ඛයසුත‍්තං
2. 3. 6.
2. 3. 6.
ඛයසුත‍්තං
ඛය සූත්‍රය
572. යො භික‍්ඛවෙ, මග‍්ගො යා පටිපදා තණ‍්හක‍්ඛයාය සංවත‍්තති, තං මග‍්ගං තං පටිපදං භාවෙථ. කතමො ච භික‍්ඛවෙ, මග‍්ගො කතමා ච පටිපදා තණ‍්හක‍්ඛයාය සංවත‍්තති: යදිදං සත‍්තබොජ‍්ඣඞ‍්ගා. කතමෙ සත‍්ත: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගොති. එවං වුත‍්තෙ ආයස‍්මා උදායී භගවන‍්තං එතදවොච: කථං භාවිතා නු ඛො භන‍්තෙ, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා කථං බහුලීකතා තණ‍්හක‍්ඛයාය සංවත‍්තන‍්තීති.
572. මහණෙනි, යම් මඟෙක් යම් පිළිවෙතෙක් තෘෂ්ණාක්‍ෂයය පිණිස පවතී නම් ඒ මඟ ඒ පිළිවෙත වඩවු. මහණෙනි, කවර මඟෙක් කවර පිළිවෙතක් තෘෂ්ණාක්‍ෂයය පිණිස පවතී ද: මේ සත්තබොජ්ඣඞ්ගයෝ යි. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපේඛාසම්බොජ්ඣඞ්ග යි. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය. “වහන්ස, සත්බොජ්ඣඞ්ගයෝ කෙසේ වඩන ලද්දාහු කෙසේ බහුල කරන ලද්දාහු තෘෂ්ණාක්‍ෂයය පිණිස පවතිද්දෝ යි.
ඉධූදායි, භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං විපුලං මහග‍්ගතං අප‍්පමාණං අබ්‍යාපජ‍්ඣං. තස‍්ස සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවයතො විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං විපුලං මහග‍්ගතං අප‍්පමාණං අබ්‍යාපජ‍්ජං. තණ‍්හා පහීයති -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං විපුලං මහග‍්ගතං අප‍්පමාණං අබ්‍යාපජ‍්ජං. තස‍්ස උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවයතො විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං විපුලං මහග‍්ගතං අප‍්පමාණං අබ්‍යාපජ‍්ජං තණ‍්හා පහීයති. තණ‍්හාය පහානා කම‍්මං පහීයති. කම‍්මස‍්ස පහානා දුක‍්ඛං පහීයති. ඉති ඛො උදායි, තණ‍්හක‍්ඛයා කම‍්මක‍්ඛයො, කම‍්මක‍්ඛයා දුක‍්ඛක‍්ඛයොති.
උදායි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට පැතුරුණක් මහත් බවට පැමිණියක් අප්‍රමාණ වූවක් නිදුක් වූවක් කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්‍රමාණ අබ්‍යාපජ්ඣ කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩන ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වෙයි ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්පමාණ අබ්‍යාපජ්ඣ කොට උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්‍රමාණ අබ්‍යාපජ්ඣ කොට උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩන ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වේ. තෘෂ්ණාව ප්‍රහීණ වීමෙන් කර්‍මය ප්‍රහීණ වේ. කර්‍මය ප්‍රහීණ වීමෙන් දුක ප්‍රහීණ වේ. උදායි, මෙසේ තෘෂ්ණාක්‍ෂයයෙන් කර්‍මක්‍ෂය වේ. කර්‍මක්‍ෂයයෙන් දුඃඛක්‍ෂය වේ යි.