බොධායසුත්තං
2. 3. 1.
2. 3. 1.
බොධායසුත්තං
බෝධාය සූත්‍රය
567. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “බොජ්ඣඞ්ගා බොජ්ඣඞ්ගාති” භන්තෙ, වුච්චන්ති. කිත්තාවතා නු ඛො භන්තෙ, බොජ්ඣඞ්ගාති වුච්චන්තීති. බොධාය සංවත්තන්තීති ඛො භික්ඛු තස්මා බොජ්ඣඞ්ගාති වුච්චන්ති. ඉධ භික්ඛු භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. බොධාය සංවත්තන්තීති ඛො භික්ඛු තස්මා බොජ්ඣඞ්ගාති වුච්චන්තීති.
567. ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, බොජ්ඣඞ්ගයෝ යැ බොජ්ඣඞ්ගයෝයැ යි කියනු ලැබෙත්. වහන්ස, කෙතෙකින් බොජ්ඣඞ්ගයෝ යි කියනු ලැබෙද්දැ” යි. මහණ, අවබෝධය පිණිස පවතිත් නු යි. එහෙයින් බොජ්ඣඞ්ගයෝ යි කියනු ලැබෙත්. මහණ, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සතිසම්බොජ්ඣඞ්ගය වොස්සග්ගපරිණාමි කොට වඩ යි … උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩ යි. මහණ, අවබෝධය පිණිස පවතිත් නු යි. එහෙයින් බොජ්ඣඞ්ගයෝ යි කියනු ලැබෙති යි.
2. 3. 2.
2. 3. 2.
දෙසනාසුත්තං
දේසනා සූත්‍රය
568. සත්තිමෙ භික්ඛවෙ, බොජ්ඣඞ්ගෙ දෙසිස්සාමි, තං සුණාථ. කතමෙ ච භික්ඛවෙ, සත්තබොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො. ඉමෙ ඛො භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගාති.
568. මහණෙනි, මේ සත් බොජඟ දේශනා කරමි. එය අසව. මහණෙනි, සත් බොජඟහු කවරහු ද යත්: සිහිසම්බොජඟ ... උපේසම්බොජඟ යි. මහණෙනි, මොහු සත් බොජඟ යි.