යෙදුමෙන් කියවන්න

එකධම‍්මසුත‍්තං

2. 3. 9.

2. 3. 9.

එකධම‍්මසුත‍්තං

ඒකධම්ම සූත්‍රය

575. නාහං භික‍්ඛවෙ, අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි යෙ එවං භාවිතා බහුලීකතා සංයොජනීයානං ධම‍්මානං පහානාය සංවත‍්තන‍්ති. යථයිදං භික‍්ඛවෙ, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා. කතමෙ සත‍්ත: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො. කථං භාවිතා ච භික‍්ඛවෙ, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා කථං බහුලීකතා සංයොජනීයානං ධම‍්මානං පහානාය සංවත‍්තන‍්ති. ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික‍්ඛවෙ, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා එවං බහුලීකතා සංයොජනීයානං ධම‍්මානං පහානාය සංවත‍්තන‍්ති. කතමෙ ච භික‍්ඛවෙ, සංයොජනියා ධම‍්මා: චක‍්ඛුං භික‍්ඛවෙ, සංයොජනියො ධම‍්මො. එත්‍ථෙතෙ උප‍්පජ‍්ජන‍්ති සංයොජනවිනිබද‍්ධා අජ‍්ඣොසානා. -පෙ- ජිව‍්හා සංයොජනියො ධම‍්මො. එත්‍ථෙතෙ උප‍්පජ‍්ජන‍්ති සංයොජනවිනිබද‍්ධා අජ‍්ඣොසානා. -පෙ- මනොසංයොජනියො ධම‍්මො. එත්‍ථෙතෙ උප‍්පජ‍්ජන‍්ති සංයොජනවිනිබද‍්ධා අජ‍්ඣොසානා. ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ, සංයොජනියා ධම‍්මාති.

575. මහණෙනි, යම් දහම් කෙනෙක් මෙසේ වඩන ලදහු මෙසේ බහුල කරනු ලදහු සංයෝජනයන්ට කරුණු වූ දහම් ප්‍රහාණ පිණිස පවතිද්ද මහණෙනි, මේ සත්බොජඟ යම්බඳු නම් එබඳු එක් දහමකු දු මම නො ම දකිමි. කවර සතෙක් ද යත්: සිහිසම්බොජඟ ... උපේසම්බොජඟ යි. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සත්බොජඟ සංයෝජනයන් ට කරුණු වූ දහම් ප්‍රහාණ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සිහිසම්බොජඟ වොස්සග්ගපරිණාමි කොට වඩයි ... උපේසම්බොජඟ වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සත් බොජඟ සංයෝජනයන් ට කරුණු වූ දහම් ප්‍රහාණ පිණිස පවතී. මහණෙනි, සංයෝජනයන් ට කරුණු වූ දහම් කවරහු ද යත්: මහණෙනි, ඇස සංයෝජනයන් ට කරුණු වූ දහමෙකි. මෙහි තෙල සංයෝජනයන් විසින් බඳනාලද අධ්‍යවසානයෝ (බැසගැනීම්) උපදනාහ ... දිව සංයෝජනයන්ට කරුණු වූ දහමෙකි. මෙහි තෙල සංයෝජනයන් විසින් බඳනාලද අධ්‍යවසානයෝ (බැසගැනීම්) උපදනාහ ... සිත සංයෝජනයන්ට කරුණු වූ දහමෙකි.මෙහි තෙල සංයෝජනයන් විසින් බඳනාලද අධ්‍යවසානයෝ (බැසගැනීම්) උපදනාහ. මහණෙනි, මොහු සංයෝජනයන්ට කරුණු වූ දහම්හු යි කියනු ලැබෙත් යි.