4. නීවරණවග්ගො අට්ඨකථා
4. නීවරණ වර්ගය
3. කිලෙසසුත්තවණ්ණනා
3. කිලේස සූත්‍ර වර්ණනාව
චතුත්ථවග්ගස්ස තතියෙ න ච පභස්සරන්ති න ච පභාවන්තං. පභඞ්ගු චාති පභිජ්ජනසභාවං. අයොති කාළලොහං. ඨපෙත්වා ඉධ වුත්තානි චත්තාරි අවසෙසං ලොහං නාම. සජ්ඣූති රජතං. චිත්තස්සාති චතුභූමකචිත්තස්ස. ලොකියස්ස තාව උපක්කිලෙසො හොතු, ලොකුත්තරස්ස කථං හොතීති? උප්පජ්ජිතුං අප්පදානෙන. යදග්ගෙන හි උප්පජ්ජිතුං න දෙන්ති, තදග්ගෙනෙව තෙ ලොකියස්සාපි ලොකුත්තරස්සාපි උපක්කිලෙසා නාම හොන්ති. පභඞ්ගු චාති ආරම්මණෙ චුණ්ණවිචුණ්ණභාවූපගමනෙන භිජ්ජනසභාවං. අනාවරණා අනීවරණාති කුසලධම්මෙ න ආවරන්තීති අනාවරණා, න නීවරන්ති න පටිච්ඡාදෙන්තීති අනීවරණා. චෙතසො අනුපක්කිලෙසාති චතුභූමකචිත්තස්ස අනුපක්කිලෙසා.
සිටුවන වර්ගයේ තෙවැන්නෙහි - න ච පභස්සරං = බැබලීමක් නැති. පභඞ්ගුච = බිඳෙන ස්වභාවය. අයො = කළු පැහැති ලෝහය හැර, මෙහි දී ඉතිරි ලෝහ වර්ග සතර කියන ලදී. සජ්ඣුං යනු = රිදී චිත්තස්ස = චාතුර්භූමික කුසල චිත්තයාගේ ත්‍රෛභූමික චිත්තයාගේ ද ක්ලේශයෝ වෙත්. ලෝකෝත්තර සිතේ කෙලෙස් තත්ත්වය කෙසේ ද යත් - කෙලෙස් ඉපදීමට ඉඩක් නොදේද, එම හේතුවෙන් මේවා ලෞකික තැනැත්තාට ද, ලෝකෝත්තර තැනැත්තාට ද කෙලෙස් නම් වේ. පභඞ්ගුච = අරමුණු සුණු විසුණු බවට පත්වීම නිසා සිදු වන බිඳෙන බව අනාවරණ = කුසල් දහම් ආවරණය නොකරත්ය යන අදහසින් “අනාවරණ” නම් වේ. චෙතසො අනුපක්කිලෙසා = චාතුර්භූමික චිත්තයාගේ කෙලෙස් නැති අවස්ථාව
7. ආවරණසුත්තවණ්ණනා
7. ආවරණ සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ පඤ්ඤාය දුබ්බලීකරණාති පඤ්ඤාය මන්දභාවකරා. නීවරණානඤ්හි අභිණ්හුප්පාදෙ සති අන්තරන්තරා උප්පජ්ජමානා පඤ්ඤා දුබ්බලා හොති මන්දා අවිසදා.
සත්වැන්නෙහි පඤ්ඤාය දුබ්බලී කරණා = ප්‍රඥාවේ මන්දභාවය සිදු කරන්නෝ නීවරණයන්ගේ නිරන්තර හට ගැන්මක් ඇති කල්හි ඒ අතරතුරෙහි උපදින ප්‍රඥාව දුබල වේ, අඩු වේ. හීන වේ.
8. අනීවරණසුත්තවණ්ණනා
8. අනීවරණ සූත්‍ර වර්ණනාව
පඤ්ච නීවරණා තස්මිං සමයෙ න හොන්ති. සත්තබොජ්ඣඞ්ගා තස්මිං සමයෙ භාවනාපාරිපූරිං ගච්ඡන්තීති අරියසාවකස්ස හි සප්පායධම්මස්සවනං සුණන්තස්ස පඤ්ච නීවරණා දූරෙ හොන්ති. සො සචෙ තස්මිංයෙව ඨානෙ විසෙසං නිබ්බත්තෙතුං සක්කොති, එවමස්ස සත්ත බොජ්ඣඞ්ගා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. නො චෙ සක්කොති, තතො වුට්ඨාය රත්තිට්ඨානදිවාට්ඨානං ගතො තමෙව පීතිං අවිජහන්තො පඤ්ච නීවරණෙ වික්ඛම්භෙත්වා විසෙසං නිබ්බත්තෙස්සති. තත්ථ අසක්කොන්තොපි යාව සත්තදිවසබ්භන්තරා තමෙව පීතිං අවිජහන්තො නීවරණෙ වික්ඛම්භෙත්වා විසෙසං නිබ්බත්තෙස්සතීති ඉදං සන්ධායෙතං වුත්තං. ධම්මස්සවනවසෙන සකිං පීතිපාමොජ්ජපක්ඛියා පටිලද්ධබොජ්ඣඞ්ගා හි කම්මාරාමතාදීනි ආගම්ම නස්සන්ති, තථාරූපං පන උතුසප්පායාදිං ලභිත්වා පුන උප්පජ්ජන්තාපි තස්මිං සමයෙ භාවනාපාරිපූරිං ගච්ඡන්ති ඉච්චෙව වුච්චති.
