3. උදායිවග්ගො අට්ඨකථා
3. උදායි වර්ගය
1-2. බොධායසුත්තාදිවණ්ණනා
1-2. බෝධාය ආදි සූත්‍ර වර්ණනා
තතියවග්ගස්ස පඨමෙ කිත්තාවතා නු ඛො, භන්තෙ, බොජ්ඣඞ්ගාති වුච්චන්තීති භන්තෙ, කිත්තකෙන නු ඛො බුජ්ඣනකඅඞ්ගා නාම වුච්චන්තීති පුච්ඡති. බොධාය සංවත්තන්තීති බුජ්ඣනත්ථාය සංවත්තන්ති. ඉමස්මිං සුත්තෙ මිස්සකබොජ්ඣඞ්ගා කථිතා. දුතියෙ ධම්මපරිච්ඡෙදො කථිතො.
තෙවන වර්ගයේ පළමුවැන්නෙහි - කිත්තාවතා නුඛො භන්තෙ බොජ්ඣඞ්ගාති වූච්චන්ති = “ස්වාමීනී, අවබෝධ කරන්නා වූ අංගයන් කොපමණ නම් ඇතැයි කියන ලද්දේදැයි” විචාරයි. බොධාය සංවත්තන්ති = අවබෝධ කරගැනීම පිණිස පවතිත්. මේ සූත්‍රයෙහිදී මිශ්‍ර වූ බෝධ්‍යංගයන් කියන ලදී. දෙවැන්නෙහිදී ධර්මය බෙදා වෙන් කිරීම කියන ලදී.
3-5. ඨානසුත්තාදිවණ්ණනා
3-5. ඨානි ආදි සූත්‍ර වර්ණනා
තතියෙ කාමරාගට්ඨානියානන්ති කාමරාගස්ස කාරණභූතානං ආරම්මණධම්මානං. බ්යාපාදට්ඨානියාදීසුපි එසෙව නයො. සකලඤ්හි ඉදං සුත්තං ආරම්මණෙනෙව කථිතං. පඨමවග්ගස්ස දුතියසුත්තෙ වුත්තපරිච්ඡෙදොපෙත්ථ ලබ්භතෙව. චතුත්ථෙ මිස්සකබොජ්ඣඞ්ගා කථිතා. පඤ්චමෙ අපරිහානියෙ ධම්මෙති අපරිහානිකරෙ සභාවධම්මෙ.
තෙවැන්නෙහි - කාමරාගට්ඨානීයානං = කාමරාගයට හේතු වූ අරමුණු පිළිබඳව, ක්‍රෝධයට හේතුවන කරුණුවලදීද මේ පිළිවෙළම වේ. මෙම සම්පූර්ණ සූත්‍රයම අරමුණු කරණ කොට ගෙන ම කියන ලදී. පළමුවන වර්ගයෙහි දෙවන සූත්‍රයෙහි කියන ලද බෙදා දැක්වීම ද මෙහිදී දක්නට ලැබේමය. සිවු වැන්නෙහිදී මිශ්‍ර වූ බෝධ්‍යංගයන් කියන ලදී. පස්වැන්නෙහි - අපරිහානියෙ ධම්මෙ = පිරිහීම් ඇති නොකරවන ස්වභාව ධර්මයන්.
6-7. ඛයසුත්තාදිවණ්ණනා
6-7. ඛය ආදි සූත්‍ර වර්ණනා
ඡට්ඨෙ එතදවොචාති “ඉමිස්සං පරිසති නිසින්නො උදායිත්ථෙරො නාම අනුසන්ධිකුසලො භික්ඛු අත්ථි, සො මං පුච්ඡිස්සතීති භගවතා ඔසාපිතදෙසනං ඤත්වා දෙසනානුසන්ධිං ඝටෙස්සාමී”ති පුච්ඡන්තො එතං අවොච. විපුලන්තිආදි සබ්බං සුභාවිතත්තං සන්ධාය වුත්තං. සුභාවිතො හි සතිසම්බොජ්ඣඞ්ගො විපුලො ච මහග්ගතො ච අප්පමාණො ච අබ්යාපජ්ජො ච නාම හොති. සො හි පත්ථටත්තා විපුලො, මහන්තභාවං ගතත්තා මහග්ගතො, වඩ්ඪිපමාණත්තා අප්පමාණො, නීවරණානං දූරීභාවෙන බ්යාපාදරහිතත්තා අබ්යාපජ්ඣො නාම හොති. තණ්හාය පහානා කම්මං පහීයතීති යං තණ්හාමූලකං කම්මං උප්පජ්ජෙය්ය, තං තණ්හාපහානෙන පහීයති. කම්මස්ස පහානා දුක්ඛන්ති යම්පි කම්මමූලකං වට්ටදුක්ඛං උප්පජ්ජෙය්ය, තං කම්මපහානෙන පහීයති. තණ්හක්ඛයාදයො තණ්හාදීනංයෙව ඛයා, අත්ථතො පනෙතෙහි නිබ්බානං කථිතන්ති වෙදිතබ්බං. සත්තමං උත්තානමෙව.
