යෙදුමෙන් කියවන්න

ඨානසුත‍්තං

2. 3. 3.

2. 3. 3.

ඨානසුත‍්තං

ඨානි සූත්‍රය

569. කාමරාගට‍්ඨානියානං භික‍්ඛවෙ, ධම‍්මානං මනසිකාරබහුලීකාරා අනුප‍්පන‍්නො චෙව කාමච‍්ඡන්‍දො උප‍්පජ‍්ජති, උප‍්පන‍්නො ච කාමච‍්ඡන්‍දො භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තති. බ්‍යාපාදට‍්ඨානියානං භික‍්ඛවෙ, මනසිකාරබහුලීකාරා අනුප‍්පන‍්නො චෙව බ්‍යාපාදො උප‍්පජ‍්ජති, උප‍්පන‍්නො ච බ්‍යාපාදො භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තති. ථිනමිද‍්ධට‍්ඨානියානං භික‍්ඛවෙ, ධම‍්මානං මනසිකාරබහුලීකාරා අනුප‍්පන‍්නඤ‍්චෙව ථිනමිද‍්ධං උප‍්පජ‍්ජති, උප‍්පන‍්නඤ‍්ච ථිනමිද‍්ධං භිය්‍යොභාවාය වෙපුල‍්ලායං සංවත‍්තති. උද‍්ධච‍්චකුක‍්කුච‍්චට‍්ඨානියානං භික‍්ඛවෙ, ධම‍්මානං මනසිකාරබහුලීකාරා අනුප‍්පන‍්නඤ‍්චෙව උද‍්ධච‍්චකුක‍්කුච‍්චං උප‍්පජ‍්ජති, උප‍්පන‍්නඤ‍්ච උද‍්ධච‍්චකුක‍්කුච‍්චං භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තති. විචිකිච‍්ඡාඨානියානං භික‍්ඛවෙ, ධම‍්මානං මනසිකාරබහුලීකාරා අනුප‍්පන‍්නා චෙව විචිකිච‍්ඡා උප‍්පජ‍්ජති, උප‍්පන‍්නා ච විචිකිච‍්ඡා භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තති.

569. මහණෙනි, කාමරාගයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් කාමච්ඡන්‍දයත් උපදී. උපන් කාමච්ඡන්‍දයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. මහණෙනි, ව්‍යාපාදයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් ව්‍යාපාදයත් උපදී. උපන් ව්‍යාපාදයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. මහණෙනි, ථීනමිද්ධයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් ථීනමිද්ධයත් උපදී. උපන් ථීනමිද්ධයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. මහණෙනි, උද්ධච්චකුක්කුච්චයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී. උපන් උද්ධච්චකුක්කුච්චයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. මහණෙනි, විචිකිච්ඡාවට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් විචිකිච්ඡාවත් උපදී. උපන් විචිකිච්ඡාවත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී.

සතිසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානියානං භික‍්ඛවෙ, ධම‍්මානං මනසිකාරබහුලීකාරා අනුප‍්පන‍්නො චෙව සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො උප‍්පජ‍්ජති, උප‍්පන‍්නො ච සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො භාවනාපාරිපූරිං ගච‍්ඡති -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානියානං භික‍්ඛවෙ, ධම‍්මානං මනසිකාරබහුලීකාරා අනුප‍්පන‍්නො චෙව උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො උප‍්පජ‍්ජති, උප‍්පන‍්නො ච උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො භාවනාපාරිපූරිං ගච‍්ඡතීති.

මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් සතිසම්බොජ්ඣඞ්ගයත් උපදී. උපන් සතිසම්බොජ්ඣඞ්ගයත් වැඩීමෙන් පිරීමට යේ … මහණෙනි, උපෙඛාසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් උපෙඛාසම්බොජ්ඣඞ්ගයත් උපදී. උපන් උපෙඛාසම්බොජ්ඣඞ්ගයත් වැඩීමෙන් පිරීමට යේ යි.