අට වැන්නෙහි - පඤ්චස්ස නීවරණා තස්මිං සමයෙ න හොන්ති සත්ත බොජ්ඣඞ්ගා තස්මිං සමයෙ භාවනා පාරිපූරං ගච්ඡන්ති = හිතකර ධර්මය ශ්‍රවණය කරන්නා වූ ආර්ය ශ්‍රාවකයන් වහන්සේට වනාහී පඤ්ච නීවරණ දුරු වෙයි. හෙතෙම ඒ හේතුවෙහි ම පිහිටා උත්තම තත්ත්වය (මාර්ග ඵල) උපදවා ගැනීමට සමත් වෙයි. මෙසේ ඔහුගේ බෝධ්‍යංග ධර්මයන් සත භාවනාවෙහි පරිපූර්ණත්වයට යයි. එසේ කළ නොහැකි වුවහොත් එතැන් පටන් රාත්‍රි ස්ථාන දිවා ස්ථානවලට පැමිණියේ ඒ ප්‍රීතියම අත් නොහරිමින් පංචනීවරණයන් යටපත් කොට උත්තම තත්ත්වය (මාර්ග ඵල) උපදවා ගනියි. එසේ කිරීමෙහි නො හැකිවන තැනැත්තා පවා දින සතක් දක්වා එම ප්‍රීතියම අත් නොහරිමින් නීවරණයන් යටපත් කොට උත්තම තත්ත්වය උපදවා ගනියි යන මේ කරුණ සඳහා මෙය කියන ලදී. යම් යම් ක්‍රියාවන්හි යෙදීමේ ආශාවන් ආදිය (කම්මාරාමතාදිය) ඉදිරිපත් වී ධර්ම ශ්‍රවණය කිරීම් වශයෙන් ප්‍රීති ප්‍රමෝද පක්ෂයෙන් එක්වරක් ලබා ගන්නා ලද බෝධ්‍යංගයන් නසා දමයි. එබඳු වූ, ගැලපෙන ඍතු ආදිය ලබා නැවත උපදින්නාහු ද ඒ සමයෙහි භාවනා පරිපූර්ණත්වයට යන්නාහුම යයි කියනු ලැබේ.
9. මහාරුක්ඛසුත්තවණ්ණනා
9. මහාරුක්ඛ සූත්‍ර වර්ණනාව
නවමෙ අජ්ඣාරුහාති අභිරුහනකා. කච්ඡකොති අට්ඨිකච්ඡකො. කපිත්ථනොති මක්කටථනසදිසඵලො විජාතපිලක්ඛො.
නව වැන්නෙහි - අඡ්ඣරුහා = ඉහලට නගින අය කච්ඡකො = ඇට සැකිල්ලක් ඇත්තේ. කපිත්ථනො = වානරයන්ගේ පියවුරු වැනි ගෙඩි ඇතැයි කියනු ලබන “පුලිල” ගස.
10. නීවරණසුත්තවණ්ණනා
10. නීවරණ සූත්‍ර වර්ණනාව
දසමෙ අන්ධකරණාති අන්ධභාවකරණා. අචක්ඛුකරණාති පඤ්ඤාචක්ඛුස්ස අකරණා. පඤ්ඤානිරොධිකාති පඤ්ඤාය නිරොධනා. විඝාතපක්ඛියාති දුක්ඛපක්ඛිකා. අනිබ්බානසංවත්තනිකාති නිබ්බානත්ථාය අසංවත්තනිකා. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙව. සකලෙපි ඉමස්මිං වග්ගෙ මිස්සකබොජ්ඣඞ්ගාව කථිතාති.
දස වැන්නෙහි - අන්ධකාරණා = අන්ධ භාවය ඇති කරන්නාහු. අචක්ඛුකරණා = ප්‍රඥාව නමැති ඇස නැති කරන්නාහු පඤ්ඤා නිරොධියා = ප්‍රඥාව නැතිවීමෙන් විඝාත පක්ඛියා = දුක නමැති කොටසට අයත් අනිබ්බාණ සංවත්තනිකා = නිවණට නො පමුණුවන්නාහු. සෙසු කොටස සියලු තන්හි පැහැදිලි වන්නේමය. මෙම මුළු වර්ගයෙහිදීම මිශ්‍ර වූ බෝධ්යංගයෝම කියන ලද්දාහුය.
නීවරණවග්ගො.
සිවු වන නීවරණ වග්ගය නිමියේය.