නිබ‍්බෙධසුත‍්තං
2. 3. 8.
2. 3. 8.
නිබ‍්බෙධසුත‍්තං
නිබ්බේධ සූත්‍රය
574. නිබ‍්බෙධභාගියං වො භික‍්ඛවෙ, මග‍්ගං දෙසිස‍්සාමි. තං සුණාථ. කතමො ච භික‍්ඛවෙ, නිබ‍්බෙධභාගියො මග‍්ගො යදිදං සත‍්ත බොජ‍්ඣඞ‍්ගා. කතමෙ සත‍්ත: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගොති. එවං වුත‍්තෙ ආයස‍්මා උදායී භගවන‍්තං එතදවොච: කථං භාවිතා නු ඛො භන‍්තෙ, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා කථං බහුලීකතා නිබ‍්බෙධාය සංවත‍්තන‍්තීති.
574. මහණෙනි, නිබ්බේධභාගිය (කෙලෙස් නැසීමට හිත) මාර්‍ගය තොපට දේශනා කරන්නෙමි, එය අසවු. මහණෙනි, නිබ්බේධභාගිය මාර්‍ගය කවරේ ද: මේ සත් බොජ්ඣඞ්ගයෝ යි. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ග ය ... උපේඛාසම්බොජ්ඣඞ්ග යි. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය. “වහන්ස, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සත් බොජ්ඣඞ්ගයෝ කෙලෙස් නැසීම පිණිස පවතිද් දැ යි.”
ඉධූදායි, භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං විපුලං මහග‍්ගතං අප‍්පමාණං අබ්‍යාපජ‍්ඣං. සො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවිතෙන චිත‍්තෙන අනිබ‍්බිද‍්ධපුබ‍්බං අප‍්පදාලිතපුබ‍්බං ලොභක‍්ඛන්‍ධං නිබ‍්බිජ‍්ඣති, පදාලෙති. අනිබ‍්බිද‍්ධපුබ‍්බං අප‍්පදාලිතපුබ‍්බං දොසක‍්ඛන්‍ධං නිබ‍්බිජ‍්ඣති පදාලෙති. අනිබ‍්බිද‍්ධපුබ‍්බං අප‍්පදාලිතපුබ‍්බං මොහක‍්ඛන්‍ධං නිබ‍්බිජ‍්ඣති පදාලෙති -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං විපුලං මහග‍්ගතං අප‍්පමාණං අබ්‍යාපජ‍්ඣං. සො උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවිතෙන චිත‍්තෙන අනිබ‍්බිද‍්ධපුබ‍්බං අප‍්පදාලිතපුබ‍්බං ලොභක‍්ඛන්‍ධං නිබ‍්බිජ‍්ඣති පදාලෙති. අනිබ‍්බිද‍්ධපුබ‍්බං අප‍්පදාලිතපුබ‍්බං දොසක‍්ඛන්‍ධං නිබ‍්බිජ‍්ඣති පදාලෙති. අනිබ‍්බිද‍්ධපුබ‍්බං අප‍්පදාලිතපුබ‍්බං මොහක‍්ඛන්‍ධං නිබ‍්බිජ‍්ඣති පදාලෙති. එවං භාවිතා ඛො උදායි, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා එවං බහුලීකතා නිබ‍්බෙධාය සංවත‍්තන‍්තීති.
උදායි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සතිසම්බොජ්ඣඞ්ගය වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්‍රමාණ අඛ්‍යාපජ්ඣ කොට වඩයි. හෙතෙමේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩූ සිතින් නොනැසුවිරූ නොපැලුවිරූ ලෝභසමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ ද්වේෂසමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ මෝහසමුහය නසයි, පලයි ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත උපේඛාසම්බොජ්ඣඞ්ගය වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්‍රමාණ අඛ්‍යාපජ්ඣ කොට වඩයි. හෙතෙමේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩූ සිතින් නොනැසුවිරූ නොපැලුවිරූ ලෝභසමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ ද්වේෂ සමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ මෝහසමූහය නසයි, පලයි. උදායි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සත් බොජ්ඣඞ්ගයෝ කෙලෙස් නැසීම පිණිස පවතිත් යි.