සය වැන්නෙහි - එතදවොච = මේ පිරිස අතරෙහි සබඳතා පැවැත්වීමෙහි දක්ෂවූ උදායි ස්ථවිර නමැති භික්ෂුවක් හුන්නේය. හේ තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් තමාට දෝෂාරෝපණ සහිතව කරන ලද දේශනාවක් බව දැන තමාගෙන් ප්‍රශ්න අසන්නේ යයි සිතා දේශනාවෙහි සම්බන්ධතාවය ගැටීමකට ලක් කරන්නෙමියි (සිතා) ප්‍රශ්න කරන්නේ මෙසේ කීය. විපුලං යන ආදී සියල්ල මනාව වර්ධනය කරගත් සිත සඳහා කියන ලදී. මනාව වර්ධනය කරගත් පිරිසිදු සිහිය නමැති සම්බෝධ්යංගය විපුල වූයේද, උසස් බවට පත්වූයේ ද, අප්‍රමාණ (ඉතා උතුම්) වූයේ ද ක්‍රෝධ සිත් රහිත වූයේ ද වෙයි. ඒ වනාහී උසස් වූ බැවින් විපුල යයි ද, උතුම් තත්ත්වයට පත්වූ බැවින් මහග්ගත යයි ද, වැඩි දියුණු කරගත් උත්තම ස්වභාවයක් ඇති බැවින් අප්පමාණ යයිද, නීවරණ දුරු වීමෙන් ව්‍යාපාද රහිත වූ බැවින් අබ්යාපජ්ඣ යයි ද යෙදේ. තණ්හාය පහාණා කම්මං පහීයති = තෘෂ්ණාව මුල් කොට ගත් යම් කර්මයක් උපදීද එය තෘෂ්ණාවගේ ප්‍රහීන වීමෙන් සන්සිඳේ. කම්මස්ස පහාණ දුක්ඛං - කර්මය මුල් කරගත් යම් කිසි සාංසාරික දුකක් උපදින්නේ ද එය කර්මයේ ප්රහාණය වීමෙන් සන්සිඳේ. තණ්හක්ඛයාදයො = තෘෂ්ණාව යන ආදියේම ක්ෂය වීමයි. අර්ථ වශයෙන් වනාහී මේ පද විසින් නිර්වාණය පිළිබඳව කියන ලද්දේයයි දත යුතුයි. සත්වැන්න පහසු අරුත් ඇත්තේමය.
8. නිබ්බෙධසුත්තවණ්ණනා
8. නිබ්බෙධ සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ නිබ්බෙධභාගියන්ති නිබ්බිජ්ඣනකොට්ඨාසියං. සතිසම්බොජ්ඣඞ්ගං භාවිතෙනාති සතිසම්බොජ්ඣඞ්ගෙන භාවිතෙන, සතිසම්බොජ්ඣඞ්ගං වා භාවෙත්වා ඨිතෙන, එවමෙත්ථ මග්ගබොජ්ඣඞ්ගා මිස්සකා. තෙහි භාවිතං, තෙ වා භාවෙත්වා ඨිතං චිත්තං නිබ්බත්තිතලොකුත්තරමෙව. තම්පි පන මග්ගනිස්සිතං කත්වා මිස්සකමෙව කථෙතුං වට්ටති.
