යෙදුමෙන් කියවන්න

2. ගිලානවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. ගිලාන වර්ගය

1-3. පාණසුත‍්තාදිවණ‍්ණනා

1-3. පාන ආදි සූත්‍ර වර්ණනා

දුතියවග‍්ගස‍්ස පඨමෙ චත‍්තාරො ඉරියාපථෙ කප‍්පෙන‍්තීති යෙසං චත‍්තාරො ඉරියාපථා අත්‍ථි, තෙසංයෙව වසෙනෙතං වුත‍්තං. සීලං නිස‍්සායාති චතුපාරිසුද‍්ධිසීලං නිස‍්සයං කත්‍වා. සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙති සහවිපස‍්සනකෙ මග‍්ගබොජ‍්ඣඞ‍්ගෙ. දුතියතතියානි උත‍්තානත්‍ථානෙව.

දෙවන වර්ගයේ පළමු වැන්නෙහි - චත්තාරො ඉරියාපථෙ කප්පෙන්ති = යම් අයගේ සතර ඉරියවූ වේ ද, ඒ අය හේතු කොට ගෙන ම මෙය කියන ලදී. සීලං නිස්සාය – චතුපාරිශුද්ධි ශීලය ඇසුරු කොට සත්ත බොජ්ඣඞ්ගා = විදර්ශනා මාර්ගය සහිත වූ බෝධ්‍යංගයන් දෙවැන්න හා තෙවැන්න පහසු අරුත් ඇත්තේමය.

4-10. ගිලානසුත‍්තාදිවණ‍්ණනා

4-10. ගිලාන ආදි සූත්‍ර වර්ණනා

චතුත්‍ථෙ තථා පහීනො චායස‍්මතො මහාකස‍්සපස‍්ස සො ආබාධො අහොසීති ථෙරස‍්ස කිර ඉමං බොජ‍්ඣඞ‍්ගභාවනං සාධුකං සුණන‍්තස‍්ස එතදහොසි “මය‍්හං පබ‍්බජිතදිවසතො සත‍්තමෙ දිවසෙ සච‍්චානි පටිවිජ‍්ඣන‍්තස‍්ස ඉමෙ බොජ‍්ඣඞ‍්ගා පාතුභූතා”ති. අථස‍්ස “නිය්‍යානිකං වත සත්‍ථුසාසන”න‍්ති චින‍්තයතො ලොහිතං පසීදි, උපාදාරූපං විසුද‍්ධං අහොසි, පොක‍්ඛරපත‍්තෙ පතිතඋදකබින්‍දු විය සරීරතො රොගො විනිවත‍්තිත්‍වා ගතො.

සිවු වැන්නෙහි - තථා පහීනොච ආයස්මතො මහා කස්සපස්ස සො ආබාධො අහොසී = මේ බෝධ්‍යංග භාවනාව මනාව ශ්‍රවණය කරන්නා වූ තෙරුන් වහන්සේට “පැවිදි වූ දිනයෙන් සත්වන දිනයෙහි සත්‍යයන් අවබෝධ කරන්නාවූ තමාහට මේ බෝධ්‍යංගයන් පහළ විය” යනුවෙන් සිහිපත් විය. ඉක්බිති “ශාස්තෲන් වහන්සේගේ ශාසනය ඒකාන්ත වශයෙන් නෛර්යාණික යයි” සිතන්නාවූ උන්වහන්සේගේ රුධිරය ප්‍රසන්න විය. උපාදා රූපය පිරිසිදු විය. පියුම් පතෙක වැටුණ දිය බිඳක් මෙන් සිරුරෙන් රෝගය ඉවත්ව ගියේය.

තෙන වුත‍්තං “තථා පහීනො චායස‍්මතො මහාකස‍්සපස‍්ස සො ආබාධො අහොසී”ති. පඤ‍්චමඡට‍්ඨෙසුපි එසෙව නයො. ඉමෙසං පන තිණ‍්ණම‍්පි ජනානං පබ‍්බතපාදෙ පුප‍්ඵිතවිසරුක‍්ඛවාතසම‍්ඵස‍්සෙන උප‍්පන‍්නො මන්‍දසීතජරො ආබාධොති වෙදිතබ‍්බො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

එහෙයින් “තථා පහීනොච ආයමතො මහා කස්සපස්ස සො ආබාධො අහෝසී” යනුවෙන් කියන ලදී. පස්වැන්නෙහි ද, සයවැන්නෙහිද මේ පිළිවෙළම වේ. මේ සූත්‍ර තුනෙහිදීම පර්වත පාදයන්හි මල් පිපුණ විෂ සහිත වෘක්ෂයන්ගෙන් හමන වාතය ස්පර්ශ වීමෙන් මිනිසුන් හට වැළදුණ සිරුර මඩින සීතල සහ උණ රෝගය (යන ආබාධය) ගැන කියන ලදැයි දත යුතුය. සෙසු සූත්‍ර සියලු තන්හි පහසු අරුත් ඇත්තේමය.

ගිලානවග‍්ගො.

දෙවන ගිලාන වග්ගය නිමියේය.