යෙදුමෙන් කියවන්න

ආරද‍්ධසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

2. 2. 8.

2. 2. 8.

ආරද‍්ධසුත‍්තං

ආරද්ධ සූත්‍රය

564. යෙසං කෙසඤ‍්චි භික‍්ඛවෙ, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා විරද‍්ධා විරද‍්ධො තෙසං අරියො මග‍්ගො සම‍්මා දුක‍්ඛක‍්ඛයගාමී. යෙසං කෙසඤ‍්චි භික‍්ඛවෙ, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා ආරද‍්ධා ආරද‍්ධො තෙසං අරියො මග‍්ගො සම‍්මා දුක‍්ඛක‍්ඛයගාමී. කතමෙ සත‍්ත: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො යෙසං කෙසඤ‍්චි භික‍්ඛවෙ, ඉමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගා විරද‍්ධා. විරද‍්ධො තෙසං අරියො මග‍්ගො සම‍්මා දුක‍්ඛක‍්ඛයගාමී. යෙසං කෙසඤ‍්චි භික‍්ඛවෙ, ඉමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගා ආරද‍්ධා, ආරද‍්ධො තෙසං අරියො මග‍්ගො සම‍්මා දුක‍්ඛක‍්ඛයගාමීති.

564. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සත් බොජ්ඣඞ්ගයෝ වරදනලද නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්‍ය්‍යමාර්‍ගය වරදන ලද්දේ ය. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සත් බොජ්ඣඞ්ගයෝ අරඹන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්‍ය්‍යමාර්‍ගය අරඹන ලද්දේ ය. කවර සතෙක් ද? යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපේඛාසම්බොජ්ඣඞ්ග යි. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් මේ සත් බොජ්ඣඞ්ගයෝ වරදන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්‍ය්‍යමාර්‍ගය වරදන ලද්දේ ය. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් මේ සත් බොජ්ඣඞ්ගයෝ අරඹන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්‍ය්‍යමාර්‍ගය අරඹන ලද්දේ යි.

2. 2. 9.

2. 2. 9.

අරියසුත‍්තං

අරිය සූත්‍රය

565. සත‍්තිමෙ භික‍්ඛවෙ, බොජ‍්ඣඞ‍්ගා භාවිතා බහුලීකතා අරියා නිය්‍යානිකා නීයන‍්ති තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයාය. කතමෙ සත‍්ත: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො. ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා භාවිතා බහුලීකතා අරියා නිය්‍යානිකා නීයන‍්ති තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයායාති.

565. මහණෙනි, ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ (නිවන කරා පමුණුවන) මේ සත් බොජඟ කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු ඒ අනුව පිළිපදින්නහු මැනවින් දුක් ගෙවීමට පමුණුවත්. කවර සතෙක් ද යත්: සිහිබොජඟ … උපේසම්බොජඟ යි. මහණෙනි, ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ මේ සත් බොජ්ඣඞ්ගයෝ වඩන ලදහු බහුල කරන ලදහු ඒ අනුව පිළිපදින්නහු මැනවින් දුක් ගෙවීමට පමුණුවති යි.

2. 2. 10.

2. 2. 10.

නිබ‍්බිදාසුත‍්තං

නිබ්බිදා සූත්‍රය

566. සත‍්තිමෙ භික‍්ඛවෙ, බොජ‍්ඣඞ‍්ගා භාවිතා බහුලීකතා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්ති. කතමෙ සත‍්ත: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො. ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා භාවිතා බහුලීකතා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්තීති.

566. මහණෙනි, මේ සත්බොජ්ඣඞ්ග කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස විශිෂ්ට ඥානය පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස පවතිත්. කවර සතෙක්ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය … උපේඛාසම්බොජ්ඣඞ්ගයයි. මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස විශිෂ්ට ඥානය පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස පවතිත් යි.

ගිලානවග‍්ගො දුතියො.

දෙවෙනි ගිලානවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

පාණො ද‍්වෙ සුරියූපමෙ ගිලානා අපරෙ තයො,අපාරමාරද‍්ධොති ච අරියො නිබ‍්බිදාය චාති.

පාණසූත්‍රය ද සුරියූපම සූත්‍ර දෙක ද අනෙක් ගිලාන සූත්‍ර තුන ද අපාර, ආරද්ධ, අරිය, නිබ්බිදා සූත්‍ර සතර දැ යි දශ සූත්‍ර කෙනෙකි යි.