අට වැන්නෙහි - නිබ්බෙධ භාගියං = විනිවිද දකින දැනුම ඇති අයගෙන් කෙනෙක් සති සම්බොජ්ඣඞ්ග භාවිතෙන = දියුණු කරන ලද යහපත් සිත නමැති සම්බොධ්යංගයෙන් සති සම්බෝධ්යංගය භාවිත කොට සිටි බැවින් මෙසේ මෙහි මාර්ග බෝධ්යාංගයෝ මිශ්‍රව පවතිත්. ඒ බෝධ්‍යංගයන් විසින් වර්ධනය කොට පැවති සිත ලෝකෝත්තර ලෙසම උපන්නක් වෙයි. එය ද මාර්ගය ආශ්රිතවූවක්කොට මිශ්රවූවක්ම යයි කිවයුතු වන්නේය.
9. එකධම්මසුත්තවණ්ණනා
9. ඒකධම්ම සූත්‍ර වර්ණනාව
නවමෙ සංයොජනවිනිබන්ධාති සංයොජනසඞ්ඛාතා විනිබන්ධා. අජ්ඣොසානාති පරිනිට්ඨපෙත්වා ගහණා.
නව වැන්නෙහි - සඤ්ඤොජන විනිබද්ධා = එකට බැඳුණ සංයෝජනයන් අජ්ඣොසානා = අවසන් කොට ග්‍රහණය කර ගැනීමෙන්
10. උදායීසුත්තවණ්ණනා
10. උදායි සූත්‍ර වර්ණනාව
දසමෙ අබහුකතොති අකතබහුමානො. උක්කුජ්ජාවකුජ්ජන්ති එත්ථ උක්කුජ්ජං වුච්චති උදයො, අවකුජ්ජං වයොති උදයබ්බයවසෙන පරිවත්තෙන්තො සම්මසන්තොති දීපෙති. ධම්මො ච මෙ, භන්තෙ, අභිසමිතොති විපස්සනාධම්මො අභිසමාගතො. මග්ගොති විපස්සනාමග්ගොව. සචෙ හි ථෙරො තස්මිං සමයෙ සොතාපන්නො, උපරි තිණ්ණං මග්ගානං අත්ථාය, සචෙ අනාගාමී, අරහත්තමග්ගස්ස අත්ථාය අයං විපස්සනා වෙදිතබ්බා. තථා තථා විහරන්තන්ති තෙන තෙනාකාරෙන විහරන්තං. තථත්තායාති තථාභාවාය. ඛීණා ජාතීතිආදීහි තථත්තායාති අධිප්පෙතං තථාභාවං දස්සෙති. පච්චවෙක්ඛණත්ථාය උපනීයතීති හි එත්ථ අධිප්පායො, තං දස්සෙන්තො එවමාහ. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
දස වැන්නෙහි - අබහුකතො = නො කරන ලද බුහුමන් ඇත්තේ. උක්කුජ්ජාව කුජ්ජං = මෙහි “උක්කුජ්ජ” යනුවෙන් හට ගැන්ම කියනු ලැබේ. “අවකුජ්ජ” යනුවෙන් අවසානය කියනු ලැබේ. හට ගැන්මය, අවසානය යන වශයෙන් පරිවර්තනය වෙමින් විමසා බලන්නේ යයි දක්වයි. ධම්මොච මෙ අභි සමෙතො = ඒකරාශී වූ විදර්ශනා ධර්මය ඇත්තේ, මග්ගො = විදර්ශනා මාර්ගයයි. යම් හෙයකින් තෙරුන් වහන්සේ එසමයෙහි සෝවාන් වී සිටියාහු නම් මත්තෙහි මාර්ග තුන සඳහා ද, ඉදින් අනාගාමී වී සිටියාහු නම් අර්හත් මාර්ගය සඳහා ද මේ විදර්ශනාව දත යුතුය. තථා තථා විහරන්තං = ඒ ඒ ආකාරයෙන් වාසය කරන්නා වූ තථත්තාය = ඒසේ වීම සඳහා ඛීණජාති = (ඉපදීම නැති කරන ලදී) යන මේ ආදියෙන් “තථත්තාය” යන්න අදහස් කරන ලදී. එසේ වීම යන අදහස දැක්වේ. නුවණින් සලකා බැලීම පිණිස පමුණුවනු ලැබේය යන්න මෙහි අදහස වේ. එය දක්වමින් මෙසේ කීහ. සෙසු සියල්ල පහසු අරුත් ඇත්තේමය.
උදායිවග්ගො.
තෙවන උදායි වග්ගය නිමියේය.