත යුතුය. මෙපමණෙකින් කාය සංවරයෙන් ද, වාක් සංවරයෙන්ද ප්‍රාතිමෝක්ෂ සීලය යුක්ත වේ. මනෝ සංවරයෙන් ත්‍රිවිධ ශීලය යනුවෙන් චතුපාරිශුද්ධි ශීලය කියන ලද්දේ වෙයි. මෙම සම්පූර්ණ සූත්‍රයෙහි ම සුචරිතය මුල් කරගත් ලෝකෝත්තරත්වය මිශ්‍රවූ සතිපට්ඨානයන් දැක්වේ. බෝධ්‍යංග සිතට මුල් වූ සතිපට්ඨානයන් පූර්ව භාගයන් වේ. සතිපට්ඨානය මුල් කොටගත් එම බෝධ්‍යංගයන් පූර්වභාගයන්ද වේ. විද්‍යාවෙන් ලැබෙන විමුක්තිය මුල් කොටගත් ලෝකෝත්තර තත්ත්වයන් ද කියන ලද්දේ යයි දත යුතුය. සත්වැන්න පහසු අරුත් ඇත්තේමය.

8. උපවානසුත‍්තවණ‍්ණනා

8. උපවාන සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ පච‍්චත‍්තන‍්ති අත‍්තනාව. යොනිසොමනසිකාරාති යොනිසො මනසිකාරෙන. ආරබ‍්භමානොවාති කුරුමානොයෙව. සුවිමුත‍්තන‍්ති කම‍්මට‍්ඨානවිමුත‍්තියා සුට‍්ඨු විමුත‍්තං. අට‍්ඨිංකත්‍වාති අත්‍ථං කරිත්‍වා, අත්‍ථිකො හුත්‍වාති වුත‍්තං හොති.

අටවැන්නෙහි - පච්චත්තං = තමා විසින් ම යොනිසො මනසිකාරා = නුවණින් මෙනෙහි කිරීමෙන් ආරබ්භමානොව = ක්‍රියාත්මක වෙමින් ම. සුවිමුත්තං = කර්ම ස්ථානයෙන් ලබාගත් විමුක්තිය නිසා මනාව නිදහස් වූ අට්ඨිකත්‍වා = ප්‍රයෝජනයක් ඇති කොට, ප්‍රයෝජනවත් වී යනුවෙන් කියන ලද්දේ වෙයි.

9. උප‍්පාදසුත‍්තවණ‍්ණනා

9. උප්පාද සූත්‍ර වර්ණනාව

නවමෙ නාඤ‍්ඤත්‍ර තථාගතස‍්ස පාතුභාවාති තථාගතස‍්ස පාතුභාවං විනා න අඤ‍්ඤස‍්මිං කාලෙ උප‍්පජ‍්ජන‍්තීති අත්‍ථො.

නව වැන්නෙහි - සනාඤ්ඤත්‍රා තථාගතස්ස පාතුභාවා = තථාගතයන් වහන්සේගේ පහළ වීම හැර අන් කලෙක්හි නො උපදිත් යන අරුතයි.

10. දුතිය උප‍්පාදසුත‍්තවණ‍්ණනා

10. දුතිය උප්පාද සූත්‍ර වර්ණනාව

දසමෙ නාඤ‍්ඤත්‍ර සුගතවිනයාති සුගතොවාදං විනා න උප‍්පජ‍්ජන‍්තීති.

දස වැන්නෙහි - නා ඤ්ඤත්‍ර සුගත විනයා = සුගතයන් වහන්සේගේ අවවාදයෙන් තොරව නො උපදිත් යනුයි.

පබ‍්බතවග‍්ගො.

පළමු වැන්න වූ පබ්බත වග්ගය නිමියේය.