යෙදුමෙන් කියවන්න

අපරිහානියසුත‍්තං

2. 3. 5.

2. 3. 5.

අපරිහානියසුත‍්තං

අපරිහානිය සූත්‍රය

571. සත‍්ත වො භික‍්ඛවෙ, අපරිහානියෙ ධම‍්මෙ දෙසිස‍්සාමි, තං සුණාථ. කතමෙ ච භික‍්ඛවෙ, සත‍්ත අපරිහානියා ධම‍්මා: යදිදං සත‍්ත බොජ‍්ඣඞ‍්ගා. කතමෙ සත‍්ත: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත අපරිහානියා ධම‍්මාති.

571. මහණෙනි, සත්අපරිහානිය (නො පිරිහීමට කරුණු වූ) දහම් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සත්අපරිහානිය දහම් කවරහු ද යත්: මේ සත්තබොජ්ඣඞ්ගයෝ යි. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ය ... උපේඛාසම්බොජ්ඣඞ්ගය ය යි. මහණෙනි, මොහු සත්අපරිහානිය දහම්හු යි.